IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


නිමක් නැති ඩොලර් අර්බුදය

ඩොලර් අර්බුදය එන්න එන්නම දරුණු අතර හැරෙමින් පවතියි. ශ්‍රී ලංකා මහ බැංකු ආරංචිමාර්ග සඳහන් කළේ ශ්‍රී ලංකාව සතු ඩොලර් සංචිතය පහත යමින් තිබෙන බවය. සංචිතය සතු වත්කම් ප්‍රමාණවත් වන්නේ මාසයක ආනයනවලට පමණක් බවද ආර්ථික විශේෂඥයෝ අර්ථකථනය කරති.

මහබැංකු දත්ත වාර්තාවලට අනුව රටක විදේශ සංචිතය මාස තුනකටවත් ප්‍රමාණවත් විය යුතුය. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වෙනත් ආනයන සීමා කිරීමට සිදුව ඇත්තේද ඩොලර් හිඟකම හේතුවෙනි. කෙසේ වෙතත් ආණ්ඩුවට මෙම බරපතළ තත්ත්වයෙන් මිදීමට තවත් වසරක පමණ කාලයක්වත් යනු ඇතැයි ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.

විදේශ ණය ගෙවීමට සිදුවීමෙන් ඩොලර් අර්බුදය තවත් උග්‍ර අතට හැරෙමින් තිබෙන බවද ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති. ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ මේ වසරේ ජුලි මාසයේදී ඩොලර් බිලියනයක විදේශ ණය මුදලක් ගෙවීමට සිදුව තිබෙන බවය. ‘ආණ්ඩුවේ ආර්ථික කළමනාකරණය ඉතාම නරකයි. වැරැදි වෙලාවෙදි ගන්නා යම් යම් තීන්දු නිසා ආර්ථිකය කඩාවැටෙමින් තිබෙනවා. එක අතකින් දේශපාලන කඩාවැටීම, අනෙක් අතින් ආර්ථික කඩාවැටීම. මේ දෙකෙන් මහජනතාව බැටකනවා’ යැයි සමගි ජන බලවේගයේ නායකයෝ පවසති.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර පවතින විරසකය ඉකුත් සතියේ තරමක් පහව ගොස් තිබුණේය. ශ්‍රීලනිප දේශපාලනඥයන් හා පොහොට්ටුවේ දේශපාලනඥයන් එකිනෙකාට චෝදනා කිරීම් හෝ විවේචන එල්ල කර ගැනීම් ඉකුත් සතියේ දක්නට ලැබුණේ නැත. එහෙත් ශ්‍රීලනිප අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කළේ වෙනම සන්ධානයක් ගොඩනැගීම සඳහා වන සාකච්ඡා අඛණ්ඩව සිදුවෙමින් තිබෙන බවය. ‘අපි වෙනම සන්ධානයක් හදනවා. ඒක අලුත් සන්ධානයක්. ඊට එකතු වෙන්න දැනටත් පිරිස් එකඟතාව පළකර තිබෙනවා’ යැයි ශ්‍රීලනිප දේශපාලනඥයෝ පවසති. මේ අතර ආරංචිමාර්ග සඳහන් කළේ නව සන්ධානයක් එළිදැකීම සිදුවන්නේ ඡන්දයක් ප්‍රකාශ කළ පසුව බවය. ‘පළාත් සභා ඡන්දය පළාත් පාලන ඡන්දය හෝ යන දෙකෙන් කුමන එකක් ආවත් අපි ඒ ඡන්දයට මුහුණ දෙන්නේ නව සන්ධානයකින්’ යැයිද ශ්‍රීලනිප නායකයෝ පවසති.

මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ඉකුත් සතියේ ඉන්දීය විදේශ කටයුතු ඇමැතිවරයා සමඟ තවත් සාකච්ඡාවක් පැවැත්වූයේය. බැසිල් රාජපක්ෂ කොළඹ මුදල් අමාත්‍යංශයේ සිට සහ එස්. ජයශංකර් නවදිල්ලි නුවර විදේශ කටයුතු අමාත්‍යාංශයේ සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ එම සාකච්ඡාවට එක්වූහ. එහිදී මුදල් ඇමැතිවරයා ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික අර්බුදය ගැන පැහැදිලි කිරීමක් කර තිබුණේය. විදුලි ජනනයට අවශ්‍ය ඉන්ධන සපයා ගැනීමේ අර්බුදයද ඇමැති බැසිල් ඉන්දීය විදේශ කටයුතු ඇමැතිවරයා සමඟද සාකච්ඡාකර තිබුණේය. එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවට ඉන්ධන ණයක් ලබාදීමට ඉන්දියාව ඉක්මන් පියවරක් ගත්තේය. ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක් වටිනා ඉන්ධන අවස්ථා කිහිපයකදී ලබාදීමට ඉන්දියාව කටයුතු කරනු ඇත. එම ඉන්ධන තොගය ප්‍රමාණවත් වන්නේ තවත් මාස එකහමාරක පමණ කාලයකටය. එහෙත් අවස්ථාවේ හැටියට එය විශාල සහනයකැයිද දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. ශ්‍රී ලංකාව ඉන්ධන ණයක් ලබාගෙන ඇත්තේ එම ණය සහ පොලිය වාරික වශයෙන් ගෙවීමට බවද වාර්තාවේ. මේ අතර ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිල ට්විටර් ගිණුමෙහි සඳහන් කර තිබුණේ ශ්‍රී ලංකාවට මිත්‍රත්වයේ දෑත් දිගු කිරීමක් ලෙස එම ඉන්ධන ණය ලබාදුන් බවය.

ඉන්දියාව තෙල් ලබාදෙද්දී චීනය ඊටත් වඩා ඉදිරි පියවරක් තැබුවේය. ඒ ශ්‍රී ලංකාවට සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 10ක් පරිත්‍යාග කිරීමය. එම සහල් තොගය අප්‍රේල් මාසයට පෙර මෙරටට ලැබීමට නියමිතය. ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින රබර් සහල් ගිවිසුමට වසර 70ක් පිරීම නිමිත්තෙන් එම පරිත්‍යාග ලබාදීම විශේෂත්වයකි.

චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ චරිත කතාව ඇතුළත් ‘චන්ද්‍රිකා’ ග්‍රන්ථය දොරටවැඩීමේ උත්සවයේ ප්‍රධාන දේශනය සිදු කළේ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකය. ‘මම ඉකුත් කාලය පුරාවට ප්‍රසිද්ධ උත්සව අවස්ථාවන්ට සහභාගි වුණේ නැහැ. එවැනි ආරාධනා භාරගත්තෙත් නැහැ. එහෙත් හිටපු ජනාධිපතිනිය කළ ආරාධනාව ප්‍රතික්ෂේප කරන්න මට බැරිවුණා. ඒ නිසා අද මෙම අවස්ථාවට සහභාගි වුණා. චන්ද්‍රිකා අසහාය නායිකාවක්’ යැයි ශිරාණි බණ්ඩාරනායක කීවාය. එම දොරට වැඩීමේ අවස්ථාවට ආරාධනා කරනු ලැබ සිටියේ සීමිත පිරිසක් පමණි. ඒ අතර දේශපාලනඥයෝ කීප දෙනෙක්ද සිටියහ. ග්‍රන්ථය දොරටවැඩීමේ උත්සවය ඉතා චාම් ආකාරයට පැවැතියේය.

නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය ඉකුත් අඟහරුවාදා විවෘත කෙරිණ. නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය ආරම්භ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කළේය.

කල්තියාම ජනාධිපති කාර්යාලය නිවේදනය කළේ පාර්ලිමේන්තු සැසිවාරය විවෘත කිරීමේ අවස්ථාව ඉතා සරලව සිදුවන බවය. ජනාධිපතිවරයා පිළිගැනීම සඳහා ආචාර වෙඩිමුර හෝ රථ පෙළපාළි හෝ පැවැත්වූයේ නැත. ජනාධිපතිවරයා සැසිවාරය විවෘත කිරීමෙන් අනතුරුව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කළ පසුව පාර්ලිමේන්තුවේ දිනට නියමිත කටයුතු නිමාවූයේය. ඉන් අනතුරුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තු භෝජනාගාරයේදී තේ පැන් සංග්‍රහයක් පැවැත්වූයේය. ජනාධිපතිවරයාගේ සාම්ප්‍රදායික තේ පැන් සංග්‍රහයට විපක්ෂයේ මන්ත්‍රීවරු සහභාගි නොවූහ. ආණ්ඩුවට විරෝධය දැක්වීම සඳහා එම පියවරගත් බව සමගි ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රීවරු පැවැසූහ. තේ පැන් සංග්‍රහයට හිටපු කතානායක කරු ජයසූරිය සහභාගිවී සිටි අතර ඔහු ජනාධිපතිවරයා සමඟ කෙටි සාකච්ඡාවකද නිරත වූයේය.

ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සම්බන්ධයෙන් මේ දිනවල පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වේ. දින තුනක විවාදය ආරම්භ කෙරුණේ ඉකුත් බදාදාය. එම විවාදය අදින් නිමවීමට නියමිතය. විවාදය අතරතුර විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජනය කරන සියලුම කතික මන්ත්‍රීවරු ජනාධිපතිවරයාගේ කතාවට විවේචන එල්ල කළහ. ‘මේ රට ආර්ථික වශයෙන් කඩාවැටෙමින් යනවා. පොහොර නැහැ. තෙල් නැහැ. විදුලිය දෙන්න විදියක් නැහැ. මේ කාලීන කිසිදු ප්‍රශ්නයකට ජනාධිපතිවරයාගේ කතාවේ පිළිතුරු තිබ්බේ නැහැ. සාමාන්‍යයෙන් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් කියන කොට කාලීන ප්‍රශ්න අමතක කරන්න බැහැ. ජනතාවට අද තුන්වේල කන්න බැරි තත්ත්වයක් උද්ගතවෙලා. එහෙම තියෙද්දි රාජ්‍ය නායකයාට ප්‍රශ්න අමතක කරන්න බැහැ. එතුමා එදා කතා කළේ වෙන රටක ඉන්න කෙනෙක් වගේ’ යැයි විපක්ෂයේ මන්ත්‍රීවරු චෝදනා කළහ.

පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය ආරම්භ කළ පසුව අහෝසි වී ගිය කාරක සභා යළිත් පත්කළ යුතුය. කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් තේරීම් කාරක සභාවක් මගින් කාරක සභා පත්කිරීම් ඉදිරියේදී සිදුකිරීමට නියමිතය.

‘කෝප් කමිටුව’ කෝපා කමිටුව ඇතුළු කමිටු අහෝසි වුණා. ඒවාට යළිත් මන්ත්‍රීවරුන් පත්කළ යුතුයි. හිටපු අයම පත්වෙන්නත් පුළුවන්. අලුත් සාමාජිකයන් පත් කරන්නත් පුළුවන්. ඒ තීන්දුව ගන්නේ කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් තේරීම් කාරක සභාවයි. කෝප් කමිටුව සහ කෝපා කමිටුව යම් යම් විමර්ශන සිදුකරමින් තිබුණා. ඇතැම් විමර්ශන බොහෝ දුර දිග ගොස් තිබුණා. අලුතින් කමිටු සාමාජිකයන් පත්කළොත් ඒ විමර්ශනත් අලුතින් පටන් ගන්න වෙනවා’ යැයි පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කැබිනට් ප්‍රකාශක ඇමැතිවරුන් තිදෙනාගෙන් මාධ්‍යවේදියකු ප්‍රශ්නයක් ඇසුවේය. ‘ඇමැතිතුමා චීනයෙන් ලංකාවට පරිත්‍යාගයක් වශයෙන් ලැබෙන සහල් තොගය කබනික පොහොර යොදා වගා කළ ඒවාදැයි එම මාධ්‍යවේදියා ප්‍රශ්න කළේය. කැබිනට් ප්‍රකාශක ඇමැති ඩලස් අලහප්පෙරුම පිළිතුරු දීමට කලබල වූයේ නැත. ‘මෙතන ඉන්න අපි ඇමැතිවරු තිදෙනාම ඒ ගැන තවම දැනුවත් නැහැ. බන්දුල ගුණවර්ධන ඇමැතිතුමාගෙන් අහලා අපි ඔබතුමාලට උත්තරයක් දෙන්නම්’ යැයි ඩලස් කීවේ අසල සිටි ගම්මන්පිල සහ රමේෂ් පතිරණ ඇමැතිවරුන් දෙදෙනාද බේරා ගනිමිනි. මේ අතර ඩලස් අලහප්පෙරුම ඇමැතිවරයා ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ කිරීමට පෙර නීලා වික්‍රමසිංහ පිළිබඳව ශෝකය පළ කළේය. අභාවප්‍රාප්ත නීලා වික්‍රමසිංහ ගැයූ ‘හෙට උපදින පුංචි පුතේ’ ගීතයද පසුබිමින් වාදනය වෙද්දී එම ශෝක ප්‍රකාශ කිරීම සිදු වූයේය.

