IMG-LOGO

2025 පෙබරවාරි මස 14 වන සිකුරාදා


කොරෝනා තලගොයා කබරයා න්‍යාය

රටේ උග්‍රවී ඇති ආර්ථික ප්‍රශ්නවලට විරෝධය පාමින් ප්‍රධාන විරුද්ධ පක්ෂය වන සමඟි ජන බලවේගය පසුගිය බදාදා කොළමදී හා රටේ වෙනත් ඇතැම් ප්‍රදේශවල පැවැත් වූ විරෝධතාවේ සාධාරණ අසාධාරණ බව හා සාර්ථක අසාර්ථක බව කෙසේ වෙතත් එම උද්ඝෝෂණ මගින් රටේ කොවිඩ් ව්‍යාප්තියට කොහෙත්ම බලපෑමක් සිදු නොවී යැයි එම පක්ෂයට සහතිකයක් දිය හැකි ද?

දිනෙන් දින නොකඩවා ඉහළ යන බඩුමිල, රසායනික පොහොර තහනම නිසා රටපුරා කෘෂිකර්මාන්තයට ඇතිවී තිබෙන ඉමහත් බලපෑම හා මහා පරිමාණ දූෂණ ආදියට විරෝධය පෑම සඳහා සමඟි ජන බලවේගය මෙම විරෝධතා උද්ඝෝෂණය සංවිධානය කොට තිබිණි.

එහෙත් රටේ බොහෝ ප්‍රදේශවලින් මෙසේ  විශාල පිරිසක් කොළඹට රැස් කිරීම නිසා දැනට එක්තරා දුරකට පාලනය වී ඇති කොවිඩ් රෝගය යළි වේගයෙන් පැතිරිය හැකි යැයි සෞඛ්‍ය බලධාරීන් බිය පළ කොට තිබිණි. වත්මන් තත්ත්වය යටතේ  විපක්ෂය ශක්තිය පෙන්වීමේ මෙවැනි උද්ඝෝෂණ කිරීම නිසා ඇතිවිය හැකි දේශපාලන බලපෑම ආණ්ඩුවේ ප්‍රධාන කනස්සල්ල වුව ද එය සඟවාගෙන ආණ්ඩුවේ නායකයෝ ද සැබැවින්ම විය හැකි කොවිඩ් අවදානම ගැන කියමින් මෙම විරෝධතාවට විරුද්ධ වූහ.

ඒ අනුව පොලීසිය කොළඹ ප්‍රදේශ කිහිපයක අධිකරණවලින් මේ විරෝධතාවට එරෙහිව තහනම් නියෝග ඉල්ලා සිටිය ද ඇතැම් අධිකරණවලින් එවැනි නියෝග ලැබුණු අතර ඇතැම් අධිකරණ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කොට තිබිණි. සෞඛ්‍ය බලධාරීන් ද රැස්වීම්වලට හා උද්ඝෝෂණවලට පූර්ව අනුමැතිය ලබාගත යුතු යැයි ද නව  මාර්ගෝපදේශයක් නිකුත් කොට තිබිණි.

 ‘‘ශාපය ඇති’’ යන තේමවා යටතේ පැවැති උද්ඝෝෂණයට ඈත ප්‍රදේශවලින් පැමිණි කණ්ඩායම් පොලිසිය විසින්  අදාළ අධිකරණවලින් නියෝග නොලබාම විවිධ ස්ථානවලදී නතර කෙරිණි. හාස්‍යජනක කරුණ නම් ඇතැම් ස්ථානවල අනුමත සීමාවන් ඉක්මවා පොල් පටවන්නාක් මෙන් මඟීන් පටවන ලද සාමාන්‍ය බස්රථ නොසලකා හැර වයිරස් පැතිරීම වැළැක්වීමට පොලීසිය උද්ඝෝෂකයන් පැමිණි බස්රථ නවතා ආපසු හරවා යැවීමයි.

