IMG-LOGO

2024 ජුලි මස 18 වන බ්‍රහස්පතින්දා


කුරහන්ගල දළදා මැදුරක් වූ සීතාවක පුර පින් බිම

අද ජීවමාන බුදුරජාණන් වහන්සේ නැතත් අපි ශ්‍රී දළදාව ජීවමාන බුදුන් වහන්සේ හැටියට සලකමු. ජීවමාන බුදු හිමියන්ට කරන පුද පූජා සත්කාර එලෙසම කරමු. බෞද්ධාගමික උරුමයත්, රාජ්‍යත්වයේ උරුමයත් දළදා වහන්සේගෙන් තීරණය කරන්නට අතීතයේ පටන් අපේ රටේ මිනිස්සු උත්සාහ ගත්හ. එනිසාම දළදා වහන්සේ තමන්ගේ භාරකාරත්වයේ තබා ගන්නට ආරක්‍ෂාව සලසන්නට ලක්දිව පහළ වූ සියලූ රජවරු දිවි හිමියෙන් උනන්දු වූහ. ශ්‍රී දළදාව රාජ්‍යත්වයෙන් බැහැර වීම රජකම නැති වීමට තරම්ම හේතුවක් විය. එනිසා කලින් කල පැමිණි විදෙස් ආක‍්‍රමණිකයෝ පවා රජු ඉලක්ක කරනු වෙනුවට දළදා වහන්සේම ඉලක්ක කර එය පැහැර ගන්නට, හානි කරන්නට උත්සාහ ගත්හ. ඔවුහු එමගින් උත්සාහ කළේ රටේ පාලන බලය අස්ථාවර කිරීමය. එවැනි යුගයක ශ්‍රී දළදා කුරහන් ගලක සඟවා තබා වසර 43ක් ආරක්‍ෂා කරගත් ඓතිහාසික දෙල්ගමුව රජමහා විහාරයේ සිට අපි අද ඔබ මුණ ගැසෙමු. කොළඹxරත්නපුර පාරේ කුරුවිට නගරයේ සිට කි.මී. එකක් පමණ දුරින් මේ පෞරාණික විහාරය පිහිටා තිබේ. මෙහි විහාර ඉතිහාසය කෝට්ටේ යුගයෙන් එපිටට දිවේ. ඊට හේතුව දෙල්ගමුව රජමහා විහාරය කෝට්ටේ යුගයේ ද ඉතා දියුණු තත්ත්වයක පැවතීමයි. කෙසේ නමුත් සීතාවක යුගයේ පටන් පැහැදිලි ලිඛිත ඉතිහාසයක් මේ විහාරය සතුය. එකල ලියැවී ඇතැයි සැලකෙන රාජාවලියේත්, සුළු රාජාවලියේත්, දෙල්ගමුව රජමහා විහාරය ”සපරගමු විහාරය” හැටියට ද මහාවංශයේ ”ලබුජගාම විහාරය” හැටියට ද සඳහන් කර තිබේ. කුරු නම් ඇත් විශේෂය සිටි වෙල්යාය යන නමින් කුරුවිට නම්වූ රමණීය නගරයේ රාජ රාජ මහා මාත්‍යාදීන්ගේ නොමද අනුග‍්‍රාහකත්වයට පත් දෙල්ගමුව රාජ මහා විහාරයේ දී අපේ මතකයට නැගෙන්නේ ශ්‍රී දළදාවේ ආරක්‍ෂක පින් බිමක්ය යන හැඟීමයි. කුරුණෑගලින් ශ්‍රී දළදාව කෝට්ටේ රාජධානිය වෙත වැඩම කරවන ලද්දේ පස් වැනි බුවනොකබාහු රජ විසිනි. ඔහු කෝට්ටේ දළදා මාළිගයක් ද කරවීය. මෙසේ කෝට්ටේ රාජධානියේ පූජා සත්කාර මධ්‍යයේ ආරක්‍ෂකාරීව පැවති දළදා වහන්සේ පෘතුගීසීන්ගේ පැමිණීමත් සමග කෝට්ටේ රාජධානියේම තැනින් තැන සඟවා තබා ආරක්‍ෂා කරන්නට සිදු විය. වර්ෂ 1509 දී කෝ්ට්ටේ රාජධානියේ රජවූ හත් වැනි විජයබාහු රජු සතුරන් විසින් මරා දමනු ලැබීමෙන් පසු කෝට්ටේ රාජධානිය බෙදා ගෙන පාලනය කළේ ඔහුගේ පුත්තු තිදෙනාය. මින් හත් වැනි බුවනෙකබාහු කෝට්ටේත්්, මායාදුන්නේ සීතාවකත්, රයිගම්බණ්ඩාර පස්වලල්ලාවිට කෝරළයේත් රජවී පාලනය ගෙන ගියහ. එදා උඩ රට රජ කළේ ජයවීර නම් අධිපතියෙකි. ඉන් වැඩි කලක් නොගොසින්ම කෝට්ටේ රජ කළ හත් වැනි බුවනෙකබාහු රජු ද මරණයට පත් විය. ඔහුට පුතුන් නොසිටි නිසා ඔහුගේ දියණියන්ගේ පුත් ධර්මපාල කුමරු පෘතුගීසීන්ගේ ආරක්‍ෂාව යටතේ කෝට්ටේ රජකම බාර ගත්තේය. ඔහු කොයි තරම් දුරට පෘතුගීසීන්ගේ රූකඩයක් බවට පත්වී ද යත් ධර්මපාල කිතුනු දහම වැළැඳ ගනිමින්   ”දොන් ජුවන්” නමින් පෘතුගීසි නාමය ද තම නමට යොදාගෙන එතෙක් පැවැති සියලූ සිංහල බෞද්ධ ප‍්‍රතිපත්ති බිඳ දමා කටයුතු කරන්නට පටන් ගත්තේය. මේ සිදු වීම කෝට්ටේ රජුගේ ආරක්‍ෂාවෙන් පැවැති දළදා වහන්සේට ද අනතුරුදායක කාලයක් බව එදා සිටි මහ තෙරවරු, දියවඩන නිළමේ තුමා ද තීරණය කළහ. එදා ශ්‍රී දළදාවේ දියවඩන නිළමේ ධුරය දැරුවේ දන්ත කුමාර පෙළපතින් පැවත ආ කීරවැල්ලේ හිරිපිටියේ දියවඩන නිළමේතුමාය. දිනක් ඔහු රාත‍්‍රියේ නිදි සිටිය දී සිහිනයක් දුටුවේය. එක් මහලූ පුද්ගලයකු පැමිණ, ”කෝට්ටේ කළාලේ කිසිල්ලේ x දත මැද ගන්න රාළේ” යනුවෙන් පැවසීමය. මෙහි අදහස තේරුම් ගත් නිළමේතුමා තව දුරටත් දළදා වහන්සේ කෝට්ටේ රාජධානියේ තැබීම අනතුරුදායක බව සිතා ශ්‍රී දළදාව රැුගෙන රහසේම දියවන්නා ඔයෙන් එතෙරව සීතවක රාජධානියට පැමිණ සීතාවක රජකම් කළ මායාදුන්නේ රජුට භාර දුන්නේය. මායාදුන්නේ රජු ද දළදා වහන්සේ නිරායාසයෙන්ම තමන්ට ලැබීම ගැන ඉමහත් සතුටට පත් වූයේය. එදා දෙල්ගමුව රජමහා විහාරයේ වැඩසිටි ”ෂඞ් භාෂා පරමේෂ්වර මහින්දාලංකාර” හිමියන් මායාදුන්න