IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


නාමල් කුමාරගේ කියන තිත්ත ඇත්ත

ඉන්දිකා රාමනායක

 

රටක් කළඹා පුවත් මැවු නාමල් කුමාරගේ තොරතුරු සොයා යාමේ දී අදාළ තොරතුරු ඔහුගෙන්ම ලබාගැනීමේ අවස්ථාව ලංකාදීපයට හිමි විය. ඔහු සමඟ කළ කතාබහ මෙසේ සටහන් වෙයි.

 

නම -  අත්තනායක මුදියන්සේලාගේ නාමල් කුමාර

වයස- (32)

ගම - අම්පාර මහඔය,

පවුලේ අය -  සහෝදරයන්  සිව් දෙනෙකුම හමුදාවේ සේවය කළා එක්කෙනක් මියගියා, තවත් කෙනෙක් ආබාධිතයි, තවත් කෙනෙක් යුද්ධයේ දී මියගියා.

පාසල - මහඔය , බොරපොල විදුහල.

අධ්‍යාපන සුදුසුකම් -අපොස සාපෙළ දක්වා ඉගෙන ගත්තා  2002 පාසලේන් ඉවත් වුණා.

රැකියාව- 2004 රැකියාව සහා කොළඹට පැමිණියා. ආයතන කිහිපයක   කම්කරු අංශයේ සිට අලෙවි අංශය දක්වා  රැකියා කළා.

විවාහය - 2014 වරකාපොල දී විවාහ වුණා. බිරිඳ බාහිර උපාධි අපේක්ෂිකාවක්. විවාහයෙන් පසු  වරකාපොළකරඳතුල්හිරියේම  පදිංචි වුණා.

දුෂණ විරෝධී  බළකාය බිහිවුණේ කොහොමද - 

මෙම ගමනේ ආරම්භය වරකාපොළ ගමෙන්.   අපේ ගමේ  පවුල්  7-8 ක් පමණ ජීවන උපාය වශයෙන්  මත්පැන්  පෙරා විකුණන පවුල් කිහිපයක් තිබෙනවා,  තවත්  නිවසක් මත්කුඩු විකුණන පවුලක් ද සිටිනවා. මේ හේතුවෙන් ගමට අයට  හරිම කරදර සිදුවුනා. මට මේක නවත්වන්න   ඕනේ වුනා. මම පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් සමග සම්බන්ධ වෙලා එය නතර කරන්න උත්සහ ගත්තා.

මට මෙහිදී අවශ්‍ය වුනා  මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන්   දැනුවත් වෙන්න  දැනුම ලබාගන්න.   2016 වසරේ මම  අන්තරායකර  ඖෂක පාලක මණ්ඩලයේ මත්ද්‍රව්‍ය නිවාරණ උපදේශක  වරයකු වශයෙන් පාඨ මාලවක් හැදෑරුවා. පසුව  එම පාඨමාලාව හදාරා මුල්ම   දේශණය මගේ ගමේ අයට  ලබාදුන්නා. ඉන්  නොනැවතී  මම  දිවයින පුරා මගේ දේශන සිදුකළා. මේ කාලයේ මට නොයෙන්  දෙනා හමුවුනා.

මේ කාලේ  දුෂණ විරෝදී බලකාය නමින් දුෂණයට එරෙහිව හඩ නගන්න මම ෆේස් බුක් එකේ සිංහල සංවිධාන එක්ව කටයුතු කළා. අන්තවාදීන්ට එරෙහිව අපි ෆෝස්බුක් එකේ විශාල හඩක් නැංවුවා.

ඔබේ මුලම පෙනී සිටීම - පොහෝ දිනවල   මත්පැන් හල් විවෘත කළ යුතු බවට  මංගල සමරවීම මහතා පාර්ලිමේන්තුවේ යෝජනාවක් ගෙන්න හිටියා.

මම මේ සිද්ධියට විරෝධය දක්වා දළදාමාලිගාව ඉදිරිපිට  2017.7.2 දින  පෙරවරු 10.00 ට  මාරාන්තික උපවාසයක් ආරම්භ කළා.

