IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


පොදු අපේක්ෂක වෙන්න කීවොත් මම ලෑස්තියි

15_MAIN_P_10

 

ප‍්‍රධාන කථිකාව වී ඇත්තේ පොදු අපේක්ෂකයා කවුද යන්නය. මේ වන විට නම් ගණනාවක් කතාබහට පත්වී තිබේ. ඉන් එක් අයෙක් වන්නේ ගම්පහ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර අර්ජුන රණතුංග මහතාය. දේශපාලනයට සම්බන්ධ පවුලක සාමාජිකයෙක් වන අර්ජුන රණතුංග මහතා අද ස්වාධීන මන්තී‍්‍රවරයෙක් වශයෙන් දේශපාලන කටයුතුවල යෙදී සිටී. පොදු අපේක්ෂක යෝජනාව පිළිබඳව ඔහු සමග වූ කතාබහේ සටහනයි මේ.

 


0101 ප‍්‍රශ්නය - ලොකු දේශපාලන වෙනසකට සූදානම් වෙනවලූ.
ඔබ කියන්න හදන දේ මට පැහැදිලි නැහැ.

 


0101 ප‍්‍රශ්නය - පොදු අපේක්ෂකයා වශයෙන් තරග කිරීමට ඔබට ඉල්ලීමක් තියෙනව නේද?
තවම ඒක කථිකාවක් පමණයි. අවසන් තීරණයක නැහැ.

 


0101 ප‍්‍රශ්නය - තීරණය ගන්නේ කවදද?
තවම සාකච්ඡා මට්ටමින් තියෙන්නෙ.
යෝජිත නම් කීපයක්ම තියෙනවා. වෙලාවට ප‍්‍රකාශයට පත් කරාවි. ජනාධිපතිවරණය තවම ප‍්‍රකාශයට පත්කරල නැහැනේ.


 

0101 ප‍්‍රශ්නය -  එහෙම අවස්ථාවක් ආවොත් ඔබ බාර ගන්නවද?
ලැබුණොත් බාර ගන්නවා. අද මේ රටේ ජනතාවට විශාල අවශ්‍යතාවක් තියෙනවා. විධායක ජනාධිපතික‍්‍රමය අහෝසි කිරීම ප‍්‍රධානයි. මම කවදත් පෙනී සිටියේ සාධාරණය වෙනුවෙන්. මේ රටේ යහපත වෙනුවෙන්. මම පෞද්ගලික වාසි, ඵල ප‍්‍රයෝජන උදෙසා කිසිවක් කරල නැහැ. මට එහෙම කරන්න අවශ්‍යතාවක් තිබුණෙත් නැහැ. ඉදිරියටත් නැහැ. පෞද්ගලික වාසිය ගැන හිතල කටයුතු කළා නම් මටත් ඇමැතිකමක් අරගෙන කෝටිපතියෙක් වෙලා ඉන්න තිබුනා. මම කි‍්‍රකට් කී‍්‍රඩාවේදී ඒක කළෙත් නැහැ. දේශපාලනයෙදී කරන්නෙත් නැහැ. මුරලිගෙ දුස්රා පන්දු යැවීම ගැන අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සලය විරුද්ධ වෙද්දී මම මුරලි වෙනුවෙන් පෙනී හිටියා. කි‍්‍රකට් පාලක මණ්ඩලයේ අක‍්‍රමිකතා ගැන කතා කළා. චන්ද්‍රිකාගෙ රජයෙ ඉඳගෙන කී‍්‍රඩා ඇමැතිවරයා විවේචනය කළා. මහින්දගෙ රජය විවේචනය කළා. මම කෙළින් තීරණ ගන්න කෙනෙක්.  වාසිය බලාගෙන කටපියා ගෙන හිටිය නම් මටත් වාසි ලබන්න තිබුණා. මම හිතන්නෙ, තීන්දු තීරණ ගන්නෙ රට ගැන හිතල. මම ගැන කවදාවත් හිතුවෙ නැහැ. මට ලැබෙන වාසි ගැන හිතුවෙ නැහැ. 

