IMG-LOGO

2025 මැයි මස 08 වන බ්‍රහස්පතින්දා


මං කිව්ව දේ කලා නම් විපක්ෂය ජය ගන්නවා

(අංජුල මහික වීරරත්න)

තමා උපදෙස් දුන් ආකාරයට විපක්ෂයේ පක්ෂ ඒකාබද්ධ වී පළාත් පාලන ආයතන පනහකට සීයකට පමණ තරඟ කළා නම් එම සන්ධානයට මන්ත්‍රී ධුර සැලකිය යුතු ගණනක් ගන්නට ඉඩ තිබූ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය සම්බන්ධයෙන් මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.

විශේෂයෙන් කොළඹට පමණක්වත් එවැනි දෙයක් කරන්නට තිබු බව කී රනිල් වික්‍රමසිංහ මහතා තමා කී පරිදි විපක්ෂය එකතු නොවූ නිසා ජනතාව දෙපැත්තකට ටොකු ඇන්න බව පැවසීය.

කොළඹදී මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

අවුරුදු පහකට පසුව අප අලියා ලකුණ යටතේ තරඟ කළා.මෙය යම් ඇරැඹුමක් ලෙස සැලකිය හැකියි.සමහර ප්‍රදේශ වල අපේ ප්‍රතිඵල හොඳයි. සෑහීමකට පත්විය හැකියි.දැන් අලුතින් එක්සත් ජාතික පක්ෂය වැඩ කළ යුතුව තිබෙනවා. දැන් විපක්ෂය එකතු වී ජනතාවට යම් වැඩපිළිවෙළක් හඳුන්වා දිය යුතුයි.

මා මැතිවරණ ප්‍රචාරක වැඩවලට සහභාගී වූයේත් නැහැ. තරුණ නායකයන්ට මෙය කරගෙන යන්න බාර දුන්නා. මෙය යම් පරීක්ෂණයක්.හොඳ තැන් මෙන්ම අසාර්ථක තැන්ද තිබෙනවා.අප දැනට තිබෙන ශක්තියෙන් ඉදිරියට යන්නේ කෙසේදැයි සිතිය යුතුයි.

අලියා ලකුණින් ඉදිරිපත් වූ විට ජනතාව ඡන්දය දෙන්නට එන බව සමහරුන් කිව්වා.අලියාගෙන් ඉදිරිපත් වූවා කියා පමණක් ඡන්දය දාන්නට එන්නේ නැති බව දැන් පෙනෙන්නට තිබෙනවා. දැන් පක්ෂයේ අලුත් අය හඳුන්වා දිය යුතුයි. මේ පක්ෂය ගොඩනැගිය යුත්තේ අවුරුදු පනහේ- හතළිහේ අයයි.මෙතනින් පසු තරුණ පරපුර වගකීම් බාරගෙන ඉදිරියට යා යුතුයි. සජබෙටත් ගියපාර ලැබුන ඡන්ද ලැබුණේ නැහැ.

 



අදහස් (30)

මං කිව්ව දේ කලා නම් විපක්ෂය ජය ගන්නවා

වත්සි Wednesday, 07 May 2025 11:58 AM

විපක්ෂයේ බෙදීම ආණ්ඩුවට වාසි සහගත තත්ත්වයක් උදා කර ඇති වග පෙනුණත් මෙම ප්‍රතිඵල මඟින් පෙන්නුම් කරන්නේ ආණ්ඩුවේ සැලකිය යුතු පසුබෑමක් ය. සී සී කඩ වූ විපක්‍ෂය හමුවේ ජාජබය කිසියම් ජයක් ලබා ඇතත් බොහෝ සභාවල බලය පිහිටුවීමට ඒ ප්‍රමාණවත් නොවේ. බොරුවට වැඩි ආයුෂ නැතැයි යන පැරැණ්නන්ගේ කියමන මොන තරම් සත්‍යය දැයි මෙම ඡන්ද ප්‍රතිඵලයෙන් තහවුරු වන්නේ. ඒ වාගේම සමාජ මාධ්‍යයේ සැරිසරන රජයේ සේදුම් බලකායට තම උත්සාහය තවත් වර්ධනය කර ගැනීමටත් සිදු වේ.

:       90       173

පොඩිඑකා Wednesday, 07 May 2025 12:09 PM

එතකොට ඔහේ පහුගිය ජනාධිපතිවරණය කුජීතෙටම පැරදුනේ, ඔහේ කියන දේ ඔහේම අහන්නෙ නැතුව වැඩ කරලද මුත්තේ?

