IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


නාය යෑමක් සිදු වෙන්නේ මෙහෙමයි

02--Main-P-08

මහ ඉඩෝරයකට පසු එන වැස්ස සාමාන්‍ය වැස්සකට වඩා මහත් විනාශයක් ගෙන දෙන බව අතීතයේ පටන් ගැමියන්ගේ මතයයි. මෙවර ද එය සනාථ වී තිබේ. මාස ගණනක් තිබූ ඉඩෝරයත් ඉන්පසු වැස්සත් දෙකම දහස් ගණනක් මිනිසුන් පීඩාවට පත් කරන්නට සමත්ව සිටියි.


මල් වැස්ස ආශිර්වාදයකි.
මුරුගසන් වැස්ස ලෝක විනාශයට හේතුවේ.
මේ වැසි දෙවර්ගයට අමතරව බොහෝ වැසි ගැන අපේ පැරැුන්නෝ කථා කළහ. පොදවැස්ස, මොරසූරණ වැස්ස, ධාරානිපාත වැස්, අකුණු වැස්ස, වාරකන් වැස්ස, අනෝරා වැස්ස, අකල් වැස්ස හා අසිනි වැස්ස මේ අතර විය. මේ කවර වැස්සක් වුවද අපේ සමාජයට අරුමයක් නොවුණි.


වසර මුළුල්ලේම වැසි වැටෙන ශී‍්‍ර ලංකාවේ තෙත් කලාපයත්, වියළි කලාපයත්, අර්ධ ශුෂ්ක කලාපයත් ලෙස දේශගුණික කලාප ති‍්‍රත්වයක් වුව ද නිරිතදිග මෝසමත්, ඊසාන දිග මෝසම හා සංවහන වැස්සත් අපට නිරන්තරවම වැසි ගෙන ආවේය.


අතීතයේ ගොවීහු තම ගොවිතැන් කිරීමට වැසි ලැබෙන තුරු බලා සිටියහ. එහෙත් අද වැස්ස අපට කරදරයක් වී තිබේ. වැසි වැටෙන විට බියෙන් සලිතවන්නෝ අති විශාල පිරිසක් අද වන විට අප රටෙහි සිටිති. විශේයෙන්ම කඳුකර ප‍්‍රදේශවල පදිංචිකරුවෝ වැසි ලැබෙන විට තම ගෙවල් දොරවල් අතහැර යන තත්ත්වයට පත්ව සිටිති. වෙනදා මෙන් නොව වැසි ආරම්භයත් සම`ගම තම ගම් බිම් නාය යනු ඇතැයි ඔවුහු බියෙන් පසුවෙති. මේ වන විට ලංකාවේ සියළුම කඳු සහිත ප‍්‍රදේශ නාය යන තත්ත්වයට පත්ව ඇත. එමෙන්ම වැසි දිනවලදී මහා මාර්ග බොහොමයක් භාවිත කිරීම අනතුරු දායකයැයි නිවේදන ද නිකුත් කැරෙති.


අධික වර්ෂාව පතිතවීමත් සම`ගම නාය යාම් සිදුවේ. යම් ප‍්‍රදේශයකට වාර්ෂිකව ලැබෙන වර්ෂාපතනයෙන් සියයට විස්සක තරම් වූ අධික ප‍්‍රමාණයක වර්ෂාවක් එක් දිනක් තුළ පතිතවීම නාය යෑමට හේතුවක් වන බව පර්යේෂණවලින් තහවුරු වී තිබේ.


නාය යෑමක් ලෙස හැඳින්වෙන්නේ ඉහළ තැනක තිබූ පස් හා ගල් විශාල ප‍්‍රමාණයක් ඒ මත ඇති සියළු දෑ රැගෙන පහළට ගමන් කිරීමකි. නාය යාම් සිදුවන්නේ ගොඩබිම පමණක් නොවේ. මහ මුහුද පත්ලේද නාය යාම් සිදුවන නමුත් මිනිසාට සෘජු හා භයානක අත්දැකීම් ඇති කරන්නේ ගොඩබිම දුවන නාය යාම් පමණි. ගොඩබිමදී කඳු මුදුනේ සිට තැනිතලාව දක්වා  ඕනෑම ආකාරයක බිම් කඩක් නාය යාමට ගොදුරුවීමේ ඉඩ ඇත. එහෙත් වැඩිපුරම නාය යාම සඳහා ගොදුරුවන්නේ තිරසේ සිට අංශක 15ත් 40ත් අතර බෑවුමක් සහිත භූමි භාගයන්ය. අංශක 25ත් 30ත් අතර භූමි භාගයන් ඒ අතරින් වඩාත් නාය යාමේ තර්ජනයට ලක්ව ඇති බව පර්යේෂකයෝ පවසති. අංශක 40කට වඩා ඇලයක් සහිත කඳු මුදුන් නාය යන්නේ අඩුවෙනි. එම බෑවුම් මින් පෙර අවස්ථාවලදී නාය ගොස් තිබීම හා නාය යාමට දෙයක් ඉතුරුව නොතිබීම එයට හේතු වී ඇත.


