එංගලන්තයේ වසර ගණනාවක් රැකියාව කර පැමිණ සිටින ඔහු පදිංචිව සිටින්නේ බිංගිරිය ප‍්‍රදේශයේය. මොහුගේ බිරිඳ තවමත් විදේශගතව සිටින්නීය. පුතාත් සමග ඔහු නිවසේ පදිංචිව සිටිති.
මේ ගෙවත්ත වටා රෑට නිතර වයස්ගත කාන්තාවකගේ අවතාරයක් සැරිසරන බවට අපට දැනුම් දුන්නේ නාන්කඩවර ග‍්‍රාම නිලධාරි එච්.එම්. සිසිර කුමාර මහතාය.
ගලගෙදර දිසා රෝහලේ වෛද්‍ය නිලධාරි වෛද්‍ය ජනක ජයසූරිය මහතා මාරවිල මූලික රෝහලේ මනෝ වෛද්‍ය සහ අමාත්‍ය පීලික්ස් පෙරේරා මහතාගේ උපදේශක වෛද්‍ය ප‍්‍රියන්ත ගාමිණී ජයසිංහ සහ එම රෝහලේ මානසික වෛද්‍ය සායනයේ ප‍්‍රධාන හෙද නිලධාරි බුද්ධික සිරිවර්ධන යන මහත්වරුන් ද සමග අපි මේ අවතාරය සැරිසරනවා යැයි කියන නිවස සොයා පසුගිය සෙනසුරාදා රාත‍්‍රියේ ගියේ මේ සම්බන්ධව ගවේෂණයක් කිරීමටය.
නිවසේ හිමිකරු සමග අප කතා බහට මුල පිරුවේ මේ අවතාර කතාවේ සුලමුල හෙළිකර ගැනීම සඳහාය.
නම හෙළි නොකරන ලෙස ඉල්ලීමක් කළ නිසා ඔහුගේ නම සඳහන් නොකළෙමු.
මම වසර කිහිපයක් එන්ගලන්තයේ රැකියාවක් කරලා පොඩි පුතාත් එක්ක ලංකාවට පැමිණ මේ ගෙදර පදිංචියට ඇවිත් වසර 2 ක් විතර වෙනවා. මගේ බිරිඳ තවමත් විදෙස් ගතව රැකියාවක් කරනවා.
මා එන්ගලන්තයේ රැුකියාව කරන කාලයේ ඒ රටේ භූතයන් සම්බන්ධව කෙරෙන පර්යේෂණ ගැන දින පතාම වැඩසටහන් නිතර බැලූවා. ඒ සම්බන්ධව ලියැවුණු පොත්පත් හුඟාක් කියෙව්වා. අවතාරවල පින්තූර ඡායාරූපගත කර තිබූ අන්දම හා වීඩියෝ ගතකර තිබෙන ආකාරය මා ඕනෑ තරම් දැක තිබෙනවා.
අප සමග තවදුරටත් තොරතුරු හෙළිකරමින් නිවෙස් හිමියා මෙසේද කීය.
කොච්චර හම්බකළත් කිසිම ඉතිරියක් නැහැ. ගෙදර මොකක් හරි අමනුෂ්‍ය දෝෂයක් ඇතැයි කියා රට ඉන්න බිරිඳ කියන්න පටන්ගත්තා. මම නම් ඕවා එච්චර පිළිගන්න කෙනෙක් හෝ විශ්වාස කරන කෙනෙක් නෙමේ.
බිරිඳ කියන නිසාම මම බිංගිරිය පැත්තේ තියන දේවාලයකට ගියා සාස්තරයක් අහන්න. දේවාලයේ කපුවා මායම්වෙලා කිව්වා ගෙදරට අමනුෂ්‍ය බැල්මක් තිබෙනවා. ඒ අමනුෂ්‍ය බැල්ම නිසා කොච්චර හරි හම්බ කළත් ඉතිරියක් නැත්තේ ඒ නිසා යැයි ඔහු පැවසුවා. ගෙදර කවුරුහරි මිය ගිය කෙනකුගේ භූත ආත්මයක බලපෑමක් නම් තිබෙන්නේ යැයි කියාද ඒ කපුවා කිව්වා. ඒ සඳහා කළයුතු වත්පිළිවෙත් ගැනත් මට දැනුම්දුන්නා.