කතානායක මහින්ද යාපා අබේවර්ධන දෙවන වරටත් මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේදී චෝදනා එල්ල කළේය. මන්ත්‍රීවරුන් කතා කිරීමට පෙර ඊට සූදානම්වීමක් නැතැයිද ඒ පිළිබඳව පාර්ලිමේන්තුව ලජ්ජාවන බවද කතානායකවරයා කීවේය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු කතා කළ  යුත්තේ රට ගොඩනැගීමට අවශ්‍ය කරුණු කාරණා වුවද ඇතැම් මන්ත්‍රීවරුන් විරුද්ධ දේශපාලන පක්ෂවලට අපහාස කිරීම සිය කතාවේ කොටසක් කර ගන්නා බවද කතානායක කීවේය. ‘පාර්ලිමේන්තුවේ පුස්තකාලයෙන් 2021 වසරේ මන්ත්‍රීවරු පොත් ලබාගෙන තිබෙනවා. පොත්වලින් වැඩිපුරම අරගෙන ඇත්තේ ප්‍රබන්ධ කතා බවද කතානායකවරයා කීවේය.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසගේ අඩුපාඩු ගැන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් කළාය. ‘සජිත් ප්‍රේමදාස මැතිතුමා කතා කරනකොට ටිකක් අමුතුයි. ලියන භාෂාවෙන් කතා කරනවා. ඉංග්‍රීසියෙන් කතා කරද්දි බර වචන දානවා. එතුමා නායකයකු වශයෙන් තමයි කතා කරන්නේ. ඒක මේ රටේ මිනිස්සුන්ට පුරුදු නැහැ. අපි බලාපොරොත්තු වෙන්නේ අල කීයද? ලූනු කීයද? වගේ කතායි’ යැයි හිරුණිකා කීවාය.                        

(*** කස්තුරි)



අදහස් (3)

නිමක් නැති ඩොලර් අර්බුදය

ajith Saturday, 22 January 2022 07:49 PM

ඩොලර් අර්බුදය විසඳීමට නම් රුපියල් මගින් සිදුවන ගනුදෙනු සියල්ල නවතා සමස්ත රටතුළ රුපියල් වෙනුවට ඩොලරය හඳුන්වා දෙන්න.

:       4       3

fairoos Sunday, 23 January 2022 07:24 PM

ලංකාවේ ඉතිහාසයටම මේ වගේ කඩාවැටීමක් වෙලා නැහැ... සර් ෆේල්...

:       3       7

MO77 Tuesday, 25 January 2022 06:04 PM

විදේශ රටවල්වල වැඩ කරන ශ්‍රමිකයින්ගේ මුදල්වලට නියම වටිනාකම දෙන්නේ නෑ. ඩොලර් අර්බුදයට මුල ගජමිතුරන්ට අඩුවට ඩොලර් ලබාදීමයි. කබ්රාල් දන්න ආර්ථික විද්‍යාවක් නෑ. එයා සාමාන්‍ය ගණකාධිකාරවරයෙක් විතරයි. මොහු රටේ ආර්ථිකයේ ඝාතනය කරමින් පවතිනවා...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 17 0

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 17 0

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 29 0

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


කම්කරු පන්තියේ අර්බුදය
2025 මැයි මස 01 11 0

මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී


ඉන්දු - පාකිස්තාන යුද ගැටුම
2025 අප්‍රේල් මස 30 432 0

ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි


ඉන්දු - ලංකා ගිවිසුම් රටටත් කියනු
2025 අප්‍රේල් මස 30 230 0

නිල සංචාරයක් සඳහා අප්‍රේල් මස 04 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ශ්‍රී ලංකා රජය විදේශ පුරවැසියකුට පිරිනමන ඉහළම රාජ්‍ය සම්මාන


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 347 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 90 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1114 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site