කාල් ටෙර්සාසි නැමැති ජර්මන් ජාතික භූ විද්‍යාඥයා 1926 දී ප‍්‍රකාශ කර ඇත්තේ නාය යාම ජලය මූලික කරගනිමින් සිදුවන්නක් බවයි. කි‍්‍රයාකාරී තෙරපුම පිළිබඳ මූලධර්මය ලොවට ඉදිරිපත් කරමින් ඔහු පවසා ඇත්තේ අධික වැසි ඇදහැලීමත් සමග කඳු බෑවුම්හි පස් තට්ටු තුළට විශාල ලෙස ජලය ගලා යාමෙන් එම ජලය පාෂාණ වැනි තද පෘෂ්ඨයක් හමුවූ විට ඒ ඔස්සේ පහළට ගලා එන බවයි. අධික වර්ෂාවකදී එම ජල ප‍්‍රමාණය වැඩිවූ විට එම දැවැන්ත ජල කඳ භූගත පස් අංශු අතර ඇති බැඳීම ලිහිල් කිරීමට සමත් වන බවත් එහි ප‍්‍රතිඵලයක් ලෙස බුරුල් කරනු ලැබූ පස් තට්ටුව ඝනැති පෘෂ්ඨය ඔස්සේ පහතට රූටා එන බවත් ඔහු පැහැදිලි කර තිබේ.


නාය යෑම් ඇති කිරීමට ප‍්‍රධාන හේතුකාරකය සපයන්නේ මිනිසුන් විසිනි. ඉවක් බවක් නොමැතිව සිදුකරන කඳු බෑවුම් හෙළි පෙහෙළි කිරීම, පාරවල් හා ගෙපල් කැපීම, කඳු බෑවුම් මත ඇළ වේලි හා පොකුණු ඉදිකිරීම හා ජලවහන රටාවල් අවුල් කිරීම මේ අතර ප‍්‍රධාන වේ.


තුරු වැස්මක් තිබේනම් වර්ෂා ජලය සෘජුවම පොළවට පතිතවීම වළක්වාලයි. විශාල ගල්පර්වතයේ සිට කුඩා වැලි කැටය දක්වා සියල්ල එකිනෙක බැඳ තබා ගැනීමට ශාක මුල් පද්ධතිය විශාල මෙහෙවරක් ඉටුකරයි. එමෙන්ම පොළොව මතුපිට ඔස්සේ බෙදි බෙදී යන මුල් පද්ධතිය පස් තට්ටු බැඳ තබා ගන්නා දැලක් මෙන් කටයුතු කරයි. මේ ස්වභාවික පරිසරය විනාශ කිරීම නාය යෑම සඳහා හේතුවන බව නොරහසකි.


මෙයට අමතරව පසෙහි හා පාෂාණවල ස්වභාවය, ගුරුත්වාකර්ෂණය, පොළොවේ බෑවුම, ගංවතුර නාය යෑම් ඇති කරන අතරම වරින් වර සිදුවන භූ චලනද එකිනෙක බැඳී පිහිටි පස් හා පාෂාණ අතර බැඳීම ලිහිල් කර අනාගත නාය යෑම් සඳහා අවශ්‍ය පරිසරය සකස් කරයි. මේ සියල්ල නාය යෑම් ඇති කිරීමට බලපාන ස්වභාවික හේතූන් වේ.


ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නාය යෑම් අධ්‍යයන අංශ ප‍්‍රධානී ආර්.එම්.එස්. බණ්ඩාර මහතා මෙසේ කීවේය.


”ශ‍්‍රී ලංකාවේ කඳුකරයේ ප‍්‍රදේශ රැසක් ඇතුළු දිස්ති‍්‍රක්ක ගණනාවකට අපි දැනටමත් නාය යෑම් අනතුරු ඇ`ගවීම් කර තිබෙනවා. මේ ස්ථානයන්හි පදිංචි ජනතාවත් ඒ ප‍්‍රදේශයේ පාලන අධිකාරියත් මේ ගැන දැනුම්වත් කරලා තිබෙන්නේ. සාමාන්‍යයෙන් පෑවිල්ලක් තිබෙන කාලයේ නායයෑම් අවදානමක් නැතත් අධික වැසි වැටෙන අවස්ථාවලදී නාය යෑමේ අවදානමක් තිබෙනවා. ඒ නිසා මේ ජනතාවට අවදානම් සහිත ස්ථානවලින් ස්ථිරව ඉවත්විය නොහැකිනම් තද වැසි ඇතිවන අවස්ථාවල දී තාවකාලිකව හෝ එතැනින් ඉවත්ව සිටීමෙන් තමන්ගේ ජීවිත අනතුරට පත්කර ගන්නේ නැතිව සිටිය හැකියි. නමුත් කොතරම් දැනුම්වත් කළත් එය සිදුවන්නේ නැහැ.”