මෙය පැහැදිලිවම නීතිමය ප්‍රශ්නයක් හෝ සෞඛ්‍ය ප්‍රශ්නයක් නොව දේශපාලන මර්දනයකැයි විපක්ෂයේ කණ්ඩායම් ප්‍රකාශ කළහ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මාර්ගෝපදේශ පමණක් මෙසේ උද්ඝෝෂකයන් හරවා යැවීමට ප්‍රමාණවත් නම් පොලීසිය අධිකරණවලින් තහනම් නියෝග ඉල්ලා සිටිය යුතු  නැත.

දැන් මෙම උද්ඝෝෂණය  රට තුළ අලුත් විවාදයකට මුල පුරා ඇත. ඒ මෙවැනි ගෝලීය වසංගතයක් රට තුළ පැතිර ඇති අවස්ථාවක ජනතාව විශාල වශයෙන් ඒකරාශි කර උද්ඝෝෂණ, විරෝධතා පැවැත්වීම සුදුසු ද යන්න පිළිබඳවය. අනෙක්  සෑම කරුණකදීම මෙන්ම මෙම කාරණයේදී ද ආණ්ඩුවේ පක්ෂ මෙන්ම විපක්ෂයේ පක්ෂ ද තම ස්ථාවරය සකස් කර ගත්තේ තම තමන්ගේ දේශපාලන මති මතාන්තර අනුවය.

ඒ අනුව ආණ්ඩුවේ පක්ෂවල මතය වී ඇත්තේ මෙසේ වත්මන් තත්ත්වය යටතේ මෙසේ උද්ඝෝෂණය කිරීම අතිශයින් භයානක බවය. විපක්ෂය තර්ක කරන්නේ  ජනතාව පීඩාවට පත්වන විට ඊට එරෙහි වීමට ජනතාවට අයිතිය ඇති බවය.

ආණ්ඩුවේ තර්කයට අභියෝග කරන විරුද්ධ පක්ෂ  ප්‍රශ්න කරන්නේ ආණ්ඩුවේ කටයුතු මගින් කොරෝනා වයිරසය පැතිරෙන්නේ නැතිද?  කියාය. මෙය පසුගිය වසරේ සිටම ඔවුන් නගන ප්‍රශ්නයකි. එහෙත් ආණ්ඩුව ඊට සාර්ථකව පිළිතුරක් මෙතෙක් දී නැත.

පසුගිය අප්‍රේල් මස මුල දී සෞඛ්‍ය බලධාරීහු සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේ කෝවිඩ් රෝගය යළි හිස එසවීමේ අනතුරක් ඇති බවට අනතුරු ඇඟ වූහ. එහෙත් ඒ කාලය තුළ සංවරණ සීමා පැණවීමෙන් තමන් ජනතාව අතර අප්‍රසාදයට ලක්වනු ඇතැයි සිතාදෝ ආණ්ඩුව එම අනතුරු ඇඟවීම නොතකා හැරියේය. එහි ප්‍රතිඵලය වූයේ තුන්වැනි කොරෝනා රැල්ල ඇති වීමයි. ඒ අනුව එම තුන්වැනි රැල්ල සම්බන්ධයෙන් විපක්ෂය ආණ්ඩුවට  එරෙහිව එල්ල කරන චෝදනාව කිසිවකුටත් ප්‍රතික්ෂේප කළ නොහැකිය.

අප්‍රේල් මස මුල දී දෛනිකව වාර්තා වූ කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 100ත් 200ත් අතර සංඛ්‍යාවක් විය. සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේ විශාල වශයෙන් විනෝද ගමන්  හා ඥාති මිත්‍රාදීන් සමඟ සාද පැවැත්වීම්  පැවැති අතර අප්‍රේල් මස අගදී දෛනික  ආසාදිතයන්ගේ සංඛ්‍යාව දහසක් පමණ විය. ඒ අනුව මෙය අවුරුදු සමයේ ප්‍රතිඵලයක් බව ඉතා පැහැදිලි විය. විපක්ෂය ආණ්ඩුවට එල්ල කරන චෝදනාවලින් ප්‍රධාන එකක් වන්නේ මෙයයි.

