IMG-LOGO

2025 ජනවාරි මස 20 වන සඳුදා


කවුද මේ ආමි සම්පත්

5  

 

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවේ විත්තිකරුවන් තිදෙනෙක් රැගෙන ගමන් කරමින් තිබූ බන්ධනාගාර බස් රථයකට මාළිගාවත්ත ඉංගම් හන්දියේ විදුලි ආලෝක සංඥා පද්ධතිය අසල දී වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබුණේ පසුගිය මාර්තු මාසයේ 2 වැනිදා සවස්වරුවේය.


බන්ධනාගාර බස් රථයට එල්ල වූ මෙම වෙඩි ප්‍රහාරයෙන් චමින්ද රවී ජයනාත් හෙවත් දෙමටගොඩ චමින්ද නමැති ප්‍රබල පාතාල කල්ලි නායකයෙක් බවට පැවසෙන පුද්ගලයා බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළේ වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමටය.


දෙමටගොඩ චමින්ද නමැත්තා සමග බන්ධනාගාර බස් රථයේ සිටි භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ සෙසු විත්තිකරුවන් වූයේ සරත් බණ්ඩාර සහ මාලක පෙරේරා යන දෙදෙනාය. සරත් බණ්ඩාර සහ මාලක පෙරේරා යන දෙදෙනාට මෙම වෙඩි ප්‍රහාරයෙන් කිසිදු හානියක් සිදු වී තිබුණේ නැත.

sdfg
බන්ධනාගාර බස් රථය කොළඹ අධිකරණ සංකීර්ණයේ සිට විත්තිකරුවන් තිදෙනා ද රැගෙන බන්ධනාගාරය බලා පිටත්ව ගියේ භාරත ලක්ෂ්මන් නඩුව එදින විභාග කිරීමෙන් පසුවය.


බන්ධනාගාර නිලධාරින් තිදෙනකුගේ සහ පොලිස් නිලධාරින් දෙදෙනෙක් මෙම විත්තිකරුවන් තුන් දෙනාගේ ආරක්ෂාවට සිටියේ ආයුධ සන්නද්ධවය.
යතුරුපැදියකින් හා කළු පැහැති මෝටර් රථයකින් පැමිණි කණ්ඩායමක් බන්ධනාගාර බස් රථයට වෙඩි තැබූ අතර විත්තිකරුවන්ගේ ආරක්ෂාවට සිටි නිලධාරින් ප්‍රති ප්‍රහාර ද එල්ල කර තිබිණි.


බන්ධනාගාර බස් රථයට වෙඩි පිට වෙඩි තැබූ කල්ලිය පලා ගොස් තිබුණේ ඒ වෙඩි ප්‍රහාර මැද්දේය.


පොලිසිය වෙඩි තැබීම ගැන කරන ලද විමර්ශනවල දී තොරතුරු අනාවරණය වී තිබුණේ මේ වෙඩි තැබීමට පාතාල කල්ලි නායකයෙක් ලෙස සැලකෙන රන් සෙම්බුගේ සම්පත් චාමර ෆොන්සේකා හෙවත් ආමි සම්පත් නැමැත්තාගේ වැඩක් බවටය.


කොළඹ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් කරන ලද පරීක්ෂණයක ප්‍රතිඵලයක් වශයෙන් යුද හමුදාවේ රාජකාරි කරන නිලන්ත නමැති කෝප්‍රල්වරයෙක් සහ සංජීව නැමැත්තෙක් අත්අඩංගුවට ගනු ලැබූවේ බන්ධනාගාර බස් රථයට වෙඩි තබා දෙමටගොඩ චමින්ද නැමැත්තාට බරපතළ තුවාල සිදු කිරීම සම්බන්ධයෙනි.


විත්තිකරුවන්ගේ ආරක්ෂාවට බන්ධනාගාර බස් රථයේ සිටි නිලධාරින් එල්ල කරන ලද වෙඩි උණ්ඩයක් වැදී යුද හමුදා කෝප්‍රල් නිලන්තගේ එක් පාදයකට බරපතළ හානි සිදු වී තිබීම නිසා ඔහුට රහසිගතව ප්‍රතිකාර පවා ලබාදී තිබිණි.