රජු සමීපව ඇසුරු කළ මහ තෙරනමක් වූහ. එනිසා හිරිපිටියේ නිළමේතුමාගේ ද ඉල්ලීම මත, මායාදුන්න රජු දළදා වහන්සේ දෙල්ගමුව විහාරයේ ආරක්‍ෂා සහිතව සියලූ පුද පූජා කරමින් ආරක්‍ෂා කළේය. දළදා වහන්සේ සතුරන්ගෙන් ආරක්‍ෂා කරගැනීම සඳහා දෙල්ගමුව විහාරයේ බුද්ධ ප‍්‍රතිමා වහන්සේ පිටුපස යෝධ කුරහන් ගලක් ඇතුළේ දළදාව සඟවා තබන්නට සිදු විය. මහ මැදුරු මාළිගා නැතත් ඒ වැනිම වූ ආරක්‍ෂාවක්, සිරියක්, කාලයේ හැටියට මේ කුරහන් ගලින් ද දළදා වහන්සේට නොඅඩුව ලැබුණි. එකල කුරහන් ගල ගැමි ගෙවලවල පමණක් නොව පන්සල්වල ද සුලබව දැකිය හැක්කක් විය. එනිසාම මෙය කාගේත් ඒ හැටි විශේෂත්වයකට ද කරුණක් නොවීය. මෙකල දළදා වහන්සේ මෙසේ දෙල්ගමුවේ ආරක්‍ෂාව සහිතව පවතින අතරතුර පෘතුගීසීන් දළදාව ඉලක්ක කර කටයුතු කිරීම නිසා කෘත‍්‍රිම දළදාවන් දෙකක් තිබී ඇත. ඒවායින් එකක් පෘතුගීසීන් කෝට්ටේ දී ගිනි තබා විනාශ කර ඇති බවත් කියැවේ. එදා දෙල්ගමුව විහාරාධිපති හිමියන් දළදාවට කුරු ගෙඟන් හමුවූ නිල් මැණිකක කොපුවක් සාදා ඒ තුළ දළදාව තැන්පත් කළ බව කියැවේ. තත්ත්වය මෙසේ පවතින අතරතුර මායාදුන්නේ රජු මරා ඔහුගේ පුතු ටිකිරි කුමරු සීතාවක රාජසිංහ නමින් සීතාවක රාජධානියේ රජකමට පත් විය. දහමට ලැදිව සිටි පියා රජු මැරීම නිසා මහා සංඝයා වහන්සේ ඇතුළු බොහෝ පිරිස් රජුට අප‍්‍රසාදය පළ කළහ. මේ අසා සිටින්නට බැරි තැන රජු හැටකට අධික භික්‍ෂූන් වහන්සේලා කණමැදිරියන් වළේ ගිල්වා මරා දැමීය. මෙයින් බොහෝ ශාසන බාරධාරී මහ තෙරවරු සීතාවක රාජධානියෙන් විවිධ ප‍්‍රදේශවලට පිටත්ව ගියහ. රජු මෙවැනි ක‍්‍රියා කලාපයක නිතර වුවත් කිසි කලෙකත් දළදා වහන්සේට කළ යුතු පූජා සත්කාරවල අඩුවක් නොවීය. සියලූ පුද පූජා පැවති ආකාරයටම හිරිපිටියේ නිළමේගේ අනුදැනුමැතිව කරගෙන ගියේය. මේ අතරතුර දොන් ජුවන් පළ වන රාජසිංහ රජු සමග සටන් කොට පසුව පෘතුගීසි බලය ද මැඩ උඩරට ද ජයගෙන ක‍්‍රිස්තියානි නම, ක‍්‍රිස්තියානි ආගම වෙනස් කොට බෞද්ධයකු බවට පත්ව පළමු වන විමලධර්මසූරිය