ඊට පෙර ද විපක්ෂය තවත් සිද්ධියක් සම්බන්ධයෙන් ද ආණ්ඩුවට චෝදනා කළේය. ඒ හිටපු වතු යටිතල පහසුකම් ඇමැති ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ අවසාන කටයුතුවලට විශාල වශයෙන් ජනතාව ඒක රාශිවීමට ඉඩදීමයි. තොණ්ඩමාන් මහතා මිය ගියේ පසුගිය වසරේ මැයි මස 26 වැනිදාය. ඔහුගේ අවසාන කටයුතු කොටගල දී පැවැති අතර ඊට මාතලේ, දෙණියාය, කළුතර ආදි ඈත ප්‍රදේශවල සිට විශාල වශයෙන් වතුකරයේ ජනතාව සහභාගි වූහ. එම අවසාන කටයුතු එක්තරා ආකාරයක දේශපාලන පෙළපාලියක් මෙන් වූ අතර ආණ්ඩුවේ ද නායකයන් හෝ සෞඛ්‍ය බලධාරීන් ඒ සම්බන්ධයෙන් විරෝධයක් තබා කනස්සල්ලක් හෝ පළ කළේ නැත.

පසුගිය වසර අවසානයේ දී කෑගල්ලේ ධම්මික බණ්ඩාර නම් අයෙක් තමන් කොරෝනා වයිරසය මර්දනය කිරීම සඳහා දේශීය ඖෂධයක් සොයාගත් බව ප්‍රකාශ කළේය. එම ඖෂධයට  ආණ්ඩුවේ නායකයන්ගේ අනුග්‍රහය ලැබිණි. කර්මාන්ත අමාත්‍යාංශය ධම්මික බණ්ඩාර මහතාට අමුද්‍රව්‍ය කපා ගැනීම සඳහා යන්ත්‍රයක්  දුන්නේය. සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය හා දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි මහතාගේ සහයෝගය ද ඔහුට ලැබිණි. ඔහු දහස් ගණන් ජනතාව රැස් කොට නොමිලේ තම ඖෂධය බෙදා දුන්නේය. එසේ ජනතාව රැස් කිරීම ගැන සෞඛ්‍ය බළධාරීන්ගෙන් හෝ එතරම් විරෝධයක් එල්ල නොවුණේ ඊට රාජ්‍ය අනුග්‍රහය ලැබුණු හෙයිනි. ආණ්ඩුව තමන්ට චෝදනා කරන විට විපක්ෂය සිහිපත් කරන කාරණාවලින් මෙය ද එකකි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘‘ගම සමඟ පිළිසඳර’’ වැඩ සටහනේදීද ජනතාව විශාල වශයෙන් ඒකරාශි වීමක් සිදුවේ.  බදාදා උද්ඝෝෂණය කොවිඩ් ව්‍යාප්තියට හේතුවනු  ඇතැයි යන චෝදනාවට පිළිතුරු වශයෙන් සමඟි ජන බලවේගයේ ඇතැම් මන්ත්‍රීවරු පසුගිය  2වැනිදා නෙළුම් පොකුණ රඟහලේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පස්වැනි සංවත්සරය සිහිපත් කරති.
කොරෝනා  වයිරසය මර්දනයේ දී සමාජ දුරස්ථභාවය සැබවින්ම දායක වන බව පිළිගන්නේ නම් විපක්ෂයේ මේ සියලු චෝදනා  සාධාරණ වනවා මෙන්ම නිවැරැදිය. මන්දයත් මෙම ජන ඒකරාශි වීම්වල දී සෞඛ්‍ය උපදෙස් බොහෝ දුරට නොතකා හැරෙන හෙයිනි. එහෙත් වැරැදි දෙකක් එක්වී හරි දෙයක් සෑදෙන්නේ නැතැයි ප්‍රකට කියමනක් ඇත. ඉන් අදහස් කෙරෙන්නේ එක් අයකු කරන වරදකට හිලව් වශයෙන් තවත් කෙනකු ද එවැනිම වරදක් කිරීම පිළිගත නොහැකිය යන්නයි.  