මම ගෙදර ඇවිත් බිරිඳට මේ කපුවා පැවසූ සියලූ දේ ගැන ස්කයිබ් තාක්ෂණය ඔස්සේ කතා කර දැනුම් දුන්නා. බිරිඳගේ මවගේ මව ඒ වෙනකොට මිය ගිහින් වසර කිහිපයක් වෙනවා. බිරිඳ එයාගේ කිරි අම්මාගේ ෆොටෝ එක ගෙදර තියාගෙන ඒ ෆොටෝ එකට හැමදාම වාගේ ලංකාවේ ඉද්දි මල් පහන් පූජා කළා. එයා ඒ තරමට කිරි අම්මාට ආදරෙයි. ඒ නිසා තමා කිරි අම්මා මිය ගියාට පස්සෙත් එයාගේ ෆොටෝ එකක් තියාගෙන ඒ ෆොටෝ එකට මල් පහන් පූජා කළේ. ඥාතීන් මිත‍්‍රයින් බොහෝදෙනෙක් අපට කිව්වා මේ විදිහට මිය ගිය කෙනකුට මල් පහන් පූජා කරන එක හොඳ නැහැ. එතකොට ඒ අයගේ ආත්ම ගෙදරට එන්න පටන්ගන්නවා කියා. අපි රට රස්සාවලට ගියායින් පස්සේ කිරි අම්මාගේ ෆොටෝ එකට මල් පහන් පත්තු කරන වැඬේ ඉබේම නතර වුණා.
බිරිඳට ඥාතීන් මිත‍්‍රයින් පැවසූ මේ කතාව මතක්වුනා. එයා කිව්වා මැරිච්ච කිරි අම්මාගේ බැල්මවත් අපේ ගෙදරට තියෙනවාද කියා කියන්න දන්නේ නැහැ. ඒ හින්දා මොනව හරි දෙයක් ගෙදර ආරක්ෂාවට කරන්න ඕනෑ කියා.
භූතයන් ගැන එන්ගලන්තයේ කරන පර්යේෂණ ගැන මට මතකයට ආවා. අවතාරයක් භූතයෙක් ගෙදරට බැල්මදාගෙන ඉන්නවා නම් ඒ අවතාරය භූත ආත්මයේ ඡුායාරූප ගන්න හිතාගෙන ගෙදර ඉස්සරහා දෙපැත්තේ සීසීටීවී කැමරා දෙකක් සවිකළා.
දවසක් සීසීටීවී කැමරාවේ රූපරාමු එකිනෙක පරික්ෂා කර බලද්දී දැක්කා සුදුපාට ඇඳුමක් ඇඳගත්තු වයසක ගැහැණු කෙනකුගේ රූපයක් ඒ අතර තිබෙනවා. මේ ඡුායාරූපයේ හිස කොටස පැහැදිලි නැහැ. මේ රූපය දැකලා මම පුදුමයට පත්වුණා. මිය ගිය කිරි අම්මාගේ අවතාරය මෙය විය හැකි යැයි මා කල්පනා කළා. බිරිඳටත් මම මේ අද්භූත ඡායාරූපය ගැන දැනුම් දුන්නා. එයත් මේ ඡුායාරූපයේ ඉන්නේ මිය ගිය කිරි අම්මාගේ අවතාරය තමා කියා ඇයත් විශ්වාස කළා. ඒ අවතාරයේ ඡුායාරූපයක් මම ඇයටත් ඊමේල් කළා. ඒ ඡුායාරූපය බලා තමා බිරිඳ කිව්වේ මේ අපේ මිය ගිය කිරි අම්මාගේ අවතාරය විය හැකි යැයි කියා. පසුව මා මේ බව ග‍්‍රාම නිලධාරි සිසිර කුමාර මහතාටත් දැනුම් දුන්නා. මේ ගැන ඇත්ත දැනගන්න ඕනෑ නිසා තමා ග‍්‍රාම සේවක මහත්තයා ඩොක්ටර්ලාට එන්න කිව්වේ.
වෛද්‍ය ජනක ජයසූරිය සහ මනෝ වෛද්‍ය ප‍්‍රියන්ත ගාමිණී ජයසිංහ යන මහත්වරුන්.
මේ කියන අවතාරයේ දර්ශන දිගින් දිගටම සීසීටීවී කැමරාවේ සටහන්වී තිබුණද?
නිවසේ හිමිකරු
එකම දවසයි ඒ වගේ කාන්තා රූපයකට සමාන හිස නැති රූපයක් පටිගතව තිබුණේ. ගෙදර තියෙන මල් පඳුරු අස්සෙන් මිනිස් හිසකට සමාන හැඩරුවක් තියෙන රූපයක්ද සීසීටීවී කැමරා පද්ධතියේ පටිගතවී තිබෙන අයුරු දක්නට ලැබුණා. තවත් එක එක අමුතු ආකාරයේ රූප රාත‍්‍රි කාලයේ ද කැමරා පද්ධතියේ පටිගතව තිබුණා.