:       39       92

ප්‍රසන්න Wednesday, 07 May 2025 04:52 PM

මේ මොළේ අප්සෙට් වෙච්චි ජනතාව ප්‍රතික්ෂේප කරපු, රට ණය කරපු ගොබ්බයාත් එක්ක එකතු වුණා නම් සජබ යට පහුගිය 2024 නොවෙම්බර් තිබුණු ඡන්ද ප්‍රතිශතය වුණු 17.6% වැඩි කර ගන්න හම්බ වෙන්නේ නෑ. එම ප්‍රතිශතය 21.7% දක්වා වැඩි වුණා කියලා දන්නේ නෑ.

:       1       45

ලූට මූස් Wednesday, 07 May 2025 12:18 PM

එක දිගට ඡන්ද විසිගානක් පැරදිච්ච ‘ලොස්තාද්’ අනිත් අයට දිනන හැටි උගන්නනවා….! අනේ සකෝ බලලෝ කිව්වලු!

:       24       72

හරමානිස්Wednesday, 07 May 2025 01:32 PM

මෙයා මහින්දගේ අත කොලුවා වෙලා අන්තිමට අලි පූට්ටුවක් වුණා...

:       16       28

කව්ද බෝයි Wednesday, 07 May 2025 12:20 PM

මේකට එක ඡන්දයක්වත් දිනාගන්න බැරිව, වටේටම ඡන්ද දිනනහැටි ගැන බණ කියනවා...

:       16       32

ප්‍රියන්ත Wednesday, 07 May 2025 12:20 PM

අර ඔයාගේ මාමණ්ඩිය කළා වගේ, ඡන්ද පෙට්ටි ටික ඉස්සුවා නම් ඊට ලේසියෙන් දිනන්න තිබුණා.

:       15       27

randil dunuwille Wednesday, 07 May 2025 12:26 PM

වත්සි ඔබලා මිනිස්සු නම් වෙන්න නම් බෑ. තනිකර ගොන්නු...

:       36       22

යෝගා Wednesday, 07 May 2025 12:33 PM

මාස හයක් ඇතුළත මාලිමාවේ ඡන්ද 24 ලක්ෂයක් හැලිලා. පාර්ලිමේන්තුවේ පඹයෝ 159ක් හිටියාට අලුත්ම ජනමතය අනුව ආණ්ඩුවට සරල බහුතර ජනතා කැමැත්තවත් දැන් නෑ. ඔහොම යංකෝ...!

:       44       73

පොඩිඑකාWednesday, 07 May 2025 02:26 PM

ඈ යෝගා උන්නැහේ, ඒ හැලිච්චි ටික අහවල් එකටද වැටුනේ….?

:       37       10

Jagath Leanage Wednesday, 07 May 2025 12:34 PM

අනේ සීයේ. දැන්වත් දේශපාලනයෙන් විශ්‍රාම අරගෙන ගෙදර යන්න. පතාක පක්ෂයක් බින්දුවටම වට්ටලා ලොකු ලොකු කතාත් කියන්න එන්නේ නැතුව නෙට්ෆ්ලික්ස් බලාගෙන ඉන්නකෝ .

:       15       30

ගමේ එකාලා Wednesday, 07 May 2025 12:50 PM

ගම්වල තවමත් වහල්ලු ඉන්න බව පේනවා..

:       48       30

Akila Wednesday, 07 May 2025 12:54 PM

එතකොට ඔය විපක්ෂය කියන්නේ එකතුවෙලා රට බංකොලොත් කරපු කට්ටිය නේද? ඒ ගොල්ලෝ බලය අරගෙන ආපහු මොනවා කරන්නද?

:       43       28

ගුණරත්න Wednesday, 07 May 2025 01:14 PM

රනිල් ජනාධිපතිතුමා කිවූ දෙය ඇත්ත, සමගි ජන බලවේගය දැනගන්න ඕනෑ... මේක තනි ගමනක් නොවෙන බව, එහෙම වෙලාවට කැපකිරීම් කරන්නත් ඕනෑ, ඒ මොකවත් නැතිව මම තමා හපනා වීරයා කියලා කෝටි ගණන් වියදන් කරලා ඡන්ද කළත් වැඩක් නැහැ. ගිය ඡන්දයේ රනිල් එක්ක එකතුවෙලා ඡන්ද කළා නම් අද සජිත් අගමැති, ඒත් තවම මොලේ පෑදිලා නැහැ...

