IMG-LOGO

2024 මැයි මස 25 වන සෙනසුරාදා


කාසි කැටේ කොල්ලය

එදා ගැමි ගෙවල්වල ඉවුම් පිහුම් කටයුතුවල නිරත වන කාන්තාවෝ නෑඹිලියට එක්කරන සහල්පතින් මිටක් ගෙන සකසුරුවමට තබති. මෙය කාලාන්තරයක් තිස්සේ පැවැත එන ගැමි සිරිතකි. එක්කෝ එය පන්සලට දෙන සලාක දානයට එක්කර ගැනීමටය. නැතිනම් දෙවියන් උදෙසා වාර්ෂිකව සිදුකෙරෙන දාන මාන කටයුත්තකදී ප‍්‍රයෝජනයට ගැනීමටය. මේ දෙකම නොවේ නම් කුස්සිය හිස් වූ විට හදිස්සියකදී ප‍්‍රයෝජනයට ගැනීමටය. සතෙන් සතේ රුපියලෙන් රුපියල එකතුකර පිරුණු කැට ගෙනැවිත් ජාතික ඉතිරි කිරීමේ බැංකුව ගොඩනැගුවේ මෙවන් සංකල්ප ඔස්සේය. මේ ඊයේ පෙරේදා සිය 106 වැනි ජන්ම ශත සංවත්සරය සැමරූ ලංකා සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මේ බැංකුවේ නිර්මාතෘවරයාය. මුළු ජීවිත කාලයම සාමාන්‍ය මිනිහා වෙනුවෙන් කැපකළ මේ රටේ සම සමාජයක් පෙරදැරි කරගෙන දේශපාලනය කළ ආචාර්ය ඇන්.ඇම්. 1970 සමගි පෙරමුණු රජයේ මුදල් ඇමැතිවරයා ලෙස ගත් මෙම තීන්දුව එදා එම රජයේ කැපීපෙනෙන ප‍්‍රගතිශීලී කටයුත්තක් විය. එතැන් සිට සතෙන් සතේ රුපියලෙන් රුපියල එකතු කරගත් මේ රටේ සාමාන්‍ය ජනයාගේ ලේ දහඩිය කාසි බවට පෙරළී රුපියල් කොළවලින් තැන්පත් වූයේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේය. මේ සත්ගුණවත් ඉතිහාසය අද ජීවත්වන බොහෝ අයත්, සමහර දේශපාලන ජාවාරම්කාරයෝත් නොදනිති. දැනගත්තත් ඔවුන්ට වැඩක් නැත. ඔවුනට අවශ්‍ය වන්නේ කොතැනින් හෝ කුට්ටියක් කඩාගැනීමටය. මෙතෙක් පැවැති හැම ආණ්ඩුවකටම විනාශයට මඟ පෑදුවෝ එම ආණ්ඩුව පිහිටුවීමට දර දිය ඇද්ද, උදේ පාන්දරින් ඡුන්ද පොළට ගොස් තම යුතුකම ඉටුකළ අවංක පාක්ෂිකයෝ නොවෙති. ඔවුහු මේ සිදුවන කි‍්‍රයාවන් අභියස අහිංසකයෝ වෙති. කිසිවක් කරකියාගත නොහැකිව සුසුම්ලන්නෝ වෙති. නැතිනම් නරඹන්නෝ වෙති. විශේෂයෙන්ම ජාතික ඉතිරි කිරීමේ බැංකුව හා මේ රටේ දේශ හිතැති ප‍්‍රගතිශීලීන් අතර ඇති සහසම්බන්ධය ගහට පොත්ත වාගේය. සාමාන්‍යයෙන් සමසමාජ, කොමියුනිස්ට් හා ශී‍්‍ර ලංකාකාරයෝ මේ බැංකුවට ආදරය කරති. ඊට හේතුව එය මේ තුන්ගොල්ලෝ එකතුව බිහිකළ රජයක හොඳ නිර්මාණයක්වීම නිසාය. යූ.ඇන්.පී. කාරයන් හා ජේ.වී.පී. කාරයන් ආදරය නැතැයි මින් අදහස් නොවේ. ඔවුහු ද එසේමය. එහෙත් සමගි පෙරමුණු කාරයන්ට ජාතික ඉතිරි කිරීමේ බැංකුව ගැන යම් විශේෂ ආඩම්බරයක් තිබේ. මේ නිසා ඔවුන්ගේ ආණ්ඩුවක් යටතේ කුඩා හෝ කොල්ලකාරී සිදුවීමක් මගින් මේ බැංකුවේ කීර්තිනාමයට සුළු හෝ හානියක් සිදුවීමට ඔවුහු අකමැති වෙති. 