වසර 2017 දී හඳුන්වා දෙන ලද පළාත් පාලන ආයතන සංශෝධන පනත යටතේ මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්විණි. ලංකාවේ මැතිවරණ ක්‍රමය වෙනස් විය යුතුය යන අදහස මුලින්ම ඉදිරිපත් කළේ එවකට අගමැතිව සිටි රනිල් වික්‍රමසිංහ මහතා 2002 දී ය. ඒ අනුව ඒ සම්බන්ධව කටයුතු කිරීමට දිනේෂ් ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ද පත් කරන ලදී.
එම තේරීම් කාරක සභාව මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට අදාළව අතුරු වාර්තාවක් 2007 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හඳුන්වා දුන් සමානුපාතික මැතිවරණ ක්‍රමය සංශෝධනය කළ යුතුය යන මතය එකී වාර්තාවෙන් පළමු වරට ව්‍යවස්ථාදායකය වෙත ඉදිරිපත් කළේය. එයින් මිශ්‍ර නියෝජන ක්‍රමයක් හඳුන්වා දුන්න ද මූලිකව එය කේවල ඡන්ද ක්‍රමයට බර එකක් විය. එනම්, එය කේවල ඡන්ද ක්‍රමය මූලික කරගත් කිසියම් මැතිවරණයකදී පරාජයට පත් වෙන අපේක්ෂකයන් ලද ඡන්ද සංඛ්‍යාව මත පදනම්ව සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ යම් අපේක්ෂකයන් ප්‍රමාණයක් තෝරන මැතිවරණ ක්‍රමයකි.
මෙම අලුත් මැතිවරණ ක්‍රමය මුලින් ම පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා හඳුන්වා දෙන ලෙස ද එම 2007 වාර්තාවෙන් නිර්දේශ කර තිබිණි. ඒ අනුව යමින් 2012 දී එවකට බලයේ සිටි ආණ්ඩුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. එහෙත් එම නව මැතිවරණ ක්‍රමය යටතේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පැවැත්වීමට නොහැකි විය. හේතුව වූයේ සමානුපාතික ඡන්ද ක්‍රමය ඉවත් නොකළ යුතුය යන පදනමින් සුළු පක්ෂ හා සුළු ජනවර්ග නියෝජන කරන පක්ෂ නව මැතිවරණ ක්‍රමයට විරුද්ධ වීම ය. එහි ප්‍රතිඵලයක් ලෙස 2015 දී බලයට පැමිණි යහපාලන ආණ්ඩුව 2012 පනතින් හඳුන්වා දුන් මැතිවරණ ක්‍රමය සම්පූර්ණයෙන් ම වෙනස් කර සමානුපාතිකත්වය මත පදනම් වූ වර්තමාන නියෝජන ක්‍රමය හඳුන්වා දුන්නේ ය.
එලෙස හඳුන්වා දුන් නව නියෝජන ක්‍රමය මිශ්‍ර ක්‍රමයක් ලෙස හැඳින්වුව ද එය සැලකිය හැක්කේ සියයට සියයක් සමානුපාතික ඡන්ද ක්‍රමයක් වශයෙනි. මෙම නියෝජන ක්‍රමයෙන් මැතිවරණ කොට්ඨාස සකස් කර තිබුණ ද එහි පරමාර්ථය වන්නේ මනාප වලින් තේරී පත් වෙන මන්ත්‍රීවරුන් තෝරාපත් කිරීම යි. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා පෙර පැවති සමානුපාතික ඡන්ද ක්‍රමය අනුව ඒ ඒ පක්ෂ හා කණ්ඩායම් ලබා ගන්නා ඡන්ද ප්‍රතිශත මත ලැබෙන සභික ප්‍රමාණය තීරණය වූ අතර තෝරා පත් කර ගත යුතු සෙසු සභික සංඛ්‍යාව තීරණය වූයේ මනාප ඡන්ද ක්‍රමයෙනි. එහෙත් වර්තමාන නියෝජන ක්‍රමයෙන් කොට්ඨාස හඳුන්වා දී තිබෙන්නේ මනාප ක්‍රමයෙන් තේරී පත් වෙන සභික සංඛ්‍යාව තීරණය කිරීමට ය. ඒ අනුව යම් මැතිවරණ කොට්ඨාසයක් ජයග්‍රහණය කරන අපේක්ෂකයෙක් මන්ත්‍රීවරයා වශයෙන් තේරී පත් වේ. එය මෙම නව මිශ්‍ර නියෝජන ක්‍රමයෙහි පදනම වේ.
