IMG-LOGO

2025 ජනවාරි මස 17 වන සිකුරාදා


මංගල දැන්වීමෙන් කාන්තාවන් කොල්ලකෑ කල්ලිය

මහනුවර නගරය කේන්ද්‍ර කොට ගනිමින් සිදුවන විවිධ වංචනික ක්‍රියාවන් කොල්ලකෑම් හා පැහැරගෙන යාම් මාධ්‍ය ඔස්සේ රටට අනාවරණය වන විට ඇතැම් වංචනිකයන් ඉතා කූඨ ලෙස තම ක්‍රියාදාමයන් වෙනස් කර ගනිමින්, ඉතාමත් සූක්ෂම අයුරින් විවිධ කොල්ලකෑම් සංවිධානාත්මකව සිදුකරගෙන යයි.


එවන් සූක්ෂම කොල්ලකෑමක නවතම තොරතුරු අනාවරණය කරගන්නට ගිනිගත්හේන සහ මහනුවර පොලිසිවලට හැකිවූයේ මහනුවරින් ආරම්භ වූ අලුත්ම කොල්ල කල්ලියක් විසින් සිදුකරන ලද නවතම ක්‍රමයේ කොල්ලකෑමක් සම්බන්ධව ලැබුණු පැමිණිල්ලක් නිසාය.

04_PAGE_12_M
මෙම අලුත් කොල්ල කල්ලියේ ගොදුරු බවට පත්ව සිටිනුයේ තරුණ වැන්දඹු කතුන් සහ විවාහ වීමේ නිසි වයස පසුකර සිටින තරුණියන්ය.


මෙම නවතම කොල්ල කල්ලිය තම කොල්ලකෑම් සඳහා යොදාගනු ලැබුවේ පුවත්පත්වල මංගල දැන්වීම් පිටුව බවට පොලිසිය කරන ලද පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.


බොහෝ අහිංසක කාන්තාවන්, තරුණියන් මෙම කූඨ කොල්ලකරුවන්ගේ ග්‍රහණයට හසුවන්නේ ඔවුන්වත් නොසිතනා ආකාරයටය. මෙම කල්ලියට කාන්තාවන්ගේ ද සහය ලැබීම තවත් පුදුම සහගත කාරණයක් වන්නේය.


සිය ජීවිතයට සහකරුවකු සොයා ගැනීමේ දැඩි අධිෂ්ඨානයෙන් පසුවන තරුණියන්, තරුණ කතුන් හා වැන්දඹුවන් කොටුකර ගැනීමට පුවත්පත් මංගල දැන්වීම් පළ කරන කල්ලිය ඔවුන්ගේ සහායට කාන්තාවක් හෝ තරුණියක් ද යොදා ගනී.


මෙම කල්ලියේ ප්‍රථම ගොදුර වූයේ කල්මුණේ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි තරුණ වැන්දඹුවකි. ඇය මෙම කල්ලියේ ගොදුර බවට පත්වූයේ ලංකාවේ ජනප්‍රිය දෙමළ පුවත්පතක පළ කර තිබූ මංගල දැන්වීමක් හා එහි සඳහන් කර තිබූ ජංගම දුරකථන අංකය නිසාය.


තරුණ වැන්දඹුවක් වූ අනීතා නම් වූ මෙම කාන්තාව තම ජීවිතයේ හුදෙකලාව අවසන් කරගෙන තම දුකේදී හා සැපේදී තමා සමග ජීවන මගෙහි ගමන් කිරීමට සහෘදවත් සැමියකු සොයා ගැනීමේ අපේක්ෂාවෙන් නිතර පසුවූවාය. නිතර නිතර පුවත්පත්වල මංගල දැන්වීම් කෙරෙහි ද ඇය අවධානය යොමු කළාය.


ලංකාවේ ප්‍රසිද්ධ දමිළ පුවත්පතක මංගල යෝජනා පිටුවෙහි පළ කර තිබූ මංගල දැන්වීමකට ඇස යොමු කළ ඇය එහි සඳහන් කර තිබූ ජංගම දුරකථන අංකයට කථා කර මංගල දැන්වීම් පළ කළ අය පිළිබඳව විස්තර සොයා බැලුවාය.