අපේ ගෙදර බල්ලෝ කිහිපදෙනෙක් ඇති කරනවා උන් හරි වසයි... පිටස්තර කිසිම කෙනෙක් කතා නොකර මේ නිසා ගෙදරට එන්නේ නැහැ. ?ට ගෙදර ගේට්ටුව වසා දමනවා. ඒක උඩින් කෙනකුට පැනලා වත්තට ඇතුල් වෙන එකත් පහසු වැඩක් නෙමේ යැයි නිවසේ හිමිකරු කීවේ වෛද්‍යවරුන් දෙදෙනා ඇසූ ප‍්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.
වෛද්‍යවරුන් දෙදෙනා
ඔබට ගෙදරින් හෝ වත්තෙන් අමුතු ශබ්ද එහෙම ඇහිලා තියනවාද? පියවි ඇහෙන් ඔබ කියන ආකාරයේ අවතාර දැක තිබෙනවාද?
නිවසේ හිමිකරු
කිසිම දවසක අමුතු අද්භූත ශබ්ද නම් ඇහිලා නැහැ. සුදු ඇඳගත්තු හිස නොමැති කාන්තාවගේ මේ රූපය මා කවදාවත් ඇස් දෙකෙන් දැකලා නැහැ. සීසීටීවී කැමරාවෙන් විතරමයි දැක ගැනීමට පුළුවන්වුනේ.
කෙම්මුර දවස්වලට අවතාර භූත ආත්මවල බලපෑම පෙනීම වැඩි වශයෙන් තිබෙන බවට බොහෝදෙනෙක් තුළ විශ්වාසයක් තිබෙන නිසා මේ ගෙවත්තේ ?ට සැරිසරනවා යැයි කියන අවතාර ගැන සොයා බැලීමට අප තෝරාගත්තේ ද එවැනිම දිනයකි.
මධ්‍යම රාති‍්‍ර 12.00 පසුවනතෙක් අප ඒ ගෙවත්තේ රැුඳී සිටිමින් හිස නොමැති සුදු හැඳගත් කාන්තාවකගේ අවතාරයක් හෝ වෙනත් අද්භූත සෙවනැලි ගෙවත්තේ සැරිසරන්නේ ද යන්න කියා අපි සීසීටීවී කැමරා පද්ධතිය නිරීක්ෂණය කරමින් දැඩි විමසිල්ලෙන් පසුවුනෙමු.
ඊට අමතරව ඡායාරූප ශිල්පී හේරත් සහ වෛද්‍යවරුන් දෙදෙනා සහ මමද වරින්වර ගෙවත්තේ ඇවිදිමින් ඡායාරූප ගනු ලැබුවත් ඔය කියන කිසිම අද්භූත දෙයක් අපේ ඩිජිටල් කැමරාවල සටහන්වී නොතිබුණු බව විශේෂයෙන් සඳහන් කළ යුතුය.
නාන්කඩවර ග‍්‍රාම නිලධාරි සිසිර කුමාර මහතා මේ අවතාර කතා ගැන අදහස් දක්වමින් පැවසුවේ මෙවැනි කතාවකි.
ගෙදර අයිතිකරු මේ බව දැනුම් දුන්නායින් පස්සේ මමත් ඇවිත් කාන්තාවකගේ අවතාරයක් යැයි කියන පරිගණකයේ ඇතිඡායාරූපය පරික්ෂාකර බැලූවා. සුදු ඇඳගත් කාන්තාවකගේ රූපයකට සමාන ඡායාරූපයක් දැකගැනීමට ලැබුණා. එහි හිස කොටස පෙනෙන්නට තිබුණේ නැහැ. මටත් මෙය එක පාරටම මොකක්ද කියා හිතාගන්න බැරිව ගියා. ඒ නිසා තමා මේ ගැන පරීක්ෂණයක් කරන්න ඕනෑ කියා සිතුවේ.
මායාකාරී අත්දැකීම්වලට හේතුව කාංසාවයි
ඉහත විස්තරයේ සඳහන් ආකාරයට කැමරා තුළින් දෘශ්‍යමාන වූ ඡායා සඳහා අද්භූත භාවයක් ලබාදීමට උත්සාහ ගන්නා ආකාරය දැකිය හැකිය. මේ කාරණය විශ්ලේෂණය කිරීමේදී පැහැදිලිවන එක් කාරණයක් වන්නේ මේ නිවෙස් හිමියා විදෙස් රටක ගත කරන අවධියේදී අදෘශ්‍යමාන බලවේග සහ නොපෙනෙන විශ්වයේ තොරතුරු පිළිබඳව අධ්‍යයනය සඳහා උත්සාහ දරා ඇති බවයි. විශේෂයෙන්ම භූතාත්ම සම්බන්ධවයි.
