IMG-LOGO

තහනම් ගහේ ගෙඩි ප්‍රංශ ජනපතිට අජීර්ණ වේ

 ප්‍රංශ ජනාධිපති ප්‍රන්ශුවා ඔලොන්දේගේ සහකාරිය  වැලරි ට්‍රේයිවෙයිලර් හදිසියේ  රෝහල් ගත කැරිණි. රෝහල් ආරංචි මාර්ග  අනුව ඇය සාමාන්‍ය වෛද්‍ය පරීක්ෂණ කිහිපයකට යොමු කර ඇති අතර ඇයට විවේක සුවය අවශ්‍යය බව වෛද්‍යවරු පවසති.

මේ අතර තුර පසුගිය ජනවාරි 10 වැනි සිකුරාදා ඉතාලියේ මොන්ඩාඩෝරී මාධ්‍ය සමාගමේ සතිපතා පළවන ක්ලෝසර් නම් සඟරාව   ප්‍රංශ ජනාධිපති හා වයස අවුරුදු 42ක් වයැසැති වසර හතක දික්කසාද ඉතිහාසයක් ද ඇති දෙදරු මවක වන  ප්‍රංශයේ ජනප්‍රිය සුරූපි නිළියක වන ප්‍රංශ ජාතික ජූලී ගායෙට්   සමග අනියම් සබඳකමක් පවත්වන බව කියමින් විවිධ ඡායාරූප, ස්ථාන හා වේලාවන් සමග ආන්දෝලනාත්මක පිටු හතකින් සමන්විත හෙළි කිරීමක්   ඉදිරිපත් කළේය. වර්තමාන ප්‍රංශ ජනාධිපති සහකාරිය රෝහල් ගත වීමට එය එක් මානසික හේතුවක් වීමට ඉඩ ඇති බව සමහර දේශපාලන විචාරකයන්ගේ මතය විය.

      ඒ සමගම ඇය පසුගිය සතියේ පැරීසියේ   සුප්‍රසිද්ධ පීට් සල්ෆෙට්රි රෝහලේ  විවේක සුවයෙන් පසුවූ අතර ඇගේ සුවදුක් විමසමින් ජනාධිපති   රෝහලට යවන ලද මල් කළඹක් හා චොක්ලට් පාර්සලයක්  ඇය වෙත  දුන් බව ප්‍රංශයේ සමහර ටැබ්ලොයිඩ් පුවත් පත් සදහන් කළේය. ඇගේ මානසික විවේකය සලකා ජනපති රෝහලට නො ආ යුතු බව ඇගේ වෛද්‍යවරුන්ගේ මතයවූ බවද ප්‍රංශ මාධ්‍ය කීවේය.

කෙසේ නමුදු ඇය 18 වෙනි සෙනසුරාදා රෝහලින් පිටවී පැරීසියට පිටතින් පිහිටි ජනාධිපති  නිල නිවාඩු මන්දිරයකට ගියාය.

 මේ පලහිලව්ව  ප්‍රංශ මාධ්‍යයේ විවිධ කතා , වාද විවාද වලට හේතුවී සාමාන්‍ය ජනයා අතරටද  පැමිණ ඇත්තේය. ජනවාරි 14 වැනි දා ප්‍රංශ ජනාධිපති  විසින් සියලූම මාධ්‍යයන් කැඳවා මාධ්‍ය සාකච්ඡාවක් කළේය. ඉහත ප්‍රේම ජවනිකාව සම්බන්ධව ප්‍රහාරාත්මක ප්‍රශ්න ඔහුට යොමු නොවුනත් ඉදිරිපත් කළ ඒ හා සමාන මාධ්‍ය ප්‍රශ්න වලදී  ජනාධිපති කීවේ තමා ජනාධිපති වුවද, ඔබ මෙන් සාමාන්‍ය මිනිසකු බවයි. කෙනෙකුගේ පෞද්ගලික ජීවිතයට තව කෙනෙකු ඇඟිලි නොගැසිය යුතු බව  පැවැසීය.  ජුලී ගයෙට් ප්‍රංශ නිළිය එම හෙළිකිරීම ප්‍රධාන කොට එම සඟරාවට එරෙහිව නීති මගින් පියවර ගන්නා බවත් ඇගේ පුද්ගලික ජීවිතයට වූ අපකීර්තිය වෙනුවෙන් රුපියල් ලක්ෂ හැත්තෑ පහක වන්දියක් හා නඩු ගාස්තු ලෙස රුපියල් ලක්ෂ හයක් ඉල්ලා නඩුවක් ගොනු කරන බවත් කියා ඇත.

