ලංකාවේ අගවිනිසුරුවරයකු එම තනතුරෙන් ඉවත් කළ හැක්කේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 වැනි වගන්තියට අනුකූලවය. ඒ යම්කිසි විනිශ්චයකාරවරයකු ඉවත් කිරීම සඳහා ඔප්පු වී ඇති විෂම පැවැත්ම හෝ අබලතාවය හෝ පදනම් කොට ගෙන (නොපැමිණි මන්ත්‍රීවරයන්ද ඇතුළුව) පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රීවරයන් සංඛ්‍යාවෙන් බහුතර සංඛ්‍යාවක් විසින් සම්මත කරන ලද පාර්ලිමේන්තුවේ යෝජනාවක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරනු ලැබීමෙන් පසු ජනාධිපතිවරයා විසින් කරන ලද නියමකට අනුවය. ලංකාවේ මුලින්ම අගවිනිසුරුවරයකුට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් වූයේ 1984 දීය. හිටපු අගවිනිසුරු නෙවිල් සමරකෝන් මහතා 1984 මාර්තු මස කොල්ලුපිටියේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේදී කළ කතාවක් පදනම් කරගනිමි ලංකාවේ අගවිනිසුරුවරයකුට එරෙහි ප්‍රථම දෝශාභියෝගය පාර්ලිමේන්තුවට ගෙන ආවේය. එම යෝජනාව ඉදිරිපත් කළ කමිටුවේ සාමාජිකයන් හත් දෙනා අතර වත්මන් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ද විය. ආර්. ප්‍රේමදාස (සභාපති) , නිශ්ශංක විජේරත්න, ඇම්.එල්.එච්. අබුසාලි, වසන්ත උදයරත්න, ආර්. පද්මනාදන්, දොස්තර එස්.වයි.එස්.බී. හේරත් සෙසු සාමාජිකයෝ වූහ. එම දෝෂාභියෝග කටයුතු ඉදිරියට යන අතරතුර නෙවිල් සමරනෝන් මහතා සිය ධුරයෙන් විශ්‍රාම ගියේය. මහත් ආන්දෝලනයකට තුඩු දුන් අගවිනිසරුවරයකුට එරෙහි දෙවැනි දෝෂාභියෝගය ගෙන ආවේ සරත් එන් සිල්වා මහතාට එරෙහිවය. විෂම පැවැත්ම හා අබලතාවය පිළිබඳ චෝදනා ඉදිරිපත් කරමින්  රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරය දරන සමයේ එක්සත් ජාකිප පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීන් විසින් එම චෝදනාව එවකට කතානායකව සිටි අනුර බණ්ඩාරනායක මහතාට භාර දෙනු ලැබීය. ඒ සමගම සරත් එන් සිල්වා මහතා එම දෝෂාභියෝගය පාර්ලිමේන්තු න්‍යායපත්‍රයට ඉදිරිපත් නොකරන ලෙද අධිකරණයට දන්වා  වාරණ නියෝගයක් ලබා ගත් අතර, පාර්ලිමේන්තුවේ ඇති උත්තරීතර භාවය පවසමින් කතානායක වරයා එහ වාරණ නියෝගය ගණන් ගත්තේ නැත. හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය විසින් පාර්ලිමේන්තුව විසිරුවීමත් සමග එම දෝෂාභියෝගය ද ඉදිරියට ගියේ නැත.   ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 වගන්තිය. (ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ විනිශ්චකාරවරයන් පත් කිරීම හා ඉවත් කිරීම) (1) අග්‍ර විනිශ්චයකාරවරයා ද අභියාචනාධිකරණයේ සභාපතිවරයා ද, ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ වෙනත් සෑම විනිශ්චකාරවරයෙක් ද 41 ඇ ව්‍යවස්ථාවේ විධිවිධානවලට යටත්ව ජනාධිපතිවරයා විසින් ස්වකීය අත්සන යටතේ වූ අධිකාර පත්‍රයක් මගින් පත්කරනු ලබන්නාහ. (2) ඉහත කී සෑම විනිශ්චයකාරවරයෙක්ම යථා පැවැත්මෙන් සිටිනා තාක් ධුරය දරන්නේය. ඒ යම්කිසි විනිශ්චයකාරවරයකු ඉවත් කිරීම සඳහා ඔප්පු වී ඇති විෂම පැවැත්ම හෝ අබලතාවය හෝ පදනම් කොට ගෙන (නොපැමිණි මන්ත්‍රීවරයන්ද ඇතුළුව) පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රීවරයන් සංඛ්‍යාවෙන් බහුතර සංඛ්‍යාවක් විසින් සම්මත කරන ලද පාර්ලිමේන්තුවේ යෝජනාවක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරනු ලැබීමෙන් පසුව ජනාධිපතිවරයා විසින් කරන ලද නියමයකින් හැර විනිශ්චයකාරවරයකු බවත් කළ නොහැක්කේය. එසේ වුවද එවැනි යෝජනායක් ඉදිරිපත් කිරීම සඳහා වූ යෝජනා සම්මතය පිළිබඳ දැන්වීම පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් යටත් පිරිසෙයින් තුනෙන් එකක් විසින් අත්සන් තබා ඇත්නම් හා චෝදිත විෂම පැවැත්ම හෝ අබලතාව පිළිබඳ සම්පූර්ණ විස්තර එහි දක්වා ඇත්නම් මිස කථානායකවරයා විසින් එවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීම සඳහා වූ කිසිම යෝජනා සම්මතයක් භාර ගැනීම හෝ පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීම හෝ නොකළ යුත්තේ ය. (3) ඒ යෝජනා සම්මතය සම්මත කිරීමේ කාර්ය පටිපාටිය ද ඇතුළුව එවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීම සම්බන්ධව වූ ද චෝදිත විෂම පැවැත්ම හෝ අබලතාව විමර්ශනය කිරීම සහ ඔප්පු කිරීම සම්බන්ධව වූ ද විනිශ්චයකාරවරයාට පෞද්ගලිකව හෝ නියෝජිතයකු මගින් හෝ පෙනී සිටීමට සහ කරුණු දක්වා සිටීමට ඇති අයිතිය සම්බන්ධව වූ ද සියලු කාරණා සඳහා පාර්ලිමේන්තුව විසින් නීති මගින් හෝ ස්ථාවර නියෝග මගින් හෝ විධිවිධාන සැලැස්විය යුත්තේය. (4) අග්‍ර විනිශ්චයකාරවරයා වශයෙන් හෝ අභියාචනාධිකරණයේ සභාපතිවරයා වශයෙන් හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ නැතහොත් අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරයකු වශයෙන් හෝ පත් කරනු ලැබූ නැතහොත් ඒ ධුරයක වැඩ බැලීම සඳහා පත් කරනු ලැබූ සෑම තැනැත්තකු ම ජනාධිපතිවරයා ඉදිරියේ හතරවන උපලේඛනයේ දැක්වෙන පත්‍රඥාව හෝ දිවුරුම හෝ දී ඊට අත්සන් තබන තෙක් ධුරයේ කාර්යයන්හි නොයෙදිය යුත්තේ ය. (5) ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයන් විශ්‍රමගත යුතු බවස අවුරුදු හැටපහ වන අතර අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරයන් විශ්‍රාම ගත යුතු වයස අවුරුදු හැට තුන වන්නේ ය.