IMG-LOGO

2025 පෙබරවාරි මස 19 වන බදාදා


ජීවිත බිලිගන්නා කුඩු උවදුර තුරන්කළ නොහැකිද?

විශ්වවිද්‍යාල සිසුවකු වන තම පුත්‍රයා තදින්ම හෙරොයින්වලට ඇබ්බැහිවීම හේතුවෙන් ඔහු පුනරුත්ථාපනය කර දෙන ලෙස සැකකාර සිසුවකුගේ පියෙකු තෙල්දෙණිය මහේස්ත්‍රාත් ශානක කලංසූරිය මහතාගෙන් ආයාචනා කළ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. උසස් පෙළ ගණිත අංශයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ප්‍රථම ස්ථානය දිනාගත් තම පුත්‍රයා මෙවර පොලිසියට කොටු වූයේ තෙවැනි වරට බවද එම පියා මහේස්ත්‍රාත්වරයා ඉදිරිපිට ප්‍රකාශ කළ බවද අප ප්‍රවෘත්තියෙන් වැඩිදුරටත් සඳහන්ය.

උසස් පෙළ විභාගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ප්‍රථමයා බව දැනගත් මොහොතේ ඒ පියාට දැනුණ ආඩම්බරකාරකම අපට තේරුම් ගැනීමට අසීරු නැත. එමෙන්ම එම පුත්‍රයා හෙරොයින් මාරයාට බිලිවීම හේතුවෙන් එම පියා විඳවන තරමද අපට හඳුනා ගත හැකිය. මත් ද්‍රව්‍යවලට කළ හැකි හානියේ තරම මෙම සිදුවීමෙන් වුවද ඔප්පු වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ තමන් සහභාගී වූ පළමු එක්දින තරගයේදීම කඩුලු ත්‍රිත්වයක් දවා ගනිමින් එම හපන්කම පෑ ලොව සිව්වැනි ක්‍රීඩකයා ලෙස වාර්තා පොතට එක් වෙමින් ශ්‍රී ලංකාවට ගෞරවයක් දිනා දුන් ක්‍රිකට් ක්‍රීඩකයා තවමත් පසුවන්නේ බන්ධනාගාරයේය. ඔහුට එල්ල වී ඇති චෝදනාව වන්නේ මත්ද්‍රව්‍ය භාවිත කිරීම හා මත්ද්‍රව්‍ය අලෙවි කිරීමය. මනහර පැහැබර අනාගතයකට උරුමකම් කී දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකුගේ ජීවිතය අකාලයේ මිලින කිරීමට මත්කුඩු රකුසාට හැකිවිය.

උසස් පෙළ ගණිත අංශයෙන් සරසවි වරම් ලැබීම පහසු කටයුත්තක් නොවේ. එම අංශයෙන් දිස්ත්‍රික්කයේ ප්‍රථමයා වීමට හැකි වන්නේනම් එය එම සිසුවාට සාඩම්බර පදක්කමකි. රට සරසන බරැති මොළයක් වීමේ වාසනාව තිබුණද මෙම සරසවි සිසුවා මත් රකුසාට බිලි වී තිබේ. දුක් දහදිය කඳුළු සලමින් උස් මහත් කළ තම ආදරණීය පුත්‍රයා පුනරුත්ථාපනය කර දෙන මෙන් එම පියාට අධිකරණය ඉදිරියේ ආයාචනය කිරීමට සිදුවීම තවත් එක් සිදුවීමක් වශයෙන් පමණක් තේරුම් නොගත යුතුය.

සමාජය වසා පැතිර යන පිළිලයක් බවට මත් ද්‍රව්‍ය පත් වී අවසන්ය. එක් පුවතකින් කියැවුණේ අත්අඩංගුවට ගත් මත් ජාවාරම්කරුවකුගේ දිනක ආදායම රුපියල් ලක්ෂ 40ක් 50ක් අතර වන බවය. එක් වරක් අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් කෝටි ගණනකි. උතුරා පිටාර ගලා යන තරමට මුදල් ඉපයීමේ පහසු මාර්ගයක් ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම හඳුනා ගන්නා ජාවාරම්කරුවෝ විවිධ උපාය උපක්‍රම භාවිත කරමින් ජයටම එම ජාවාරම කරගෙන යති. වඩාත් යහපත් අනාගතයක් සම්බන්ධ අපේක්ෂාවෙන් පිරීගත් සිඟිති තුරුණු වැඩිහිටි පිරිස් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ දැලට කොටු වෙති.

එක් පවුලක එක් සාමාජිකයකු මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම යනු එම මුළු පවුලම විනාශ වී යාමකි. එම පවුලට යළිත් හෙටක් නැත. එබඳු පවුලකින් ආවාහ විවාහයක් කර ගැනීමට පවා අනෙක් පිරිස අකැමැතිවීම බලාපොරොත්තු විය යුත්තකි. ඒ අනුව පැහැදිලි වන්නේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පුද්ගලයකු වේනම් එහි ආදීනව එම පුද්ගලයාට පමණක් නොව මුළු පවුලටම බවය. ඇතැම්විට එය මුළු පරම්පරාවටම බලපෑමට ඉඩ තිබේ.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෝ කිසිවිටෙක එබඳු ඉරණමක් අපේක්ෂා නොකළෝ වෙති. ඔවුන් ඉදිරිපිට ද වූයේ වාසනාවන්ත අනාගතයක් සම්බන්ධ සුබ සිහිනය. එහෙත් කුමන හෝ හේතුවකට ඔවුහු මත්ද්‍රව්‍යවලට  ඇබ්බැහි වූහ. එය යළිත් ආපිට හැරී ආ හැකි මගක් නොවේ. ඔවුන්ගේ ජීවිත ඒ නරකාදියටම දියවී යයි.