ශී‍්‍ර ලංකාවේ ස්වභාවික පරිසරය මේ වනවිට විශාල ලෙසින් විනාශකර දමා තිබේ. එබැවින් මේ වන විට නාය යෑම් යනු  ඕනෑම වර්ෂා කාලයකදී ශී‍්‍ර ලංකාව තුළින් අසන්නට දකින්නට ලැබෙන දෙයකි. මෙවැනි නාය යෑම් මගින් සිදුවන ජීවිත හා දේපල හානිය අතිවිශාලය. නාය යෑමක් සිදුවිය හැකි භූමියක් කලින් හඳුනාගත හැකිනම් නායකින් සිදුවන හානිය අවමකර ගැනීමේ හැකියාව පවතී.


කඳු මුදුනක සිට බැලීමෙන් කලින් නාය ගිය ස්ථානයක් පහසුවෙන් හඳුනාගත හැක. මෙවැනි භූමියක් සුළු වැස්සකදී වුවද නැවත කි‍්‍රයාත්මක වී නාය යෑමකට ගොදුරුවීමේ ඉඩකඩ තිබේ. නාය ගිය තැනක ඒ අවට පරිසරයට වඩා වෙනස් ශාක වර්ග පිහිටීම ද තැන තැන විසිරුණු ගල් පර්වත දැකිය හැකි වීමද විශේෂ ලක්ෂණයකි.


මීට පෙර නාය යෑමක් සිදුවී නොතිබුණ ද ඉතාමත්ම නුදුරු දිනක නාය යාමට ඉඩ ඇති භූමි භාගයන්ද පහසුවෙන් හඳුනාගත හැකිවේ. එවැනි ප‍්‍රදේශයේ භූමියේ සිදුවන ඉරිතැලීම්, පැලූම් සිදුවීම හා විවිධ ස්ථානයන්හි ගිලාබැසීම්ද පහසුවෙන් හඳුනාගත හැක. එමෙන්ම එවැනි භූමි ප‍්‍රදේශයක ඇති නිවෙස්ද ඉරිතලා යාම නාය යෑමක් හඳුනාගත හැකි ප‍්‍රථම සාධකයයි. නාය යෑමක් සිදුවන ප‍්‍රදේශයක ශාක ඇලවීම, නාය යෑමකට පෙර දැකිය හැකි ලක්ෂණයකි. නාය යෑමට ගොදුරුවන ස්ථානයේ ඉහළ කොටස හෙවත් නාය හිස ප‍්‍රදේශයේ ඇති ශාක කන්ද දෙසට ඇලවීමක් පෙන්වන අතර නාය යන කොටසේ පහළ හෙවත් නාය පාදයේ ඇති ශාක කන්දෙන් පහළට ඇලවීමක් පෙන්වයි.


පොළොවේ තැන තැන හටගන්නා මඩ උල්පත්ද නාය යෑමක් සිදුවිය හැකි බවට හොඳ ලක්ෂණයකි. එමෙන්ම පොළෙව මත අලූත් දිය පහර හටගැනීමත්, ළිං දිය බොර පැහැයට හැරීමත් නාය යෑමක පෙරනිමිත වේ. මෙවන් අවදානමක් සහිත භූමියක පදිංචිවීම නුසුදුසු වන අතර තමන් පදිංචි භූමියක නාය යෑමක් සිදුවිය හැකි ලක්ෂණ දැකිය හැකිනම් නොපමාව එම ප‍්‍රදේශයෙන් ඉවත්වීම හා බලධාරීන් දැනුවත් කිරීම කළයුතු කාර්යයකි.


තමන් ජීවත්වන නිවස සම`ග දැවන්ත පස් ගොඩක් ක්ෂණයකින් පෙරළී එන්නේනම් මරණයට ගොදුරුවීම හැර කළ හැකි කිසිවක් නොවනු ඇත. එහෙත් තම පරිසරය ගැන අවධානයෙන් සිටින්නේනම් නාය යෑමක් කලින් හඳුනාගැනීම අපහසු නොවන කාර්යයකි. කෙසේ වෙතත් අධික වර්ෂාවක් පවතින අවස්ථාවකදී මෙවන් ස්ථානයන්හි සිටීම මරණයකින් කෙළවර විය හැක. අනාගතයේදී නාය යෑම් යනු ඉතාමත්ම බහුලව සිදුවන්නක් බව මේ වන විට පසක් වී තිබේ. මුළු ශී‍්‍ර ලංකාවේම සියළුම කඳු නාය යමින් පවතිනවායැයි සිතෙන තරමටම නාය යෑම් බහුලව ඇත. එවන් අවදානමකට අප රට පත්වූයේ අපේම කි‍්‍රයාකාරීත්වය හේතුවෙනි.