නමින් උඩරට රාජ්‍යත්වයට පත් විය. ඔහු ශ‍්‍රද්ධාවත් බෞද්ධ පාලකයකු බව දැනගත් දෙල්ගමුව රජමහා විහාරාධිපති මහින්දාලංකාර හිමියෝ පසුව ශ්‍රී දළදා එම රජුට බාර කළහ. රජු දළදාව මහත් ඉහළින් පිළිගෙන මැණික් කොපුවක තිබූ දළදාව තවත් රන් කොපුවක බහා ඊටත් උඩින් තවත් ඇත් දළ කොපුවක බහා මහනුවර දළදා මාලිගයක් කරවා එහි තැන්පත් කරවීය. මෙසේ දළදා වහන්සේ මහනුවර රාජධානියට වැඩම කරවන තුරුම දළදා වහන්සේ වසර 43ක්ම මේ දෙල්ගමුව රජමහා වෙහෙරෙහි වැඩ සිටියහ. අදත් සුරක්‍ෂිතව එදා පැවැති මේ දළදා මැදුර එසේම දැකිය හැක්කේය. එදා විහාරයට ගොඩ වෙන්නට තිබූ ගල් පඩි පෙළ යැයි සිිතිය හැකි ගල් පඩි පෙළ ද, වසර 800ක් පමණ පැරණි ආනුභාවසම්පන්න බෝධීන් වහන්සේ ද මේ ශ්‍රී දළදාවේ සියලූ තොරතුරු දරාගෙන ඉතිහාසය කියාපාමින් නිහඬව දැකිය හැකිය. පැරණි ආසන ඝර ඇතුළු තවත් නටබුන් රාශියක් දෙල්ගමුව රජමහා වෙහෙරෙහි තැනින් තැන දක්නා ලැබේ. මේ ඉපැරණි විහාරය පිළිබඳව තොරතුරු සිංහල සංදේශාවලියේ අවසාන වැදගත් සංදේශය වන සැවුල් සන්දේශයේ ද දක්නා ලැබේ. ලංකා රාජ්‍යයත්, බුදු සසුනත් රැුක දෙන ලෙස ශ්‍රී සුමන සමන් දෙවියන්ගෙන් ඉල්ලා සැවුලකු අත සීතාවක සිට රත්නපුර මහ සමන් දේවාලයට යන මේ සංදේශයේ දෙල්ගමුව විහාරය පිළිබඳව ද ලියා තිබේ. මෙහි කතුවරයා අගලියවන්න මුකවෙටිතුමාය. එහි තැනෙක මෙසේ සඳහන් වෙයි: ”උදුලිය සඳකිරණ මිහිපිට හුණු     ලෙසට සුදු වැලි අතුල වැලි මළුවෙහි        සැදිසුමට රුදුනත දරණ යුරු පවුරෙනි යුතු    සුමට වදුම මිතුරු දෙල්ගමුව වෙහෙර     ලැගුමට” කෝට්ටේ යුගයෙන් පසු කාලයාගේ ඇවෑමෙන් වනගත වූ මේ පෙදෙසට වැඩම කළ කොළඹ සද්ධාතිස්ස හිමියෝ මේ විහාරයේ පැරණි ශ්‍රී විභූතිය ඇතිව යළි ගොඩ නගන්්නට උනන්දු වූහ. අද වන විට දෙල්ගමුව රජමහා විහාරාධිපතිව වැඩ සිටින්නේ ශාස්ත‍්‍රපති මාහල්ලේ විපුලතිස්ස නාහිමියන්ය. මේ ලිපිය සකස් කිරීමේ දී උන්වහන්සේ සහ පොඩි හාමුදුරුවන් දැක්වූ සහායට අපි බෙහෙවින් ස්තූතිවන්ත වෙමු. දළදා මැදුර



