27_SLT_P_6 

 

දෝන ඉසබෙලා කොර්නේලියා, බලන්නම ලස්සන ලමිස්සියක බවට පත්වූයේ බලන් ඉන්දැද්දීමය. තව දුරටත් ඇගේ රූසිරිය සඟවාගන්නට බැරිවූ තැන කරතොට හාමුදුරුවන්ගෙන් ශිල්ප හැදෑරීම නතර කරන්නට සිදුවිය එබැවින් ඇය ආපසු ගෙදරට කොටුවූවාය.

 

SLTK_6.qxd
එහෙත් දකින දකින දේවල් ගැන විසිතුරු පද්‍ය නිර්මාණ බිහිකළ මේ යුවතිය ඉක්මනින්ම විවාහකරදිය යුතු බව ඇගේ පියා ප‍්‍රැන්සිස්කු තීරණය කළේය.
ඔහු තම බිරිඳ සමගත් කතාකර දුවට හොඳ තැනකින් පෙළවහක් කරදෙන්නට සැලසුම් කළේය.


”අපේ තල්පෙ මුහන්දිරම් නම් ඉන්නවා. මිනිහා තාම බැඳලත් නැහැ. අනික මිනිහා හැඩකාරයා. මට හිතයි නෝනෙ අපේ කෙල්ලව මුහන්දිරම්ට හදිගස්සන්න.” ප‍්‍රැන්සිස්කු බිරිඳ සමග කීවේය.


”මුහන්දිරම් කෙනෙක් නම් නරක නෑ තමයි, එයා අපේ කෙල්ලට කැමති වෙයිද අනේ’’


”මොකදෑ නැතුව අපේ කෙල්ල වගේ සුන්දරියක් මේ අහල ගම් හතේවත් ඉන්නවද නෝනෙ.” ප‍්‍රැන්සිස්කු කීවේ ප‍්‍රීතියෙන් සිනාසෙමිනි.


ඇත්තටම කොර්නේලියා තරම් හැඩකාර කෙල්ලක් අහල ගම් හතේම සිටියේ නැත. කබාකුරුත්තාවත් කකුල් දෙකටම දිග සායත් ඇන්දාම පසුව ඇගෙන් පෙනුණේ අපූරු ලස්සනකි.


”මම හෙට අනිද්දාම මුහන්දිරම්ට මගේ යෝජනාව ඉදිරිපත් කරන්නම් කො.”


ප‍්‍රැන්සිස්කු සේනාරත්න තම නිවෙසින් නික්ම ගියේ බිරිඳට එසේ පවසමිනි.

3
ඉනික්බිතිව තල්පේ මුහන්දිරම් තම නිවෙසට කැඳවූ ප‍්‍රැන්සිස්කු තම සුන්දර දියණිය මුහන්දිරම්ට හදිගැස්සුවේය.


මේ රූමතිය දුටුවිට මුහන්දිරම්ට සිතුණේ ඒ මොහොතේම තම බංගලාවට ඇය කැඳවාගෙන යන්නටය.


මේ කැමැත්ත නිසාම විවාහයේ කටයුතු ඉක්මනින්ම සිදුවිය. ඒ සමඟම ඉසබෙලා කොරනේලියා ගාල්ලේ තල්පේ පිහිටි මුහන්දිරම් වල්ව්වට කැඳවාගෙන යනු ලැබිණි. ඒ විවාහ මංගල්ලයද ඒ කාලයේ හැටියට සුපිරි උත්සවයක් විය. මුහන්දිරම් කෙනෙකුගේ මනාලිය මෙන්ම කහවත්ත තෝම්බුවේ මුලාදෑනිගේ දියණිය වීම වැනි කාරණා නිසා මේ මංගල්ලය අලංකාර උත්සවයක් ලෙස කිරීමේ කිසිම ගැටලූවක් නොවීය.


ඉතින් තල්පේ මුහන්දිරම් වලව්වට ගිය කොර්නේලියා පිළිබඳ තොරතුරු හොයන්නට අපි තල්පේට ගියෙමු. ගාල්ල වෑතර පාරේ තල්පේ හන්දියෙන් හැරුණ අපි මගදිගටම කරුණු විපරම් කළෙමු. මුහන්දිරම් වලව්ව පිහිටියේ කොහේදැයි ඇසුවත් කිසිවෙක් පරණ වලව්වක් මේ ප‍්‍රදේශයේ තිබෙන බවක්වත් තිබුණු බවක්වත් දැනසිටියේ නැත.


ඉස්කෝලෙ හාමුදුරුවො හම්බවුණානම් මහත්තයලට වැදගත් තොරතුරු ටිකක් දැනගන්න තිබුණ.