මොහුට රහසිගතව ප්‍රතිකාර කළ බව කියන ගම්පහ මූලික රෝහලේ සාත්තු සේවකයෙක්ද ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ පොලිස් කණ්ඩායම විසින් පසුව අත්අඩංගුවට ගනු ලැබීය. බන්ධනාගාර බස් රථයට වෙඩි තැබූ වෙඩිකරු වූයේ මේ හමුදා කෝප්‍රල්වරයාය.


හමුදා කෝප්‍රල්වරයාගෙන් හා සංජීව නැමැත්තාගෙන් පොලිසිය ප්‍රශ්න කිරීමේදී ආමි සම්පත් නැමැත්තාගේ කීම මත මෙම ප්‍රහාරය එල්ල කළ බවත් ඔහු ද මෙයට පැමිණි බවත් හෙළිවිණි.


වෙඩි ප්‍රහාරය එල්ල කිරීමට යොදාගත් බව කියන ටී 56 ගිනි අවිය හා උණ්ඩ 60ක් හා මැගසිනයක් ද, ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් සොයාගෙන තිබුණේ හමුදා කෝප්‍රල්වරයාගෙන් ප්‍රශ්න කිරීමේ දී හෙළි වූ තොරතුරු මතය.


කොළඹ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයට අමතරව කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ හා රහස් පොලිසියේ නිලධාරින් ද ආමි සම්පත් කියන පාතාල නායකයා පසුපස පන්නන්නට පටන් ගත්තේය.


පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ පවතින පොලිස් විශේෂ කාර්යාංශයේ කැලණිය ඒකකයේ නිලධාරින් ද ආමි සම්පත් ගැන නිරන්තර සෙවිල්ලෙන් සිටියහ.


පොලිස් විශේෂ කාර්යාංශයේ කැලණිය ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන් ගුණරත්න, පොලිස් සැරයන් විජිත බණ්ඩාර සහ සැරයන් චමින්ද සෙනවිරත්න යන මහත්වරුන් ආමි සම්පත් ගැන නිරන්තර සෙවිල්ලෙන් සිටීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඔහු බිරිඳ හා තවත් අයෙක් එක්ක කොළඹ ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙලේ පෞද්ගලික රෝහලකට පැමිණෙන බවට ඔත්තුවක් ලැබී ඇත.


මේ ඔත්තුව සීයට සීයයක්ම තහවුරු කර ගත් විශේෂ කාර්යාංශයේ නිලධාරින් මේ බව දන්වා සිටියේ පොලිස්පතිවරයාටය. පොලිස්පතිවරයාගේ උපදෙස් හා නියෝග මත ආමි සම්පත් කියන දරුණු පාතාල කල්ලි නායකයා ඇල්ලීමේ වගකීම බාර දෙන්නේ පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති රංජිත් පෙරේරා මහතාටය.


නියෝජ්‍ය පොලිස්පති රංජිත් පෙරේරා මහතාගේ මෙහෙයවීම යටතේ විශේෂ කාර්ය බලකායේ මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාගර කුලසේකර මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් විශේෂ කාර්යාංශයේ කැලණිය ඒකකයේ නිලධාරින් ද සමග ගොස් පෞද්ගලික රෝහල ආසන්නයේ සැඟව සිටියේ ආමි සම්පත් එනතෙක්ය.


රෝහල් භූමියට ඇතුළුවීමට ඇති දොරටුවක් ආසන්නයේ මෝටර් රථය නතර කරනවාත් සමගම පොලිස් විශේෂ කාර්යාංශයේ නිලධාරින් මෝටර් රථය ළඟට ගොස් ඔබ ආමි සම්පත් දැයි කියා විමසා ඇත.


‘ඔව් සර්, මම ආමි සම්පත්’ යැයි කියා කිසිම කලබලයකින් තොරව ඔහු පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින්ට යටත්විය.


ආමි සම්පත් සමගම සැකපිට ප්‍රශ්න කිරීමට ඔහුගේ බිරිඳ සරලගේ සංජීවනී ජීවන්ති 31 නැමැත්තිය ද ඔවුන් දෙදෙනා සමග මෝටර් රථයෙන් පැමිණි රණේපුර දේවගේ ප්‍රදීප්කුමාර සුදර්ශන හෙවත් කපුරු නමින් හැඳින්වෙන තැනැත්තෙක් ද පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.


