අප ජීවත් වන්නේ නව තාක්ෂණික ලෝකයකය. ඒහි පස්සිකෝ සන්දිට්ඨිකෝ හෙවත් එන්න බලන්න ගුණය අත්විඳින්න යන ගුණාංග ඇති ආගමකට පැවැත්මක් තිබේ. කෙසේ වුවත් ලෝකය කෙතරම් දියුණුවුවද නිර්මාණවාදි ආගම්වලට තවමත් පැවැත්මක් ඇත. විශ්වාසය මත පදනම්ව ගොඩනැගුණු ඇතැම් ආගම්වල ස්වභාවය වන්නේ තමා කෙතරම් දියුණු වුවද විශ්වාසය ප්‍රබල වන බවයි.
පුද්ගලයා ස්වභාවයෙන්ම බියට පත්වන්නෙකී. එය සෑම සත්වයකුට පොදු වූ කාරණාවක් වේ. බියට පත් වූ තැනැත්තා විවිධ දෑ පිළිසරණ පතා යයි. මේ නිසා ආගම මිනිසාගේ පැවැත්ම සඳහාම පවතින්නකී. 18 හා 19 වැනි සියවස්වල යුරෝපයේ ඇති වූ කාර්මික විප්ලවයත් සමග මිනිසුන්ගේ චින්තන විපර්යාසයක් ඇති විය. ඒ තුළ ඇතැම් ආගම් ප්‍රශ්න කරන්නට විය. ඇතැම් ආගම්වල පැවැත්මට ද තර්ජනයක් ඇති විය. කෙසේ නමුත් ස්වභාව ධර්මය සමග ගමන් ගන්නා සත්‍යවාදි ආගමකට එය ගැටලුවක් නොවේ. බුදු දහම නිර්මාණවාදි ආගමක් නොවේ. එය ස්වභාව ධර්මයත් සමග ගමන් ගන්නා සත්‍යවාදී ධර්මයකී.
ඇතැම් පුද්ගලයෝ බුදු දහමට විශාල තර්ජනයක් ඇතැයි ද කියති. ඒහෙත් විචාර බුද්ධියෙන් විමසා බලන කල බුදු දහමට එසේ තර්ජනයක් නැත. පවතින තර්ජනය වන්නේ මේ නුතන ගෝලීය සමාජ ගැටලුවලට කෙසේ බුදු දහම ආමන්ත්‍රණය කරන්නේ ද යන්න යි. බුදු දහමේ මූලික හරයන්ට කිසිදු බාධාවක් නොමැත. නූතන දහම් පණිවිඩය සමාජගත කරන ප්‍රධාන බලවේගය වන්නේ භික්ෂුන් වහන්සේ ය.
එසේ නම් මූලික ප්‍රයත්නය විය යුත්තේ භික්ෂුව මේ නව සමාජයට හැඩ ගැසෙන සේ සකස් වීමය. අජාන් බ්‍රහ්මවංශ නම් බටහිර ජාතික භික්ෂුන් වහන්සේ 21 වෙනි සියවසේ භික්ෂුව අභිමුඛව ඇති අභියෝග යනුවෙන් දක්වා ඇති ලිපියක පැහැදිලිව සඳහන් කරන්නේ භික්ෂුවගේ බලය වන්නේ මුදල් නොවන බවය. පිරිස් බලය ද නොවන බව යි. භික්ෂුව සතුව පවත්නා ශක්තිය වනුයේ දැනුම හා ආධ්‍යාත්මික බලය බව යි. ඒසේ නම් බුදුන් වහන්සේගේ නියම දර්ශනය ලෝකයට ගෙන යෑමට නම් භික්ෂුව දැනුමෙන් සන්නද්ධ විය යුතුයි. ඒ දැනුම වනාහි පාලි භාෂාව සහිත ත්‍රිපිටක ඥානයත් දර්ශනය සමාජවිද්‍යාව හා මනෝවිද්‍යා වැනි විෂයය පිළිබඳව අවබෝධයක් තිබේය. මෙවැනි විෂයය පිළිබඳව අවබෝධයකින් තොරව නව දැනුම සමාජගත කිරීම ඉතා අපහසු බව පෙනේ. සුත්‍රගත තොරතුරු අනුව බුදුන් වහන්සේ භික්ෂුන් වහන්සේ උදෙසා ලබාදුන් මූලික උපදේශය වූයේ ලෝක සත්වයාගේ හිත සුව පිණිස ධර්මය ප්‍රචාරය කරන්න යන්නයි. ඒහි දී ධර්ම විකෘතියකින් තොරව ධර්මය ප්‍රචාරය කළ යුතු බව දැක්වේ. මහා පිරිනිබ්බාන සුත්‍රයෙන් ඉතා පරිස්සමින් හා ගැඹුරින් අධ්‍යයනය කිරීම මගින් ධර්මයේ ඇතැම් මූලික කරුණු අනාවරණය කර ගත හැකි වේ. මහා වග්ග පාලිය විමර්ශනය කිරීමෙන් ද ඇතැම් සූක්ෂම කරුණු අනාවරණය කර ගත හැකි ය. මෙහිලා කාරණා කිහිපයක් ගෙනහැර දැක්විය හැකි ය.