:       46       25

පොඩිඑකාWednesday, 07 May 2025 02:37 PM

ඉතිං ගුණයෝ, ඔහෙගෙ පංඩිත මුත්තා, තමංගෙ බල තන්හාව අතහැරලා, සජිත්ට නායක කම දීලා දෙකට කැඩුනු පක්ෂය එකතු කලානං ඉවරනේ!

:       6       79

Sudathjayaratne Wednesday, 07 May 2025 01:18 PM

එජාපෙයට රෙද්දේ ගිහිල්ලත් ඒකේ නායකයගේ කටේ උජාරුව. යූ ඇන්පියට නිවන් සුව පතමු.

:       20       29

suranWednesday, 07 May 2025 02:01 PM

සුදත් ජයරත්න මහත්මා ඇතැම් දියුණු රටවල නඩුකාරයින් විශ්‍රාම යන්නේ අවුරුදු 75 ත් පහුවෙලා. නමුත් බස් රියදුරන්, ගුවන් නියමුවන් අනිවාර්යයෙන්ම අවුරුදු 60ක් පමණ වනවිට විශ්‍රාම යායුතුයි. මේ පිටුපස ඇති තර්කය කුමක්දැයි අඳ බාලයින්ට අවබෝධ කරගන්න බැහැ. නමුත් මේ වගේ මෝඩයින් තමන්ට වඩා උගතුන්, බුද්ධිමතුන් මේ ලෝකයේ තවත් නැතැයි හිතාගෙන ඉන්නවා. එවැනි බොහෝ අයගේ මුල් ළමාවිය නිසි ලෙස සංවර්ධනය වී නැහැ. ඒ නිසයි විරුද්ධ මතයක් පිළිගන්න බැරිව අවලාද නගන්නේ?

:       3       18

ප්‍රියන්තWednesday, 07 May 2025 02:34 PM

හලෝ සුරන්, එය අදාල වන්නේ දියුණු රටවල උගත් බුද්ධිමත් සහ සාර්ථකව තම වෘත්තිය කල වෘත්තිකයන්ට මිස, තුනෙන් දෙකකට වඩා බලයක් තිබූ පක්ෂයක් බිමට සමතලා කර මැතිවරණ විස්සකට වඩා පරාජය වූ මහළු ‘ලොස්තාද්’ ලාට නොවේ!

:       8       13

suranWednesday, 07 May 2025 03:30 PM

ප්‍රියන්ත මහතා ඔබටත් මා කලින් කී කතාවේ අවසන් කොටස ගැලපෙන බව ඔබගේ අදහස් ප්‍රකාශ අර ඇති ආකාරය අනුව මනාව පැහැදිලියි. මා කිසි විටකත් රනිල් මහතාගේ අනුගාමිකයෙක් නොවුනෙමි. නමුත් රට 2022 දී රට කඩාවැටුණු වෙලේ අන් අය නොකෙරෙන කතා කියමින් මග හැරයද්දී ඔහු නියම නායකයෙක් ලෙස වගකීම බාරගෙන රට ස්ථාවර තත්වයකට පත්කිරීමේ ගෞරවය නොමසුරුවම ඔහුට නොදීමට තරම් මා කුහකයෙකු නොවෙමි. 2005දී ඡන්ද 186,000 කින් ඔහු මහින්දට පරද වන්නේ කුමක් නිසා දැයි ඔබගේ ලාමක හා කුහක මොලයට තේරුම්ගත නොහැකි බව මා දනිමි. එමෙන්ම වසර 5කට ජනතාව පත්කළ ආණ්ඩුවක් වසර 2කදී චන්ද්‍රිකා විසිරුවා හැරීම කෙතරම් සදාචාරාත්මක දැයි ඔබ වැනි කුහකයින්ට නොතේරෙනු ඇත. එමෙන්ම අනුන්ගේ උගත්කම් සෙවීමට පෙර ඔබගේ උගත්කම පිළිබඳව කන්නාඩිය ඉදිරියට ගොස් අසන්න...

:       5       8

ප්‍රියන්තWednesday, 07 May 2025 04:07 PM

හලෝ සුරන්, එහෙනං මේ උන්දෑ අවුරුදු ගණනාවක් බලයේ ඉඳලා රටට කෙලවුනේ කොහොමද...?

:       6       6

පොඩිඑකාWednesday, 07 May 2025 04:15 PM

සුරන් උන්නැහේ, එතකොට බටලන්ද, මහ බැංකු…? අනේ මගේ කට...!

:       8       6

අලියා.. Wednesday, 07 May 2025 01:26 PM

මගේ පස්සේ ආවාට කමක් නෑ...