|
මෙම නිවසේ සවිකර තිබූ සීසීටීවී කැමරාවේ සටහන්ව තිබූ රූප කිහිපයක් මගේ අවධානයට ලක්වුණා. ඒ ඇතැම් ඒවායේ හැඩය මිනිස් රුවකට සමාන වීම නිසායි. රාත‍්‍රියේ වුවත් තද සුදු පැහැති වස්තූන් ලෙස ඒවා දිස්වී තිබුණා. |
2019 සිට ශ්‍රී ලංකාවට රථ වාහන ආනයනය කිරීම තහනම් කර තිබුණද අදියර කීපයක් යටතේ වාහන ගෙන්වීමට කටයුතු කරන බව රජය මීට පෙර ප්‍රකාශ කළේය. ඒ අනුව ලබන මස පළමු වැනිදා
නූතන සිංහල කවියේ ප්‍රබල හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කළ මහගම සේකර කවියාගේ 49 වැනි අනුස්මරණය පසුගිය 14 වැනිදාට යෙදී තිබිණ. මහගම සේකර පෞද්ගලික ජීවිතයේත් නි
පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය, දින සියයක් පැරැණි ජාතික ජන බලවේගය රජයට බලපා ඇති ගැටලුවලට වඩා බරපතළ අර්බුදයක ගිලී සිටියි.
“ලංකාවේ ජනමාධ්‍යවේදීන් වෘත්තීයභාවයක් පෙන්නුම් කිරීමට සමත් වී නැත. ජනමාධ්‍යවේදීන්ගේ සංකල්ප දැනුම තිබෙන්නේ දිළිඳු තත්වයකය. වෘත්තීය අභිමානයක් ඇත්තේම
පොදු ප්‍රවාහනය යනුවෙන් හැඳින්වෙන්නේ රටක සංචලතා (mobility) අවශ්‍යතා පොදුවේ සපයනු ලබන ක්‍රමයකට ය. සරලව කිවහොත් පොදුවේ ලබා දෙන ප්‍රවාහන සේවා මෙයින් අදහස් වේ. එ
ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර ක්‍රියාත්මක කිරීමට යෝජිත ‘එට්කා වෙළෙඳ ගිවිසුමට ඇතැමුන් විරෝධය පාන්නේ එම ගිවිසුම මගින් ඉන්දියාවේ ශ්‍රමිකයන්ටත් මෙරට රැක
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
බිංගිරියේ ගෙවත්තක සැරි සරණ අවතාරය
දිල්රුක්ෂි Tuesday, 12 November 2013 03:57 AM
ඔය හැම දෙයක්ම බොරු (නි)
රූපවතී Sunday, 10 November 2013 05:43 PM
මම නම් දකින්නේ රාත්‍රී කාලයේ කැමරාවට ඉතා ආසන්නයෙන් පියාඹන ලද සමනලයෙකුගේ හෝ වව්ල් පැටියෙකුගේ දර්ශනයක් ලෙසටයි. සුදුරෙදි ඇදගෙන පියාඹන හොල්මන් කොහෙද ඉන්නේ? (නි)
ආලෝක Tuesday, 12 November 2013 08:50 AM
එන්ගලන්තයේ කෙරෙන පර්යේෂණ //,,http://www.youtube.com/watch?v=rpyyakcokSM ? ලංකාවේ කෙරෙන පර්යේෂණ (ස)
මනෝජ් Sunday, 10 November 2013 02:57 PM
ඉතාමත් වටිනා කාලෝචිත සටහනක්......ප්‍රථමයෙන්ම ශ්‍රීනාත් ප්‍රසන්න මහතාට බෙහෙවින්ම ප්‍රසංස කල යුතුයි වර්තමානයට ගැලපෙන සහ මෙවැනි දේ විශ්වාස කරන ඉතා අඩු මානසිකත්වයෙන් සිටින මිනිසුන්ට මෙවැනි සටහන් තුලින් දැනුවත් කිරීම පිළිබඳව....මෙමෙ සටහනට කලින් මුලතිව් වැව්පිටියේ අවතාර ගැන ශ්‍රීනාත් මහතා පළකර තිබු ලිපිය මේවනවිට 10,000 වැඩි පිරිසක් කියවල තියනවා....මෙම වෛද්‍ය තුමන්ලා ඇතුළු ශ්‍රීනාත් මහතා ගෙනයන මෙම කර්තව්‍ය අද සමාජය තුල සිටින බොහෝ පිරිසකට වැදගත් මෙහෙවරක්....ස්තුති සැමට......(නදී)