කතරගම කිරි වෙහෙරෙන් කිරි වැනි ද්‍රාවණයක් වෑස්සීමත් පුන් සද රත් පැහැයෙන් දිස්වීමේ සිදුවීමත් මහත් ආශ්චර්යයක් ලෙස ඇතැම් බෞද්ධයෝ සැළකූහ.
කිරි වෙහෙරෙන් වෑස්සුනු ද්‍රව්‍යය කුමක් ද යන්න ගැන තවමත් ස්ථිර නිගමනයක් නැතත් හද රත් පැහැති වූයේ කිසිදු අදෘෂ්‍යමාන බලවේගයක් හේතුවෙන් නොව සූර්යයක් ග‍්‍රහණයක් හේතුවෙන් බව පැහැදිලි කරුණකි. තමන්ට තේරුම්ගත නොහැකි යම් සිදුවීමක් ආශ්චර්යයක් යැයි සිතන පුද්ගලයෝ මෙය පිළිගැනීමට මැළිවනු ඇත.
පසුගිය සිංහල අලූත් අවුරුදු දා සිදුවූ පූර්ණ චන්ද්‍රග‍්‍රහණයක් හේතුවෙන් මෙලෙස හ`ද අමුතු පැහැයක් ගත්තේය. එය කලාතුරකින් දැකිය හැකි ආකාරයේ චන්ද්‍රග‍්‍රහණයකි. එවැනි චන්ද්‍රග‍්‍රහණ හ`දුන්වන්නේ ලෝහිත ස`ද යනුවෙනි. ලෝහිත චන්ද්‍රග‍්‍රහණය ශී‍්‍ර ලංකාවට හො`දින් දර්ශනය නොවුන ද චන්ද්‍රග‍්‍රහණය සිදුවන අවස්ථාවේ සෙ`දහි වර්ණය වෙනස්ව තිබෙනු දක්නට ලැබිණි. කිරි වෙහෙරෙන් කිරි වෑස්සුණු බව කියන ඇතැම් අය සෙ`දහි පැහැය වෙනස් වීම ද ඒ හා සම්බන්ධ කිරීමට උත්සාහ ගනිති.
තාරකා විද්‍යාඥයන් පවසන්නේ මෙවැනි ලෝහිත චන්ද්‍රග‍්‍රහණ හතරක් සිදුවන බවයි. එවැනි චන්ද්‍රග‍්‍රහණයක් මින් පෙර 2010 දෙසැම්බර් මස 21 වැනිදා මෙක්සිකෝ නගරයට දක්නට ලැබිණි. ඉදිරියේ චන්ද්‍රග‍්‍රහණ ලෝහිත චන්ද්‍රග‍්‍රහණ තුනක් මෙම වර්ෂයේ ම ඔක්තෝබර් 08 දා 2015 අපේ‍්‍රල් 04 දා සහ 2015 සැප්තැම්බර් 28 දා දිස්වීමට නියමිතය
මේ ලෝහිත චන්ද්‍රයා දිස්වීමේ සංසිද්ධියට සතියකට පෙර සූර්යයා පෘථිවිය හා අගහරු එක එල්ලයට පිහිටීමෙන් අනතුරුව මාසය හයකට වරක් කිතුනු මෙලෙස ලෝහිත චන්ද්‍රයා දිස්වීම සම්බන්ධයෙන් භක්තිකයන්ගේ විශ්වාසය වන්නේ එය ලෝක අවසානය සනිටුහන් කරන බවයි. ඇතැමුන් එය කි‍්‍රස්තුස් වහන්සේ යළි ලොව පහළ වීම සංඛේතවත් කරන බව ද සිතයි.
පුර පසළොස්වක දින වලදී වසරක් පුරා ම චන්ද්‍රග‍්‍රහණ කිහිපයක් සිදුවන බව ද නාසා ආයතනය පවසයි. නමුත් මෙවැනි සිදුවීම් ඉතා දුර්ලභය.
චන්ද්‍රග‍්‍රහණයට හේතු වන්නේ පොළොවේ ඡායාව සද මතට වැටීමයි. හිරු එළිය සෘජු ලෙස ඒ මත පතිත වීම ආවරණය වී වෙනත් පැතිවලින් අපවර්තනය වෙමින් සද තලය මතට වැටීම හේතුවෙන් ස`ද තලය රත් පැහැයෙන් පෙනෙයි.

ලෝහිත සද චතුෂ්කයක් සම්බන්ධයෙන් ‘‘ෆෝ බිලඞ් මූන්ස්-සම්තින් ඉස් අබවුට් ටු චේන්ජ්’’ නමින් පොතක් ලියන ජෝන් හැගී නම් කිතුනු පූජකවරයා පවසන්නේ ලෝහිත සද චතුෂ්කයෙන් පසු ලෝක විනාශය සිදුවන බවයි. එසේ වුව ද කිතුනුවන් ඒ මතය පිළිගන්නේ නැත.
ජේම්ස් රජුගේ බයිබලයේ ජොඑල් පොතේ මේ ලෝහිත චන්ද්‍රයන්ගේ උදාව ගැන සදහන්ව ඇත්තේ මේ ලෙසින්.