ජූලී ගයෙට් නිසා ප්‍රංශ පරිපාලනයේ  විශේෂ සිදුවීමක්  විය.  චිත්‍ර ශිල්පය, මුර්ති ශිල්ප විද්‍යාව, ගෘහ නිර්මාණ ශිල්පය හා සංගීතය පිළිබඳ සුප්‍රසිද්ධ  ප්‍රංශ ඇකඩමියේ 2014 වර්ෂය සදහා පත්වීම් ලැබූ විශේෂ ජූරියේ සිව්දෙනා අතරට   ජූලී ගයේට් පත්කරනු ලැබ සිටියාය. මෙම ඇකඩමියට පත් කරන ජූරිය බොහෝ විට එම ශිල්පයන්හී සුවිශේෂි පුද්ගලයන් ගෙන් සමන්විතවේ.

ඊට සමගාමිව 2014 වර්ෂය සදහා ජූලී ගයේට් ට අමතරව ප්ලාස්ටික් මුර්ති ශිල්පයේ විශාරදයෙක්ද , ඔපෙරා නැටුම් විශාරද වරියක් හා ප්‍රංශයේ  ගෞරවŒය සම්මාන හිමි ලේඛිකාවක් යනුවෙන් සිව්දෙනෙක් එම ආයතනයට පත් කරනු ලැබ සිටියහ.

16 වැනි සියවසේ ප්‍රංශයේ රාජ්‍ය පාලකයාවූ 14 වැනි ලූවී රජුගේ පාලන සමය ගෙවී ගිය 1666 දී ප්‍රංශයේ මුදල් ඇමති ධූරය දැරූ ජෝන් බැටිස්ට් කොල්බාර්ට් යටතේ මුලින්ම පාලනය ඇරඹූ ප්‍රංශයේ සංස්කෘතික අමාත්‍යාංශය යටතේ පරිපාලනය වන  විලා මේඩ්සි නමින් එම ආයතනය හැඳින්වේ.   2013 දෙසැම්බර් මස එම පත්වීම් සිදු විය. එනමුදු ඔවුන්ගේ පත්වීම් ක්‍රියාත්මක වන්නේ පෙබරවාරී මුල් සතියේය. මෙවැනි පරිසරයක ජනවාරි 10 වැනි දා ප්‍රංශ නිළිය හා ප්‍රංශ ජනාධිපති අතර ප්‍රේම කතාව කරලියට පැමිණියේය.

එහිදි ප්‍රංශ මාධ්‍ය හරහා හමාගිය ප්‍රේම සුළි සුළඟ හේතුවෙන්   ඇගේ පත්වීමද මාධ්‍ය  ප්‍රශ්නයට ලක්විය.   ප්‍රංශ පාර්ලිමේන්තු සභා ගර්භයේදි විපක්ෂයේ ප්‍රශ්න කිරීමටද ලක්වූයේය. මේ හේතුකොට ඇගේ පත්වීම අවලංගු කිරීමට ප්‍රංශයේ  සංස්කෘතික  ඇමැතිනිය වූ ඔරෙලි පිලිෆේටිට සිදුවුයේය.   උසස් විද්‍යා පීඨ ජූරියේ පත්වීමට ඇය ඉතාමත්ම සුදුසු   නමුදු වර්තමානයේ ඇතිවී ඇති ඇගේ ප්‍රේමය මුල් කර ගත් ව්‍යාකූල දේශපාලන පරිසරය යටතේ ඇයට එම තනතුර  දීම සදාචාරාත්මක නොවන බවත් ඒ සදහා තමා කනගාටු වන බවත් ප්‍රංශ සංස්කෘතික ඇමතිනිය ප්‍රකාශ කළාය. කනගාටුවෙන් වුවද එම තීරණය අනුමත කරන බව එම ජූරියේ සභාපති එරික් චැසිද මාධ්‍යයට ප්‍රකාශයක් කළේය. අවසානයේ ජනපති ප්‍රේමය හේතු කොට ඇයට එම සුවිශේෂි ගෞරවŒය තනතුර අත්හැර දැමීමට සිදුවුයේය. ඒ අතරට ඇය ගැබිනියක්වී ඇතැයි තහවුරු නොකළ මාධ්‍ය කට කතාද නැතුවා නොවේ.

