මීගලෑව, ගිරිතලාන, කටුගම්පලගම ප‍්‍රදේශයේ පදිංචි වී මෝල් හිමියකුගේ අවුරුදු 4 1/2 ක් පමණ වයසැති දරුවා පැහැරගත් කල්ලිය දරුවා මුදාගැනීම සඳහා රුපියල් කෝටියක කප්පමක් ඉල්ලා සිටින බවට පොලිසියට තොරතුරු අනාවරණය කර ගනු ලැබුවේ පසුගිය බ‍්‍රහස්පතින්දාය.
එහෙත් දරුවාගේ පියා වන මහින්ද කුමාර මහතාට කප්පම් ඉල්ලා ඔහුට කප්පම් කල්ලිය කතා කළ ජංගම දුරකථනයේ අංකය පොලිසියට ලබාදීම ප‍්‍රතික්ෂේප කර ඇත.
මට පොඩි එකාගේ ජීවිතය සේරටම වඩා වටිනවා. මට ඕනෑ කොහොම හරි මගේ අහිංසක දරු පැටියා බේරාගන්නයි. ඒ හින්දා කප්පම් කල්ලිය කතා කළ හෑන්ඞ් ෆෝන් නම්බර් එක දෙන්න බැහැ යැයි මහින්ද කුමාර මහතා පැවසූ බව කීවේ මේ සම්බන්ධව පරීක්ෂණ පවත්වන පොලිස් නිලධාරියෙකි.
මහින්ද කුමාර මහතා පසුගිය බ‍්‍රහස්පතින්දා උදේම පිටත්ව ගොස් ඇත්තේ හබරණ ප‍්‍රදේශයේ තියෙන දේවාලයක ඉන්නා කපු මහත්තයෙක් හමුවී දේව බලයෙන් පුතා සඟවාගෙන ඉන්නා ඉසව්වක් ගැන යමක් දැන ගැනීමට බව පවසමින් යැයි පොලිසියට දැන ගැනීමට ලැබී ඇත්තේ ඔහුට සමීප ඥාතීන්ගෙනි.
දේවාලයකට යනවා යැයි පවසා පිටව ගිය මහින්ද කුමාර ආපසු නිවසට පැමිණ ඇත්තේ එදින රාත‍්‍රී 7.45 ට පමණය.
පුතා ඉන්න තැන හෝඩුවාවක් දේවාලයේ කපුවාගෙන් දැන ගැනීමට ලැබී ඇති බවද ඔහු පවුලේ සමීපතමයින් සමග කියා ඇතැයිද පැවසේ.
වයඹ පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන, වයඹ නියෝජ්‍ය පොලිස්පති සරත් කුමාර සහ නිකවැරටිය කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන අලහකෝන් යන මහත්වරුන් ද පසුගිය බ‍්‍රහස්පතින්දා ? මහින්ද කුමාරගේ නිවසට ගොස් තොරතුරු විමසා සිටියත් ඔහු අසන ප‍්‍රශ්නවලට පිළිතුරු දීමෙන් මගහැර ගොස් ඇත.
නිකවැරටිය කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරීවරුන් වන එච්.එම්.පී. හේරත්, උපුල් චන්දන අබේසිංහ සහ සමන් දිසානායක යන මහත්වරුන්ද එහි ගොස් සිටියේ ඔවුන්ගේ ප‍්‍රධානත්වයෙන් මේ සම්බන්ධව පරීක්ෂණ පැවැත්වීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් පහක් පත්කර තිබෙන නිසාය.
පොලිසිය මැදිහත්වීමෙන් දරුවාගේ ජීවිතයට හානියක් සිදුවෙතැයි සිතා මහින්ද කුමාර සැමවිටම උත්සහ කරන්නේ පොලිස් නිලධාරීන් මගහැර සිටීමටය.
මේ නිසා පොලිසියද දැඩි අසීරුතාවයකට පත්ව සිටී.
