IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


පියාසැරි 84 කට පසු නික්ම ගිය කෑගල්ලේ කුරුල්ලා

 

සටහන -  ප්‍රදිප් කුමාර ධර්මරත්න

 


කන්තලේ සුරියපුර හි දී ඊයේ (15) දහවල් සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටීමෙන් පුහුණු ගුවන් නියමුවෙකු මරණයට පත්විය. මෙලෙස මරණයට පත් වුයේ ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා කඳවුරට අනුයුත්තව සේවය කළ ආධුනික ගුවන් නියමුවෙකි.


කෑගල්ල මාපිටිගම අලුත් වලව්වේ පදිංචි කේ. ආර්. ශාලින්ද විමුක්ති බණ්ඩාර අමරකෝන් වන ඔහු මිය යන විට 23 වෙනි වියේ පසුවිය. 2019 වසරේ ජනවාරි මස ගුවන් හමුදා සේවයට එක් වු ශාලින්ද කෑගලු මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.


රුවැන්වැල්ල මාපිටිගම අලුත්වලව්වේ සමන් කුමාර අමරකොන් සහ ශිරන්ති කුමාරි මාපිටිගම යුවලට දාව 1997 සැප්තැම්බර් 08 වන දින මෙලොව එළිය දුටු ශාලින්ද විමුක්ති බණ්ඩාර අමරකොන් පවුලේ එකම පිරිමි දරුවා විය.


පවුලේ බාලයා වු ශාලින්දට වැඩිමහල් සොහොයුරියන් දෙදෙනෙකි. රන්දුලිකා අමරකොන් ශාලින්දගේ වැඩිමහල් අක්කා වන අතර උදාරා අවන්ති අමරකෝන් දෙවනි අක්කාය. පවුලේ සැමගේ සෙනෙහස ආදරය මැද මාපිටිගම අලුත් වලව්වේ හැදිවැඩුනු ශාලින්ද කෑගල්ල විද්‍යාලයට ඇතුලත්ව අකුරු උගත්තේය. ගණිත අංශයෙන් උසස් පෙළ සමත්ව රජරට සහ රුහුණු විශ්ව විද්‍යාලවලට යාමට සුදුසුකම් ලැබු ඔහු ඒ සියල්ල අතහැර කුඩා කළ සිට තිබූ සිහිනයක් සැබැ කරගනිමින් කැඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රි ලංකා ගුවන් හමුදාවට එක් විය.


2019 ජනවාරි 27 වෙනි දින කැඩෙට් නිලධාරියෙකු ලෙස බැදි දියතලාව පුහුණු පාසලේ හය මසක පුහුණු පාඨමාලාවක් හදාරා තිකුණාමලය චීන වරාය ගුවන් හමුදා පුහුණු ගුවන් නියමු පුහුණු පාඨමාලාව හදාරමින් සිටියදි ඊයේ (15)දින මෙම සිදුවු ගුවන් අනතුරෙන් ශාලින්ද විමුක්ති බණ්ඩාර ජිවීතක්ෂයට පත් විය.


ඔහු පියාසර සැසි 84 ක් අවසන් කර ඇති අතර තවත් පියාසර සැසි 4 ක් නිම කිරිමට තිබි ඇත. ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා කදවුරෙන් දහවල් 1 ට ගුවන් යානය පිටත් වී ඇති අතර ගුවන්ගත කර විනාඩි 15 කට පමණ පසු එම ගුවන් යානය හා ප්‍රධාන මෙහෙයුම් මැදිරිය හා පැවති සම්බන්ධතා බිඳ වැටි තිබේ. පසුව අනතුරට ලක් වු මෙම ගුවන් යානයේ ගුවන් නියමු ශාලින්ද විමුක්ති බණ්ඩාර අමරකොන් ජිවීතක්ෂයට පත්ව තිබේ.

සිය සොහොයුරාගේ වියෝවෙන් දැඩි කම්පාවට පත්ව සිටින උදාරා අවන්ති අමරකොන් මෙනෙවිය මෙසේ පැවසුවාය.


ගුවන් අනතුරෙන් මියගොස් සිටින්නේ මගේ එකම මල්ලි. එයා හරියට කුරුල්ලෙක් වගේ. අම්මා ආදරයට කිවේ කුරුල්ලා කියලා. පුංචි කාලේ ඉදලම එයාට ආසාව තිබුනේ ගුවන් නියමුවෙක් වෙන්න.


ගුවන් නියමුවෙක් දැකලාවත් නැති කාලේම මල්ලි කිවේ මමත් කවදහරි පයිලට් කෙනෙක් වෙනවා කියලා. එයාගේ ඒ සිහිනය සෑබෑ කර ගන්න අපි ඉඩ දුන්නා. අපේ ගෙදර වීරයා.