 

 

0101 ප‍්‍රශ්නය - ඔබ හිතනවද ඔබට ඒ දේ කරන්න පුළුවන් කියල.
මේ රටේ ජනතාවට ලොකු බියක් තියෙනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපනය කිරීම රටේ ජනතාවගෙ ප‍්‍රධාන අවශ්‍යතාවක්. ඒ අවශ්‍යතාව කවදාවත් මේ තරම් සැරට තිබුණේ නැහැ. රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කරන්න නිදහසින් පසු මේ තරම් දේශපාලන බලවේග එකතු වී සිටි කාලයක් තිබුණේ නැහැ. මට අවශ්‍ය රටේ ජනතාවට, රටට සේවයක් කිරීමයි. ඒ සඳහා මට කැපවෙන්න පුළුවන්. ඒක අවස්ථාවක් ලැබුණොත්.

 


0101 ප‍්‍රශ්නය - ඔබට පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වෙන්න අවස්ථාව ලැබුණෙත් පවුලෙ තත්ත්වය මොකක් වෙයිද? රණතුංග පවුල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බොහොම සම්බන්ධ පවුලක්.
අපි පවුලක් වශයෙන් බොහොම එකමුතුව ඉන්න පවුලක්. ප‍්‍රතිපත්ති වශයෙන් එකිනෙකාට වෙනස් වෙන්න පුළුවන්. ඒක අපේ සහෝදරකමට බලපෑමක් නැහැ. මම රට වෙනුවෙන් තීරණ ගන්න කෙනෙක් බව මගේ අම්ම දන්නවා. අම්ම මම ගැන ආඩම්බර වෙනවා. මෙතැනදී වැදගත් වෙන්නේ පක්ෂය නොවෙයි. රට වෙනුවෙන් ගන්නා තීරණය තමයි වැදගත්. ඒ සඳහා මගේ පවුලෙ කවුරුවත් මට බලපෑම් කරන්නෙත් නැහැ. මට විරුද්ධ වෙන්නෙත් නැහැ. දේශපාලනය අපේ පවුලෙ බැදීම්වලට බාධාවක් නොවෙයි. 

 


0101 ප‍්‍රශ්නය -  ඔබේ වැඩිමහල් සහෝදරයා මාධ්‍යයට කියල තිබුණා. එක්සත් ජාතික පක්ෂය පවුලට බොහොම හිරිහැර කර තිබුණු බවක්.
අපේ පවුලට දේශපාලන හිරිහැර ඇතිකළ බව ඇත්ත. ඒක හැම රජයකින්ම වගේ සිදුවූ දෙයක්. මේ රජයෙනුත් වුණා. එක්සත් ජාතික පක්ෂයෙන් බරපතළ හානි වුණා.

 


0101 ප‍්‍රශ්නය - පරස්පර දේශපාලන මතවල පිහිටා සිටින පිරිසක් එක්ක මේ ගමන යන්න පුළුවන්ද?
සියලූ දෙනා ඉන්නෙ එක මතයක. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරල මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කළ යුතුය යන්න හැමෝගෙම මතය. ඒ නිසා හැමෝම පෙනී සිටින්නෙ එකම අරමුණක් වෙනුවෙන්. රටේ හා ජනතාවගේ යහපත වෙනුවෙන්.

 