නාය යෑමේ ලක්ෂණ කලින් හ`දුනාගත හැකි වුව ද එවැනි තැන් හ`දුනාගෙන දැනුම්වත් කැර තිබුණ ද ඒවායේ පදිංචි කරුවෝ ඒ ස්ථානවලම ජීවත්වීම ජීවිත රැුසක් අකාලයේ බිලිදීමකි. කොස්ලන්දේ පසුගිය දා නාය ගිය ස්ථානය ගැන මුල්ම අනතුරු හැ`ගවීම කරන ලද්දේ 2005 වර්ෂයේ දී ය. ඉන් පසු 2007, 2011 හා 2014 වර්ෂවලදී ද මේ ස්ථානය සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අනතුරු හැ`ගවීම් නිකුත් කැර තිබිණි.එසේ වුව ද මිනිස් ජීවිත සිය ගණනින් බිලි ගනිමින් කන්දක් පහත්වන තුරු මේ අනතුරු හැ`ගවීම් ගැන ගතයුතු නිසි කි‍්‍රයාමාර්ග ඉටු වූයේ නැත. අවම වශයෙන් මරුවා සම`ග ජීවත් වූ මිනිසුන් හෝ ඒ ගැන සිතුවේ ද යන්න ගැටළුවකි. දැන් සියල්ල සිදුවී අවසන්ව ඇත. මෙවැනි තවත් ස්ථාන රැසක් රට පුරාම පවතී. ඒ ස්ථානයන්හි දිවි ගෙවන මිනිසුන් බේරාගැනීමට විධිමත් වැඩපිළිවෙලක අවශ්‍යතාව මතුව ඇත.


m



අදහස් (0)

නාය යෑමක් සිදු වෙන්නේ මෙහෙමයි

ගමගේ Thursday, 06 November 2014 02:58 AM

නායයෑම් අවදානම පවතින ප්‍රදේශවල ඉඩම් භාවිතය පිළිබඳ සමීක්ෂණයක් වහාම පවත්වා නොගැළපෙන භාවිතයන් ඉවත්කළ යුතුයි. (නි)

:       0       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 22 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


සාධාරණ බදු ක්‍රමයක අවශ්‍යතාවය
2024 අප්‍රේල් මස 23 39 0

ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට හේතු සෙවීමේ දී ප්‍රධාන හේතුවක් ලෙස පෙනී යන්නේ ලංකාවේ බදු ක්‍රමයේ ඇති දුර්වලතා සහ අපේක්ෂිත බදු ඉලක්ක කරා ගමන් කිරීමට ර


නරියාකන්ද ඛේදවාචකය උගන්වන පාඩම
2024 අප්‍රේල් මස 23 81 0

දියතලාව නරියාකන්ද (ෆොක්ස්හීල්) මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගයක් අතරමැද දී සිදුවූ අනතුරකින් තරගය නරඹමින් සිටි පුද්ගලයන් හත් දෙනකු මරුමුවට පත්වී තවත්


වනමද සැනහෙන සොබා විල්තෙර - බළන්ගොඩ හුණුගල් පොකුණ
2024 අප්‍රේල් මස 22 344 0

‍නෙත් මානයට නොගැටෙනතාක්බොහෝ සොඳුරු ඉසව්වන් අනාගතයට සුරක්ෂාවේ. එවන් සොඳුරු වූ මානයන් මිනිසාගෙන් වහන් වන තාක් තවත්බොහෝ කල්පවතිනු ඇත. එවන් සොඳුරු වූ ප්


වෛද්‍ය අධ්‍යාපනය කොයිබටද?
2024 අප්‍රේල් මස 22 451 0

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට අනුව රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් පිරිනමන උපාධි පාඨමාලා අතරින් වියදම්කාරී තත්වයෙන් දෙවැනි තැනට පත් වන්නේ එම්. බී බී.


රාජ්‍ය සේවකයන් දේශපාලක අතකොලුවීමට ඉඩ නොදෙමු
2024 අප්‍රේල් මස 22 82 0

ඉදිරි මාස 6ක කාලය ඇතුළතදී මේ රටේ ජාතික මැතිවරණයක් පැවැත්වීමට නියමිතය. ව්‍යවස්ථානුකූලව මීළඟ ජනාධිපතිවරණය ලබන සැප්තැම්බර් මැද සහ ඔක්තෝබර් මැද කාලය ඇතු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 267 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1615 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1505 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site