එක්තරා කඩයක සිටි මහල්ලෙක් පැවසුවේය.


අපි ඉස්කෝලෙ හාමුදුරුවන් සොයාගෙන තල්පේ පන්සලට ගියෙමු.


ඉස්කෝලේ හාමුදුරුවෝ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන්නේ සිටිනාමලූවේ සීලවංශ හාමුදුරුවන්ය. වෘත්තියෙන් පාසල් ගුරුවරයකු වන උන්වහන්සේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ රුහුණු සේවයට සම්බන්ධව විවිධ වැඩ සටහන්ද ඉදිරිපත් කරති. මේ නිසා ගජමන් නෝනා පිළිබඳව උන්වහන්සේ සතුව ඇති තොරතුරු ප‍්‍රමාණයද අතිමහත්ය.


”මමත් තල්පෙ මුහන්දිරම්ගෙ තොරතුරු හෙව්ව මහත්තයො ඒත් කිසිම තොරතුරක් හොයාගන්න බැරිවුණා. මුහන්දිරම් වලව්ව තිබුණෙ කෙහෙද කියන එකවත් මේ ප‍්‍රදේශයේ කිසිම කෙනෙක් දන්නේ නෑ. පරණ වලව්වක නටබුන්වත් මේ හරියෙ කොහෙවත්ම නෑ.”

6
සීලවංශ හාමුදුරුවෝ අවධාරණය කළහ.


”මුහන්දිරම්ගෙ නෑදෑයෝ කවුරුවකුත් දැන් නැද්ද එකකොට”


මම තවදුරටත් හාමුදුරුවන්ගෙන් ඇසුවෙමි.


ගජමන් නෝනාගේ නෑදෑයෙක්වත් ඉන්නවානම් ගජමන් නෝනා ගැනත් තල්පේ මුහන්දිරම් ගැනත් මොනවා හෝ දැනගත හැකි නිසාය.
”නෑ එහෙම කවුරුවකුත් ඉතුරුවෙලා නෑ”


අපට සිදුව ඇත්තේ හිස් අතින් ආපසු හැරෙන්නටය.


ගජමන් නෝනා අකුරු ඉගෙනගත්ත කොරතොට හාමුදුරුවන්ගෙ ගුරු හාමුදුරුවන්ගේ චිත‍්‍රයක් නම් පෙන්නන්න පුළුවන්. මොකද ඒ හාමුදුරුවො තමයි මේ ප‍්‍රදේශයේ පන්සල් වල පුරෝගාමී හාමුදුරුවෝ. උන්වහන්සේ යළි කීහ.


අපි පොඩි හාමුදුරුවන්ගේ පිටුපසින් ධර්ම ශාලාවට ගියෙමු. සිටිනාමලූවේ ධම්මජෝති හාමුදුරුවන්ගේ ඡුායාරූපය උන්වහන්සේ අපට පෙන්වූහ.


”ඔය පත්තායමේ ලේකම් ඉගෙන ගෙන තියෙන්නෙත් මේ ධම්මජෝති හාමුදුරුවන්ගෙන්.”


තල්පෙන් නික්මුණු අපි ඊළඟට ගියේ දෙනිපිටියටය. දෙනිපිටියේ නුගරුක නම් වන කාව්‍යය මාතර සාහිත්‍ය වංශයට එකතු වූ අතිශය ප‍්‍රචලිත නිර්මාණයක් වන නිසාය. ගජමන් නෝනා දෙනිපිටියේ නුගරුක වර්ණනා කරන්නට හේතු පාදක වූ සිදුවීම් ඇතොත් එය සොයාගැනීමත් දෙනිපිටියේ නුගරුක ඉතිහාස කතාවත් හෙළිදරව් කරගැනීම අපේ අරමුණ වූ නිසාය.


වැලිගම නගරයේ සිට දෙනිපිටියේ නුගරුක සොයායන්නට අපට පැය භාගයකට කිට්ටු කාලයක් ගතවන්නට ඇත. දෙනිපිටියේ ගංගාතිලක විහාරය පසුකරගෙන ටික දුරක් යන විට හමුවූ පොල් අතු මෝදර ගෙඟ් පාලම අසලදී අපට දෙනිපිටියේ නුගරුක හමුවිය.

