IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


දැදුරු ඔය ජලාශයට පැන්න පාසල් පෙම් යුවළ

15-page-03-main  

 

වයඹ ගොවිම්බිවලට ජලය සැපයීම සඳහා ඉදිකෙරුණු වයඹ සුවිශාලම ජලාශය ලෙස සැළකෙන දැදුරුඔය ජලාශයේ මංගල දියවර මුදා හැරුණේ මීට මාස තුනකට පමණ ඉහතදීය.

 


පාසල් වියෙහි පසුවන ලාබාල පෙම් යුවළක් මේ සුවිශාල ජලාශයට පැන දිවිහානිකරගැනීමේ පුවත කුරුණෑගල දිස්ත‍්‍රික්කයම කළඹවන්නට සමත්වූ පුවතක් වී ඇත.


දැදුරුඔය ජලාශය වයඹ පළාතට නවමු අත්දැකීමකි. ඒ නිසාම මේ සුවිශාල ජලාශය දැක බලාගැනීමට තවමත් විශාල වශයෙන් ජනතාව ඇදී එති. එනිසාම මෙහි කාර්ය මණ්ඩලයට දිනපතා එසේ පැමිණෙන පිරිස් පිළිබඳ කිසිඳු විශේෂත්වයක් නැත.


විශේෂයෙන්ම පෙම්වතුන්ට මේ ස්ථානය පෙම් කිරීමට සොදුරු පාරාදීසයක් වී තිබේ.

SLD_20150215_A003
ඒ ආකාරයෙන්ම පැමිණි පෙම්යුවළක් පසුගිය බදාදා (11) පෙරවරු 10.00ට පමණ ජලාශ වේල්ල මත යන ආකාරය එහි සේවකයෙකුට අහම්බෙන් මෙන් ඇස ගැටී ඇත. මෙම ජලාශයේ එක් රැුස්වන ජලය වේල්ලෙහි වැදීම පාලනය කිරීම සඳහා ජලාශ වේල්ලේ සිට මීටර් 100ක් පමණ දුරකට පිවිසෙන සේ ජලාශය මධ්‍යයට ඉදිකළ බැම්මක ආකාරයේ ඉදිකිරීමක් පවතී. මෙම කොටසේ තනි පුද්ගලයෙකුට ඇවිද යා හැකි වුවද එයද ඉතා අනතුරුදායක ක‍්‍රියාවකි. ඊට හේතුව සුළු අතපසුවීමකින් හෝ අඩි 30ක් හෝ 40ක් පමණ ගැඹුරැුති ජලාශයට ඇද වැටීමට හැකි නිසාය. මේ කොටසට කිසිදු ආරක්ෂක ආවරණයක් ද නැත.


එසේ ඇවිද ගිය පෙම්යුවළ ආපසු පැමිණි ආකාරය නොදුටු එම සේවකයාට ඒ පිළිබඳව සැකයක් හටගෙන විමසිලිමත්ව බැලීමේදී ඔවුන් දෙදෙනා රැුගෙන ආ බව සිතිය හැකි ගමන් මලූ දෙකක් එම ස්ථානයේ ජනතාවට පහසුව සඳහා ඉදිකර තිබූ ආසනයක් මත තිබෙනු දැක ඇත.


තවත් විමසිලිමත්ව බැලීමේදී එම බෑග් තුළ පාසල් පොත් සමග ඔවුන්ගේ නිල ඇඳුම් ද පාවහන් ජෝඩු දෙකක් ද තිබී ඇත.


මේ නිසා හටගත් සැකයකට අනුව එම පෙම් යුවළට කිසියම් කරදරයක් වී දැයි සොයා බැලීම සඳහා ඔහු ඒ බව වහාම දැදුරුඔය ජලාශය භාර ප‍්‍රධාන ඉංජිනේරුවරයාට ඒ බව දැනුම්දී තිබුණි.


පැය භාගයකට ආසන්න කාලයක් දෙදෙනා ගැන සොයා බැලූව ද කිසිදු තොරතුරක් නොවූයෙන් ඉන් පසුව මෙම සිදුවීම වහාම වාරියපොළ පොලිසියට දැනුම් දෙනු ලැබීය.


