IMG-LOGO

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා


දේශපාලනය අතීතයෙන් වර්තමානයට

පාරම්පරික එක්සත් ජාතික පාක්ෂිකයන් මෙන්ම නව එක්සත් ජාතික පාක්ෂිකයන් ද මේ දිනවල දැඩි දෙගිඩියාවකට මුහුණ දී සිටින බව පෙනේ. ඒ, තමන් ප්‍රිය කරන එක්සත් ජාතික පක්ෂය පවතින්නේ, අලියා ලකුණ ඇති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු එක්සත් ජාතික පක්ෂය වෙත ද, ටෙලිෆෝනය ලකුණ ඇති සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය වෙත ද යන්න පිළිබඳවයි.

2020 වසරේදී සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩූ පසුව බොහෝ පාක්ෂිකයෝ සැබෑ එක්සත් ජාතික පක්ෂය ඇත්තේ අලුතින් බිහි වූ සමගි ජන බලවේගය සමග යැයි සිතා එම පක්ෂයට සහාය දුන්හ. එසේ වුව ද, එක්සත් ජාතික පක්ෂය පිළිබඳව ඇදහූ, විශ්වාසය තැබූ, ආදරය කළ බොහෝ දෙනකු සමගි ජන බලවේගයට එකතු වීම නිසා මහා මංමුළාවකට හසු වූ බව දැන් තේරුම් ගනිමින් සිටින බවක් හැම පැත්තකින්ම ඇසෙන්නට පටන්ගෙන තිබේ.

2019 ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා වූ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණය සඳහා තමන්ට නාම යෝජනා අවශ්‍ය බව දැඩිව අවධාරණය කළ අතර, ඒ සඳහා පක්ෂය තුළ කැරැල්ලක් ඇති කිරීමට ද සූදානම් විය. අවසානයේ ඔහුට නාම යෝජනා ලබාදීමට පක්ෂය තීරණය කළේය. ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඡන්ද 14,00,000කින් සජිත් ප්‍රේමදාස මහතා පරාජයට පත්විය. ඉන් පසු පාක්ෂිකයන් විශාල පිරිසක් එක්සත් ජාතික පක්ෂයෙන් කඩාගෙන සමගි ජන බලවේගය පිහිටුවා ටෙලිෆෝනයෙන් ඡන්දය ඉල්ලු‍වේය. රනිල් වික්‍රමසිංහ මහතා නායකයාව සිටියදී මුහුණ දුන් 2015 මහ මැතිවරණයේදී පක්ෂයට ආසන 106ක් හිමි කර දීමට ඔහුට හැකි විය. එහෙත්, සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් මුහුණ දුන් පළමු මැතිවරණයේදී ලබාගැනීමට හැකි වූයේ ආසන 54ක් පමණි. 2019 ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දුන් 27,00,000ක් පමණ එක්සත් ජාතික පාක්ෂිකයෝ පිරිසක් 2020 මහ මැතිවරණයේදී ඡන්දය දීමෙන් වැළකී සිටියහ.

සමගි ජන බලවේගය සහ තවත් දේශපාලන පක්ෂ රැසක් අතර ගොඩනැගෙන සන්ධානයකට අත්සන් තැබෙන බව නොබෝදා ප්‍රකාශයට පත්කර තිබුණ ද, එදින සන්ධානගත වූයේ සමගි ජන බලවේගය සහ ජී.එල්. පිරීස්, නාලක ගොඩහේවා සහ ඩිලාන් පෙරේරා ඇතුළු පොහොට්ටු මන්ත්‍රීවරු පස් දෙනකු සිටින කණ්ඩායමක් සමග පමණි. මේ පිරිස ඒ වන විට ද සමගි ජන බලවේගයේ බලවතුන් බවට පත්ව සිටියහ. පක්ෂයේ හඬ බවට ද, ප්‍රකාශකයන් බවට ද ඔවුන් පත්ව සිටි අතර, පක්ෂය වෙනුවෙන් විදේශ රාජ්‍ය නායකයන් සහ දූත පිරිස් හමු වීමට ද ඔවුහු සහභාගි වූහ. සජිත් ප්‍රේමදාස මහතා නායකත්වයට පත්කිරීමටත්, එම පක්ෂය ගොඩනැගීමටත් කැප වූ පිරිස් අන්දමන්දව සිටියදී මෙම අලුත් පිරිස පක්ෂය පාලනය කරන බලවතුන් බවට පත්ව සිටියහ. දැන් බොහෝ දෙනකුට දැනගැනීමට හැකි වී ඇත්තේ, සමගි ජන බලවේගය එක්සත් ජාතික පාක්ෂිකයන්ගෙන් සමන්විත පක්ෂයක් නොවන බවත්, එය තනිකරම එක්සත් ජාතික පක්ෂයට අයත් නැති පිටස්තරයන් විසින් පාලනය කරන පක්ෂයක් බවත්ය.