එම පදනම මත මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්විණි. මේ ඡන්ද ක්‍රමය යටතේ 2018 දී පවත්වන ලද පළමු පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ දී ජයග්‍රහණය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට හිමි වුව ද වර්තමානයේ උද්ගතව ඇති ආකාරයේ ව්‍යාකූලත්වයක් බොහෝ පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් ඇති විය. විශේෂයෙන් ම එවක දී උතුරු සහ නැගෙනහිර දෙපළාතේ පළාත් පාලන ආයතන රැසක සභික ධුර පක්ෂ හා කණ්ඩායම් විශාල සංඛ්‍යාවක් අතර බෙදී ගියෙන් ස්ථාවර සභා පිහිටුවීම අභියෝගාත්මක විය.
සමානුපාතික නියෝජන ක්‍රමයක දී ස්ථාවර ආණ්ඩු ඇති කිරීම අසීරු කර්තව්‍යයකි. ඊට හේතුව සෑම ඡන්දයකට ම වටිනාකමක් ලබා දීම නිසා පක්ෂ අතර මන්ත්‍රී ධුර බෙදී යෑමෙන් ස්ථාවර ආණ්ඩු හෝ පළාත් පාලන ආයතන පිහිටුවීම දුෂ්කර වීමය. මේ සන්දර්භයේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන කාලයේ දී මෙම මැතිවරණ ක්‍රමයෙහි පවතින අඩුපාඩු සොයා බැලීමටත් පළාත් සභාවල මැතිවරණ ක්‍රමය ගැන සොයා බැලීමටත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කෙරිණි. ඒ අනුව මැතිවරණ ක්‍රමයට සිදු කළ යුතු සංශෝධන සම්බන්ධයෙන් 2022 ජුනි මාසයේ දී වාර්තාවක් භාර දෙන ලදී. එහිදීත් සියලු පක්ෂ එකඟ වී තිබුණේ සමානුපාතික නියෝජන ක්‍රමය පවත්වා ගෙන යෑමට ය.
සමානුපාතික ඡන්ද ක්‍රමයේ දී ගණිතමය සංකල්ප භාවිත වේ. මෙම නියෝජන ක්‍රමයෙහි ප්‍රධාන දුර්වලතා ව වන්නේ සමානුපාතිකව එල්ලෙන මන්ත්‍රී ධුර වැඩි ගණනක් ලබා දීම ය. එය පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම අස්ථාවර වීමට ද හේතු වේ. පෙර කී 2022 තේරීම් කාරක සභා වාර්තාවෙහි පැහැදිලිව සඳහන් වන්නේ එල්ලෙන මන්ත්‍රී ධුර ඉවත් කළ යුතු බව ය. යම් පළාත් පාලන ආයතනයකට තේරී පත් වන මුළු සභික සංඛ්‍යාවෙන් සමානුපාතික ව තේරී පත් වන පිරිස බොහෝ විට නිශ්චිත ප්‍රමාණය ඉක්මවා යෑමට ඉඩ තිබේ. එසේ සමානුපාතික ව හිමි වන මන්ත්‍රී ධුර බෙදීමේ දී ගණිතමය විසමතාවන් පැනනගියි. එහි ප්‍රතිඵලයක් ලෙස සුළු ඡන්ද ප්‍රතිශත ලබා ගන්නා පක්ෂ හා කණ්ඩායම්වලට ද නියෝජනය හිමි වීමට ඇති ඉඩ ඉහළ ය. මේ තත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා විණි.
එහෙත් පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය සඳහා යොදා ගැනෙන සමානුපාතික නියෝජන ක්‍රමයේ දී මේ ආකාරයේ ප්‍රශ්නසහගත වාතාවරණයක් ඇති වන්නේ නැත. එම මැතිවරණ ක්‍රමයේ දී දිස්ත්‍රික්කයක් මැතිවරණ කොට්ඨාසයක් හැටියට සලකන අතර කොට්ඨාසය දිනන පක්ෂයට හෝ කණ්ඩායමට හෝ ප්‍රසාද ආසනයක් හිමි වේ. එසේ ම ඉතාම අඩු ඡන්ද ප්‍රතිශත ලබා ගන්නා පක්ෂ අතර මන්ත්‍රී ධුර බෙදී යෑම වැළැක්වීම පිණිස මැතිවරණයේ දී සියයට 5 ක් අවම ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීම අනිවාර්ය කර තිබේ. මේ පියවර සැලකිය හැක්කේ ජයග්‍රාහකයා දිරිගැන්වීම උදෙසා ලබා දෙන ඒවා හැටියට ය. පළාත් සභා මැතිවරණ ක්‍රමයේ දී ද පළාත් සභාව ජය ගන්නා පක්ෂයට ප්‍රසාද ආසන දෙකක් හිමි වේ. 2018 ට පෙර පැවැති පළාත් පාලන ආයතන ඡන්ද ක්‍රමයේ දී ද යම් පළාත් පාලන ආයතනයක් ජයග්‍රහණය කරන පක්ෂයට හෝ කණ්ඩායමට හෝ සභාවේ කටයුතු හොඳින් පවත්වා ගෙන යෑම අරභයා ප්‍රසාද ආසන දෙකක් ලබා දුන්නේ ය. එහෙත් එහිදී මන්ත්‍රීවරුන් තෝරන ලද්දේ මනාප ඡන්දවලිනි.