1971 අංක 30 දරන මුදල් පනතින් සුබ මොහොතින් බිහි වූ ජාතික ඉතිරි කිරීමේ බැංකුව විටින්විට රන් හා රිදී සම්මානවලට පාත‍්‍රවෙමින් ශී‍්‍ර ලංකාවේ බැංකු ක්ෂේත‍්‍රයේ 3 වැනි විශාලතම බැංකුව බවට පත්ව ඇත. ශාඛා 210 කින්ද, 4055 වූ තැපැල් කාර්යාල ජාලයකින්ද, 221 ක් වූ එ්.ටී.එම්. කාඞ් මධ්‍යස්ථානවලින් ද සමන්විත මෙම දුප්පතාගේ හිතවතා මිලියන 17 ක පමණ ගිණුම් හිමියන්ගෙන්ද සමන්විතය. එසේම 2011 ට සාපේක්‍ෂව රුපියල් බිලියන 467 ක වත්කමකටද හිමිකම් කියයි. මේ වන විට ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ මෙවන් සාර්ථකත්වයක් උදාකර ගැනීම සඳහා ජනතාවගේ ඊට ඇති කැමැත්ත හා සහයෝගය මෙන්ම එහි සේවය කරන සේවක සේවිකාවන්ගේ කැපවීමද හේතු වී තිබේ. කෙටියෙන්ම මෙය මහජන දේපළකි. සතෙන් සතේ රුපියලෙන් රුපියල ගොඩනැගූ පොදු දේපළකි. පොදු දේපළ සාංඝික දේපළට සමාන යැයි අපේ රටේ සමහර ගැමියෝ විශ්වාස කරති. රටක සාංඝික දේපළ හා දෙවියන්ගේ දේවල් ආරක්‍ෂා වන්නේ මේ සංකල්ප ඔස්සේය. දෙවියන්ට වෙන් කළ පොල් ගස් පොල් වතුවල දක්නට ලැබේ. කිසිවෙක් හොරාටවත් ඒ වායේ ගෙඩි නොකඩති. එ්වායේ පළදාව දේවාලයේ කටයුතු සඳහා වෙන් කෙරේ. සහල් ද එසේමය. ”මූට දෙවියන්ගේ සහල් කැවිලා” යැයි සමහරු පිස්සු විකාරයෙන් දොඩවන අය ගැන සඳහන් කරන්නේ එ් නිසාය. මහජන දේපළ ද සාංඝික හා දෙවියන්ගේ දේපළට සමාන නම් මේවා විනාශ කිරීමට සැරසෙන අයට හොඳක් වීමට ඉඩක් නැත. හරි හෝ වැරදි සමාජ සම්මතය එලෙසින් පවතින රටක අප ජීවත් වේ. ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ කතාව මීට වෙනස්ය. ජාතික ඉතිරි කිරීමේ බැංකුව සම්බන්ධයෙන් ජනතා විශ්වාසය බිඳවැටීමේ සිද්ධියක් නොබෝදා වාර්තා විය. ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ ඍජු මැදිහත්වීම නිසා එය වැළකී ගිය බව පෙනේ. නැතිනම් සෙලාන් බැංකුවට සිදුවීමට ගිය දෙයම මේ දැවැන්ත මූල්‍ය ආයතනයටත් වීමට ඉඩ තිබුණි. එහෙත් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හැම සතයකටම රජයේ වගකීමක් තිබෙන නිසා කිසිවෙක් බිය විය යුතු නැත. බැංකුවක් කෙරෙහි විශ්වාසය බිඳවැටුණු මොහොතේම තැන්පත්කරුවෝ සසල වෙති. ඔවුහු තම තැන්පත් මුදල් ඉල්ලා සිටිමින් බැංකුව වටා