අරගලයෙන් පසු ගොඩනැගුණු අවුල් තත්වය හමුවේ රටේ පාලනය පිළිබඳව ඉතා ගැටලු සහගත තත්වයක් ඉස්මතු විය. සජිත් ප්‍රේමදාස මහතාට අග්‍රාමාත්‍ය ධුරය භාර ගන්නා ලෙස ආරාධනා කළ ද, ඔහු එය ප්‍රතික්ෂේප කළේය. එම තනතුර භාර ගන්නා ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට කරන ලද ආරාධනය ඔහු විසින් භාර ගන්නා ලදී. රට මුහුණ දුන් අවාසනාවන්ත සහ අවුල් සහගත තත්වයෙන් ගොඩ ඒමට නම්, සියලු පාර්ශ්ව එකතු වී සහයෝගයෙන් කටයුතු කළ අවස්ථාවකට රට පත්ව තිබුණි. එසේ වුව ද, සජිත් ප්‍රේමදාස මහතා තමන් මෙන්ම තම පියාට දේශපාලන ක්ෂේත්‍රයේ ඉහළට යෑමට ආධාර කළ එක්සත් ජාතික පක්ෂයේ නායකයාට සහාය වී රට අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා තම දායකත්වය ලබාදීමට තිබූ අවස්ථාව පැහැර හැරියේය.

රනිල් වික්‍රමසිංහ මහතා එකසත් ජාතික පක්ෂයේ ඉතිහාසය තුළ සෑම අවස්ථාවකදීම පක්ෂය ආරක්ෂා කරගැනීම සඳහා පෙරමුණ ගෙන කටයුතු කළේය. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා සමග කටයුතු කරමින් රටට නව මාවතක් හඳුන්වා දීමට ඔහු කටයුතු කළේය. රණසිංහ ප්‍රේමදාස මහතා ජනාධිපති ධුරය හොබවමින් සිටියදී අවස්ථා කිහිපයකදීම පක්ෂය දෙකඩ වන තත්වයක් ඇතිව තිබුණ ද, ඒ සෑම අවස්ථාවකදීම වික්‍රමසිංහ මහතා, ප්‍රේමදාස මහතාට විශාල සහායක් ලබා දෙමින් පක්ෂය දෙකඩ වීම වැළැක්වීමට කටයුතු කළේය. ඒ ආකාරයට පක්ෂය ආරක්ෂා කිරීමට කටයුතු කළ ද, සමහර අවස්ථාවලදී ඔහුට පක්ෂයෙන් අකටයුතුකම් සිදු විය. එක් වරක් විපක්ෂ නායක ධුරය නොලැබුණි. තවත් අවස්ථාවක ජනාධිපති අපේක්ෂකත්වය නොලැබුණි. එසේ වුව ද, ඒ සියල්ල ඉවසමින් ඔහු පක්ෂය ආරක්ෂා කිරීමට කටයුතු කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත් වූයේත්, ඉන් පසු පක්ෂය මෙහෙය වූයේත් පක්ෂය දැඩි අවදානමකට මුහුණ දී සිටි කාලපරිච්ඡේද තුළදීය. පක්ෂයෙන් පත්වූ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ සභාපති සහ මහලේකම් ඇතුළු ප්‍රබල නායකයන් රැසක් ඝාතනය කළ අවස්ථාවක ඔහු පක්ෂයේ නායකත්වය භාර ගත්තේය. එතැන් සිට, රටේ දේශපාලන ක්ෂේත්‍රයේ ඇති වූ වෙනස්කම් සහ අභියෝග සියල්ලට මුහුණ දෙමින් ඔහු පක්ෂය ආරක්ෂා කරගනිමින් කටයුතු කළේය. වසර 25ක කාලයක් පක්ෂයට ජනාධිපති ධුරය හිමි නොවුණ ද, අවසානයේදී ඔහු පක්ෂයට එක මන්ත්‍රී ධුරයක් පමණක් හිමි වූ අවස්ථාවක රටේ ජනාධිපති ධුරයට පත්විය. එහෙත්, එක්සත් ජාතික පක්ෂයේ නායකයා වූ ඔහු ජනාධිපති ධුරයට පත්වීම වැළැක්වීමට කටයුතු කළේ, තමන් එක්සත් ජාතික පක්ෂය ලෙස හඳුන්වනු ලබන සජිත් ප්‍රේමදාස මහතාය. එක්සත් ජාතික පක්ෂයට ජනාධිපති ධුරය හිමි වීම වැළැක්වීම සඳහා ඔහු පොහොට්ටු අපේක්ෂකයකු ජනාධිපති කර, එම ජනාධිපතිවරයා යටතේ අගමැති වීමට ද ඉදිරිපත් විය.