ඒක නතර කළේ ඇයි -

එදින රාති‍්‍ර 10.00 ට පමණ    ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයෙක් මට කථා කරලා ජනාධිපතිවරයා දැනුම් දුන්නාලූ එතුමා බලයේ සිටින තෙන් ඒ වගේ දේවල වලට  අනුමැතිය ලැබෙන්නේ නැහැ කියලා. පස්සේ මම උපවාසය නතර කළා. මේ සිද්ධියෙන් බෝහෝ දෙනෙක් මා පිළිබ`දව දනගත්තා.

පොලිස්පතිවරයා හදුනාගත්තේ කොහොමද  -   උපවාස  කි‍්‍රයාදාමයන්  දැක්ක ප‍්‍රංශයේ තුෂාර පීරිස් කියලා කෙනෙක් (එයා  ඩයස්පෝරාව සමග සම්බන්ධයි) ෆෝස්බුක් එකේ   මා සමග හිතවත් වුනා. ඔහු කිව්වා මේ රටේ සිංහලයන්ට ප‍්‍රශ්න තියනවා.  මුස්ලිම් අයගෙන් තමයි මේ ප‍්‍රශ්න එන්නේ අපි ගරිල්ලා සංවිධානයක් වශයෙන්    නැගෙනහිරින් සන්නද්ධ වෙමු . මම  කැමැතිනම් මම ඔයාට බෝට්ටුවලින් ආයුධ එවන්නම් කියලා.  දැනුම් දුන්නා.මේ යන්නේ රටේ ලොකු අගතියක් වෙන්න කියාල මට තේරුම් ගිය නිසා  2017 අගෝස්තු මස දින මම දුරකනයෙන් පොලිස්පතිවරයා ඇමැතුවා.

නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා හදුනාගත්තේ -

එම සිද්ධිය පොලිස්පතිවරයාට දැනුම් දුන් පසු  පොලිස්පතිවරයා මගින්  ත‍්‍රස්තාවාදී විමර්ශන  ඒකකයේ  නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා හදුන් ගන්න ලැබුණා.

තුෂාර පීරිස් සම්බන්ධ ගෝ තොරතුරු   ලබා දුනනාද  - ඔව් ඔහු මට කළ  යෝජනා ඇතුලූ සියලූ මම සාක්කි සමග නාලක සිල්වා මහතා වෙත බාරදුන්න. පසුව මම එතුමා  සමග කටයුතු කළා.

රෝහින්ගයා  සරණගතයින්ට පහර දුන් සිද්ධියේ සැකකරුවන්  අල්ලා දුන්නේ ඔබ නේද -

රෝහින්ගයා සරණාගතයින්ට   ගල්කිස්සේ දී ප‍්‍රහාරය එල්ල  වුනා. මෙම සිද්ධියෙන්    සැකකරුවන් වශයෙන් නම්   කර සිටි අරඹේපොල රතනසාර හිමියන්,   චින්තක සංජීව,  ඩෑන් පි‍්‍රයසාද්,   ජනිත මීපගේ යන අය අත්අඩංගුවට ගන්න මගෙන් උදව් ඉල්ලූවා.   මම මුලින්ම  දුන්නේ නැහැ නමුත් ජාතික ආරක්ෂාව පිළිබ`ද හිතලා මම අවශ්‍ය සහය ලබාදෙන්න සිද්ධ වුනා.එම තොරතුරු මත  මෙම පිරිස අත්අඩංගුවට පත් වුනා.

මහනුවර සිද්ධියේ ද  වුනේ මේ දේමයි. නාලක සිල්වා මහතා මගෙන් උදව් ඉල්ලා සිටියා. ඔහු දන්නවා මම  මහසොහොන් බලකායේ අමිත් වීරසිංහව දන්වා කියලා. එම නිසා මගෙන උදව ඉල්ලූවා. ඒ අනුව මහසොහොන් බලකායේ අමිත් වීරංසිංහ ඇතුලූ කිහිප දෙනෙක් අත්අඩංගුවට ගන්න මම සහය වුනා.

මෙම සිද්ධීන්  විතරක්  නෙමෙයි.රටේ සිදුවු අපරාධ,   නිධන්  හැරීම වැනි අපරාධ සම්බන්ධයෙන් ද මම පොලිසියට තොරතුරු ලබා දී තිබෙනවා.