0101 ප‍්‍රශ්නය - පොදු අපේක්ෂකයා වශයෙන් තරග කළ සරත් ෆොන්සේකා මහතා පසුකාලීනව තනිවූ ස්වරූපයක් පෙන්නුම් කළා. සමූහයක් එකතු වී ඔහු උඩට උස්සා තැබුවා. නමුත් ඔහු එකවරම කඩා වැටීමක් තනිවීමක් පෙන්නුම් කළ බව කියනවා. ඔබටත් එහෙම වේවිද?
මම කවදාවත් බලය තියෙන තැන රැුඳී ඉන්න උත්සාහ කළ කෙනෙක් නොවෙයි. මම කලිනුත් කිව්වානේ බලය තියෙන තැන හිටිය නම් මම අද ඇමැති කෙනෙක්. මම තනිවේවි. මට පක්ෂයක් නැතිවේවි. අතරමං වේවි. ඒ වගේ ප‍්‍රශ්න මට නැහැ. ඒ සඳහා බියකුත් නැහැ. ගියවර මැතිවරණයේදී මම කළුතරින් ඉල්ලූවා. සියලූ දේ කළේ මාසයක තරම් කාලයක් තුළදි. මම ජයග‍්‍රහණය කළා. ජනතාව එක්ක ඉන්නව නම් දේශපාලනඥයෙක් තනි වෙන්නෙ නැහැ. දේශපාලන පක්ෂයක් එක්ක මම රැුල්ලට  ගිය කෙනෙක් නොවෙයි. මට අමුතුවෙන් තනි වෙන්න දෙයක් නැහැ. මම හැමදාම කළේ රටත් ජනතාවත් සඳහා මම හරියි කියල හිතපු දේ.

 


0101 ප‍්‍රශ්නය - බලයට එන පුද්ගලයෙක් තමන්ගෙ බලය නැතිකර ගන්න සූදානම් නැහැ. බලය ඒ තරමටම රසවත්. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ අවංක අවශ්‍යතාවක් තියෙනවද?
ඒක මගෙත් අවශ්‍යතාව තමයි. ප‍්‍රධාන වශයෙන්ම රටේ ජනතාවගෙ අවශ්‍යතාව ඒකයි. විධායක ජනාධිපති ක‍්‍රමය යුද්ධය ජයග‍්‍රහණය කිරීමට හේතුවක් වුණා. යුද ජයග‍්‍රහණය ගැන ජනාධිපතිවරයාට හැමදාම මගේ ගරුත්වය තියෙනවා. මේ රටේ ජනතාව අද බොහොම නිදහසේ සැහැල්ලූවෙන් ඉන්නවා. ඒක ඉතාම වටිනා දෙයක්. දැන් යුද්ධයක් නැහැ. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ කාලය හරි. ඒ සඳහා කි‍්‍රයාත්මක වෙන්න  ඕනෑ. බලය රැුකගැනීම නොව ජනතාවගේ අවශ්‍යතාවට ඉල්ලීමට ප‍්‍රමුඛස්ථානය ලබාදිය යුතු වෙනවා. ඒ සඳහා මට හැකි දෙයක් වේ නම් උපරිමයෙන් සිදු කරනවා. දෙවරක් හිතන්නෙ නැහැ.

 


0101 ප‍්‍රශ්නය - රාජපක්ෂ රජය එක්ක හැප්පෙන්න අමාරුයි කියල මතයක් තියෙනවා. ඔබත් ඒ මතයෙ ඉන්නවද?
මට කිසිම කෙනෙක් එක්ක හැප්පෙන්න ගැටෙන්න තරගයක් නැහැ. මම මගේ පෞද්ගලික දෙයක් ගැන ඉදිරිපත් වෙනවත් නොවෙයිනේ. මට තියෙන්නෙ පොදු අරමුණක්. රටේ නීතිය, සාධාරණය පැත්ත හෑල්ලූ වෙලා කියන එක නම් පිළිගන්න වෙනවා. අපි බලමු. තවම කිසිම තීන්දුවක් නැහැනේ.

 


0101 ප‍්‍රශ්නය - ඔබ විදේශ ගතවන බව ආරංචියි
ඔව්  මම අද (20) ජර්මනියට යනවා. ආරාධනාවකට.

 

dayasili-liyanage



අදහස් (0)

පොදු අපේක්ෂක වෙන්න කීවොත් මම ලෑස්තියි

සාරංග Thursday, 20 November 2014 06:27 AM

සැබෑම නායකයෙක් ජනාධිපති වෙන්නම ඕනි. ඔබට සුබ පතනවා ලංකාවේ අහිංසක ජනතාවගේ ප්‍රර්ථනා ඉටු කරන්න ඉදිරිපත් වීම ගැන මහත්මා ගති ඇති ඔබතුමා ජයග්‍රහනය කරනවා. (අ)

