IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


දූෂණ විරෝධී කමිටුවට කැබිනට් අනුමැතියෙන් ලක්ෂ 75 ක් දුන්නාලු

(*** දසුන් රාජපක්ෂ)

යහපාලන ආණ්ඩුව යටතේ ස්ථාපිත කළ දූෂණ විරෝධී කමිටුව විශ්වාස කළ හැකි ආයතනයක් නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර ඇති බව තෙවැනි පාර්ශ්වයක් හරහා තමන්ට දැනගැනීමට ලැබුණු බව සංචාරක මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වූ ඩී.එස්. ජයවීර මහතා දේශපාලන පලිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ප්‍රකාශ කළේය.

“දූෂණ විරෝධී කමිටුව විශ්වාස කළ නොහැකි බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළ බව තෙවැනි පාර්ශ්වයක් හරහා මට දැනගන්න ලැබුණා. දූෂණ විරෝධී කමිටුවට රුපියල් මිලියන හතයි දශම පහක් කැබිනට් මණ්ඩල අනුමැතිය යටතේ රනිල් වික්‍රමසිංහ මහතා ලබාගත් බවත් මට ආරංචි වුණ“ යයි දේශපාලන පලිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම වෙත ජයවීර මහතා කළ පැමිණිල්ලකට අද‌ාළව සාක්ෂි දෙමින් ඒ මහතා ප්‍රකාශ කළේය.

මෙම පැමිණිල්ල මගින් යහපාලන ආණ්ඩුව යටතේ ස්ථාපිත කළ දූෂණ විරෝධී කමිටුවේ සාමාජිකයන් ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටියි. එහිදී කොමිසමේ විනිසුරුවරුන් සහ නීතිඥවරුන් ඇසූ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සාක්ෂි ලබා දුන් සංචාරක මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වූ ඩී.එස්. ජයවීර මහතා මෙසේ ද කීය.

මට විරුද්ධව පැමිණිල්ල ගොනු කළ කරුණුවලට අද‌ාළව වෙනත් අයට නඩු පැවරීම් සිදුකර නැහැ. නමුත් අප සියලු දෙනා එකම අධ්‍යක්ෂ මණ්ඩලයේ කටයුතු කළා. සමහර නඩු දැමූ අධ්‍යක්ෂවරුන් රජයේ සාක්ෂිකරුවන් වීමට කටයුතු කළා.

මා කිසි වරදක් කළේ නැහැ. නියමිත රෙගුලාසි යටතේ සංචාරක මණ්ඩලය හරහා වව්චරයක් අනුමත කිරීම වරදක් නෙවෙයි. කිසිදු අවස්ථාවක දී මා චෙක්පත්වලට අත්සන් කර නැහැ. එලෙස සිදුකර තිබිය දී සාපරාධී විශ්වාසය කඩ කිරීම මත පොදු දේපළ පනත යටතේ මට විරුද්ධව නඩු දැම්මා. එම නඩුවට ප්‍රස්තුත මුදල් පොදු දේපළ ගණයට වැටෙන්නේ නැහැ. මාව අත්අඩංගුවට ගැනීම හරහා මූල්‍ය වංචා විමර්ශන ඒකකය ආර්ථික කටයුතු අමාත්‍යවරයා වූ බැසිල් රාජපක්ෂ මහතාව නඩුවකට පැටලීමට උත්සාහ කරන බව හැඟී ගියා. ඒ  හේතුව මත මාව ද රජයේ සාක්ෂිකරුවෙක් කිරීමේ උවමනාව ඒ අයට තිබුණා.

විනිසුරු මඩුල්ල:- ඔබට පැවැසීමට අවශ්‍ය කුමක්ද?

සාක්ෂිකරු:- මට ගොනුකළ නඩුවට අද‌ාළ මුදල් ඒකාබද්ධ අරමුදලට අයත් නැති බවයි මට කීමට අවශ්‍ය. සංචාරක මණ්ඩලයේ මුදල් පාලනය වන්නේ එම මණ්ඩල පනතට අනුවයි.

මට ඇති විදේශ සම්බන්ධතා අනුව හොංකොංවල පැවැත්වෙන සමුළුවක් සඳහා මට ආරාධනාවක් ආවා. මගේ විදේශ ගමන් තහනම ඉවත් කරගැනීමට මා අධිකරණයට ගිය අවස්ථාවේ මූල්‍ය වංචා විමර්ශන කොට්ඨාසය මාව අත්අඩංගුවට ගත්තා. මා කළ ගනුදෙනු සංචාරක මණ්ඩල අධ්‍යක්ෂ මණ්ඩලය නිසි අයුරින් අනුමත කර තිබෙනවා. එම අනුමැතිය ලැබුණේ සංචාරක මණ්ඩල පනතට අනුවයි.