මෙතෙරම්  සහයෝගයෙන් කටයුතු කරලා ඇයි  නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා සමග විරසක වුනේ.-

නාලික සිල්වා  කියපු  දේක රෙකෝඞ් මා ළග තියනවා කියලා . මම දවසක් පිටකොටුවේ දී ඩෑන් පි‍්‍රයසාද්ට සිද්ධිය කිව්වා.. ඔහු ඒ මගින් දැන ගත්තා  

පොලිසියට තොරතුරු ලබා දීම සම්බන්දයෙන් පොලිස් ත්‍යාග මුදලින් රුපියල් ලක්ෂ 5 ක් ලැබුණා නේද-

රෝහින්ගයා සිද්ධියට රුපියල් ලක්ෂ 2 1/2 හා දිගන සිද්ධියට ලක්ෂ 2 1/2 ලැබුණා.

රටක් කැළඹු  පුවත් මැව්  ඔබට මේ සිද්ධයෙන් පසු ජීවිත තර්ජන නැද්ද -

මට ඇති ජීවිත තර්ජන ගැන හිතා ගන්න බැහැ. කාගේ අතින් මට අනතුරක් වෙයිද කියලා මට හිතාගන්න බැහැ. මට පොලිසියේ ආරක්ෂාවක් ඉල්ලා පොලිස්පතිවරයා ළගට යන්න බැහැ. මම  ජනාධිපතිවරයාගෙන් තමා ආරක්ෂාව ඉල්ලා සිටිනේනේ.

 

ඡායාරූප - ළහිරු හර්ෂණ

 

 



අදහස් (9)

නාමල් කුමාරගේ කියන තිත්ත ඇත්ත

SAMEERA Monday, 17 September 2018 07:28 AM

පරිස්සමින්, දෙපත් නයෙක්..

:       230       503

nuwan Monday, 17 September 2018 09:11 AM

මත්ද්‍රව්‍ය නිවාරණය ගෙදරින් පටන් ගත්තොත් හොදයි වගේ පෙනෙන්නේ.......

:       35       214

vipula Wednesday, 19 September 2018 09:02 AM

සරණාගතයන් රටට පැමිණීම අනතුරක් නෙමෙයිද?

:       16       100

විජිත් Wednesday, 19 September 2018 09:31 AM

මෙයා නිසා ප්‍රශ්න ගොඩක් අලුතින් මතුවෙලා තියෙනවා. මෙයා කියන විදිහට රටේ ආරක්ෂාවට ඒ වගේම මහජනයාගේ සුභසිද්ධියට අදාල හොඳ වැඩ කොටසක් මෙයා කරලා තියෙනවා. නමුත් නාලක සිල්වා "පාවාදීමට"හේතුව අපැහැදිලියි. ඒ නිසා වැරදි කවුද? නිවැරදි කවුද? යන්න ඉතාම බුද්ධිමත්වම තීරණය කිරීම පරීක්ෂණ කටයුතු කරන මහත්වරුන් සතු කාර්යයක්... අනිවාර්යයෙන්ම පරීක්ෂණ මෙහෙයවන අය නිර්පාක්ෂිකයින් විය යුතුමයි. අපි බලාගෙන ඉඳිමු..

:       3       112

Sinhalaya Wednesday, 19 September 2018 02:47 PM

සිංහල ජාතිය සිංහලයා විසින්ම පාවා දෙයි ලක්ෂ 5කට... ප්‍රභාකරන් කියලා තියෙන්නේ ඇත්ත.

:       272       675

MO77 Wednesday, 19 September 2018 02:48 PM

මේ පුද්ගලයා පාර්ලිමේන්තුවට වුවමනාවටත් වඩා සුදුසුකම් තියෙනවා. ඊළඟ ඡන්දයේදී ඔහුට ඡන්දය දෙන්න.

:       3       50

hubert Saturday, 22 September 2018 03:23 PM

මානසික රෝගීන් තවත් නැහැ වගේ..

:       0       2

leena Saturday, 22 September 2018 04:02 PM

සිංහලයාට ආදරේ, බෞද්ධ ආගමට ආදරේ, රටට ආදරේ අයව පාවලා දෙන්න පොරොන්දු වෙච්ච කප්පම් පිදේනිය අඩුවෙච්ච් නිසා කට ඇරලා වගේ. විත්තිය හොඳින් පෙනෙනවා.

:       1       10

nimal jayasekara Monday, 24 September 2018 05:47 AM

කියනදේ හදවතට එකඟව කියන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31225 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13392 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10975 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 82 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 912 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 273 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site