එක්සත් ජාතික පක්ෂයේ බහුතර පිරිස මෙම තත්වය පිළිබඳව දැඩි අවධානයකින් සිටින බව සජිත් ප්‍රේමදාස මහතා මෙන්ම ඔහු වටා ගොනු වී ඇති පොහොට්ටුවෙන් පැමිණි පිරිස අවබෝධ කරගෙන නොමැති බවක් පෙනේ. සමගි ජන බලවේගයේ ප්‍රධාන පෙළේ නායිකාවක සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන තලතා අතුකෝරළ මහත්මිය පසුගියදා ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළ කරුණ පිළිබඳව අවධානය යොමු කළේ නම්, මෙම තත්වය අවබෝධ කරගැනීමට සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසට හැකියාවක් ලැබෙනු ඇතැයි සිතමි. ඇය ප්‍රකාශ කර තිබුණේ, මෙම අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය ලෙස වෙන්ව නොසිට සමගි වී කටයුතු කිරීමේ අවශ්‍යතාවයි.

එක්සත් ජාතික පාක්ෂිකයන් බහුතරයකගේ අවශ්‍යතාව වී ඇත්තේ, පක්ෂ දෙක එකතු වීම බවත්, සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමෙන් සෑහෙන පිරිසක් එම මතය දරන බවත්, තලතා මන්ත්‍රීවරිය ප්‍රකාශ කර තිබුණි. සමගි ජන බලවේගයේ වත්මන් ක්‍රියාපිළිවෙත පිළිබඳව එම පක්ෂයට සහාය ලබාදුන් සැලකිය යුතු පිරිසක් කල කිරීමට පත්ව ඇති බව ද ඇය පෙන්වා දී ඇත. එක්සත් ජාතික පාක්ෂිකයන්ට දැන් අවශ්‍ය වී ඇත්තේ, තමන්ට ජනාධිපති ධුරය හිමිව ඇති අවස්ථාවක එය ද ආරක්ෂා කරගනිමින් පක්ෂයේ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමට හැකි රටක් ගොඩනැගීමටය. එවැනි තත්වයක් තුළ රට පැවැති ආර්ථික අර්බුදයෙන් ගොඩ ගෙන මහජනතාවට සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට හැකි සාමකාමී පරිසරයක් නිර්මාණය කළ රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු පාක්ෂිකයන් හැම දෙනාගේම එකමුතුවෙන් යුතු ගමනක් යෑම පක්ෂයට ඇති එකම මග බව ඔවුන්ගේ අදහස වී ඇත.