ආමි සම්පත් නැමැත්තා කොච්චර බියට පත්වූවා ද කියනවා නම් පොලිස් නිලධාරින් දකින විටම ඔහුට මුත්‍රා පවා පහ වූ බව කියති. කොතරම් දරුණු අපරාධකාරයෙක් වූවත් තමන්ට යම් කරදරයක් විපතක් සිදුවීමට යන විට බියට පත්වීම ස්වභාවික දෙයක් බවට මෙය කදිම සාධකයකි.


ආමි සම්පත් පැමිණ තිබුණේ බිරිඳට වැළඳී තිබූ රෝගයකට වෛද්‍ය ප්‍රතිකාර ගැනීමටය. ආමි සම්පත් හා ඔහුගේ බිරිඳ පදිංචිව සිට ඇත්තේ ජාඇල කොටුගොඩ රජවත්ත ප්‍රදේශයේ දෙමහල් නිවෙසකය.


පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් පොලිස් විශේෂ කාර්යාංශයේ කැලණිය ඒකකයේ නිලධාරින් ද සමග ගොස් ඒ නිවස සෝදිසියට ලක් කර ඇත.
බ්‍රවුනින් වර්ගයේ පිස්තෝලයක්, උණ්ඩ 14ක්, මැගසින් එකක්, ජංගම දුරකතන 09ක්, ලැප්ටොප් පරිගණක යන්ත්‍රයක්, හෙට්ටිආරච්චිගේ මංගල සම්පත් යන නමින් ආමි සම්පත්ගේ ඡායාරූපය යොදා සකස් කළ ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් ඒ නම හා ආමි සම්පත්ගේ ඡායාරූපය යොදා සකස් කර තිබූ ව්‍යාජ රියදුරු බලපත්‍රයක් සහ ගම්පහ විවාහ රෙජිස්ටර් විසින් නිකුත් කළ බව සඳහන් විවාහ සහතිකයක් ද නිවසේ තිබී සොයා ගැනීමට පොලිසියට හැකි විය.


පසුගිය මහ මැතිවරණ සමයේ රවි කරුණානායක මහතාගේ ආධාරකරුවන් විශාල පිරිසක් කොළඹ බ්ලූ මැන්ඩල් ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක කටයුත්තක නියැලී සිටිය දී ඒ අවට ගැවසෙමින් සිටි ආමි සම්පත් නැමැත්තා ඉලක්ක කර ගනිමින් එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් කාන්තාවක් ඇතුළු දෙදෙනෙක් මිය ගිය අතර තවත් පිරිසක් තුවාල ලැබූහ.


කෙසේ වෙතත් මෙම වෙඩි ප්‍රහාරයෙන් ගැල වී නිරුපද්‍රිතව පලා යාමට ආමි සම්පත් නැමැත්තාට හැකි වී තිබිණි. තමාව ඉලක්ක කර ගනිමින් මේ වෙඩි ප්‍රහාරය එල්ල කළේ දෙමටගොඩ චමින්දගේ ගෝල බාලයින් පිරිසක් බවට තොරතුරු ලැබෙන්නට ආමි සම්පත්ට වැඩි වේලාවක් ගත වී නොමැත.
භාරත ලක්ෂ්මන් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් රහස් පොලිස් අත්අඩංගුවට පත් වූ දෙමටගොඩ චමින්ද නැමැත්තා ඒ වන විටත් සිටියේ රිමාන්ඞ් බන්ධනාගාරගතවය.


රිමාන්ඞ් බන්ධනාගාර ගතව සිටි දෙමටගොඩ චමින්ද නමැත්තා ඔහුගේ ගෝල බාලයන් යොදවා තමාව ඝාතනය කිරීමට ආරම්භ කිරීම නිසා කෝපයට පත් වූ ආමි සම්පත් නැමැත්තා ඔහුගේ ගෝල බාලයන් කිහිප දෙනෙක් සමග ගොස් බන්ධනාගාර බස් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇත්තේ වෙන මොකටත් නොව දෙමටගොඩ චමින් ද නැමැත්තා ඝාතනය කිරීමටය.


එහෙත් ඒ ඉලක්කය වැරදි ගොස් තිබුණේ යාන්තමිනි. පොලිසිය කළ පරීක්ෂණ වලින් මේ තොරතුරු හෙළි විය.


රන් සෙම්බුගේ සම්පත් චාමර ෆොන්සේකා පාසල් ගොස් ඇත්තේ අටවැනි ශ්‍රේණිය දක්වා පමණක් බව පැවසේ. මොහුගේ පදිංචිය කොළඹ 13, බ්ලූමැන්ඩල් ප්‍රදේශයේය.