 වව්චර් අත්සන් කිරීමේ දී රාජ්‍ය නිලධාරීන් මූල්‍ය වංචා සිදුකරන බව එවකට විපක්ෂයේ සංවිධායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසුවා. එලෙස කරන අයව අත්අඩංගුවට ගත යුතු බව ද ඔහු කීවා. ඉන්පසු අමාත්‍යාංශ අධ්‍යක්ෂවරුන් වව්චර්වලට අත්සන් කිරීමට බිය වූවා. ඉන් බොහෝ ආයතනවල කටයුතු අඩාල වුණා.

අනුර කුමාර දිසානායකට පාර්ලිමේන්තුවේ දී පිළිතුරු දුන් දිනේෂ් ගුණවර්ධන මහතා රාජ්‍ය නිලධාරීන් තුළ ඇති වී තිබෙන බිය නිසා රාජ්‍ය පරිපාලන ක්‍රියාවලිය කඩා වැටීමට නියමිත බව ප්‍රකාශ කළා.  යහපාලන ආණ්ඩුව පත් වූ විගස මගේ කාමරයට පැමිණ සමහර නිලධාරීන් ඉල්ලා අස්වන ලෙස මට බලපෑම් කළා. ඔවුන් මට තර්ජනය කළා. අතිකාල දීමනා ලබා දීම පිළිබඳ මා සකස් කළ වාර්තාවක් තිබුණා. යහපාලන ආණ්ඩුව ස්ථාපිත වූ විගස එම වාර්තාව අස්ථානගත වුණා. නිසි අයුරින් මා වව්චර් අත්සන් කර තිබෙන බව අස්ථානගත වූ වාර්තාවේ පැහැදිළිව දක්වා තිබුණා. මෙම වාර්තාව අස්ථානගතවීම කාගේ හෝ උපක්‍රමයක ප්‍රතිඵලයක් බවට මට එරෙහිව මූල්‍ය චෝදනා එල්ල වූ අවස්ථාවේ මට වැටහුණා. රාජ්‍ය සේවකයන්ට තීරණ ගැනීමට ඇති අයිතිය නැතිකර රට අස්ථාවර කිරීමට ඔවුන්ට උවමනාවක් තිබුණ බව මට වැටහුණා.

විනිසුරු මඩුල්ල:- රාජ්‍ය සේවය කඩා දැමීම කාගේ උවමනාවක් ද?

සාක්ෂිකරු:- රාජ්‍ය සේවකයන් ගැන පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කළේ අනුර කුමාර දිසානායක. දූෂණ විරෝධී කමිටුව විශ්වාස කළ නොහැකි බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළ බව තෙවැනි පාර්ශ්වයක් හරහා මට දැනගන්න ලැබුණා. දූෂණ විරෝධී කමිටුවට රුපියල් මිලියන හතයි දශම පහක් කැබිනට් මණ්ඩල අනුමැතිය යටතේ රනිල් වික්‍රමසිංහ මහතා ලබාගත් බව මට ආරංචි වුණා.

විනිසුරු මඩුල්ල:- දූෂණ විරෝධී කමිටුව නීත්‍යානුකූල ද?

 සාක්ෂිකරු:- නීත්‍යානුකූල නොවන අයුරින් ඊට රජයේ සේවකයන් බඳවා ගෙන තිබෙන බව මට දැනගැනීමට ලැබුණා. ලැබුණු වැටුපට අමතර වැටුප් ඔවුන්ට ලැබී තිබෙන බව බොහෝ දෙනෙක් දන්නා කරුණක්. මට නඩු දැමීම මගින් මගේ වෘත්තීය ජීවිතයට දැඩි බලපෑමක් ඇතිවුණා. ඒ වගේම මට විශාල මූල්‍ය පාඩු සිදුවුණා. දවස් 48 ක් මා රිමාන්ඩ් බාරයේ තිබූ නිසා ජාත්‍යන්තර සම්මන්ත්‍රණ අටකට මට සහභාගි වීමට බැරි වුණා.

 ඉදිරිපත් වූ සාක්ෂි කෙරෙහි අවධානය යොමු කළ කොමිසමේ සභාපතිවරයා මෙම පැමිණිල්ල ලබන 29 වැනිද‌ා යළි කැඳවීමට නියම කළේය.



අදහස් (0)

දූෂණ විරෝධී කමිටුවට කැබිනට් අනුමැතියෙන් ලක්ෂ 75 ක් දුන්නාලු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1583 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1375 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 489 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site