ප්‍රවීණ රංගධරයකු, තිර රචකයකු, ගීත රචකයකු වූ ඩබ්ලිව්. ජයසිරි කලාකරුවාගේ අවසන් කටයුතු අද (24) බොරැල්ල කනත්තේදී සිදුකෙරේ. මේ සටහන ඒ නිමිත්තෙනි.
‘‘ඩබ්ලිව් අකුර මුලකුරට පාවිච්චි කළ සහ කරන අය අපේ රටේ ඕනෑ තරම් ඇත. එහෙත් ඩබ්ලිව් ජයසිරි සම්බන්ධයෙන් ඩබ්ලිව් යනු මුලකුරක් නොව තනිකරම නමකි. අනන්‍යතාවකි.
ලංකා වේදිකාවේ සිනමාවේ රූපවාහිනියේ ඩබ්ලිව් අයිතිය මූලික වශයෙන් තහවුරු වී ඇත්තේ ජයසිරිටය.
ඩබ්ලිව් ජයසිරි යනු අකුරු හතරේ නම් දෙකකි. ඔහු මාගේ වැඩිහිටි මිත්‍රවරයෙකි. මා ඔහු ඇසුරු කරන්නට භාග්‍යය ලද, ඔහුට පසු පරපුරක සාමාජිකයෙක්මි.
වරෙක, නෙත් ගුවන් විදුලියේ විකාශය වූ සත්‍යා ගුවන් විදුලි නාට්‍යයේදී, මාගේ පිටපතකට ඔහු අධ්‍යක්ෂණය කරන්නට වරම් ලැබූවෙමි. ඔහු එහි ගුණපාල මුදලාලි වන විට, මා ඔහුගේ රියැදුරා වන ප්‍රේමසිරි වූයෙමි. ඒ වූකලී, මා වැනි ලිලිපුට්ටකු ලද ගලිවර ඇසුරකි. දුලබ අවස්ථාවකි.
ඩබ්ලිව් ජයසිරි කුළුඳුල් ප්‍රාසාංගික ටෙලි නාට්‍යය වන ‘මුරුගසං‘ අධ්‍යක්ෂණය කරන විට එය තිර රචනය කිරීමේ භාග්‍යය ද ලදිමි. මා එයට තෝරාගැනීම ගැන ප්‍රසිද්ධියේ මෙසේ තුති පුදමි. ඔහු විසින් මා ද මා විසින් ඔහු ද සම්මුඛ සාකච්ඡාවලට ලක්කරනු ලැබ තිබේ. වරෙක නිවේදකයකු රහිත සාකච්ඡාවකට අපි දෙදෙනාම සහභාගි වීමු. ඒ වී එෆ් එම් හි ‘දන්න දෙන්නෙක්‘ වෙනුවෙනි.
කුඩා මා සහ විශාල ජයසිරි අතර, නිර්මාණ හා බැඳුණු කෙටි ඉතිහාසය එසේය. ඉතින් මට පෙනෙන ඩබ්ලිව් ජයසිරි කවුද? එය මෙසේ පැහැදිලි කරමි.
ඩබ්ලිව් කියා සිංහලෙන් ලියද්දී අකුරු හතරයි. මම ඩබ්ලිව් අකුරු හතරකින් පටන් ගන්නා ඉංග්‍රීසි වචන හතරකින් ඔහු හඳුනාගන්නට වෙර දරමි.
1️ පළමු ඩබ්ලිව් සහිත වචනය,
Wise (වයිස්)
ඩබ්ලිව් ජයසිරි සම්බන්ධයෙන් මේ වචනය මැනවින් ගැලපේ. ඔහු කල්පනාකාරීය. දැනමුතුය. ප්‍රඥාවන්තය. ඔහුගේ ඇසුරට අප ලොල් වන්නේ එහෙයිනි.
2️ දෙවැනි ඩබ්ලිව් සහිත වචනය Warm (වෝම්)
ඔහු හිතවත්ය. උණුසුම්ය. මිත්‍රශීලීය. අප ජයසිරි අයියා කියන විට ඔහුට අප මචං ය. කලාතුරකින් හමුවන සංස්කෘතික මචංවරයෙකි ඩබ්ලිව් ජයසිරි. ඔහු සමග සල්ලාපය අධ්‍යාපනික ය.