ආයේ කවදාවත් එන්නේ නැති වෙන්න ඉගිලිලා ගියා. මදුරුවෙක්වත් මරන්නේ නැති මේ අහිංසකයා අපි දාලා යයි කියලා හිතා ගන්න බෑ. මල්ලි අන්තිමට කථා කලේ 13 වෙනි ඉරිදා වීඩියෝ කොල් එකක් අරන් කථා කරා. එදා මම අම්මා, අක්කා එක්ක මල්ලි ගොඩක් වෙලා කථා කලා. අම්මා කීවා අවුරුදු 300 කට විතර පස්සේ නත්තල් තරුවක් දකින්න ලැබෙනවා කියලා. එක බලන්න එන්න නිවාඩුවක් ලැබෙයි නේද කියලාත් ඇහුවා.


එයා අපි ඔක්කෝමලා හිනස්සලා අපි එක්ක ගොඩක් වෙලා කථා කලා. අපි හිතුවේ නෑ මේ කථා කරන්නේ අන්තිම වතාවටද කියලා. මල්ලිට එහෙම දෙයක් වුනේ කොහමද කියලා අපිට හිතා ගන්න බෑ.


ඒයා අපි එක්ක ජිවත් වෙනවා කියලා අපිට හිතෙන්නේ. එයා ගොඩක් අහිංසකයි. කිසිම කෙනෙක්ගේ හිත රිදවලා නෑ. මල්ලි නිවාඩු ආපුහම එයාගේ යාලුවෝ හැමදාම ඇවිල්ලා එයා එක්ක ඉන්නවා. එයා හැම කෙනාටම උදව් කලා. එයා පුහුණු කඳවුරේ සීනියර් මෑන්. අපේ වීරයා මුලු ලොකේටම වීරයා වෙලා අපෙන් යන්න ගියා. ”


තම පුතුගේ අකල් වියෝවෙන් දැඩිසේ කම්පාවට පත්ව සිටි ශිරන්ති කුමාරි මාපිටිගම මහත්මිය දරාගත නොහැකි දුකකින් හඩාවැටෙන්නීය.


කුඩා කල පටන් තම උකුලේ සුරතල් පා හැදි වැඩුන ශාලින්ද පුතු නැති ශෝකය ඇය හට දරා ගත නොහැකි විය. එ නිසාම ඈ විටක විලාප නගමින් හඩා වැටෙන්නේ දෛවය මේ විදිහටම දරුණු කලා මට මගේ සුරතල් පැටියා මට නැති කලා. ඇයි දෙයියනේ මේ වාගේ අහිංසකයෙකුට මෙවැනි විපතක් වුනේ. මාගේ සුරතල් කුරුළු පැටියාට මොකද මේ වුනේ. පුංචි කාලේ ඉදලාම අහසේ ඉගිලෙන්න තමයි හින මැවුවේ. ඒ හිනේ එයාට සෑබැ කර ගන්න ගුවන් හමුදාවට බැදෙන්න අවසරය දුන්නා. මම හිතුවේ නෑ මගේ අහිංසක කුරුළු පැටියා අපිව දාලා ඉගිලිලා යයි කියලා. එයා හැම දේටම දක්ෂයෙක් පුහුණු කදවුරේ 300 ක් අතරින් පලවෙනියා එයා. මගේ පණ මට නැතිවුනා” යැයි ශාලිතගේ අම්මා හැගුම්බරව පැවසුවාය.

    



අදහස් (9)

පියාසැරි 84 කට පසු නික්ම ගිය කෑගල්ලේ කුරුල්ලා

Raveendra Wednesday, 16 December 2020 12:03 PM

පව් මේ දරුවා...ඔබට නිවන් සුව අත් වේවා....!!!

:       0       0

විජිත් Wednesday, 16 December 2020 01:09 PM

යෞවනයේදීම මෙලොව හැරගිය ඔබට නිවන්සුව පතමි.

:       0       0

yasa Wednesday, 16 December 2020 08:57 PM

ඔබට නිවන් සුව සහෝදරයා...

:       0       50

upul thammita Thursday, 17 December 2020 03:51 PM

ඉතාම හොද සංවේදී ලිපියක්. කුරුලු පුතාට කිසිදිනක මෙවන් සිදුවීමක් නොවේවා. ජයශ්‍රී මහා බෝසමිදු පිහිටෙන් ඔබට නිවන් සුව ලැබේවා.

:       0       43

චින්තක Friday, 18 December 2020 01:59 PM

මල්ලියේ ඔබට නිවන් සුව අත්වේවා !!!

:       0       30

Gabaran Friday, 18 December 2020 10:37 PM

හරිම දුකයි.... නිවන් සුව පතමි..

:       0       0

fairoos Sunday, 20 December 2020 07:01 AM

ඉතාම කණගාටුයි. ඔබට නිවන් සුව...!!! 

:       0       0

shalika Sunday, 20 December 2020 03:29 PM

මල්ලියේ ඔබට නිවන් සුව අත්වේවා !!!

:       0       0

ඉසුරු Monday, 21 December 2020 11:25 AM

එහෙම සැසියකදි ඔහුගෙ අරක්ශාවට තාක්ෂණික ක්‍රමවෙදයක් තිබ්බනම් ඔහොම නොවෙන්න තිබ්බා.... නිවන් සුව ... !!!

:       0       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 943 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1017 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 405 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site