මහා වග්ග පාලියේ දැක්වෙන ආකාරයට නව දර්ශනයක් සමාජගත කිරීමේ දී විවිධ ගැටලු මතු වේ. බුදුන් වහන්සේගේ මූලික දර්ශනය වනාහි චතුරාර්ය සත්‍යය ධර්මයයි. සරල පර් යේෂණ ක්‍රමවේදයක් ඇත. එනම් ගැටලුවක් තිබේ. ගැටලුව ඇතිවීමේ මූලික හේතුව ගැටලුව විසඳම හා ගැටලුව විසඳීමේ ක්‍රමවේදයයි. මේ වනාහි චතුරාර්ය සත්‍ය ධර්මයයි. ඒනම් දුක, දුක ඇතිවීම දුක නැති කිරීම හා දුක නැති කිරීමේ ක්‍රමවේදයයි. මෙය වෙනස්නොවන ධර්ම කාරණාවකී. ජීවිතයේ යථාර්ථය පෙන්නුම් කරන්නකී. සදාකාලිකව සත්වයා දුක් විඳීනුයේ මේ කාරණා හේතුවෙනි. මීට අදාළ විසඳුම බුදුන් වහන්සේ ලබා දුන් සේක. දුකින් හෙම්බත් වී සිටි සත්වයාට මේ ධර්ම පණිවිඩය අමා ඔසුවකී. මේ පණිවිඩය සමාජයේ ශීග්‍රයෙන් ව්‍යාප්ත වන විට විශාල සමාජ පෙරැළියක් ඇතිවිණි. මේ නිසා නව යෞවනයෝ සසුන් ගත වූහ. මෙය ඇතැම් පිරිස්වලට ප්‍රශ්නයක් විය. මේ හේතුවෙන් බුදුන් වහන්සේට නොයෙක් නින්දා අපහාස කළහ. මෙය පාරාජිකා පාලියේ සඳහන් වනුයේ ශ්‍රමණ ගෞතමයන් දරුවන් නැති කිරීම පිණිස කාන්තාවන් වැන්ඹුවන් බවට පත් කිරීම පිණිස හා කුල නැති කිරීම සඳහා කටයුතු කරන බවයි. (විනය පිටකයේ මහා වග්ග පාලියේ 90) මේ ආදි වශයෙන් නොයෙක් නින්දා අපහාස කළ ද ස්වකීය ධර්මය සමාජගත කරන්නට බුදුන් වහන්සේ නොපසුබට වූහ. සුන්දරී වැනි සුත්‍ර දේශනාවන්ට අනුව බුදුන් වහන්සේ ප්‍රමුඛ භික්ෂුන් වහන්සේ මිනීමරුවන් ලෙස නම් කළ අවස්ථා ද දැක ගත හැකි යි. එහෙත් කාලය සත්‍ය හෙළි කළ අතර ඇත්ත යථාර්ථය සමාජගත විය.
වෛශාඛ මංගල්‍යය සමරන මෙවන් කාල වකවානුවක බුදුන් වහන්සේගේ දහම් පණිවිඩය කෙතරම් සමාජගත කළ හැකි ද යන්න විමසිය යුත්තකී. උත්තම ගණයේ පුද්ගලයන් ලෙස සැලකෙන බුදුන් වහන්සේ හා චක්කවත්ති රජුගේ පහළවීම දුර්ලභ කරුණක් බව අංගුත්තර නිකායේ දුක නිපාතයේ දැක් වේ. බුදුන් වහන්සේ විසින් දේශිත සුත්‍ර ප්‍රමාණය දහහත් දහසට වඩා වැඩිය. මේ දේශනා ත්‍රිපිටකය ලෙස නම් කර ඇති අතර ම ඊට අදාළ අටුවා ටීකා ටිප්පණි ද ගොඩ නැගී ඇත. වෙනත් රටවලට සාපේක්ෂව ලංකාවේ ධර්ම ප්‍රචාරය ඉහළ තැනක පවතින බව පෙනේ. ධර්ම සන්නිවේදන කාර්යෙහිලා ප්‍රධාන පිරිස වන්නේ ද භික්ෂුන් වහන්සේය. නූතන තාක්ෂණික ක්‍රමය නිසා ධර්ම ප්‍රචාරය වඩාත් තදින් ක්‍රියාත්මක වන බව පෙනේ. මෙහි දී ඇතිවෙන බරපතළ ඛේදවාචකය වන්නේ ත්‍රිපිටකය පිළිබඳ නිසි දැනුමක් නැති එහෙත් තමන්ගේ වානිජ පරමාර්ථ සාධනය කර ගැනීමේ චේතනාවෙන් යුක්තව ක්‍රියා කරන ගිහි පැවිදි පිරිසක් සමාජය තුළ දැක ගන්නට ලැබීම ඛේදනීය තත්වයකී.
