IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


නුදුටු කුටියයි කතරගම ජනප්‍රවාදයි

කතරගම දේවාලය මුල් කර ගෙන සෑම වසරකදීම පෙරහර මංගල්‍ය තුනක් පැවැත් වේ. ඒ පෙරහරට කාවාඩි, මොණර නැටුම් ඇතු`ඵ අංගද අලි ඇතුන්ද එක්කර ගැනෙති. කතරගම දෙවියන් වැඩමවාගෙන මේ පෙරහර වීදි සරයි.

 ඇතා පිටින් දෙවියන් වැඩම වන කරඬුව ඇතුළු මාලිගයට වැඩම කැරැවූ ගමන් දෙවින් වැඩම වන ඇතා අසළට කොල්ලේ කුරුට්ටෝ එකතු වෙති. කර`ඩුවට පැළැඳ වූ මල් මාලයක් ගැනීමට ඔවූහු පොරකති.

 මල් මාල 30 ක් විතර මේ කරඩුවට පැළැඳවති. එකක් ගන්නට 100 ක් විතර පෙර කති. සමහර අයට මල් මාලයක් ලැබෙන්නේ නැහැ මල් මාලයකින් කැඩුණු කෑල්ලක් තමයි අතට අහුවෙන්නේ  ඒ ලැබෙන මල් මාල කෑල්ල  වැඳුම් පිදුම් කිරීමට ගෙදර ගෙන යති.

1 5 12(1) IMG_8322


කතරගම දේවාලය යනු ලංකාවේ ඇති පැරණිම පෙරහැර මංගල්‍යයි. කතරගම දේවාලයේ සිදු කරන සෑම චාරිත‍්‍රයක්ම අතීතයේ සිදු වු සත්‍ය සිදුවීමට නෑකම් කියයි.  

කි‍්‍රස්තු පුර්ව  161 සිට 133 දක්වා රජකල දුටු ගැමුණු මහා රජතුමන් කතරගම දේවාලය ඉදිකර කඳ සුරිදුන්ට පුජාකර ඉරහ  පවතිනා තුරා කතරගම දෙවියන්ට චාරිත‍්‍ර ඉටුකිරිමට නියෝග කළ බව ඉතිහාසය කියයි.

එතැන් සිටි කතරගම දේවාලයේ සියලුම පුද චාරිත‍්‍ර අඛණ්ඩව සිදු කැරෙයි.

කතරගම යන එන කිසිවකුට කිසිදා නැරඹීමට නොහැකි පුද  සත්කාර කැරෙන ලබන අපුරු කුටියක් ඇත.

කතරගම දේවාලයේ ප‍්‍රධානම  පරිපාලන නිළධාරියා වන්නේ බස්නායක නිළමේය. මේ නිළයට අදළ නිළ නිවසක්ද ඇති අතර කතරගම දේවාලය ආසන්නයේ මෙම වලව්ව පිහිටා ඇත. දුටුගැමුණු මහා රජතුමා ගේ මාමා වන අයකු දේවාලයේ ප‍්‍රථම බස්නායක නිළමේ ලෙස පත් වු අතර  එතැන් සිට මේ දක්වා පත් වු සියලුම නිළමේවරුන් මෙම නිල නිවසේ සිට සිය රාජකාරි සිදු කර තිබේ.

මුලින් තිබුණු වලව්වද පිහිටා ඇති භුමියේම මේ දක්වා මෙම වළව්ව පිහිටා ඇති අතර  අතීතයේ තිබුණු වළව්ව ගොම මැටි බිත්ති වලින්   ඉදිකර තිබු බව කතිකාවත්හි සඳහන්වේ.

මෙම කුටිය පිහිටියේ බස්නායක නිළමේ ගේ නිල නිවසේය. අද එහි දුටුගැමුණු රජුට පිං අනුමෝදනා කිරීමේ දානයකි.

6 8 9 ï5



අදහස් (0)

නුදුටු කුටියයි කතරගම ජනප්‍රවාදයි

ප්‍රියන්ජය Monday, 11 July 2016 04:23 PM

සුබ්‍රමන්ය දෙවියන් ජීවමානව වැඩ වාසය කරමින් සිරිලක් දිවයිනත් සම්බුදු සසුනත් ආරක්ෂා කරනවා. එපින් මහිමයෙන් ඒ උත්තමයාණන් වහන්සේට උතුම්වූ ලොව්තුරු සම්මා සම්බුද්ධ සාක්ෂාත් වේවා! කඳසුරිඳුන් හට මාගේ නමස්කාරය වේවා !!! (බ)

:       0       0

කිර්ති Monday, 11 July 2016 10:13 AM

ඉර හද පවතිනා තුරා කඳ සුරිඳු පිහිට සියළු සතට ලැබේවා ! (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 727 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2390 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1755 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site