රොක් වෙති. එක්වර එසේ මුදල් ලබාදීමේ හැකියාවක් කිසිම බැංකුවකට නොමැත. අදාළ බැංකුව රාජ්‍ය බැංකුවක් නම් එහි වගකීම රජයට බැරවේ. රජය යනු අවසාන විග‍්‍රහයේ දී ජනතාවමය. සාමාන්‍යයෙන්  ඕනෑම මූල්‍ය ආයතනයක් ඵළදායී ලෙස මුදල් ආයෝජනය කරති. ඒ ගැන විවාදයක් නැත. එය තමන් සතු වත්කම් වැඩිකර ගැනීම සඳහාය. ජාතික ඉතිරි කිරීමේ බැංකුවද රු. බිලියන 467 ක (කෝටි 46,700 ක) වත්කමක් එක්රැස් කරගෙන තිබෙන්නේ තැන්පත්කරුවන්ගේ ඉතිරි කිරීම්වලින් පමණක් නොවේ. තැන්පත්කරුවන්ගේ ඉතිරි කිරීම්වලට අමතරව, ණය දීම් හා ඵලදායී ලෙස යෙ දු ආයෝජනවලින් ලැබෙන ප‍්‍රතිලාභ ඔස්සේය. මේ වන විට මේ රටේ වාණිජ බැංකු 33 ක් රටපුරා ශාඛා 6,122 ක් සමගම පවත්වාගෙන යනු ලැබේ. ඊට අමතරව ෆිනෑන්ස් සමාගම් 39 ක් ශාඛා 704 ක ජාලයක් සහිතව කි‍්‍රයාත්මක වේ. මේ සෑම මූල්‍ය ආයතනයක්ම ණය දීම්වල හා ආයෝජනවල යෙදෙයි. මේ නිසා ආයෝජනයේ වරදක් නැත. එහෙත් රාජ්‍ය බැංකු ජනතාවගේ මුදල් ආයෝජනය කිරීමේදී දෙවරක් කල්පනා කළ යුතුය. ඊට හේතුව ජනතාවගේ ලේ, දහඩිය, මුසු වූ රීරිමාංශ එහි ගැබ් වී තිබීමය. විශේෂයෙන්ම මෙහිදී කොල්ලකාරී ජාවාරම්කාරයන් අතට එ්වා පත්නොකිරීමේ වගකීම් මේ බැංකුවල විශේෂඥ සේවාවන්හි නිරත වෙමින් ලක්ෂ ගණනින් පඩි හා වරප‍්‍රසාද ලබන නිලධාරීන් සතුය. ”අනේ අපි  ඕවට නෑ” කියා ඔවුන්ට ඇඟබේරාගත නොහැකිය. පසුගිය සමයේ ආන්දෝලනයකට ලක්ව තිබුණේ ජාතික ඉතිරිකිරීමේ බැංකුව කොටස් වෙළෙඳ පොළේ මුදල් ආයෝජනය කිරීමය. බැංකුව පිහිට වූ පනතට අනුව එවැන්නකට ඉඩක් නැත. එහෙත් රාජ්‍ය ආයතනවල ආයෝජනය කිරීමට අවසර ඇත. ද ෆිනෑන්ස් නමැති මූල්‍ය ආයතනය දැන් රජය සතුය. එය රජය සතු වූයේ දුර්වල මූල්‍ය කළමනාකාරීත්වය නිසාය. මේ ආයතනය කොටස් වෙළෙඳපොළේ ලියාපදිංචි වී ඇත. ජාතික ඉතිරි කිරීමේ බැංකුව එහි අඩු වටිනාකමකින් මිලදී ගැනීම ආන්දෝලනාත්මක පුවතක් විය. ”මේ මිලදී ගැනීම සිදුවන්නේ කිසිදු තාර්කික පදනමකින් තොරවය. මේ ගනුදෙනුවේදී මහා පරිමාණයේ වංචාවක් සිදුව ඇති බවට නැගුණු චෝදනා ඉතාම බරපතළය. ජාතික ඉතිරි කිරීමේ බැංකු පනතේ දැක්වෙන්නේ කොටස් වෙළෙඳ පොළේ ඍජු ගනුදෙනුවලට එම බැංකුවේ මුදල් යෙදවීම තහනම් බවය. සියයට පනහක කොටස් හිමිකාරිත්වයක් දරන ආයතනවල කොටස් පමණක් ඉතිරි කිරීමේ බැංකුවට මිලදී ගත හැකිය. එසේ නම් මෙම ගනුදෙනුව කළ අය මේ කරුණු පවා දැනසිටියේ නැතැයි යන්න ප‍්‍රශ්නයකි.