සාමාන්‍ය සෙබළෙක් වශයෙන් මොහු යුද හමුදාවට බැඳී ඇත්තේ 2001 වසරේදීය. අනුරාධපුරය ප්‍රදේශයේ කඳවුරක දී පුහුණුවීම් ලබමින් සිටි අතරවාරයේ පලා එන සම්පත් එවකට කොළඹ පාතාල නායකයකු වශයෙන් සිටි ප්‍රින්ස් කොලම් දැන හඳුනාගෙන ඔහුගේ කල්ලියට එකතු වී ඇත්තේ 2002 වසරේදී පමණය.


ප්‍රින්ස් කොලම් කියන්නේ ඒ කාලයේ කොළඹ හොල්ලාගෙන සිටි පාතාල නායකයෙක් බව දැන ගැනීමට ඇත.


සිය ගෝලබාලයන් යොදවා මනුෂ්‍ය ඝාතන සිදු කිරීම හා ව්‍යාපාරිකයන් බිය ගන්වා කප්පම් මුදල් ලබා ගැනීම ප්‍රින්ස් කොලම් නමැත්තා සිදුකරගෙන ගොස් තිබේ.


කොළඹ මහ නගර සභා සීමාව තුළ නිතිපතා එක්වන කුණු එක්තැන් කරගෙන පැමිණ ගොඩ ගසන්නේ බ්ලූ මැන්ඩල් ප්‍රදේශයේය.


බ්ලූමැන්ඩල් කුණු කන්ද ලෙස අදටත් ප්‍රසිද්ධ තිබෙන්නේ මේ හා කුණු කන්දය. මේ ප්‍රදේශයට කුණු ගෙනවිත් දැමීමේ කොන්ත්‍රාත්තුව බාරගෙන තිබූ අයගෙන් මාසයකට ලක්ෂ 10ක පමණ කප්පම් මුදලක් ලබා ගත්තේ ප්‍රින්ස් කොලම් කියන පාතාල නායකයා යැයි කියති.


මෙච්චර ලොකු ගාණක් මොහු ලබාගෙන ඇතැයි කියන්නේ බ්ලූ මැන්ඩල් ප්‍රදේශයට කුණු දැමීමට එරෙහිව ප්‍රදේශවාසීන් විරෝධතාවය දැක්වූවහොත් එය මර්දනය කිරීමේ වගකීම බාරගන්නා බව පවසමින් බවද දැන ගැනීමට ඇත.


මෙම පාතාල කල්ලි නායකයා 2005 වසරේදී ප්‍රතිවාදී පාතාල කල්ලියක් අතින් ඝාතනයට ලක්වූවාවට පස්සෙ ඒ පාතාල කල්ලියට නායකත්වය සපයා ඇතැයි කියන්නේ ආමි සම්පත්ය.


එදා පටන් වසර කිහිපයක් යනතෙක්ම ප්‍රින්ස් කොලම්ට ලැබුණු සියලුම කප්පම් මුදල් ලබාගැනීම සිදු කර ඇති බව කියන්නේ ආමි සම්පත් හා ඔහුගේ ගෝල බාලයින්ය. ප්‍රින්ස් කොලම්ගේ ප්‍රධානතම ගෝලයින් ලෙස සිටි බව කියන රේල්පාරේ සංජීව, බ්ලූ මැන්ඩල් ශංඛ සහ බටුවත්තේ බුද්ධික ද පසුව අමි සම්පත් සමග එකතු වී ඇත.


ආමි සම්පත් ඇතුළු පාතාල කල්ලි කොළඹ දිස්ත්‍රික්කයේ එක් දේශපාලනඥයකු සමග එකතු වී ඇති අතර ඔහු දැනට ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත්ව සිටින අයෙකි. දෙමටගොඩ චමින්ද ඇතුළු ඔහුගේ ගෝලබාලයින් ද වෙති. දේශපාලනඥයාට සම්බන්ධව සිටි අතර ඒ කාලයේ ආමි සම්පත් හා දෙමටගොඩ චමින්ද ගජ මිත්‍රයෝය.