මෙම සියලූදේ හේතු කොට ඉහත සඟරාවේ හෙළි කිරීම සත්‍යයක්ද ? අසත්‍යයක්ද ? යන්න ප්‍රංශ මාධ්‍ය ලෝකයේ ප්‍රශ්න කිරීමට ලක්ව ඇත්තේය. එසේ නමුදු සාමාන්‍ය ප්‍රංශ ජනතාව අතර ඒ සම්බන්ධව එතරම් උනන්දුවක් දක්නට නොමැත. එයට හේතුව ප්‍රංශය යනු ආදරයේ උල්පත් හිමිකර ගත් රටක් බැවිනි.එසේ වුවද ජනතාවගේ බදු වලින් යැපෙන ජනාධිපති   වගකීමකින් ,   තොරව ක්‍රියා කිරීම සාමාන්‍ය ප්‍රංශ ජනයා අනුමත නොකරන බව ප්‍රංශයේ සමහර ආයතන  පෙන්වා දෙයි.

 කෙසේ නමුදු ඉහත සඟරාව හෙළිකළ කරුණු  අනුව වර්තමාන ප්‍රංශ ජනාධිපති  රාත්‍රී කාලයේ  හා ආරක්ෂකයකු සමග ස්කූටරයක නැඟී ඉහත ස්ථාන කරා ගිය ඡායාරූප පළකරමින් එම ප්‍රේම කතාව සවිස්තරව ඉදිරිපත් කර ඇත්තේය. මෙම සිදුවීම් ජනාධිපතිවරණයට පෙරද? පසුද? යන්න හරි හැටි පැහැදිලි කර නැති අතර ඔවුන්ගේ ප්‍රේම කතාව ආරම්භවී වසර දෙකක් පමණවී ඇතැයි එම සඟරාව කළ හෙළිකිරීමේ සදහන් වේ.

  ප්‍රංශ ජනාධිපතිට එම තනතුර හිමි වීමට ප්‍රථම බොහෝ විට ගමන් බිමන් යෑමට යොදා ගත්තේ ස්කූටරයයි. ඔහු ස්කූටරයෙන් ගමන් යෑමට ප්‍රිය කරන්නෙකි. මේ දක්වා ඔහු අවිවාහකයෙකි. නමුත් සිව්දරු පියෙකි. මින් පෙර 2007 දී සමාජවාදි පක්ෂයෙන් ජනාධිපති තරගයට තරග කළ සෙගොලොන් රෝයල්  ඔහුගේ ප්‍රථම සහකාරිය විය. ඇගෙන් වෙන්වූ ඔහු දැනට ජනප්‍රිය පැරී මැච් ප්‍රංශ සඟරාවේ මාධ්‍යවේදිනියක්වු වැලරි ට්‍රේයිවෙයිලර් සමග  ජීවිත් වෙයි.

මේ දිනවල ප්‍රංශයේ මුද්‍රිත හා විද්යුත් සියලූම මාධ්‍යයන් හී ප්‍රධාන මාතෘකාව බවට ඉහත ප්‍රේම කතාව පත්වී ඇත්තේය.

ජූලී ගයෙට් පදිංචි ජනාධිපති මන්දිරයට මීටර් 200ක් පමන දුරකින් පිහිටි පැරිස් කලාප අංක 08හී සර්ක් නම් පාරේ අංක 20හී  ඇගේ නිවස පිහිටි පරිශ්‍රය මේ දිනවල පැපරාසියන්ගේ පරාදීසයක් බවට පත්වී ඇත්තේය.