(වයඹ විශ්වවිද්‍යාලයේ වාණිජ හා මූල්‍ය පීඨයේ කථිකාචාර්ය අමිල මෙත්සිල පෙරේරා 6.06.2012 ලංකාදීප)
  මෙහිදී සිදු වී ඇත්තේ ද ෆිනෑන්ස් සමාගමේ කොටස්වලින් 13% ක් මිලට ගැනීමයි. සාමාන්‍ය ද ෆිනෑන්ස් සමාගම ගැන වාර්තා වූයේ පාඩු ලබන සමාගමක් ලෙසිනි. ”ද ෆිනෑන්ස් සමාගම 2012.03.31 න් නිම වූ මූල්‍ය වසරේ දී රු.ද.ල. 196.7 ක පාඩුවක් ලබා ඇත.”
(6.6.2012 ලංකාදීප උතුරු දකුණ තිරුව)
මෙවන් ආයතනයක කොටස් ජාතික ඉතිරි කිරීමේ බැංකුව මගින් මිලට ගෙන ඇත්තේ කොටසක් කොටස් වෙළෙද පොළේ පැවැති මිලට වඩා සියයට 60 ක වටිනාකමකින් යුත් වෙස්සන්තර මිලදී ගැනීමක් ඔස්සේය. පසුව මෙසේ වැඩි වූ කොටස් මිල තම කොටස් අලෙවි කිරීමටද  සමහර කොටස් හිමියෝ සැරසී සිට ඇත. ඉන් අනතුරුව කොටස් මිල පහළ වැටුණොත් පාඩුව බැංකුවටය. මෙය ගිනි දවල් කොල්ලයක් සේ සමහරු හඳුන්වති. මේවාට උපදෙස් දුන්නෝ කවරහුද? බ්ලූ චිප් සමාගම්වල මුදල් ආයෝජනය කිරීමේ වරදක් නැත. එහෙත් ආණ්ඩුව ද ෆිනෑන්ස් සමාගමේ මුදල් ආයෝජනය කළේ නීතිරීතිවලට පටහැනිවය. වරද එතැනය. ප‍්‍රශ්නය ඇත්තේ මෙතැනය. පාඩු ලබන සමාගම්වල මුදල් ආයෝජනය කිරීමට උපදෙස් දෙන්නෝ කවරහුද? එවන් උපදේශකයන් වෙනුවෙන් බැංකුව ලක්ෂ ගණනින් වැටුප් හා දීමනා වැය කරයි. මෙවන් උප්පරවැට්ටි නිසා කිසිවක් නොදන්නා අවංක අධ්‍යක්‍ෂවරුන්ට ද ඉල්ලා අස්වීමට සිදුවිය. සාමාන්‍ය ජනතාව නියෝජනය කරමින් පැමිණි ප‍්‍රවීණ ජ්‍යොතිෂවේදී ගාල්ලේ සුමනදාස අබේගුණවර්ධන ශූරීන් ඉන් එක් අයෙකි. ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ ක්ෂණික මැදිහත්වීමෙන් ගනුදෙනුව නතර වී ඇත. එය තැන්පත්කරුවනට සහනයකි. එහෙත් මේවා සම්බන්ධයෙන් සොයාබැලීමේ රජයේ වගකීම හෝ එසේ සොයාබලන රාජ්‍ය ආයතනවල වගකීම මෙතැනින් අවසන් වන්නේ නැත. ශී‍්‍ර ලංකා මහ බැංකුව සමස්ත බැංකු කි‍්‍රයාවලියේ ලොකු අයියා ලෙස පමණක් නොව රාජ්‍ය බැංකුවක් ලෙස ඔවුන්ගේ වගකීම ඉටුකළේද යන්න ප‍්‍රශ්නයකි. එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ති‍්‍රක්කයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවී කරුණානායකට එරෙහිව මේ දිනවල මහාධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතී. ඊට නිමිත්ත වී ඇත්තේ පිටරටින් ලැබුණු මුදල් ප‍්‍රමාණයක් අදාළ කාලය තුළ ව්‍යාපෘතියක නොයෙදවීම සම්බන්ධයෙනි. එය නීති විරෝධී නම් එ් ගැන සොයාබැලීමේ වරදක් නැත. එ් හැන්දෙන්ම අනෙක් අයටද බෙදීමේ වැදගත්කම ඊට අදාළ ආයතනගත බලධාරීන්ට අමුතුවෙන් කියාදිය යුතු නැත. වරදක් හිතකින් නොකළත් සොයා බැලීම වැදගත්ය. මෙතැනදී ද මහ බැංකුවට වගකීමක් ඇති බව පෙනේ. නැතිනම් වැඬේ හැඩ නැත. මේ රටේ ධනපති පන්තිය තුළ දුක් මහන්සියෙන් මුදල් හම්බකර ආයෝජනය කරන ධනපතියෝ නොවෙති. සිටියත් විරලය. බොහෝ විට දක්නට ලැබෙන්නේ යූ.ඇන්.පී. හෝ යූ.ඇන්.පී. විරෝධී ආණ්ඩුවලට අතරමග දී ”ජැක්” ගසා තම ආයෝජන වැඩිකර ගන්නා ධනපතියෝය. එහිද එතරම් වරදක් නැත. ඊට හේතුව මහා පරිමාණයේ අති දැවැන්ත ව්‍යාපාරික ආයතන අප වැනි රටවල නොමැති නිසාය. රටේ ප‍්‍රධාන ආයෝජකයා රජය වී තිබීම නිසාය. එහෙත් ආණ්ඩුවල සමහර ලොක්කන් හා සම්බන්ධ වී රජයේ මුදල්වලින් සූදුකෙළින අය රටකට අතිභයානකය. සිංගප්පූරුව, දකුණු කොරියාව වැනි ධනේෂ්වර ආරට ගිය රටවල් පවා එම දියුණුව ළඟාකර ගත්තේ ආණ්ඩුවේ මුදල්වලින් හා කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු හරහාය. සූදුපිටි පවත්වාගෙන ගිය අය හිරේ විලංගුවේ තැබීමෙනි. මහජන චීනයේ නම් එවන් අයට මරණ දඬුවම පවා හිමිවේ. සාමාන්‍යයෙන් කොටස් වෙළෙඳපොළ සැලකෙන්නේ ආර්ථිකයේ පූජනීය මෙවලමක් ලෙසිනි. එසේ නම් මෙවන් ප‍්‍රගතිශීලී දේශපේ‍්‍රමී ආණ්ඩුවක් තුළ ඔවුනට කිසිසේත්ම ඉඩක් තිබිය නොහැක. විශේෂයෙන්ම ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය නායකත්වය දරන ආණ්ඩු ජල්බරි බිස්නස් කාරයන්ට කොල්ලකෑමට සුදුසු පරිසරයක් නිර්මාණය කරන්නේ නැත යන මතයක් රටේ පවතී. තවමත් ජනාධිපතිතුමාගේ ජනපි‍්‍රයත්වය හා කීර්තිනාමය ඉහළ තලයක පවතී. මේ අතර යම් බිස්නස්කාර පැලැන්තියක් මේ ආණ්ඩුව සමඟ සෙට් වී විවිධ අයුරින් රාජ්‍ය දේපළ කොල්ලකෑමක යෙදෙන බවට චෝදනාවක් සමාජගත වෙමින් තිබේ. ඒ ගැන විනිවිදභාවයකින් යුතුව සොයාබැලීම ආණ්ඩුවේ පැවැත්මට වැඩදායකය.
වසන්තප‍්‍රිය රාමනායක