:       8       6

අස්සයා නැති කරගත්ත කව් බෝයි, බකල ජයා Wednesday, 07 May 2025 01:42 PM

මං කිව්වේ, මං කිව්වේ, චව් චව්, මං කිව්වේ චව් චව්...

:       10       21

Lal Fernando Wednesday, 07 May 2025 02:16 PM

කතාව හරි අවුරුදු 40- 50 අයට ඉඩ දීලා අවුරුදු හැත්තෑව පැනපු වැඩ බැරි නාකි කාළකන්නි ගෙදර පලයව්...

:       9       16

රනිල් වික්‍රමසිංහ Wednesday, 07 May 2025 03:08 PM

බැහැ බැහැ ..70 ට වැඩි අය උපදේශකයින් විදිහට ඉන්න ඕනෑ. ඒ උත්තමයින් කියන විදිහට තමයි තරුණ අය, වැඩකළ යුත්තේ. දැන් මම බලන්න, පක්ෂයේ සියලු දෙනාම මට බයයි... මම කියන විදිහට ඉන්න බැරිනම් පයින් ගහලා පක්ෂයෙන් දොට්ට දානවා. ඒකම තමයි මම සජිත්ට කළේත්. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ...

:       3       4

ලූට මූස් Wednesday, 07 May 2025 02:28 PM

ලොන්ඩරි යෝගා, හැලිච්ච ඒව ගනං කරන ජොබ් එකත් පටං අරං. දෙකට නැවිල බලන්න ඔහෙගෙ අහවල් එකත් හැලිලද කියලා!

:       4       3

sumal Wednesday, 07 May 2025 03:00 PM

මේකානම් පිස්සෙක් !!! අවුරුදු 40 ක් හැම චන්දයක්ම පැරදිලා ,දැන් අනිත් අයට උපදෙස් දෙනවා , මේ සතාව වහාම අංගොඩ පිස්සන් කොටුවට යවන්න.

:       5       7

කුකුල් චමින්ද Wednesday, 07 May 2025 03:12 PM

වත්සි, අනේ ඔයා ඉන්නේ කොයි පළාතේද? පොත්ත රතට තියෙනවා නම්, මට තව එක වැස්සියක් වැඩි නෑ.

:       1       4

Chandima Wednesday, 07 May 2025 03:14 PM

අනුන්ට දිනන හැටි කියවනවා. තමුන් හැමදාම පරදිනවා. අනේ පිනෝ?...

:       5       10

fairoos Wednesday, 07 May 2025 05:03 PM

අපරාදෙ නේද? බලය අල්ලගන්න තිබ්බා මුහුදට ගියා නම්...

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කෙහෙළිය රිමාන්ඩි
2025 මැයි මස 07 1857 2

ජනමාධ්‍ය, පරිසර සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩල තනතුරු සඳහා සිය ඥාතීන්, හිතවතුන් සහ දේශපාලන ආධාරකරුවන් පත්කරගෙන ඔවුන් සේවයේ යොදවා නොගෙන


පාප්තුමා තෝරා ගැනීමේ ඡන්දය ඇරැඹේ
2025 මැයි මස 07 1717 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීමෙන් පසු හිස්වූ පාප් ධුරය සඳහා මීළඟ පාප් වහන්සේ තෝරාගැනීම සඳහා වකිතානයේ දී මේ වනවිට ආරම්භ වී ඇත. මෙම


රිය අනතුරකින් දෙන්නෙක් මරුට
2025 මැයි මස 07 639 0

වීරකැටිය රන්න ප්‍රධාන මාර්ගයේ ගුරු ගොඩල්ල ප්‍රදේශයේදී යතුරු පැදියක් හා ලොරි රථයක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන් කළ දෙදෙනෙකු මිය ගොස් ඇතැයි වීරකැටිය පොල


ආනයන තීරුබදු යෝජනාව හෙට මැතිසබේට
2025 මැයි මස 07 1267 0

පාර්ලිමේන්තුව හෙට (8) සහ අනිද්දා (9) රැස්වීමට නියමිතය.


කෙහෙළිය අත්අඩංගුවට
2025 මැයි මස 07 3233 6

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.


සජබෙන් කොළඹ නගර සභාවට නගරාධිපතිවරයෙක්
2025 මැයි මස 07 10965 11

විපක්ෂයේ සියලු කණ්ඩායම් හා එක්ව කොළඹ මහනගර සභාව සඳහා සමගි ජන බලවේගයෙන් නගරාධිපතිවරයකු පත්කර ගන්නා බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1054 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 253 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1295 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site