සිද්ධිය වාර්තා වූ සැණින්ම තම නිළධාරීන් ද සමග දැදුරුඔය ජලාශය වෙත පැමිණි වාරියපොළ පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ප‍්‍රියන්ත මහතා සිද්ධිය තම උසස් නිලධාරීන්ට දැනුම් දී අතුරුදන්ව සිටින පෙම්යුවළ සොයා මෙහෙයුමක් ආරම්භ කළේය. ඒ වනවිට ද මෙම සිදුවීම ආරංචි වී අවට ගම්මානවල පදිංචි විශාල පිරිසක් ද ජලාශය වෙත පැමිණ අතුරුදන් වූ පෙම්යුවළ සෙවීම සඳහා පොලිසියට සහාය වූහ.

 

dfh


ජලාශයට වැටී අතුරුදන් වූවා යැයි සැක කෙරුණු පෙම්යුවළේ තරුණයා ලෙස හඳුනාගනු ලැබුවේ කුඹුක්ගැටේ මහා විද්‍යාලයේ 11 වසරේ ඉගෙනුම ලබමින් සිටි ආර්.එම්. තරිඳු රත්නායකය. 16 හැවිරිදි ඔහු කුඹුක්ගැටේ බොරළුව පදිංචිකරුවෙකි. පවුලේ එකම පිරිමි දරුවාය. ඔහුට එක් සොයුරියක් සිටියි.
අතුරුදන් වූ සිසුවිය බිංගිරිය ඉහළ කොස්වත්තේ ගාමිණී මහා විද්‍යාලයේ 11 වසරේ සිසුවියකි. ඇය 15 හැවිරිදිය. නම එච්.ඞී. සුභද්‍රාය. ඇය දියණියන්ම සිවු දෙනෙකුගෙන් යුත් පවුලක දෙවැනි දරුවාය.


මේ පෙම්වතුන් දෙදෙනා ජලාශයට පනින ආකාරය කිසිවෙකු දැක නොතිබුණ ද ඒ වනවිටත් පොලිස් පරීක්ෂණවලින් සොයාගනු ලැබූ තොරතුරුවලට අනුව මොවුන් දෙදෙනා ජලාශයට පැන සිය දිවි නසාගන්නට ඇතැයි යන ස්ථීර සැකය සහිතව ජලාශය පරීක්ෂා කර බැලීම සඳහා නාවික හමුදාවේ සහාය ලබාගැනීමට වාරියපොළ පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ප‍්‍රියන්ත මහතා තීරණය කර තිබුණි.


ඒ අනුව කල්පිටිය නාවික හමුදා කඳවුරේ සිට පැමිණි නාවික හමුදාවේ කිමිදුම් සෙබළුන් දෙදෙනකු අතුරුදන් වූ සිසුවියගේ හා සිසුවාගේ සිරුරු සොයා ගැනීමට යෙදවුණි.


ජලාශ වේල්ලේ සිට ජලාශය මධ්‍යයට ඉදිකර තිබෙන මංතීරු කොටසක් අවසන් වන ස්ථානය ආසන්නයේම වූ ගැඹුරු ජලයේ තිබී අතුරුදන්වූ සිසුවාගේ මළ සිරුර සොයා ගැනීමට බ‍්‍රහස්පතින්දා පෙරවරුවේ හැකිවිය.


මියගිය සිසුවා හා අතුරුදන්ව සිටින සිසුවිය අතර පෙම් සබඳතාවය හටගෙන ඇත්තේ මීට මාස පහකට පමණ ඉහතදීය. සිසුවියගේ මව විදේශ රැකියාවකට ගොස් සිටියදී ඇය කුඹුක්ගැටේ ප‍්‍රදේශයේ පදිංචිව සිටින මවගේ වැඩිමල් සොයුරියගේ නිවසට ගිය අවස්ථාවක එම ප‍්‍රදේශයේම පදිංචිව සිටි මියගිය සිසුවා සමග පෙම් සබඳතාවයක් ඇතිකරගෙන තිබූ බව පොලිසිය සඳහන් කරයි.