1
පිනවන දුටු දන සෑම
ගඟ ළඟ පිහිටි කදීම
තුරු පෙළ අවට සැදීම
යුත් සෙවනැල්
යන මේ කුලෙවි දිලීම
විහඟුන් මත රැව්දීම
සුළඟින් අත් ලෙළදීම
ඇති හැමකල්
යන එන අය සැපසේම
එහි ඉඳ ගිම් සැනසීම
දස දිග අතු විහිදීම
ගිමෙන විසල්
දෙනිපිටියට ම ඉතාම
වටිනා මහ නුග
දූ
බල සකි එහි සිත් සේම
නිලඹර දුල්


මේ අයුරින් සාමාන්‍යයෙන් නිතර හමුනොවන දුලබ විරිතකින් ලියූ මේ කවිය එදා මෙදාතුර අතිශයින්ම ජනප‍්‍රියව පවතින්නේය. ඒ ජනප‍්‍රියත්වය නිසාම දෙනිපිටියේ නුගරුක ද ඓතිහාසික වෘක්ෂයක් බවට පත්ව ඇත්තේය.


එහෙත් අද ඇත්තේ එදා ගජමන් නෝනා කවි ඇසින් දුටු සුවිශාල නුග ගස නොවේ. ඒ ඇසුරින් හැදුණු වෙනත් නුග ගසකි.


කෙසේ හෝ වේවා මේ ඓතිහාසික නුග ගසේ තොරතුරු සොයන්නට අපි මේ ඉම ඇති පන්සල වෙත ගියෙමු.


දෙනිපිටියේ නීග්‍රෝධාරාමය නම්වූ මෙම පන්සලේ විහාරාධිපති, දම්පහළ ධම්මපාල හිමියන්ය. අපි උන්වහන්සේගෙන් දෙනිපිටියේ නුගරුක පිළිබඳව උන්වහන්සේ දන්නා ඓතිහාසික තොරතුරු විමසුවෙමු.


”ගජමන් නෝනා එන කාලෙ දැන් තියෙන ගාලූ පාර තිබුණෙ නැහැ. ඒ කාලෙ පාර තිබිල තියෙන්නෙ ඔය දෙනිපිටියෙ නුගරුක ගාවින්. කරත්තවල යන මිනිස්සු කරත්ත ලිහල ගිමන් නිවාගන්නෙ මෙතනදිලූ. පැත්තකින් ගලාගෙන යන ගෙඟන් නාලා හරකුන්ට වතුර පොවලා මිනිස්සුන් උයා පිහාගෙන කාලා යන්නෙ මෙතන නැවතිලා. මෙතන පිංතාලියකුත් තිබිලා තියෙනවා. පයින් යන මිනිස්සු මේ පිංතාලියෙන් වතුර බීලා මේ නුග ගහේ දෙබලක ටිකක් වෙලා ඉඳගෙන ඉඳලා එහෙම තමයි ගිහින් තියෙන්නෙ.


පස්සෙ කාලෙක මේ නුගගහේ අත්තක් කැඩිලා ගඟ හරහට වැටිල තිබුණලූ. එතකොට මිනිස්සු කරල තියෙන්නෙ ඒ නුග අත්ත පාලමක් විදිහට පාවිච්චි කරපු එකලූ. මේ කිට්ටුවම පැරැුණි අම්බලමකුත් තිබුණා. අර කරත්ත එහෙම නතර කළෙත් ඒ හින්දා. ඒත් අද නම් ඒ පැරණි අම්බලමත් නෑ. නුගගහත් නැහැ.”
ධම්මපාල හාමුදුරුවන් කීවේ කිසියම් සංවේගයකිනි.


”අපේ හාමුදුරුවනේ ගජමන් නෝනා මේ නුගේ බලන්න ඇවිත් තියෙන්නෙ මොකද කියල කවුරුවත් ඔබවහන්සේට කියලා එහෙම නැද්ද?”


මම හාමුදුරුවන්ගේ මුහුණ බලමි.


”ඒක වෙලා තියෙන්නෙ මෙහෙමයි.”


හාමුදුරුවෝ තවත් කතාවකට මුලපිරූහ.


”ඔය ගජමන් නෝනා බැඳල ඉඳල තියෙන්නෙ තල්පෙ මුහන්දිරම් කියල කෙනෙක්නෙ. මේ අයගෙ පළවෙනි දරුවා නැතිවෙලා. ඊට පස්සෙ දරුවා කුසට ආවහම ඒ දරුවා පරෙස්සම් කරගන්න වෙද මහත්තයෙකුගෙන් බේත්හේත් ගන්න ඇවිත් තියෙනවා. ඒ ආපු වෙදමහත්තයා ජයවර්ධන පරම්පරාවෙ කෙනෙක්. බොහොම දක්ෂ ප‍්‍රසිද්ධ වෙද මහත්තයෙක්. ඉතින් ඔය වෙද මහත්තයා තමයි ගජමන් නෝනාව මේ නුගේ ළඟට එක්කගෙන ඇවිත් තියෙන්නෙ.”
හාමුදුරුවෝ මදක් නැවතුනහ.