දරුවාගේ පියා පමණක් නොව මවද දරුවාට ඇති අසීමිත ආදරය නිසා පොලිසියට තොරතුරු සැපයීමට මැලිකමක් දැක්වුවත් පොලිසිය වැඬේ අතහැර කරබාගෙන සිටින්නේ නැත.
කප්පම් කල්ලිය අල්ලාගෙන දරුවා නිරුපද්‍රිතව බේරාගැනීමට පොලිසියට ලොකු ඕනෑකමක් ඇත. ඔවුන් දිවා රාත‍්‍රී නොබලා මහත් කැපවීමකින් කටයුතු කරන්නේ ඒ නිසාය.
පැහැරගෙන ගොස් සිටින දමිදු යශේන් ඒකනායකගේ සීයා මේ පොඩිත්තාට දක්වා ඇත්තේ අසීමිත ආදරයකි.
සීයා වන්නේ පොඩිත්තාගේ මවගේ පියාය. වී මෝල් හිමියෙක් වන ඔහු රුපියල් ලක්ෂ ගණනින් මුදල් පොලියට දීමද කරගෙන යන අයෙක් බව පොලිසියට දැනගැනීමට ලැබී ඇත.
ඔහුගේ එක් දියණියක් හිතුමතේ විවාහයක් කරගෙන ඇති අතර තවත් දියණියක් විවාහවීමේ අපේක්ෂාවෙන් පසුවන්නීය.
මගේ බඳින්න යන දෙවැනි දුවට ලොකු දෑවැද්දක් දෙනවා. ඊට පස්සේ මගේ දේපොළ වලින් වැඩි කොටසක් මගේ දමිදු මුනුපුරාට දෙනවා යැයි දමිදුගේ සීයා ඔහුගේ සමීපතම හිතවතුන් සමග පවසා ඇති බව මේ දරුවා පැහැරගෙන යාම සම්බන්ධව පරීක්ෂණ පවත්වන පොලිස් නිලධාරීන්ට දැනගැනීමට ලැබී ඇත.
පොලිස් නිලධාරීන්ට මේ බව දැන ගැනීමට ලැබී ඇත්තේ ද ඒ දරුවාගේ සීයා මේ කතාව පැවසූ ඔහුගේ හිතවතුන්ගෙන්මය.
මහින්ද කුමාරගේ වී මෝලේ කාලයක් සේවය කර ඉවත්ව ගිය පුද්ගලයෙක් ගැනද පොලිසියේ සැකයට ලක්වී තිබේ.
මේ කියන සේවකයා දැන් මිගලෑව ප‍්‍රදේශයේ වෙනත් අයකු ළඟ සේවය කරන අතර පොලිසිය මහින්ද ළඟ කාලයක් සේවය කර ඉවත්ව ගිය සේවකයාගේ පමණක් නොව ව්‍යාපාරිකයාගෙන්ද ප‍්‍රශ්න කර ප‍්‍රකාශ ලබාගැනීමට පසුගිය සිකුරාදා කටයුතු යොදා තිබිණි.
පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාගේ උපදෙස් මත දරුවා පැහැරගෙන යාම ගැන පරීක්ෂණ පැවැත්වීම සඳහා සහකාර පොලිස් අධිකාරීවරයකුගේ ප‍්‍රධානත්වයෙන් යුත් විශේෂ පොලිස් කණ්ඩායමක්ද එම ප‍්‍රදේශය බලා ගොස් ඇත.
දරුවා පැහැරගෙන යාම සම්බන්ධයෙන් මෙතෙක් කරන ලද පරීක්ෂණවලින් අනාවරණයවූ වැදගත් හෝඩුවාවන් දෙකක් ඔස්සේද පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යන අතර ඒවා දැන්ම ප‍්‍රසිද්ධ කිරීමට බැරි ඉදිරි පරීක්ෂණවලට බාධාවක් ඇතිවිය හැකි නිසාය.