රටට අද අවශ්‍ය වී ඇත්තේ සියලු දෙනාම එකතු වී දේශපාලන හෝ අනෙකුත් භේදවලින් තොරව රටේ අභිවෘද්ධිය වෙනුවෙන් සියලු දෙනාම එකතු වී කටයුතු කරන යුගයක් නිර්මාණය කරගැනීමටය. පොදු ජන පෙරමුණේ විශාල පිරිසක් රනිල් වික්‍රමසිංහ මහතා නැවත වරක් ජනාධිපති ධුරයට පත් කරග‍ත යුතු යැයි ප්‍රකාශ කරන්නේ, රටට මෙම අර්බුද අවස්ථාවේදී නායකත්වය ලබා දිය හැකි පුද්ගලයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පිළිගන්නා බැවිනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතර මන්ත්‍රීවරු පිරිස රනිල් සමගය. ලංකා කම්කරු කොංග්‍රසයේ නායක සෙන්දිල් තොණ්ඩමන් මහතා ඇතුළු පිරිස ඔහු සමගය. උතුරු සහ නැගෙනහිර පළාත්වල දේශපාලන පක්ෂ රැසක් දැනටමත් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදීමට තීරණය කර තිබේ. මේ වන විට ජනාධිපතිවරණයට ඉදිරිපත් වේ යැයි අදහස් කෙරෙන අපේක්ෂකයන් අතරින් වැඩිම දේශපාලන පක්ෂ ප්‍රමාණයක ද, විවිධ ජන කණ්ඩායම්වලින් සහාය ලබාගත හැකි අපේක්ෂකයා ලෙස ද සැලකෙන්නේ ඔහුය.

සමගි ජන බලවේගය තුළ මුලින් ඒකරාශි වූ එක්සත් ජාතික පාක්ෂිකයන් බහුතරයක් අද සිටින්නේ එක්සත් ජාතික පක්ෂයට ජනාධිපති ධුරය හිමිව තිබෙන මෙම අවස්ථාව යළි අහිමි කරගැනීමෙන් වැළකිය යුතුය යන ස්ථාවරයේය. සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමේ ද සැලකිය යුතු පිරිසක් මෙම මතය දරන බව ප්‍රසිද්ධ රහසකි. තලතා අතුකෝරාළ මන්ත්‍රීවරියගේ ප්‍රසිද්ධ අදහස් දැක්වීමෙන් එළියට ආවේ එම හැඟීම්වලින් අංශු මාත්‍රයක් පමණකැයි සිතමි. සමගි ජන බලවේග‍යේ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධානය යොමු කළ යුතුව ඇත්තේ, පොහොට්ටුවෙන් සරණාගතයන් ලෙස පැමිණ, දැන් පක්ෂය පාලනය කරන පිරිස ගැන නොව, සැබෑ එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ අවංක අපේක්ෂාව සහ අවශ්‍යතාව පිළිබඳවය.

 

(***)
කැලණිය විශ්වවිද්‍යාලයේ
ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ
හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
සුනන්ද මද්දුමබණ්ඩාර



අදහස් (5)

දේශපාලනය අතීතයෙන් වර්තමානයට

Lashintha Thursday, 11 April 2024 04:08 PM

ප්‍රතිචාර කලාට වැඩක් නෑ...

:       0       0

නන්දන Saturday, 13 April 2024 03:46 PM

මෙම ලියුම්කරුට යමක් මතක්කර දිය යුතුව ඇත. සජිත් ප්‍රේමදාස මහතා ප්‍රතික්ෂේප සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිත්වය යටතේ අගමැති කම බාරගැනීමටයි. එසේ වූවානම් අදටද ගොඨාභය රාජපක්ෂ මේ රටේ ජනාධිපතිවරයායි. පාර්ලිමේන්තුවේ දී සජිත් ප්‍රේමදාස මහතා සහ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එක හෙලාම කියා සිටියේය. ගෝඨාභය මහතාට ඉල්ලා අස්වීම හෝ අස්වීමේ දිනයක් ප්‍රකාශයට පත් කරන ලෙසයි. ඔහු එසේ නොකලේය. ඒ වෙනුවට රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය තනතුරට පත්කර ගත්තේය. රනිල් වික්‍රමසිංහ මහතා ද කිසිදු කොන්දේසියක් නොමැතිවම තනතුර බාර ගත්තේය...

:       3       6

තරංගWednesday, 17 April 2024 08:53 AM

ඒ කාලයේ ඉගෙන ගත් සියලුම සරසවි සිසුන්ට මාගේ සංවේගය...

:       0       2

චන්දනWednesday, 17 April 2024 09:55 AM

ඒ බාර ගත්තු එක හොඳට ගියා නේද? නන්දන - රටේ ජනාධිපති පැනලා ගිහින් රට අරාජික වෙලා තියෙද්දී පාර්ලිමේන්තුව වට කරලා පහර දෙන්න තියෙද්දී බේර ගත්තේ කවුද?