”මහත්තයලා ආව වගේම මීට අවුරුදු ගණනකට කලින් දයානන්ද ගුණවර්ධන මහත්තයත් ආවා මේ නුගේ ගැන තොරතුරු අහන්න. ඒ වෙලාවෙ මම දයානන්ද මහත්තයාව යැව්වා, ගව්ඩර් කියන ගුරු මහත්මියක් ළඟට. මොකද එයා ළඟ ගජමන් නෝනා ඇඳපු ජාතියෙ කබාකුරුත්තාවක් තිබුණා. ඒ මහත්තයා ගජමන් පුවත නාට්‍යය කරද්දි ඇඳුම් හොයාගත්තෙ ඒ විදිහට.”


”දැන් අර කිව්ව වෙද පරම්පරාවෙ කවුරුත් නැද්ද හාමුදුරුවනේ.”


මම හාමුදුරුවන්ගේ මුහුණ බලමි.


”ඉන්නවා. මෙතන ඉඳල හැතැප්ම කාලක් විතර ගියාම තීන්ත විකුණන කඩයක් තියෙනවා. අන්න එතන තියෙන පාර දිගේ යනකොට මේ වෙදගෙදර තියෙනවා.”


හාමුදුරුවන් දුන් තොරතුරු අනුව ඊළඟට අප ගියේ ජයවර්ධන වෙද මහත්තයාගේ ගෙදරටය. එහෙත් අපි යනවිට වෙදමහත්තයාගේ ගෙදර දොරවල් සියල්ල වසා තිබුණි. අපි හිස් අතින් ආපසු හැරුණෙමු.


ගංගාතිලක විහාරය ඉපැරැුණිම පන්සලක් බැවින් දෙනිපිටියේ නුගරුක බලන්නට ආ අවස්ථාවේදී ගජමන් නෝනා මේ පන්සලටද ගොඩවන්නට ඇත. එබැවින් මේ පන්සල සතුවද ගජමන් නෝනා පිළිබඳ කිසියම් රහස් තොරතුරක් සැඟව තිබෙන්නට බැරි නැත. අපි ඒ රහස් සොයන්නට ගංගාතිලක විහාරයටද ද ගොඩවැදුනෙමු. එහෙත් ගජමන් නෝනා ගැන සුවිශේෂ තොරතුරක් නම් අපට ලැබුණේ නැත. ගජමන් නෝනා මේ පන්සලට ආගිය බව පමණක් ලියාතබන්නට සිදුවන්නේ අන්න ඒ නිසාමය.

2


දෝන ඉසබෙලා කොර්නේලියා නමැති ගැහැනිය ගජමන් නෝනා ලෙස කවිලොව අභිෂේක ලැබුවේ කෙසේද? සැබැවින්ම මෙය සොයාබැලිය යුත්තකි. බොහෝ ඉපැරැුණි තොරතුරු දන්නා වූද ගාල්ල පදිංචි ස්ථානය කරගත්තාවූද රත්න ශ්‍රී විජේසිංහ කවියාගෙන් මේ ගැන යමක් දැනගත හැකිවනු ඇත. මගේ මෙම නිගමනයට හේතුව රත්න ශ්‍රී ගජමන් නෝනා ගැන ගීතයක්ද රචනා කර තිබීමය.


”මෙහෙමනෙ වෙන්න ඇත්තෙ. ගජමන් නෝනගෙ අයියගෙ නමෙත් තියෙනවනෙ ගජමන් කියන කෑල්ල. එතකොට මෙයාගෙ නමෙත් ඔය කොටස තියෙන්න පුළුවන්. අනිත් එක සාය හැට්ටෙ ඇඳපු ගෑනුන්ට ඒ කාලෙ කිව්වෙ නෝනා කියලනෙ. මෙයාගෙ අම්මටත් කිව්වෙ නෝනා කියලා. ගජමන් නෝනා නම හැදෙන්න ඇත්තෙ ඔය කිව්ව කරුණු දෙක එකතුවෙලා.”


”තව මතයක් තියෙනවා. ආණ්ඩුවෙ පඩි බෙදන නිලධාරියාට කිව්වෙ ගේජ්මන් කියලා. ඔය ගජමන් නෝනාගෙ තාත්තා ප‍්‍රැන්සිස්කුත් පඩි බෙදපු කෙනෙක්නෙ. ඉතින් මිනිස්සු එයාට ගජමන් කියන්න ඇති පහසුවට. ගජමන්ගෙ දුවටත් ගජමන් කෑල්ල ඒ විදිහට ආව වෙන්නත් පුළුවන්.”
කෙසේ හෝ වේවා, කවිකාරිය ඉසබෙලා කොර්නේලියා නොවේ, ගජමන් නෝනාය.

m