පසු කාලයක මේ දෙන්නා විරසක වී ඇති අතර ඒ විරසකය අවසානයේ එකිනෙකාට මිනී මරා ගන්නා තත්ත්වයට පත්ව ඇත. තතු දත් අය පවසන්නේ මේ දෙදෙනා අතර පැවති වෛරය හරියට නයි පොළොං වෛරය වාගේ යැයි කියාය. 


කොටහේන, ග්‍රෑන්ඞ්පාස්, වැල්ලම්පිටිය යන පොලිස් වසම්වල සිදු වූ මනුෂ්‍ය ඝාතන 12ක් සම්බන්ධයෙන් ආමි සම්පත් නමැත්තා ඔහුගේ ගෝලයන් තිදෙනකු ටී 56 අවි දෙකක් සහ පිස්තෝලයක් සමග 2004 වසරේ දී පොලිස් මූලස්ථානයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර මොහු සහ ගෝලයන් තිදෙනා අධිකරණය මගින් ඇප මත මුදා හැර තිබුණේ 2009 වසරේදීය. 


අධිකරණයෙන් ඇප මත මුදා හැර පැමිණීමෙන් පසු මොහු විවාහ වන්නේ රේල් පාරේ සංජීව නැමැත්තාගේ නැගණියක වූ සංජීවනී ජීවන්ති නැමැති තරුණිය සමගය.


ඒ කාලයක පටන් පැවති ප්‍රේම සම්බන්ධයකින් පසුවය 

රේල් පාරේ සංජීව කියන්නේ ද ආමි සම්පත්ගේ කල්ලියේ සිටින ඔහුගේ විශ්වාසවන්තම ගෝලයින් කිහිප දෙනා අතරින් එක් අයෙකි.


ඇප ලබා පැමිණ සිටිය දී ගම්පහ ප්‍රදේශයේ දී අත්බෝම්බයක් සමග යළිත් වරක් පොලිස් අත්අඩංගුවට පත්ව ඇති ආමි සම්පත් නැමැත්තා නැවත වරක් කාලයක් රිමාන්ඞ් බන්ධනාගාරයේ සිට පසුව යළිත් ඇප ලබා එළියට පැමිණ ඇත.


අධිකරණයෙන් ඇප නියම වී එළියට පැමිණි මොහු හෙට්ටිආරච්චිගේ මංගල සම්පත් යන ව්‍යාජ නමකින් පෙනී සිටිමින් විදෙස් ගමන් බලපත්‍රයක් සකස් කරගෙන රස්සාවකට ගොස් ඇත්තේ ඩුබායි රටටය.


ඩුබායි රටේ රස්සාවක් කරන කාලයේ මොහු මාස දෙකකට වරක් බිරිඳ බැලීමට පැමිණ ආපසු ඒ රටටම ගොස් ඇත.


මෙසේ මාස දෙකකට විතර වරක් බිරිඳ බැලීමට පැමිණ ගිය ආමි සම්පත් 2015 වසරේ මෙරට පැමිණි පසු ආයෙත් ඩුබායි රටේ රස්සාව ගියේ නැත. එතැන් පටන් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින්ට කොටු වනතෙක්ම රහසිගත ජීවිතයක් ගත කරමින් සිටියේය.


අවුරුදු 2ක පමණ දරුවෙක් ද මොහුට සිටී.


පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින්ගේ අත්අඩංවට පත්වූ ආමි සම්පත් ඔහුගේ බිරිඳ හා අනෙකා වැඩිදුර පරීක්ෂණ සඳහා බාරදෙනු ලැබූවේ කොළඹ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය වෙතය.


අපරාධ තොරතුරු මත්ද්‍රව්‍ය කාර්යාංශය හා බස්නාහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ ත්‍රස්තවාදි විමර්ශන කොට්ඨාසය බාර නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි ජගත් ෆොන්සේකා මහතාගේ මෙහෙයවීම යටතේ එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.එන්.ඕ. පෙරේරා, ප්‍රධාන පොලිස් පරීක්ෂක රූකාන්ත පෙරේරා සහ පොලිස් සැරයන් දාසගුප්ත යන මහත්වරුන් සැකකරුවන් දෙදෙනා සහ සැකකාරිය රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇත.


සුදර්ශන හෙවත් කපුරු  නමැත්තා ඒ ඩුබායි රටේ රස්සාව කර ඇත්තේ ආමි සම්පත් එක්කය.


ආමි සම්පත් සුදර්ශන නැමැත්තා දැන හඳුනාගෙන ඇත්තේ ඩුබායි රටේ රස්සාව කරන කාලයේදීය.