සෞඛ්‍ය විද්‍යාත්මක සාධකවලට අනුව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ගෙන් සාතිශය බහුතරයකට එයින් මිදීමේ වුවමනාව තදින්ම තිබේ. එහෙත් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම හේතුවෙන් ශාරීරිකව ඇතිවන ප්‍රතික්‍රියා නිසා මත්ද්‍රව්‍ය වලින් මිදීමේ අවශ්‍යතාව තිබුණද එය ක්‍රියාත්මක කළ නොහැකිය. එහෙයින් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් සම්බන්ධයෙන් සිදුකරන පුනරුත්ථාපන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ද අලුත් මානයකින් බැලිය යුතුය. එය ජාතික අවශ්‍යතාවක් වශයෙන් සලකා කටයුතු කළ යුතුය. නැතහොත් පුනරුත්ථාපන කාලය අවසන් වී සමාජගත වූ පසු යළිත් ඔහු මත්ද්‍රව්‍යවලට යොමු වීමට ඉඩ තිබේ.

කොරෝනා මාරාන්තික උවදුර රටින් තුරන් කිරීමට හැකිවී තිබේ. ඒ කොරෝනා පොකුරු රෝගීන් සොයා සිදුකළ අනවරත මෙහෙයුමේ ප්‍රතිඵලයක් ලෙසය. නිශ්චිත විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ හෙයින් ලෝක වසංගත තත්ත්වයෙන් ඉතාම කෙටි කාලයකින් රටට නිදහස උදාවිය. ඒ ආකාරයෙන්ම කුඩු පොකුරු සොයමින් මෙහෙයුම් දියත් කරන්නේ නම් මත්ද්‍රව්‍ය උවදුරෙන් රට මුදා ගැනීමට හැකිවනු ඒකාන්තය.



අදහස් (3)

ජීවිත බිලිගන්නා කුඩු උවදුර තුරන්කළ නොහැකිද?

ජයන්ත මිලානො Wednesday, 01 July 2020 06:54 AM

දේශපාලකයින් නැති දවසක කුඩු උවදුර නැතිවෙනු අැත...

:       0       120

raththa Wednesday, 01 July 2020 10:02 AM

කුඩුවලින් රට බේරාගන්න වගකීම් බාරගෙන ඉන්න අයමයි කුඩු පතුරවා හරිමින් රට විනාශ කරන්නේ...

:       0       3

shyamalie de silva Thursday, 02 July 2020 03:13 AM

තනි පුද්ගලයෙක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවහොත් එහි බලපෑම පරම්පරා ගණනාවක් පුරා පවතී. ඔහුගේ දෙමව්පියන්, තමා සහ ඔහුගේ විනීත / දරුවන්. මෙය විශාල ප්‍රශ්නයක් වන අතර මේ සඳහා දේශපාලන කැපවීම පළමුව විය යුතුය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

හරක් කටාට සී.අයි.ඩියෙන් පනින්න උදව් කළ පී.සී ඉන්දියාවේදී මාට්ටු
2025 පෙබරවාරි මස 19 334 0

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් නිලධාරීන්ට මත් මිශ්‍ර කිරි ටොපි ලබා දී මහා පරිමාණ සංවිධානාත්මක හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරු වකුවන හරක් කටාට පලාය


දෙහිවල ලොකු ගින්නක
2025 පෙබරවාරි මස 19 366 0

පැපිලියාන, දිවුල්පිටිය තෙමහල් රෙදිපිළි ඇගලුම් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් එය සම්පූර්ණ යෙන්ම දැවී අලුවී ගොස් ඇතැයි දෙහිවල ගල්කිස්ස මහන


සාත්තු සේවා රැකියා දෙදාහකට ඊශ්‍රායලයේ දොර ඇරෙයි
2025 පෙබරවාරි මස 19 194 0

2025 වසරේ දී ශ්‍රි ලාංකිකයින් 2000කට ඊශ්‍රායලයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ලබාදීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසය


මිද්දෙණිය වෙඩි තැබිමෙන් පියා සහ දියණිය මරුට
2025 පෙබරවාරි මස 19 1004 0

තම දරුවන් දෙදෙනා සමග යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයකුට කිසියම් කණ්ඩායමක් ඊයේ රාත්‍රී මිද්දෙනිය ගල්පොත්තයාය ප්‍රදේශයේදි වෙඩි තැබීමෙන් ප


සෙලෙන්ස්කී හමුවන්න කැමතියි - පුටින්
2025 පෙබරවාරි මස 19 820 0

ඕනෑම මොහොතක, අවශ්‍ය වුවහොත්, තමන් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හමුවී, රුසියන් යුක්රේන අර්බුදය ගැන සාකච්ඡා පැවැත්වීමට සූදානම් බව රුසියන් ජන


රුසියන් ඇමෙරිකන් නියෝජිතයෝ හමුවෙති
2025 පෙබරවාරි මස 19 514 0

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සහ රුසියාව අතර සාකච්ඡා සෞදි අරාබියේ, රියාද් අගනුවරදී පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 346 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 153 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 1016 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site