:       0       0

දයා -නිව්සිලන්ඩ් Wednesday, 19 November 2014 11:48 PM

ක්‍රිකට් ගහන කාලේ කිවුවා නේද දේශපාලනය කරන්නේ නැහැ කියලා? (නි)

:       0       0

මංගල Sunday, 23 November 2014 11:35 PM

ෆොන්සේකා 3 (නදී)

:       0       0

අසංග Tuesday, 18 November 2014 01:46 PM

අපිට මතකයි ඔබතුම ක්‍රීඩා කරන යුගයේ කරපු කතාවක්. මගේ පව්ලේ තුන් දෙනෙක්ම දේශපාලනය කරනවා මම නම් කවමදාවත් දේශපාලනයට එන්නේ නෑ කියා. (ර)

:       0       0

උදේෂ් Thursday, 20 November 2014 03:07 AM

ඔබතුමා සැබෑම දක්ෂයෙක් (නි)

:       0       0

නුවන් Wednesday, 19 November 2014 06:44 PM

මමත් තරයේම විශ්වාස කරනවා, පොදු අපේක්ෂකයාට සුදුසුම පුද්ගලයා අර්ජුන රණතුංග කියලා. එතුමාගේ ජීවිතය පුරාවට අද දක්වා එතුමා මහත්මා ගති ඇති බලලෝභී නොවන කෙනෙක් කියලා ඔප්පු කර තිබෙනවා. නායකත්වයට සුදුසු ගතිගුණ විශාල ප්‍රමාණයක් ඒ චරිතය පුරාවට අපට දකින්න ලැබුණා. (නි)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 19 November 2014 07:31 AM

කොයි පැත්තට බෙදිලා ගියත් නරකක් නම් නැහැ.. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

පළාත් පාලන ආයතන අනාගතය
2025 මැයි මස 09 68 0

පළාත් පාලන ආයතන 339 කට වැඩි ගණනකට සභිකයන් තෝරා පත් කර ගැනීමේ පළාත් පාලන මැතිවරණය පසුගිය මැයි 6 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම පියවර ගත්තේය. එදින ඡන්දදා


අරගලය ඉතිරි කළ වෙනස
2025 මැයි මස 09 132 0

අදට අවුරුදු 03 ට ඉහතින් 2022 මැයි 09 වනදා පාන්දර, අගමැති මහින්ද රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයන් කිහිප දෙනා සමග දැඩි හමුදා රැකවරණ යටතේ අරලියගහ මන්දිරයෙන් පිටත්ව


ඡන්දයෙන් විවර වූ ජනමනස
2025 මැයි මස 09 134 0

මාලිමා ආණ්ඩුව මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු කළේ එය පළාත් පාලන ඡන්දයක් ලෙස ගනිමින් නොව, ජාතික මැතිවරණයක් ලෙස සිතමිනි. ජනාධිපතිවරයා රටපුරා ගො


පුංචි ඡන්දයේ සංඥාව
2025 මැයි මස 08 814 2

දෙදහස් විසිපහේ මැයි මස 06 වැනිදා (පෙරේදා) මෙරට පැවැති පළාත් පාලන මැතිවරණය පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකැයි සැලකිය හැකිය. 2018න් පසුව වසර 07


නව ව්‍යවස්ථාව කෙසේ වියයුතුද?
2025 මැයි මස 07 232 2

ශ්‍රී ලංකාවේ මෑතකදී තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දේශපාලන සන්ධානය වන ජාතික ජන බලවේගය, බහුතර සිංහල ප්‍රජාවෙන් මෙන්ම සුළුතර දෙමළ ප්‍රජාවෙ


අනාගත විදුලි බිල කොතැනද?
2025 මැයි මස 07 1120 0

පළාත් පාලන මැතිවරණය ඊයේ අවසන් විය. දැන් ඉතිරි වී ඇති තවත් එක් ප්‍රශ්නයක් වන්නේ රජය විදුලිබිල ඉහළ දමනු ඇත්තේ කවදා ද යන්න සහ කොපමණ ප්‍රමාණයකින් ද යන්නයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 38 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1295 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 333 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site