ජංගම දුරකථනයෙන් පිළිතුරු ලැබිණි. පිළිතුරු දුන් පුද්ගලයා ඉතා ප්‍රේමාන්විත අන්දමට තමන්ට ඇමතූ කාන්තාවට පිළිතුරු දුන්නේය. දෙදෙනා අතර දුරකථන සංවාදය දින කීපයක් පැවතිණි.


අවසානයේ මහනුවර ප්‍රදේශයේ සිට දුරකථනයෙන් කල්මුණේ තරුණ කතට ඇමතූ පුද්ගලයා ඇයව විවාහ කර ගැනීමට කැමැත්ත පළකොට ඇය වෙත තම අදහස ඉදිරිපත් කර තිබේ.


තනිකඩ ජීවිතයක් ගෙවූ මෙම තරුණ කත දුරකථනයෙන් හාද වූ පුද්ගලයා සමග කථාබහ කොට ඔහුගේ ඇරියුම පරිදි කල්මුණේ සිට මහනුවරට ඒමට තීරණය කළාය.


රටේ වත්මන් සමාජ තත්ත්වය රටතොට සිදුවන විවිධ අපරාධ සහ වංචනික ක්‍රියාවන් පිළිබඳව නිසි අවබෝධයක් නොතිබූ මෙම තරුණ කත තමා විවාහ කරගන්නට එකඟ වූ පුද්ගලයා පැවසූ සියල්ල විශ්වාස කළාය.


තමා හමුවීමට පැමිණෙන විට සියලු රන් ආභරණවලින් සැරසී නුවරට පැමිණෙන ලෙස ද එලෙස නුවරට පැමිණ තමන් සමග තම සොයුරියගේ නිවසට ගොස් සොයුරියගේ පවුලේ ඥාතීන් සමග ද කථාබහ කළ යුතු බව ද වංචනිකයා කල්මුණේ අනීතාට පවසා තිබේ.


තමන් සමග විවාහ වන පුද්ගලයා දැක බලා ගැනීමටත් ඔහුගේ පවුලේ ඥාතීන් හමුවීමටත් හිතේ තිබූ ආශාව නිසාම අනීතා නම් වූ මෙම අහිංසක කාන්තාව තමන් බසයෙන් නුවරට එන බව තමාට මංගල ඇරියුම කළ පුද්ගලයාට දුරකථනයෙන් දැනුම් දී ඇය සතුව තිබූ රුපියල් ලක්ෂ තුනක් පමණ වටිනා සියලු රන් ආභරණ ද රැගෙන ඇය කල්මුණෙන් මහනුවරට ඒම සඳහා බසයකට ගොඩ වී මහනුවර බලා පැමිණියාය.


මහනුවර නගරයට පැමිණ තමාට දුන් ජංගම දුරකථන අංකයට ඇමතුමක් ගත් අනීතා තමා විවාහ කරගන්නා පුද්ගලයාට කථා කළාය. ඔහු ඇගේ ජංගම දුරකථනයට පිළිතුරු දී තමන් තම සොයුරිය ද සමග මහනුවර ගුඞ්ෂෙඞ් බස්රථ ගාලට ත්‍රිරෝද රියකින් පැමිණ සිටින බැව් දැනුම් දුන්නේය.


මහනුවරට පැමිණි කල්මුණේ තරුණ කාන්තාව ත්‍රිරෝද රියකින් තවත් තරුණ කතක් සමග පැමිණ සිටි පුද්ගලයා හඳුනාගෙන ඔහු සමග කථාබහක යෙදී ඔහුගේ නැගණිය ද සමග ඇගේ නිවසට යාම සඳහා ඔවුන් දෙදෙනා පැමිණි ත්‍රිරෝද රියට ගොඩවූවාය. මහනුවර ප්‍රදේශය පිළිබඳව කිසිවක් නොදන්නා නමුත් තමන්ගේ බස කථා කරන නිසාමත් තමන් විවාහ කරගන්නට එකඟ වූ පුද්ගලයා නිසාත් අනීතා ඔවුන් සමග කුළුපගවී ත්‍රිරෝද රියේ නැගී නුවර නගරයෙන් පිටව ගමන් කළාය.