3️ තුන්වැනි ඩබ්ලිව් සහිත වචනය, Worthy. (වර්දි)
ඔහු අපට වටනේය. රංගනයේ අයනු ආයනු සොයන්නන්ට ජයසිරි අධ්‍යයනය ඉහළතම පාඨමාලාවක් වනු නිසැකය. එහෙයින්ම ඔහු ගරු කටයුතුය.
4 සිවුවැනි ඩබ්ලිව් සහිත වචනය Wild. (වයිල්ඩ්)
මේ, ඩබ්ලිව් ජයසිරිට හරියටම ගැලපෙන ඩබ්ලිව් අකුර විය හැකිය.
ඔහු වචනයේ අර්ථයටත් එහා වයිල්ඩ්ය. දඩබ්බරය. හිතුවක්කාර ය. කට කෑවත් කියන්න තියෙන දේ කියයි. හිත රිදෙයි කියා ඇත්ත නොකියන්නේ නැත. කතාවද වැඩද කෙළින්ය. කෙළින් ඉන්නට බැරිම වුණොත්, බැරි වුණ බව පිළිගන්නවා මිස එකක් තියාගෙන වෙන දෙකකින් කෙළින්න යන්නේ නැත.
ස්ථාපිතය ඉදිරියේ ඩබ්ලිව් ජයසිරි දමනය නොවේ. නොදැමුණු ය. සාන්තුවර සංස්කෘතිය ඉදිරියේ ඔහු පට්ට වල් ය. එහෙත් ඔහු කිසිවිටෙකත් ඇල් නැත.”
මේ සටහන මම ලිව්වේ, ජයසිරි සොයුරා වෙනුවෙන් සුදර්ශී සහෘදයන් සංවිධාන කළ උපහාර උළෙලේදී ඉදිරිපත් කරන්නටය.
ඔහුගේ සගයන් ජීවිතයෙන් නික්ම යන සෑම මොහොතකම ඔහු මෙසේ පැතුවේය.
“සුබ සිහින දකින දිගු නින්දක් පතමි !”
අද ඔහු වෙනුවෙන් අපට එයම ලියන්නට සිදුව තිබේ.
පුරාවෘත්තයක් වූ වැඩිහිටි මිත්‍රයා, මතක සාගරයක් අප වෙත ඉතිරි කර තබා, ඈත සිතිජයෙන් එපිටට ගොස් ඇත.
ජයසිරි අයියේ, සමාජයක් හැටියට දුටු සුබ සිහින සැබෑ වෙමින් පවතින මොහොතක, ඔබ දිගු නින්දකට යෑම, ශෝකය වැඩි කරවයි. හද බර ය. සෝ බර ය.
(*** විමල් කැටිපෙආරච්චි)
2025 නොවැම්බර් මස 21
330
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
357
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1294
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ඩබ්ලිව් හතරේ හිතුවක්කාරයා
විජිත් Tuesday, 24 September 2024 05:05 PM
මෙරටින් බිහිවූ ඇති දක්ෂ කලාකරුවෙක්. එදා සිටම මේ සමාජය පිළිබඳව ඔහුගේ එක්තරා කියවීමක් තිබුණා.එත් ඔහු පැතු ලෝකය අපේ රටේ බිහිවූ දවසෙම , ඒ අලුත් ලෝකය නොදැකම සදහටම දෑස් පියාගැනීම ඇත්තටම දෛවයේ සරදමකි.ජයසිරි මහත්මයාණෙනි ඔබට නිවන්සුව පතනවා.
මැක්ස් Wednesday, 25 September 2024 10:27 AM
අමුතු මිනිහෙක් ගැන අමුතු විදිහට ලියන්න ඕනෑ යැයි සිතමින් සිංහල ව්‍යාකරණ පිළිබඳ නොසැළකිල්ලෙන් තම දේශපාලන සගයා උත්කර්ෂයට නැංවීමට ලියුවකි. ඩබ්ලිව් ජයසිරි කලාකරුවාට නිවන් සුව අත් වේවා!