අදහස් (0)

තහනම් ගහේ ගෙඩි ප්‍රංශ ජනපතිට අජීර්ණ වේ

පද්මිණි Wednesday, 22 January 2014 09:26 PM

ප්‍රංශය අවංක බවේ ප්‍රතිමුර්තිය. හිටපු සමාජවාදී නායක ප්‍රන්ශුව මිතරෝන් ටත් අනියම් බිරිදට දරුවෙක් සිටිය. නමුත් ඒ දියණිය තමන්ගේ බව ඔහු විසින්ම ජනතාවට හෙළි කල. . එහෙම කියල පවුල් ජීවිතය කැඩුනේ නැහැ. (අ)

:       0       0

ලකී Monday, 27 January 2014 02:21 AM

කවුරු කලත් මොකද්ද මෙහි තිබෙන වරද තමන්ට පුළුවන් කමක් තියෙනවා නම්. බලයෙන් , දනයෙන් හෝ ජවයෙන් මගේ මතය හරි හෝ වැරදි එයම තමයි.(නදී)

:       0       0

ශීලා Wednesday, 22 January 2014 01:16 AM

දම්ම ඔය කතා කරන්නේ කාම සඟරා ගැනද? සිංහල කාම සඟරාත් දැන් තියනවා. (නදී)

:       0       0

සේන Wednesday, 22 January 2014 01:17 AM

අපේ රටේ නම් එවැනි දේ එලි නොවෙන්නේ තියන සුජාත බාවෙට නොවේ. එලි කරන්ට කවුරුත් උත්සහ කලොත් සුදු වෑන් වලින් අරියි කියන බයට.(නදී)

:       0       0

පද්මා Wednesday, 22 January 2014 01:18 AM

ප්‍රංස ජනාදි පති තුමාට ඕක ගොඩින් බේරගන්න තිබුන ලංකාවේ උදවියගෙන් ක්‍රමේ ඇහුව නම්.(නදී)

:       0       0

සුදීරා Wednesday, 22 January 2014 01:19 AM

අපෙත් දැන් කීදෙනෙක් දික් කසාද උනාද. කවුරුත් දන්නේ නැහැ හේතුව. ප්‍රංසෙන් නම් නිතිය කාටත් පොදු නිසා බය නැතිව කට අරිනවා... මෙහෙ කට ඇරියොත් සුදු වැන්.(නදී)

:       0       0

නීලා Wednesday, 22 January 2014 01:20 AM

මට සාගරිකා ගෝමස් මතක් උනා.(නදී)

:       0       0

කෞශල්‍යා Sunday, 26 January 2014 09:42 AM

ආදරයේ මහිමය කියන්නේ ඕකට තමයි.(නදී)

:       0       0

ජ. තිසර Thursday, 23 January 2014 05:21 PM

යහපත් සිරිත් මඩ යට යන මේ කාලේ.. බිරිඳත් රිදෙව්වද කඩමින් බැඳි මාලේ.. සිතුවත් තමා නිවරැදියයි සෙවූ ආලේ.. බලවත් අයෙක් පැටලී ඇත පඹ ගාලේ (දිල්)

:       0       0

ධම්ම Thursday, 23 January 2014 10:11 AM

පද්මිණි අවංකවම අනියම් බිරියන් කීදෙනෙක් තියාගන්න පුලුවන්ද ප්‍රංශයේ? නොදන්නා නිසයි ඇහුවේ. (නදී)

:       0       0

ශීලා Monday, 27 January 2014 02:52 PM

අනේ දැන් මේ මහත්තයා කියන කොට මටත් මේ මතක් උනේ සොදුර පත්තරේ.... සරාගී පත්තරෙත් මතකයි.(නදී)

:       0       0

ධම්ම Monday, 20 January 2014 12:09 PM

මා පාසල් යන කාලයේ ඉතා රහසිගතව සිසුන් අතර අතින් අත මාරුවූ 'ප්‍රංස රස' නම්වූ පොතක් තිබුනා. පොත එහෙම නම් කරන්න ඇත්තේ ප්‍රංශයේ මෙවන් දේ සුලබ නිසා වෙන්න ඇති. (නදි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 317 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 799 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 145 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site