:       1       2

Charitha Tuesday, 16 April 2024 04:23 PM

ලියුම්කරු විසින්, රනිල් ලොක්ක උස්සන්න කළ අසාර්ථක උත්සහයක් . අපි රනිල් දාලා ආවේ 2019 ජනාධිපතිවරනේදී සජිත් පරාද කරන්න කරපු දේවල් ඇස් වලින්ම දැක්ක නිසා .කොහෙවත් තිබ්බ නැති ඇමරිකන් ගිවිසුමක් 2019 මැතිවරණ ව්‍යාපාරය යද්දී මැදින් දැම්ම . ඡන්දෙට දවස් 7ක් තියල කව්රු දිනුවත් මමයි අගමැති කීවා . තමන්ගේ පක්ෂේ අපේක්ෂකයා පරද්දන්න ඔය වගේ දෙකයි පනහේ වැඩ තොගයක් කරපු නිසයි හරි යු එන් පී කාරය සජිත් එක්ක එළියට ආවේ . මේ පාර රාජපක්ෂලා බේරාගත්තේ රනිල් කියල අපි දන්නවා. හැබෑ ඔක්කොම යු එන් පි කාරය සජිත්ගේ එකේ ,,එකේ දෙකක් නැ .

:       1       2

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ආර්ථිකයේ ඉදිරි ගමනේ දුෂ්කරතා
2024 අප්‍රේල් මස 29 228 3

ආර්ථිකයේ තත්වය, ණය ප්‍රතිව්‍යුහගතකරණය, විසඳාගතයුතු කරුණු ජා.ජ.බ. සමග විවාදය යනාදී කරුණු සම්බන්ධයෙන් ආචාර්ය හර්ෂ ද සිල්වා සමග කළ සාකච්ඡාව මෙවර සඳුදා හම


මගී ප්‍රවාහන බෝට්ටු සේවා අතරමග නතර කළේ ඇයි?
2024 අප්‍රේල් මස 29 395 0

උත්සවශ්‍රීයෙන් හොඳ ආරම්භයක් ගෙන සද්ද නැතිවම අතහැර දමන ව්‍යාපෘති ආරම්භ කෙරෙන්නේම බොරු පුරාජේරු මට්ටමෙනි. ඒවා ක්‍රියාවට නංවන්නේත් ලාබ ප්‍රචාරක වැඩට ක


සත්‍යය අසත්‍යයට පාවාදීම
2024 අප්‍රේල් මස 27 748 1

ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ 1971 කැරැල්ලෙන් පසු සිරගතව සිට 1977 දී යළි නිදහස ලැබූ පසු වෙනස්ම ආකාරයේ දේශපාලන වැඩ පිළිවෙළක් ඉදිරිපත් කළහ.


පාස්කුදා ප්‍රහාර පරීක්ෂණවලට දේශපාලනය ගාවගන්න එපා
2024 අප්‍රේල් මස 27 145 1

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ තවත් පාර්ලිමේන්තු විවාදයක් පසුගිය දින තුනක් තිස්සේ පැවැත්විණි. සමගි ජනබලවේගය මගින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවක් අනුව ප


සංවර්ධනය පස්සට දාන සටන් පාඨ
2024 අප්‍රේල් මස 26 790 4

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමට නියමිත ව තිබුණේ 2015 දී ය. එහෙත් එය සැබැවින්ම විවෘත කළේ පෙරේදා ය. එනම් විවෘත කිරීමට නියමිත වසරට වඩා වසර 9කට පසු ය. කෙනෙක් ලංකාව


කපටි දේශපාලකයන්ගේ පොරොන්දුවලට නොරැවටෙමු
2024 අප්‍රේල් මස 26 195 0

“වළක වැටීම මොළයට ලාභයක්” යැයි කියවුණ ද අපේ බොහෝ දේශපාලනඥයන්ට එය වලංගු නොවන සෙයකි. හැට නව ලක්ෂයක ජනතාවකගේ වරමින් අනුහස් සහිත විධායක ජනාධිපති පුටුවේ වා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 390 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1787 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1618 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site