දමිදුගේ මවගේ හා පියාගේ පාර්ශවයේ සමීපතමයින් 10 දෙනකුගෙන්ද මේ වන විටත් දරුවා පැහැරගැනීම සම්බන්ධයෙන් පොලිසිය වෙන වෙනම දීර්ඝ වශයෙන් ප‍්‍රශ්න කර ප‍්‍රකාශ ලබාගෙන තිබේ.
පැහැරගෙන ගොස් ඇති දරුවා වැඩිපුරම සිටින්නේ ඔහුගේ සීයාගේ නිවසේය. දරුවා පෙර පාසල් පවා යන්නේ සීයාගේ නිවසේ සිටය. සීයාද දරුවාට දක්වන්නේ අසීමිත ආදරයකි. පොඩි එකාද සීයාට දක්වන්නේ අසීමිත ආදරයකි.
දරුවා පැහැරගැනීමට ලක්වූයේ ඔහුගේ මව්පියන්ගේ නිවසේ සිටියදීය.
පැහැරගැනීමට ලක්වූ දරුවාගේ පියා විසින් වී මෝලක් ආරම්භ කරනු ලැබීම නිසා උරණවූ කිසියම් අයෙක් එයට පළිගැනීමක් වශයෙන් දරුවා පැහැරගෙන ගියේද යන්න ගැනද පොලිසිය සොයා බලාගෙන යයි.
මීට අමතරව මීට වසර කිහිපයකට ඉහතදී පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුම් වලින් සැරසී රුපියල් කෝටි ගණනක මුදල් කොල්ලකෑමක් සම්බන්ධයෙන් තවමත් අත්අඩංගුවට ගැනීමට නොහැකිව සිටින අයෙක් ගැනද පොලිසියේ ඇස යොමුවී ඇතැයි කියති.
මිගලෑව ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක් වන මොහු තවමත් පසුවන්නේ නිදැල්ලේය.
මහින්දගේ වී මෝල පිහිටා ඇති ඉඩමේ ළිඳක් ඇති අතර ඒ ළිඳේ ගැට්ටේ ලේ පැල්ලම් යැයි අනුමාන කළ හැකි රතු පාට පැල්ලම් කිහිපයක් තිබෙන අන්දම සොයාගනු ලැබුවේ නිකවැරටිය කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂා කිරීමේ (සෝකෝ* ඒකකයේ උප පොලිස් පරීක්ෂක රත්නායක මහතා ප‍්‍රධාන එම ඒකකයේ පොලිස් කණ්ඩායමක් විසිනි.
ලේ පැල්ලම් යැයි සිතිය හැකි රතුපැහැති පැල්ලම් සොයා ගැනීමෙන් පසු පොලිසිය ළිඳේ වතුර ඉස පරීක්ෂා කර බලා ඇතත් කිසිවක් හමුවී නොමැත.
ලේ පැල්ලම් යැයි අනුමාන කෙරෙන මේ පැල්ලම් මිනිස් ලේදැයි යන්න පරීක්ෂා කර බැලීමට සෝකෝ නිලධාරීන් කටයුතු කරගෙන යයි.
පරීක්ෂණ කටයුතු නොමග යැවීම සඳහා මෙවැන්නක් කළාද යන්න ගැන පොලිසියේ සැකයට ලක්වී ඇත.
මට මේ ගැන සැක කරන්න කෙනෙක් නැහැ. මගේ ඥතියෝ, හිතවත්තු තමයි මේ ළඟ ඉන්නේ යැයි මහින්ද කුමාර මහතා පවසයි.
මේ දරුවා පැහැරගෙන යාම සම්බන්ධව අපට බොහෝ සැක සංකා ඇති කරවන දේ තිබෙනවා. ඒවා එකිනෙක ගැන වෙන වෙනම විශේෂ අවධානයක් යොමුකර පරීක්ෂණ කටයුතු පුළුල්ව දිගටම කරගෙන යනවා. මේ කතාවේ සුළ මුළ ඉක්මනටම හෙළිකර ගන්නවා.
දරුවා පැහැරගෙන යාම සම්බන්ධව පරීක්ෂණ මෙහෙයවන උසස් පොලිස් නිලධාරියෙක් කීවේ එවැනි කතාවකි.