ඇතැම් පිරිස් තම අභිමතය පරිදි ත්‍රිපිටකය අර්ථ කථනය කිරීම ද බරපතළ තත්වයකී. ඇතැම් භික්ෂුන් වහන්සේ ප්‍රේත සංකල්ප ගෙනහැර දක්වමින් පිරිස වෙනත් මාවතකට ගෙන යති. මේ කැළඹීලි සහිත කාලවකවානුවක නිවැරැදි ධර්මය කෙසේ ද යන්න තෝරා ගැනීමට ද ඇතැම් පිරිස්වලට ගැටලුවක්ව පවතී. ඇතැම් භික්ෂුන් වහන්සේ අතිශයෝක්තියෙන් යුක්තව ධර්ම කාරණා දේශනා කරති. එහෙත් ත්‍රිපිටකය නිසි ලෙස පරිශීලනය කිරීමෙන් මේ තත්වය වළක්වා ගත හැකි. මෑතක දී ප්‍රකාශයට පත් වී ඇති ඕස්ට්‍රේලියානු ජාතික ධම්මික හිමියන්ය ලියා ඇති කුඩගම්මන සීලරතන හිමියන් විසින් පරිවර්තිත දූවිල්ලෙන් රැදුණු පිය සටහන් නම් කෘතිය පරිශීලනය කිරීමෙන් බොහෝ කරුණු අනාවරණය කර ගත හැකි වේ. මෙහි දී දැක්වෙන එක් අවස්ථාවක් වන්නේ ගොපල්ලකු සිය ගව රැළ දියට බස්සවා එගොඩ කරවන්නාක් මෙන් සතුන්ගේ වල්ගේ එල්ලී සහ පිටේ නැග භික්ෂුන් ද එකල වැසියන් විසින් ගංගාවන්ගෙන් එතෙර කර වූ ආකාරයන් ත්‍රිපිටකය වාර්තා කරයි (194) බුදුන් වහන්සේට ඇති වූ කායික දුබලතා පිළිබඳව ඉතා අපූරුව ආකාරයට වාර්තා කර ඇත. මෙවැනි කෘති පරිශීලනය කිරීමෙන් ද නව දෘෂ්ටීන් පුළුල් කරගත හැකි බව පෙනේ.
නූතන සමාජය යනු කෙබඳු ස්වභාවයක් ද යන්න සරලව තේරුම් ගැනීම ඉතා වැදගත් වේ. පුද්ගලයාගේ දියුණුව කොටස් දෙකකට බෙදා වෙන් කළ හැකි වේ. එකක් භෞතික දියුණුවය. අනෙක ආධ්‍යාත්මික දියුණුවයි. මේ අංශ දෙකම එක ලෙස දියුණු වුවහොත් පුද්ගලයකු සාර්ථක වන බව සඳහන් කළ හැකි ය. නූතන ලෝකයේ මිනිසා හුදෙක් භෞතික දියුණුව පමණක් හඹා යන ස්වභාවයක් දැක ගත හැකිය. එය වෙහෙසකර වේ. ගොඩනැගිලි ඉදි කළ ද එහි සුවයක් නොමැති බව පෙනේ. භෞතික සැපයක් තිබුණු ද සුවයක් නොමැති ය. එනම් ආධ්‍යාත්මික අසුන්දර මිනිසෙකි.
කළමනාකරණ සංකල්පය ඉතා අපුරු ආකාරයට බුදු දහමේ විග්‍රහ කර ඇත. කාල කළමනාකාරණය, පිරිස් කළනාකරණය පාරිසරික කළමනාකරණය මෙන්ම ආධ්‍යාත්මික කළමනාකරණය ද ඉතා අපූර්ව විග්‍රහයන් බුදු දහමේ දැක් වේ.