ත්‍රිරෝද රියේ ගමන් කරන අතරමගදී එහි සිටි පුද්ගලයාත්, කාන්තාවත් ඇයට පහර දී තර්ජනය කර ඇය සතුව තිබූ සියලු රන් බඩු ඇගෙන් පැහැර ගනු ලැබීය. පහර පිට පහර වැදීමත් ගමනේදී ඇති වූ තෙහෙට්ටුවත් මරණ බියත් නිසාම අනීතා නම් වූ ඒ අහිංසක කාන්තාව ත්‍රිරෝද රිය තුළදීම සිහිසුන් වූවාය.
කොල්ලකරු සහ ඔහුගේ සහායිකාව සිහිසුන් වූ තරුණ කත ත්‍රිරෝද රියෙන් පිටතට ඇද දමා මහමග පාළු ස්ථානයට දමා ඇගේ රන් බඩු ද කොල්ලකා පැමිණි ත්‍රිරෝද රියෙන්ම පලාගොස් තිබිණි.


තමන්ට සිහි ලැබී වටපිට බලන විට ඇයට සිදුවී තිබෙන සියල්ල වැටහී ගියාය.


ආධාර ඉල්ලා හඬ නගන විට අවට මිනිසුන් කීපදෙනකු විසින් ඇය වත්තන් කරගෙන ඇගෙන් සියලු තොරතුරු විමසා ඇයව ප්‍රදේශයේ පොලිසියට යොමු කරනු ලැබීය. එම ප්‍රදේශය ගිනිගත්හේන පොලිස් බල ප්‍රදේශයට අයත්ව තිබිණි.


ගිනිගත්හේන පොලිසියේ නිලධාරීහු මෙම කාන්තාවගෙන් සියලු තොරතුරු ලබාගෙන ඇයව රෝහල් ගතකිරීමට පියවර ගත්හ.


නාවලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ප්‍රතිකාර ලබාගත් ඇය පොලිසියට තමන් මුහුණ දුන් සියලු තොරතුරු හෙළි කළාය. ඇගේ තොරතුරු අනුව ඇය කොල්ලකරුවන්ට හසුවී වාසනාවකට මෙන් සිය ජීවිතය බේරාගත් බව පොලිසිය ඇයට පැවැසීය.


රන්බඩු අහිමි වුව ද සිවපාලන් අනීතා නමැති මෙම තරුණ කාන්තාවට ජීවත්වීමට වරම් තිබූ නිසා ඇයගේ ජීවිතය බේරා ගත හැකි විය. කොල්ලකරුවන් පලා ගොසිනි. ඔවුන්ගේ නම් ගම් ඇය නොදනී, දුටුවොත් පමණක් ඔවුන් හඳුනාගත හැකි බව ඇය පොලිසියට පැවසුවාය.


අහිංසක තරුණ කතට සිදු වූ අකරතැබ්බයේ සියලු තොරතුරු ගිනිගත්හේන පොලිසිය මහනුවර පොලිස් මූලස්ථානයට යොමු කළේ ඇය වංචනික මංකොල්ලකරුවන්ගේ ග්‍රහණයට නතුවූයේ මහනුවර නගරයේදී නිසාය.


ඉතා සංවිධානාත්මක මෙම කොල්ල කල්ලියට කාන්තාවක් ද සම්බන්ධ වූ බවට පොලිසියට තොරතුරු ලබාගත හැකිවූයේ ඔවුන්ගේ ගොදුරක් බවට පත්වූ කල්මුණේ කාන්තාවගෙන් ලබාගත් තොරතුරු නිසාය.


දෙමළ ජාතිකයන් වූ මෙම කොල්ලකරු සහ ඔහුට සහාය වූ කොල්ලකාරිය මහනුවර ප්‍රදේශයට හා ගිනිගත්හේන ප්‍රදේශයට මනා සබඳතාවයක් ඇති බවට සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වන මහනුවර පොලිස් මූලස්ථානයේ අපරාධ අංශය පවසයි.


බොහෝ කාන්තාවන් තරුණියන් වංචනිකයන්ගේ ප්‍රයෝගකාරී ක්‍රියාවන්ට තම දේපළ මෙන්ම වටිනා ජීවිත ද අහිමිකරගන්නා යුගයක මෙවැනි කපටීන්ට හසු නොවන්නැයි පොලිසිය ජනතාවගෙන් ද ඉල්ලීමක් කරයි.


මහනුවර නගරය ඔස්සේ ක්‍රියාත්මක වන මෙම අපූරු මංකොල්ල කල්ලියේ සහායිකාව වූ කාන්තාව ද මීට පෙරත් මෙවැනි කොල්ලකෑම්වලට සහාය දෙන තැනැත්තියක බව පොලිසිය සැක පහළ කරයි.