අදහස් (0)

කුරහන්ගල දළදා මැදුරක් වූ සීතාවක පුර පින් බිම

චිත්‍රා පෙරේරා Wednesday, 19 October 2011 09:14 PM

තව තවත් මේවගේ ලිපි පළ කරන්න..

:       0       0

අරුණ Monday, 26 September 2011 04:04 PM

මෙවැනි ඓතිහාසික දේ තව තවත් පළ කරන්න.(විශිෂ්ඨයි)

:       0       0

අර්ජුන Friday, 02 September 2011 11:56 PM

මේ වාගේ වටින ලිපි පල කරනවට ගොඩාක් පිං ඔබ සැමට

:       0       0

අජිත් Saturday, 03 September 2011 08:34 AM

ඒක ඇත්ත. අපි නොදන්න ඉතිහාස කරුණු මොන තරම් තියේද? ඒවා අනාගත පරපුරට මේ විදිහට දායාද කරන එක බොහොම උතුම් වැඩක්.

:       0       0

දඹුල්ලේ සුදේව හිමි Saturday, 14 February 2015 03:38 AM

බොහොම අගෙයි (නදී)

:       0       0

වන්නි Wednesday, 28 September 2011 06:02 PM

ලංකාදීපෙට ගොඩක් සුතුතියි

:       0       0

ඒස්. ඒච් ඉන්දික Thursday, 29 September 2011 09:51 AM

ඉතිහාසය පිළිබ‍දව ඉගෙන ගන්න අයට හා අනාගතය බාර ගන්න හැමෝටම ඉතාම වැදගත්

:       0       0

මනෝහරී Friday, 09 September 2011 10:06 AM

මෙතෙක් කලක් නොදැන සිටි දෙයක් දැන ගත්තා. මෙවැනි ඓතිහාසික දේ තව තවත් පළ කරන්න.

:       0       0

වසන්ත Friday, 09 September 2011 03:23 PM

හරි අපූරූ ලිපියක්

:       0       0

ප්‍රශාන්ත Friday, 09 September 2011 04:58 PM

විශිෂ්ඨයි තව විස්තර ඵල කරන්න

:       0       0

සජිත් Sunday, 04 September 2011 07:39 PM

ගොඩක් වැදගත් ලිපියක්. වටිනා ඉතිහාස කරුණු ගොඩක් දැනගත්තා.

:       0       0

නිරෝශන Saturday, 10 September 2011 01:51 AM

මේවගේ ඉතිහාස කතා තව පළ කරන්න.

:       0       0

දන්තනාරායන Monday, 02 July 2012 10:23 AM

ඉස්සරවෙලාම පිරිත් පොත හොදට බලන්න.. ත්‍රිපිටකය,උත්තර වංසය දීප වංශය , ධාතු වංශය, ආටානාටිය සූත්‍රය, ආදිය කියවා බලන්න ශ්‍රී ලංකාව බුදුන්ගේ ජන්බුද්වීපයමයි. පොළොන්නරුව රජ සමයේ සිතියම්,ටොලමිගේ ලෝක සිතියම ආදිය ගැන දැනගෙන අදහස් පළ කරනවා නම් හොදයි

:       0       0

කුමුදු Wednesday, 06 June 2012 03:08 PM

විශිෂ්ඨයි .අනාගත පරපුරට මේ විදිහට දායාද කරන එක ලංකාදීපය කරන බොහොම උතුම් වැඩක්.

:       0       0

අමල් Thursday, 14 June 2012 03:58 PM

ශ්‍රී ලංකාව බුදුන්ගේ දේශයයි..

:       0       0

uththara Friday, 23 September 2011 10:59 PM

ඇත්තටම හරිම සතුටුයි.

:       0       0

මායා Tuesday, 12 June 2012 12:04 PM

අපේ රටේ කොච්චර වැදගත් ලස්සන ස්ථාන තියෙනවාද? හැමෝම මේවා බලන්න යන්න...

:       0       0

දේශප්‍රිය Thursday, 15 September 2011 04:44 AM

මේවා නොදන්න අයට දැනගන්න දැම්ම එක නම් ගොඩක් හොදයි

:       0       0

උපතිස්ස Tuesday, 12 June 2012 12:07 PM

ගමයි - පන්සලයි - වැවයි දාගැබයි යන අපූර්ව සංස්කෘතියට නෑකම් කියන වෙහෙර විහාර රාශියක් මේ රට පිහිටා තිබේ.