මෙහි දී එක් කරුණක් පමණක් ගෙනහැර දැක්විය හැකි ය. භාග්‍යවතුන් වහන්සේ විසින් ලෝකයාට හඳුන්වා දෙන ලද ජීවන ක්‍රමය මැදුම් පිළිවෙත (මජ්ඣිම පටිපදා) යනුවෙන් ප්‍රකට වී තිබේ. සංවර්ධනය සඳහා මිනිසා අනුගමනය කරන වර්තමාන ක්‍රම අතර බුදු දහමෙන් හෙළිවන මැදුම් පිළිවෙත කොතෙක් දුරට අර්ථවත් වේ ද යන්න විමසා බැලීම කාලීන අවශ්‍යතාවකි. එසේ කිව යුත්තේ වර්තමාන සංවර්ධන ක්‍රියාදාමය තුළ මිනිසාගේ ප්‍රගතියට එක් අතකින් පෙළඹවීමක් දැකිය හැකි අතර විසඳා ගැනීමට නොහැකි අයුරින් ගැටලු මතු වී ඇති අතරම ඒය මිනිසාගේ අතෘප්තියට හේතු වී ඇත.
සංවර්ධනය යන අදහස ගැබ් වූ වචන කිහිපයක් පෙළ දහමෙහි ඇතුළත් වේ. අත්ථ, වෘද්ධි, වඩ්ඪි යන වචන තුන එයින් වඩාත් ප්‍රකටය. අංගුත්තර නිකායේ දසක නිපාතයේ එන වඩ්ඨි ඉතා අපූර්ව සුත්‍රයකි. එය විමසා බලන විට සංවර්ධනය පිළිබඳ බෞද්ධ අර්ථකථනය පරිපූර්ණව දැක ගත හැකි යි. මේ සුත්‍රට අනුව කරුණු දහයක් දැක් වේ. කෙත්වතුවල දියුණුව මෙන්ම ධන ධාන්‍යය අඹුදරුවන් දැසි දස් කම් කරුවන් සිවුපා සතුන්ගේ ශ්‍රද්ධාවෙන් සීලයෙන් අධ්‍යාපනයෙන් (ශ්‍රැතයෙන්) ත්‍යාගශීලිබවෙන් හා ප්‍රඥාවෙන් ඇති කරගන්නා දියුණුව පුද්ගලයාගේ දියුණුවට සෘජු ලෙසම බලපාන බව පෙනේ. මේ කාරණා දහයම පොදු කරුණු හතරක් යටතේ සාකච්ඡා කළ හැකි වේ. ඒනම් මිනිසාගේ ආර්ථික භෞතික සංවර්ධනය හිතකර සමාජ සම්බන්ධතා වර්ධනය. සදාචාරාත්මක සංවර්ධනය හා ආධ්‍යාත්මික සංවර්ධනයයි. මෙවැනි කාරණා අතර නූතන ලෝකයාට අත්‍යවශ්‍ය වන කාරණාවක් වන්නේ ආධ්‍යාත්මික දියුණුවයි. අාධ්‍යාත්මික දියුණුව අවශ්‍ය වන්නේ පුද්ගලයා යහපත්ව ධාර්මිකව තමාට හිතකාමි හා අනුන්ට හිතකාමි පුද්ගලයකු ලෙස ගොඩ නැගීමටය . ආධ්‍යාත්මික දියුණුව සඳහා යොදාගත හැකි ක්‍රමවේදය ධර්මයේ තුළ දැක්වේ. මෙය ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළද දැක්වෙන කාරණාවකී. එනම් සමාධිමත් සිතක් ගොඩ නගා නැගීමයි. මෙය බුදුන් වහන්සේ දේශනා කර ඇති ධර්ම මාර්ගය වන්නේ සතර සතිපට්ඨානයයි. පුද්ගලයාගේ පිරිසුදු බව හා නිවන සාධනය සඳහා ඇති එකම ක්‍රමය ලෙස සතර සතිපට්ඨානය දක්වා ඇත. මෙහි දී නූතන ලෝකයේ නිරන්තරයෙන්ම කතා කරන සති යන වචනය ඉතා වැදගත් වේ. ඉංග්‍රීසි භාෂාවෙන් (Mindfullness) යනුවෙන් ව්‍යවහාර කරන මෙය ජාති ආගම් භේදයකින් තොරව ඕනෑම කෙනෙකුට භාවිත කළ හැකි වේ. සමථ හා විදර්ශනා භාවනාව පුහුණු කිරීම මගින් මේ දියුණුව ඇති කර ගත හැකි වේ. අනවශ්‍ය කාරණා පිළිබඳව පසුපස යනවාට වඩා අවම තරමින් ආනාපාන සතිය හෙවත් සිහි කල්පනාවෙන් හුස්ම ඉහළ පහළට ගැනීම හෝ සිදු කරන්නේ නම් පුද්ගලයාගේ ආධ්‍යාත්මික සංසිඳීම සඳහා උපකාරී වේ. සතිය පුහුණුව පිළිබඳව වර්තමාන ලෝකයේ දීර්ඝ ලෙස සාකච්ඡා කරන අතරම සතිය පුහුණුවෙන් ලැබෙන සුවය පිළිබඳව විද්‍යාත්මක පර් යේෂණ ගණනාවක් සිදුකර ඇත. විශේෂයෙන්ම මොළය ආශ්‍රිතව ඇතිවෙන වෙනස්කම් මෙහි දී හඳුනාගෙන ඇති අතරම පිළිකාව වැනි රෝග පවා සුව කිරීමට භාවනා යොදා ගත හැකි බව විද්‍යාත්මක ලෙස ඔප්පු කර ඇත.