මෙම සබඳතාවයට දෙපාර්ශ්වයේම වැඩිහිටියන් විරෝධය පළ කර ඇත. ඉන් කෝපයට පත් සිසුවා මීට පෙරද විෂ ඇට වර්ගයක් ආහාරයට ගෙන දිවි හානිකර ගැනීමට උත්සාහ කර තිබූ බවද පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.


මෙම සිදුවීමට දින දෙකකට පෙර ද තමන් දිවි හානිකර ගන්නා බවට සිසුවා නිවසේදී දෙමාපියන්ට තර්ජනය කර තිබෙන බවද තොරතුරු ලැබුණු බවද පොලිසිය කියයි. මේ අනුව පෙනී යන්නේ මොවුන් දෙදෙනා කෙටි කාලයකදී වුවද දැඩි පේ‍්‍රමයකින් බැඳී සිටියා වියහැකිය.


සිසුවා මෙම සිදුවීමට පෙර මියයන බව සඳහන් කර තම රුධිරයෙන් ලිපියක් ලියා ඇති බවද අනාවරණය වී තිබේ. පෙම්වතා හමුවීමට පෙර පෙම්වතිය නිවෙසින් පිටවී තිබෙන්නේ බිංගිරිය නගරයට යන බව පවසමින්ය.


සිද්ධිය වූ ස්ථානයට පැමිණි මහව වැඩබලන මහේස්ත‍්‍රාත් නීතිඥ දයා සමරකෝන් මහතා සිසුවාගේ මළසිරුර වැඩිදුර  පරීක්ෂණ සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යවන ලෙස වාරියපොළ පොලිසියට නියම කළේය.


මියගිය බවට සැක කෙරෙන සිසුවිය ඉගෙනුමට ඉතා දක්ෂ සිසුවියක් බවද පැවසේ. මොවුන් දෙදෙනාට යොවුන් වියේදීම මෙවැනි අමිහිරි තීරණයක් ගැනීමට සිතුනේ ඇයිද යන්න ගැටලූවකි.


දියණිය සොයා ගැනීම සඳහා පැමිණ සිටි සිසුවියගේ මව පැවසුවේ ”ජංගම දුරකතන දරුවන් විනාශ කරන බවය”. ඒ තරමටම මේ දෙදෙනා ජංගම දුරකථන මාර්ගයෙන් ඔවුන්ගේ සම්බන්ධය දිගින් දිගටම පවත්වාගෙන ගොස් ඇත.


පාසල් සිසුවිය දැදුරු ඔය ජලාශයට නොපැන එම ස්ථානයෙන් පලා ගොස් සැඟව සිටින බවට පැතිර ගොස් තිබූ කටකතාව අසත්‍යයක් බවට පත් කරමින් ඇයගේ මළ සිරුර ද පෙරේදා (13) උදෑසන සොයා ගැනීමට වාරියපොළ පොලිසියට හැකි විය.


ජලාශයට පැන්නා යැයි සැක කළ ස්ථානයේ සිට මීටර් 400ක් පමණ දුරින් වූ ස්ථානයකට ඇගේ සිිරුර ගොඩගසා තිබියදී හමුවී තිබේ.


මේ අනුව මේ ලාබාල පෙම්වතුන් දෙදෙනාම නොතේරෙන පේ‍්‍රමයක් වෙනුවෙන් නිකරුණේ වටිනා ජීවිත විනාශ කරගෙන තිබෙන බව වාරියපොළ පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ප‍්‍රියන්ත මහතා පෙන්වා දුන්නේය.

 

m

 



අදහස් (0)

දැදුරු ඔය ජලාශයට පැන්න පාසල් පෙම් යුවළ

සොපියා Tuesday, 17 February 2015 08:33 AM

දෙමව්පියන් මේ වගේ දේවල් ගැන මිට වඩා සංවේදී විය යුතුයි. තද නීති -රීති වලින් මේවා නවත්තන්න බැහැ.(නදී)

:       0       0

කාවින්ද්‍යා Tuesday, 17 February 2015 09:45 AM

මේකට නම් කියන්න වෙන්නේ මෝඩකම කියලා තමයි ඉතින් වෙන මොනවද (දිල්)

:       0       0

ලසිත් Tuesday, 17 February 2015 05:33 AM

අනේ පව්.! මොනවා තේරෙන වයසක්ද.? (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 888 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 988 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 393 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site