මධ්‍යම පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති මහින්ද ඒකනායක, මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ගාමිණී ඇල්ලේපොළ යන මහත්වරුන්ගේ මෙහෙයවීම මත දැනට මෙම මංකොල්ල කල්ලිය අල්ලා ගැනීම සඳහා මහනුවර පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පො.ප. නිපුණ දෙහිගම, අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පො.ප. එස්.ඩී.ඒ. ෆාරුක් යන නිලධාරීන් පරීක්ෂණ ආරම්භ කර ඇත.

m



අදහස් (3)

මංගල දැන්වීමෙන් කාන්තාවන් කොල්ලකෑ කල්ලිය

නිරාන් Sunday, 12 June 2016 02:49 PM

මෙවැනි අපරාධ ගොඩක් වළක්වා ගන්න පුළුවන් පුවත්පත් දැන්වීම් දාන පුද්ගලයාගේ ජාතික හැඳුනුම්පත් කොපියක් පුවත්පත් ආයතන අනිවාර්ය කළානම් හරි (බ)

:       13       7

ඒ එචි ලිලාරත්න ද සිල්වා Monday, 07 January 2019 07:29 AM

මම වයස 53ක පිරිමි කෙනෙකි. වැන්දඹු අයෙකි. නිවසක් ඇති 45 ත් 50 ත් අතර කෙනෙක් සොයමි. බින්න බැහීම සඳහා වැන්දඹු කෙනෙක් නම් ඉතාහොඳයි.

:       5       6

Chandrasn Monday, 01 April 2019 06:26 AM

විවාහය

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 

විශේෂාංග

කන්කසන්තුරේ සිමෙන්ති කම්හල් බිලියන 2 ක යකඩ හොර පාරේ?
2025 ජනවාරි මස 16 112 0

2020 වසර වන විට සිමෙන්ති සංස්ථාවට ඉතිරිව තිබුණේ කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාව පමණි. මීට අමතරව අරුවක්කාලු‍වල පිහිටි අක්කර 5000ක ඉඩම සහ කොල්ලු‍පිටියේ


අධ්‍යාපනයට ප්‍රමිතියක් අවශ්‍ය ඇයි?
2025 ජනවාරි මස 16 30 0

නව රජය බලයට පත් කිරීමට ජනතාව සලකා බැලූ කරුණු අතර ප්‍රධානතම සාධකය ආර්ථික ගැටලුවය. ඕනෑම රජයක් පරාජයට පත්වන්නේ ද මේ ආර්ථික ගැටලුව මුල්කරගෙනය. ජනතාව අතර ද එ


ජේ.ආර්. රජයෙන් අගවිනිසුරුට ගෙනා දෝෂාභියෝගය
2025 ජනවාරි මස 15 603 0

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතාට එරෙහිව ජාතික ජන බලවේග රජය දෝෂාභියෝග යෝජනාවක් ගෙන ඒමට සුදානම් වන බව ලංකාදීප පුවත්පතේ


රතු ගඩොලින් ඉදිකළ නුවරඑළිය තැපැල් කාර්යාලය
2025 ජනවාරි මස 15 1071 0

නුවරඑළිය තැපැල් කාර්යාලය තරම් කතාබහට ලක් වූ වෙනත් තැපැල් කාර්යාලයක් මෑත භාගයේ මෙරට නොතිබිණි. පසුගියදා අවසන් වූ ජනාධිපතිවරණයේ දී නුවරඑළිය දිස්ත්‍රික


අධ්‍යාපනයට ටියුෂන් අවශ්‍යද?
2025 ජනවාරි මස 15 1700 2

රජයේ පාසල්වල ගුරුවරුන් විසින් තමන් උගන්වනු ලබන සිසුන් සඳහා මුදල් අයකර උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරමින් බස්නාහිර පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යාංශ


සේකර මතක
2025 ජනවාරි මස 14 325 0

නූතන සිංහල කවියේ මාවත සුනිසි කොට එය සුවිසල් මාවතක් සේ තනා පොදු රසික හදවත් යුග යුග ගණනක් ප්‍රකම්පනය කළ යුගයේ මහා කවියා ඔහුය. 1929 අප්‍රේල් 07 වැනිදා උපත ලද මහ


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 296 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 575 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 318 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site