කෙසේ වෙතත් මේ සටහන තබන සිකුරාදා දහවල් ආරංචි වුණේ ලැබුණු තොරතුරක් මත එක් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
දිනිදු යශේන් දරුවාගේ මව්පියන් ගේ සිත්හි කියා නිම කළ නොහැකි දුක් ගිනි කන්දරාවකින් ඇත. පේන කීමට අංජනම් බැලීමට හා සාස්තර කීමට සුවිශේෂ හැකියාවක් තමන්ට ඇතැයි කියන අය ගැන අපි අසා ඇත්තෙමු.
දිනිදු දරුවා ඉන්නා ඉසව්වක් නිවැරැුදිව කීමට සමත් අංජනම් බලන්නන්, පේන කියන්නන් හෝ සාස්තරකාරයෝ සිටින්නේ නම් ඉදිරිපත්වී මව්පියන්ගේ දුක්ගින්න නිවීමට ඉදිරිපත්වීමට හැකියාව ඇත.
වයඹ පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන මහතාගේ විශේෂ උපදෙස් මත නියෝජ්‍ය පොලිස්පති සරත් කුමාර සහ නිකවැරටිය කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන අලහකෝන් යන මහත්වරුන්ගේ මෙහෙයවීම යටතේ නිකවැරටිය කොට්ඨාස සහකාර පොලිස් අධිකාරීවරුන් වන සමන් දිසානායක, උපුල් චන්දන අබේසිංහ සහ එච්.එම්.පී. හේරත් යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් විශේෂ පොලිස් කණ්ඩායම් පහක් සහ රහස් පොලිස් කණ්ඩායමක්ද මේ සම්බන්ධව පරීක්ෂණ කටයුතුවල නිරතව සිටිති.
මීගලෑව පොලිස් ස්ථානාධිපති සී.පී. ගුණසේකර මහතා ප‍්‍රධාන පොලිස් කණ්ඩායමක්ද මේ පරීක්ෂණවලට හවුල්වී ඇත.
සාහසිකයන් පිරිසක් විසින් ඉකුත් 27 වැනිදා පැහැරගනු ලැබූ ගල්ගමුව, මීගලෑවේ දිනිඳු යශේන් දරුවා ගල්ගමුව, ඇඹෝගම, 18 කණුව ප‍්‍රදේශයේදී අතහැර දමාගොස් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් සිකුරාදා (1* රාත‍්‍රී 10.15 ට පමණ සොයාගනු ලැබීය.
දරුවා මහ මගදමා පළාගිය යතුරු පැදිකරුවන් සිවුදෙනා පසුපස ගම්මුන් හඹාගියද ඔවුන් අල්ලා ගැනීමට ගම්මුන්ට හැකිවී නොමැත.
පසුව පොලීසිය මැදිහත්වී එම සිවුදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් භාරයට ගත් දරුවා මහව සහකාර පොලිස් අධිකාරී සමන් දිසානායක සහ නිකවැරටිය සහකාර පොලිස් අධිකාරී උපුල් චන්දන යන මහත්වරුන් භාරයට ගත් අතර සිකුරාදා රාත‍්‍රියේම දරුවා මවුපියන් වෙත භාර දී තිබේ.
සිය එකම සහෝදරයා පැහැරගෙන යාම නිසා සොවින් තැවෙන ධනිදුගේ නව හැවිරිදි සහෝදරිය වූ යසෝධරා සඳමිණි කුමාරි ඒකනායක දැරිය එහිදී අප හා කී කථාවයි මේ.