මනාප ඡන්ද ක්‍රමයේ දී ඡන්ද අපේක්ෂකයන් මනාප ලබා ගැනීම පිණිස මුදල් විශාල වශයෙන් වියදම් කරන නිසාත් ඒ ඔස්සේ දූෂණ සිදු වන නිසාත් පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ නියෝජන ක්‍රමයෙන් මනාප ක්‍රමය ඉවත් කර ඒ වෙනුවට කොට්ඨාස ක්‍රමය ඇති කරන ලදී. එහෙත් කොට්ඨාසයක් ජයග්‍රහණය කිරීම සහ පළාත් පාලන ආයතනය ජය ගැනීම අතර කිසිදු සම්බන්ධයක් නොමැත.
මෙම මැතිවරණ ක්‍රමයේ දී යම් පළාත් පාලන ආයතනයකට තරග කරන දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් හෝ සියයට 50 ඉක්මවා ඡන්ද ලබා ගත හොත් එම පක්ෂයට හෝ කණ්ඩායමට වැඩි සභික ධුර සංඛ්‍යාවක් සමානුපාතිකව බෙදී යයි. එබැවින් එවැනි අවස්ථාවල ගැටලුකාරී තත්ව ඇති වන්නේ නැත. එසේවුව ද සියයට 50 ට වඩා අඩු ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්නා අවස්ථාවල වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්නා පක්ෂයේ හෝ කණ්ඩායමේ ඡන්ද ප්‍රමාණයට වඩා සෙසු පක්ෂ හා කණ්ඩායම් ලබා ගත් සමස්ත ඡන්ද ප්‍රතිශතය ඉහළ අගයක් ගනියි. මේ ප්‍රතිශත ඇතැම් පළාත් පාලන ආයතනවල දී සමාන වේ.
මෙවර පළාත් පාලන ආයතන බොහොමයකට අදාළ ප්‍රතිඵලවලදී මේ තත්වය දැකිය හැකි ය. එවැනි ආයතන සම්බන්ධයෙන් නිතර කියැවෙන දෙයක් නම් විපක්ෂයේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව ඉහළ බවය. එහෙත් එය වැරැදි ප්‍රකාශයකි. හේතුව පළාත් පාලන ආයතනවල ආණ්ඩුව සහ විපක්ෂය යනුවෙන් බෙදීමක්
නැති නිසා ය.
ලැබෙන ඡන්ද අනුපාතය අනුව සෑම කෙනෙකුම එකට එකතු වී අදාළ පළාත් පාලන ආයතන බලප්‍රදේශයේ වෙසෙන ජනයාගේ සුබසිද්ධිය පිණිස ක්‍රියා කරන ව්‍යුහයක් මෙයින් සකස් විය යුතුය යන අදහස පළාත් පාලන ආයතන සහ ඒවායෙහි ඡන්ද ක්‍රමය සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීමට පත් කළ තේරීම් කාරක සභා නියෝජනය කළ සියලු දෙනාගේ අදහස විය.
සමානුපාතිකත්වය එකට එක අනුපාතයෙන් නැතිනම් සියයට සියයක් ම පවත්වා ගෙන යා යුතුය යන අදහසේ සියලු පක්ෂ සිටි නිසා අද වනවිට පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් මෙයාකාරයේ අවිනිශ්චිතතාවක් උද්ගතව තිබේ. මෙම සභාවල මූලික අරමුණ සියලු සභිකයන් එකතු වී පළාත් පාලනය දියුණු කිරීම නම් මේවායෙහි ආණ්ඩු පක්ෂ-විපක්ෂ භේදයක් තිබිය යුතු නැත. 2007 වාර්තාවෙන් යෝජනා කළ ආකාරයේ කොට්ඨාස පදනමින් සියයට 70 ක් ද සමානුපාතිකව සියයට 30 ක් ද වශයෙන් පළාත් පාලන ආයතනවලට සභිකයන් තෝරා ගන්නා ක්‍රමය ක්‍රියාත්මක කළේ නම් මේ ආකාරයේ අවිනිශ්චිතතා උද්ගත වීම මගහරවා ගැනීමට හැකියාව තිබිණි. එහිදී අප යෝජනා කළේ යම් පළාත් පාලන ආයතනයකට තෝරා පත් කර ගන්නා මුළු සභික සංඛ්‍යාවෙන් සියයට 70 ක් ඡන්ද කොට්ඨාස 70 කින් ද ඉතිරි සියයට 30 ඒ ඒ කොට්ඨාසවලින් පරාජයට පත් වන පක්ෂ හා කණ්ඩායම්වලට ලැබෙන ඡන්ද ප්‍රමාණයට අනුපාතිකව බෙදා දිය යුතු බවය. මෙය ලෝකයේ කිසිදු රටක ක්‍රියාත්මක නොවෙන ලංකාවේ අප විසින් යෝජනා කරන ලද ක්‍රමයකි. එහෙත් කනගාටුවට කරුණ නම් එවකදී සුළු පක්ෂ හා සුළු ජාතික පක්ෂ දිගටම ඊට එරෙහිව පෙනී සිටීම ය.