අදහස් (0)

කාසි කැටේ කොල්ලය

වසන්ත රත්නායක Monday, 11 June 2012 11:05 AM

මේ ලිපිය වැටහෙන්නෑ නේ .... NSB වෙබ් සයිට් එක http://www.nsb.lk/Why_bank_with_us.php කියන ආකාරයට එය අවුරුදු 175 ක් පරණයි.

:       0       0

යසන්ත Saturday, 09 June 2012 04:22 AM

මේක නියමයි .මම සුභ පතනවා..

:       0       0

නයන Friday, 08 June 2012 04:39 PM

ඇයි මහජන බැංකුවේ පින්තූරේ දාල තියෙන්නේ එන්.එස්.බී. වෙනුවට

:       0       0

යකා Sunday, 10 June 2012 09:53 PM

"මෙවන් උප්පරවැට්ටි නිසා කිසිවක් නොදන්නා අවංක අධ්‍යක්‍ෂවරුන්ට ද ඉල්ලා අස්වීමට සිදුවිය" මම මේකට එකග නෑ

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

දිඹුලාගල සිංහයා - කිතලගම නාහිමි
2024 මැයි මස 25 46 0

රට, ජාතිය, සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් කර මෙරට වැඩිම දරු පරපුරක්, සම්බුද්ධ ශාසනයට ඇතුළත් කරගත් දිඹුලාගල හාමුදුරුවන් හෙවත් මාතර කිතලගම ශ්


ජනපතිවරණයට උතුරු - දකුණ ඡන්ද සාධක
2024 මැයි මස 25 69 0

ලක්ෂ ගණනක් ජනතාව 2012 දී වීදි බැස ආණ්ඩුවට එරෙහිව මාස හතරක් පුරා අරගල කරන්නට පොළඹවමින් උත්සන්න වූ ආර්ථික අර්බුදය හේතුවෙන් රටපුරා අති බහුතරයකගේ සාම්ප්‍රද


පාසල් අසල මාර්ගවල රථවාහන පාලනයක් ඕනෑ
2024 මැයි මස 25 16 0

අනතුරු සිදු වන්නේ කල් ඇතිව දැනුම් දී නොවේ. එහෙත් ඇතැම් අනතුරු වළක්වාගත හැකිය. එයට එළැඹගත් සිහියෙන් ක්‍රියා තළ යුතුය. එසේම ඇතැම් අනතුරුවලට හේතුව නොසැලක


චිත්‍රපට අරමුදලක් වහාම ඕනෑ
2024 මැයි මස 24 317 0

ඔහු මෙරට සිනමාව, ටෙලිනාට්‍යය යන අංශ ද්විත්වයේ නිතරම තම අධ්‍යයන කටයුතු සිදුකරන නිර්මාණශීලී අධ්‍යක්ෂවරයෙකි. ‘‘සුදු කළු සහ අළු’’ යන සිනමා පටය නිර්මාණය ක


සංස්කෘතික විප්ලවයක අවශ්‍යතාව
2024 මැයි මස 24 157 2

ලෝක පූජිත භෞතික විද්‍යඥ සහ සාපේක්ෂතා න්‍යායේ නිර්මාතෘ ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ සුප්‍රකට ප්‍රකාශයක් පහත එන පරිදි ය. “නූතන ලෝකයේ විද්‍යාත්මක අවශ්‍යතා


ජාතික ආරක්ෂාවේ සූදානම නිරන්තරයෙන් අවශ්‍යයි
2024 මැයි මස 24 154 0

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානයෙන් සිටීමේ වැදගත්කම අවධාරණය කෙරෙන සිද්ධියක් පසුගිය දින කිහිපය පුරාම අප පුවත්පත වාර්තා කළේ ය. එම සිදුවීම නම්, ඉන්දියා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 937 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2488 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2134 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site