‘‘හිරු සම්පූර්ණයෙන් ම අ`දුරු වනවා. හ`ද රුධිරයෙන් වැසෙනවා. දෙවියන් වහන්සේගේ ලබා දෙන බිහිසුණු ම දවස එළඹෙන විට’’
මේ වැකිය ද ලෝහිත ස`ද හා ලෝක විනාශය සම්බන්ධ කිරීමට හේතුවක් ව තිබෙි.
|
|
ජෝන් හැගී පවසන්නේ මෙවැනි චතුෂ්ක එළඹෙන හැම අවස්ථාවක දී ම ආගමික වශයෙන් වැදගත් දෙයක් සිදුවන බවයි. 1943 දී මුල්ම චතුෂ්කය දක්නට ලැබුණු බවත් එකළ ස්පාඤ්ඤවරු මිත්‍යාදෘෂ්ඨිකයන් පළවා හැරීමේ දී යුදෙව්වන් එළවා දැමිණි. දෙවැනි අවස්ථාව වූ 1949 දී ඊශ‍්‍රායල් රාජ්‍යය පිහිටවනු ලැබිණි. තුන්වැන්න දක්නට ලැබුණු 1967 දී අරාබි ඊශ‍්‍රායල් යුද්ධය සිදුවිණි.
නාසා ආයතනය පවසන්නේ මෙවැනි ලෝහිත ස`ද චතුෂ්ක අති දුර්ලභ වුව ද ගතවූ වසර 500 දී එවැනි චතුෂ්ක තුනක් ඇතිවී තිබෙන බවයි.
නාසා ආයතනය පවසන්නේ 21 වැනි සියවසේ දී මෙවැනි අවස්ථා නමයක් දක්නට ලැබෙන බවයි. කෙසේ වෙතත් මෙය ලෝක විනාශයේ පෙරනිමිත්තක් හෝ ආශ්චර්යයක් හෝ නොවන බවත් එය සාමාන්‍යයෙන් කලාතුරකින් දැකිය හැකි දෙයක් බවත් නාසා ආයතනය පවසයි.
COMMENTS
අජීවි වස්තුවකින් මෙහෙම යමක් ගලා ඒම ඇත්තටම ස්වභාවික දෙයක්ද නැතහොත් මිනිස් ඇස ඉක්මවා පවතින නොපෙනෙන බලයක්ද, කෙසේ වුවත් ලංකාවේ පවතින අනෙක් කිසිදු ආගමික වස්තුවකින් මෙලෙස යමක් සිදුවී නැත. එය හුදෙක් සිදුව ඇත්තේ බෙ!ද්ධ ශුද්ධ වස්තුවක පමණක් වීම ආස්චර්ය සිදුවීමක් ලෙස කිව හැකිය.(නදී)
මේවා කියන්න ඕන බුද්ධියක් නැති මිනිසුන්ට, හොඳට බලන්න මේ ගලන්නේ මොනවද කියල. (ස)
බුදු රජානන් වහන්සේ කිහිරි වනයක වැඩ සිටි බැවින් එම ස්ථානයේ කරවන ලද වෙහෙර කහිරි වේර ලෙස ප්‍රසිද්ධ විය පසු කාලීනව සුකෝච්ඡාරණය සදහා කිරි වෙහෙර නම් වූ මෙම චෛත්‍ය හා කිරි අතර සම්බන්ධයක් නැත. බුදු දහමේ හරය චතුරාර්ය සත්‍ය මිස ප්‍රාතිහාර්ය නොවේ.(දී)
මේවා ගැන විචාර බුද්ධියකින් කතා කළ යුතුයි.(නදී)
මෙවන් ලිපි ගෙන එන ලංකාදීපයට ස්තූතියි! (නි)
හරිම අපූරු ලිපියක් (නි)
චන්ද්රග්රහණ කියන්නේ තනිකර ඇත්ත. එහෙත් කිරි වැක්කෙරෙනවා කියන එක නම් පිළිගන්න අමාරුයි (නි)
තථාගතයන් වහන්සේගේ අවබෝධයත් ධර්ම රත්නයත් සඟ රුවනත් පිලිබඳව ශ්‍රද්ධාවෙන් යුතුව නිවන් අවබෝධ කර ගැනීමට බලාපොරොත්තු වන කෙනෙක් විසින් නිතරම මරණය ගැන සිහිපත් කරමින්, මේ ශරීරයේ යථා ස්වභාවයත්, සිතේ ස්වභාවයත් අවබෝධ කරගැනීමට උත්සාහ කිරීමෙන් ඒ අනුව බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දී ඇති උතුම් ආර්ය ධර්මයන් , සාක්ෂාත් කිරීමට ස්ථිර අධිෂ්ඨානයක් ඇති කරගෙන, කැපවීමෙන්, උනන්දුවෙන් කටයුතු කළහොත් නිවන් මාලිගයේ රන් දොරටුව විවර කර ගැනීමට වාසනාව ඔබටත් උදා වෙනු ඇත. තිවිධ රත්නය පිළිබඳ ශ්‍රද්ධාවක් ඇති වීමෙන් ඒකායන මාර්ගයේ ගමන් කොට උතුම් චතුරාර්ය ධර්මය අවබෝධ කිරීම සදහා සියලු දෙවි මිනිසුන්ටම හේතු වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය .. . සාදු...සාදු...සාදු...(ස)
පෝය දවසෙ නම් නෙමෙයි නමුත් මේ ළඟදි දිනයක මම හඳ රතු පැහැයෙන් දැක්කා. ඒක මම අපේ ගෙදර අයටත් පෙන්නුවා. මිට කලින් කවදාවත් මම එහෙම දැකල තිබ්බේ නැති නිසා. (ස)
මෙය නියමයි. (ස)
අමුතුම මුහුණුවරක ලිපියක් මේක (නි)
බුදුදහම කවදත් සත්‍යයයි (නි)