ආමි සම්පත්ට කළින් සුදර්ශන මෙරට පැමිණ ඇති අතර ආමි සම්පත් බිරියට හා දරුවාට නැවතීමට කුලියට නිවස සොයා දී ඇත්තේ මොහුය. පොලිසිය පවසන්නේ ආමි සම්පත්ගේ කරේ පැළඳ සිටි රන් මාල දෙකට අමරතව සුර දෙකක්ද කරේ එල්ලාගෙන සිටි බවය.


මේ සුර දෙකෙන් එකක් ඔහුට ඇතැයි කියන සෙනසුරු අපලයක් දුරු කිරීමට මාකොල පැත්තේ ඉන්නා කපුවෙක් ජීවම් කර ඵලඳා තිබේ.


අනෙක් සුරය යමෙක් වෙඩි තැබුවොත් ඒ වෙඩි ප්‍රහාරයෙන් ගැලවීමට අවිස්සාවේල්ල පැත්තේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරන චීවරධාරියකුගෙන් ලබාගත් එකකි.


මීට මාස 1 1/2කට පමණ ඉහත දී මේ සුර දෙකම ආමි සම්පත් කරේ පැළඳ ගෙන ඇත්තේ ඒ වෙනුවෙන් ලක්ෂ දෙකකට වැඩි මුදලක් වියදම් කර බව කියති. ආමි සම්පත් නැමැත්තා පොලිසියට කොටුවූයේ ඒ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් පුස්සක් බවට පත් කරමිනි.

m



අදහස් (0)

කවුද මේ ආමි සම්පත්

ඔබේ අදහස් එවන්න

 

 

විශේෂාංග

එජාප - සජබ අනාගතය
2025 ජනවාරි මස 18 525 3

පසුගිය ජනාධිපතිවරණයේදී එවක ජනාධිපතිවරයා වූ රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු මන්ත්‍රීවරු දැන් වික්‍රමසිංහ මහතාගෙන


දවස් සියයේ විපරමක්
2025 ජනවාරි මස 17 285 0

වත්මන් ආණ්ඩුව බලයට පත්වී දින සියයක් ගතවී හමාරය. මේ කාලයේ ප්‍රගතිය පිළිබඳව විවිධ සාකච්ඡා මේ දිනවල මතු වෙමින් තිබේ. ඒවා අතරින් වැඩියෙන් තියෙන්නේ ආණ්ඩුව


කන්කසන්තුරේ සිමෙන්ති කම්හල් බිලියන 2 ක යකඩ හොර පාරේ?
2025 ජනවාරි මස 16 747 1

2020 වසර වන විට සිමෙන්ති සංස්ථාවට ඉතිරිව තිබුණේ කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාව පමණි. මීට අමතරව අරුවක්කාලු‍වල පිහිටි අක්කර 5000ක ඉඩම සහ කොල්ලු‍පිටියේ


අධ්‍යාපනයට ප්‍රමිතියක් අවශ්‍ය ඇයි?
2025 ජනවාරි මස 16 147 0

නව රජය බලයට පත් කිරීමට ජනතාව සලකා බැලූ කරුණු අතර ප්‍රධානතම සාධකය ආර්ථික ගැටලුවය. ඕනෑම රජයක් පරාජයට පත්වන්නේ ද මේ ආර්ථික ගැටලුව මුල්කරගෙනය. ජනතාව අතර ද එ


ජේ.ආර්. රජයෙන් අගවිනිසුරුට ගෙනා දෝෂාභියෝගය
2025 ජනවාරි මස 15 900 0

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතාට එරෙහිව ජාතික ජන බලවේග රජය දෝෂාභියෝග යෝජනාවක් ගෙන ඒමට සුදානම් වන බව ලංකාදීප පුවත්පතේ


රතු ගඩොලින් ඉදිකළ නුවරඑළිය තැපැල් කාර්යාලය
2025 ජනවාරි මස 15 1542 2

නුවරඑළිය තැපැල් කාර්යාලය තරම් කතාබහට ලක් වූ වෙනත් තැපැල් කාර්යාලයක් මෑත භාගයේ මෙරට නොතිබිණි. පසුගියදා අවසන් වූ ජනාධිපතිවරණයේ දී නුවරඑළිය දිස්ත්‍රික


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 375 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 602 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 329 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site