උද්ගතව ඇති අවිනිශ්චිතතා සමනය කිරීමට නම් පවතින නියෝජන ක්‍රමය සංශෝධනය විය යුතුය. එහිදී අප විසින් 2007 දී යෝජනා කරන ලද මිශ්‍ර සමානුපාතික නියෝජන ක්‍රමය සියයට 70:30 කොට්ඨාස-සමානුපාතික ක්‍රමය ලෙස හෝ එසේ නොහැකි නම් එම අනුපාතය සියයට 60:40 වශයෙන් හෝ සලකමින් සංශෝධනය කළ යුතු ය.
එසේ ම එල්ලෙන මන්ත්‍රී ධුර අහෝසි කිරීම අරභයා දෙන ලද වලංගු ඡන්දවලින් සභික ධුර ලබා ගැනීමට හිමි කර ගත යුතු අවම ඡන්ද ප්‍රතිශතයක් ප්‍රකාශයට පත් කිරීම කාලෝචිත ය. එම ප්‍රතිශතය සියයට 1 ක් හෝ 2 ක් හෝ විය හැකිය. නැතිනම් ආයතනයක් සඳහා පත් වෙන සභික ධුර ප්‍රමාණය නිශ්චිත කළ යුතු ය. එවිට ඡන්දයේ දී අඩු ඡන්ද ප්‍රතිශත ලබා ගන්නා පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් අතර මන්ත්‍රී ධුර බෙදී යෑම ඉබේම අහෝසි වේ. ආණ්ඩුවට තුනෙන් දෙක ඉක්මවන බලයක් ඇති හෙයින් මේ සංශෝධන කිරීමට බාධාවක් නැත.
(*** සාකච්ඡා සටහන උපුල් වික්‍රමසිංහ)
හැත්තෑව අසූව දශකවල සහ ඉන් ඔබ්බෙහි මෙරට ගීත සාහිත්‍යයෙහි සුපෝෂණය සඳහා අතිමහත් මෙහෙයක් ඉටු කළ ප්‍රවීණ ගීත පද රචක රඹුකන සිද්ධාර්ථ හිමියෝ වචනයේ පරිසමාප
මෙම ලිපිය 2019 අප්‍රේල් 21 වැනිදාට යෙදුණු පාස්කු ඉරිදා දිනයේදී මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් සිදු කරන ලද ප්‍රහාර මාලාව පිළිබඳ ත්‍රිත්වයේ තුන්වැනි සහ අ
වසර 2017 දී හඳුන්වා දෙන ලද පළාත් පාලන ආයතන සංශෝධන පනත යටතේ මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්විණි. ලංකාවේ මැතිවරණ ක්‍රමය වෙනස් විය යුතුය යන අදහස මුලි
සිද්ධාර්ථ ගෞතම චරිතය ලොවට දායාද වන්නේ ක්‍රිස්තු පූර්ව හය වැනි සියවසේදීය. එම අසිරිමත් උපත තත්කාලීන විවිධ ආගමික මතවාද ප්‍රකාශ කළ ෂඩ් ශාස්තෘවරුන්ට කිසි
අප ජීවත් වන්නේ නව තාක්ෂණික ලෝකයකය. ඒහි පස්සිකෝ සන්දිට්ඨිකෝ හෙවත් එන්න බලන්න ගුණය අත්විඳින්න යන ගුණාංග ඇති ආගමකට පැවැත්මක් තිබේ. කෙසේ වුවත් ලෝකය කෙතරම්
දෙදිනක් තිස්සේ ලෝවැසියන් දෑස් දල්වා සිටියේ නව පාප්තුමා තෝරා ගැනීමේ ඡන්ද විමසුම එසේත් නැතිනම් ‘කොන්ක්ලේව්’ කෙසේ සිදුවේවිදැයි යනුවෙනි. කාදිනල්වරුන්
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ඡන්ද ක්‍රමයේ වෙනසක අවශ්‍යතාව