කෙසේ නමුත් තම තමන්ගේ විමුක්තිය තම තමන්ම සලසා ගත යුතු බව බුදුන් වහන්සේ දේශනා කර ඇත. බුදුන් වහන්සේ ජීවිතයේ අවසන් කාල පරිච්ඡේදය විස්තර කරන මහා පරිනිබ්බාන සුත්‍රයේ ද දැක් වෙන්නේ තමාගේ ජීවිතයට පහනක් වී ජීවත් වන්න. වෙනත් කෙනෙකුගේ පිහිටක් පිළිසරණ බලාපොරෝත්තු නොවන්න. එමෙන්ම නොපමා වන්න. සිහි ඇතිව වැඩ කරන්න. සිල්වත් වන්න. සම්‍යක් කල්පනාවන්හි සිත පිහිටුවා තමන්ගේ සිත පිරිසුදු කර ගන්න. යමෙක් නොපමාව ක්‍රියා කරන්නේ නම් මේ සසර කෙළවර කොට දුකින නිදහස් විය හැකි බව බුදුන් වහන්සේ අවධාරණය කොට වදාළ සේක.
(***)
හැත්තෑව අසූව දශකවල සහ ඉන් ඔබ්බෙහි මෙරට ගීත සාහිත්‍යයෙහි සුපෝෂණය සඳහා අතිමහත් මෙහෙයක් ඉටු කළ ප්‍රවීණ ගීත පද රචක රඹුකන සිද්ධාර්ථ හිමියෝ වචනයේ පරිසමාප
මෙම ලිපිය 2019 අප්‍රේල් 21 වැනිදාට යෙදුණු පාස්කු ඉරිදා දිනයේදී මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් සිදු කරන ලද ප්‍රහාර මාලාව පිළිබඳ ත්‍රිත්වයේ තුන්වැනි සහ අ
වසර 2017 දී හඳුන්වා දෙන ලද පළාත් පාලන ආයතන සංශෝධන පනත යටතේ මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්විණි. ලංකාවේ මැතිවරණ ක්‍රමය වෙනස් විය යුතුය යන අදහස මුලි
සිද්ධාර්ථ ගෞතම චරිතය ලොවට දායාද වන්නේ ක්‍රිස්තු පූර්ව හය වැනි සියවසේදීය. එම අසිරිමත් උපත තත්කාලීන විවිධ ආගමික මතවාද ප්‍රකාශ කළ ෂඩ් ශාස්තෘවරුන්ට කිසි
අප ජීවත් වන්නේ නව තාක්ෂණික ලෝකයකය. ඒහි පස්සිකෝ සන්දිට්ඨිකෝ හෙවත් එන්න බලන්න ගුණය අත්විඳින්න යන ගුණාංග ඇති ආගමකට පැවැත්මක් තිබේ. කෙසේ වුවත් ලෝකය කෙතරම්
දෙදිනක් තිස්සේ ලෝවැසියන් දෑස් දල්වා සිටියේ නව පාප්තුමා තෝරා ගැනීමේ ඡන්ද විමසුම එසේත් නැතිනම් ‘කොන්ක්ලේව්’ කෙසේ සිදුවේවිදැයි යනුවෙනි. කාදිනල්වරුන්
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
බුදු දහමේ නියම රසය සොයා යමු