:       0       0

ගෝතමී Tuesday, 12 June 2012 12:08 PM

දුර්මත වලට ඉඩ නොදී අපි අපේ සිංහල බෞද්ධ උරුමය රැක ගත යුතුයි සැඟව ඇති මේ උරුමයන් අපේ අනන්‍යතාවයයි.ලංකාදිපටය ස්තුතියි.

:       0       0

චාමර Tuesday, 12 June 2012 12:10 PM

ලංකාදීප පුවත්පත ලංකාදීපයේ ඉතිහාසය රැකිම අගය කරනවා

:       0       0

සුභාශිණී Thursday, 30 August 2012 02:55 PM

ගොඩක් හොද වටින ලිපියක්.. මේ වගේ වැදගත් කරුණු සහිත ලිපි පළ කිරීම සම්බන්ධයෙන් ලංකාදීපයට ගොඩක් ස්තුතියි..!!(නු)

:       0       0

අංජු Monday, 12 September 2011 10:16 AM

මෙවැනි වටිනා තොරතුරු සපයාදීම පිළිබදව ඔබ සැමට ස්තුතියි

:       0       0

ජානක ප්‍රියලාල් Tuesday, 06 September 2011 01:19 PM

පිට රට සිටියත්අපි බලන්නේ මේ වගේ ලිපි

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

තරගයේ වීරයා කවුද?
2024 ජුලි මස 17 878 2

ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව අනුව, 2024 වසරේ සැප්තැම්බර් 17 සහ ඔක්තෝබර් 16 අතර කාලය තුළ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතය. අවුරුදු පහක ධුර කාලයට ඡන්ද


ජනතා ප්‍රාර්ථනා අවබෝධයේ යහ දැක්ම
2024 ජුලි මස 17 765 0

රට ඉතා අසීරු තත්වයකට පත්ව සිටියදී හා මහජනතාව විවිධාකාරයේ දුෂ්කරතාවන්ට මුහුණදී සිටින අවස්ථාවක වැඩවර්ජන පැවැත්වීමෙන් රට තුළ ඇතිවන භයානක ප්‍රතිඵල පිළ


විපක්ෂයේ ආණ්‍ඩුවේ මන්ත්‍රීන් දෙදෙනාගේ යෝජනාව අගය කරමු
2024 ජුලි මස 17 294 0

පාර්ලි​මේන්තුවේ ආණ්ඩු පක්ෂ, විපක්ෂ මන්ත්‍රීවරුන් එකම යෝජනාවකට එකඟත්වය පළ කරන්නේ කලාතුරකිනි. එසේ කලාතුරකින් සිදුවන එකඟත්වයක් පසුගියදා පාර්ලිමේන්තු


ඡන්ද කාලේ දේශපාලන යටිසූත්තර
2024 ජුලි මස 16 269 2

බරපතළ ආර්ථික අර්බුදයකින් පසු ශ්‍රී ලංකාව තාවකාලික ස්ථාවර තත්වයක් ළඟාකරගෙන සිටී. සැලැස්මකට අනුව ගමන් කළහොත් අනාගතය පැහැදිලිය. පොදු ජනතාව බලවත් දුෂ්කර


​තිරසර ණය යට කුමන්ත්‍රණ
2024 ජුලි මස 15 287 0

මීට දෙසතියකට පමණ ඉහතින් ඉකුත් 26 වැනිදා ශ්‍රී ලංකාණ්ඩුව ද්විපාර්ශ්වීය ණය දෙන්නන් සමග විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් අත්සන් කළ බැව් ප්‍රකාශය


පුරන් කුඹුරු අස්වද්දන ගොවීන් අමාරුවේ දාන්න එපා
2024 ජුලි මස 15 598 1

වසර 15කට වැඩි කාලයක් පුරන්ව තිබූ මීගොඩ වෙල්යායේ අක්කර 20ක පමණ කුඹුරු යායක් යළි අස්වැද්දීමට ගත් උත්සාහයක් වැළකී ගොස් ඇතැයි එම ප්‍රදේශයේ ගොවීන් ප්‍රකාශ කර


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 125 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 991 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1873 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site