”මං කාමරයට වෙලා ලිය ලියා හිටියා. එතකොට එළියෙන් ශබ්දයක් ඇහුණා. මං සාලයට ගියා. ඒ යනකොට අප්පච්චිගේ බෙල්ලෙන් ලේ එනවා දැක්කා. මං අප්පච්චි ළඟට යන්න යන කොට ඒ ඇවිත් හිටපු හොරෙක් මට පිහියෙන් අනින්න හැදුවා. අප්පච්චි මාව පැත්තකට තල්ලූ කළා. තවත් හොරෙක් මල්ලි අරන් එළියට ගියා. අනිත් අයත් දොර වහගෙන එළියට ගියා. ආපු අය දන්නේ නෑ. කැප්වලින් මුහුණු වහගෙන හිටියා.”
මල්ලි ගේ ඇතුළේ නැති බව දැනගත් අප්පච්චි දොර ඇරියා. දොර අරින කොට මං දැක්කා මල්ලිව ලයිට් කණුව ළඟින් අරන් යනවා. මල්ලි අඬ අඬා තමයි ගියේ. මල්ලි තාමත් හොයා ගන්ඩ බැරිවුණා. අනේ මාමේ මට මගේ මල්ලිට ගෙනත් දෙන්න කියන්න. මල්ලි නැතිව මට ඉන්න බෑ” සිය මළණුවන්ගේ වෙන්වීමෙන් කම්පිත මේ පුංචි දැරිය කරන ආයාචනය දරුවා පැහැර ගත්තෝ අසත් ද?
නිහාල් ජයවීර
දෙදහස් විසිපහේ මැයි මස 06 වැනිදා (පෙරේදා) මෙරට පැවැති පළාත් පාලන මැතිවරණය පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකැයි සැලකිය හැකිය. 2018න් පසුව වසර 07
ශ්රී ලංකාවේ මෑතකදී තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දේශපාලන සන්ධානය වන ජාතික ජන බලවේගය, බහුතර සිංහල ප්‍රජාවෙන් මෙන්ම සුළුතර දෙමළ ප්‍රජාවෙ
පළාත් පාලන මැතිවරණය ඊයේ අවසන් විය. දැන් ඉතිරි වී ඇති තවත් එක් ප්‍රශ්නයක් වන්නේ රජය විදුලිබිල ඉහළ දමනු ඇත්තේ කවදා ද යන්න සහ කොපමණ ප්‍රමාණයකින් ද යන්නයි.
1917 අංක 24 දරණ දේශීය ආදායම් පනතේ 102 වැනි වගන්තියට අනුව, 2024 ජනවාරි 1 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි, වයස අවුරුදු 18 හෝ ඊට වැඩි හෝ 2024 ජනවාරි 1 වැනි දින හෝ ඊට පසු වයස අව
ප්‍රවීණ ගීත රචක ලේඛක මහින්ද චන්ද්‍රසේකර මහතා විසින් රචිත ‘වාපී’ නවකතාව අනුරාධපුරයේදී පසුගියදා එළිදැක්වුනි. ආචාර්ය ඩබ්ලියු.ඒ. අබේසිංහ මහතා එම උළෙලේද
ටයිටැනික් නෞකාව ගිලීගොස් වසර 113 ක් ගත වී ඇති නමුත්, තවමත් ඒ ගැන නොයෙක් නොයෙක් කතා කරළියට පැමිණෙයි. ජීවිත 1500 ක් බිලි ගනිමින්, ටයිටැනික් නැව සීතල උතුරු අත්ලා
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
පැහැරගත් දරුවා කෝ
සදුනි Tuesday, 05 August 2014 03:34 PM
බුද්ධි..ඔයා දන්නේ නැද්ද?'සාස්තරේ බඩ වඩාගන්න සූත්තරේ'....කියලා. (දී)
බුද්ධි Tuesday, 05 August 2014 09:11 AM
මට පුදුම මෙච්චර සාත්තර කරුවන් ඉන්න රටේ මේ ගැන මොකුත්ම හෝඩුවාවක් දෙන්න බැරි වීමයි (දී)
මාටින් Wednesday, 06 August 2014 04:56 AM
මෙයාව දැන් හොයාගත්තනේ? 2014.08.05 කියන ඊයේ මේ වගේ ප්‍රවුර්ති පළකරන්නේ අයි අනේ? (අ)