මෙය මෙතැන දී විපක්ෂයට ද ගැළපේ. අවුරුදු පොකුර, තොණ්ඩමාන් මහතාගේ අවමඟුල්  උත්සවය, ධම්මික පැණිය බෙදාදීමේ රැස්වීම්, ගම සමඟ පිළිසඳර වැඩ පිළිවෙළ හා පොදුජන පෙරමුණේ සංවත්සරය යන මේ  සියල්ල කොවිඩ් රෝගය අනුව බලන කල අවදානම්  සහගතය. ඒවා මගින් රෝගය යම් තරමකට පැතිරුණා ද විය හැකිය. එහෙත් ඒ නිසා තමන් ද ජනතාව ද එවැනි අවදානමකට ඇද දැමීමේ වරදක් නැතැයි සිතීම සදාචාර සම්පන්න නොවේ.

මන්දයත් මුළු ලෝකයම මෙම රෝගය නිසා වසරකට වැඩි කාලයක් තිස්සේ පීඩා විඳියි. ඉන් ලොව පුරා මියගියවුන්ගේ සංඛ්‍යාව පනස් ලක්ෂයකට අධිකය. ශ්‍රී ලංකාවේ ද ඉන් මියගිය සංඛ්‍යාව 14,000 ඉක්මවා ඇත. මෙරට ආර්ථිකය මේ තරම් දුරට කඩා වැටුණේ ආණ්ඩුවේ කළමනාකරණ දුබලතාව නිසා පමණක් නොවේ. කුමන  ආණ්ඩුවක් බලයේ සිටිය ද පාලනය කළ නොහැකි ආර්ථික බලපෑමක් කොවිඩ් රෝගය නිසා ඇති වී තිබේ. එම ආර්ථික තත්ත්වය වුව ද දේශපාලනයේ දී විපක්ෂයට වාසිදායක වී ද තිබේ. එහෙත් මෙම රෝගය නිසා දරුවන්ගේ අධ්‍යාපනයට ඇතිවන අහිතකර බලපෑම කිසිදු පක්ෂකට නොතකා හැරිය නොහැකිය.

අප මේ තර්ක කරන ආකාරයටම ආණ්ඩුවේ නායකයන් ද විපක්ෂයේ උද්ඝෝෂණ සම්බන්ධයෙන්ද තර්ක කළ හැකි වුව ද ඔවුන්ගේ සැබෑ අරමුණ මෙම රෝගය අවියක් කරගෙන ආණ්ඩුවේ දුර්වල කළමනාකරණයට එරෙහිව නැඟී සිටින ජනතාව හා විපක්ෂය මර්දනය කිරීමයි. රටේ ජනතාව ඒකරාශී වීමේ අවස්ථා සම්බන්ධයෙන් ආණ්ඩුවේ නායකයන් දක්වන දෙබිඩි ප්‍රතිපත්ති නිසා ඒ බව මනාව පෙනේ. වෙනත් වචනවලින් පවසන්නේ නම් ජනතාව අනතුරට හෙළන ක්‍රියා පාලනය කිරීමට ද ආණ්ඩුවට වගකීමක් ඇති නමුත් තමන් ද එවැනි කටයුතු කරමින්ම විපක්ෂයේ කටයුතු පාලනය කිරීමට යනවිට ආණ්ඩුවට කොරෝනා මර්දනය සඳහා  සැබෑ අවශ්‍යතාවක් තිබේදැයි  විපක්ෂය ප්‍රශ්න කිරීම ද අපේක්ෂා කළ යුතු දෙයකි.

ධම්මික පැණිය බෙදාදීම, තොණ්ඩමාන් මහතාගේ අවමඟුල් උත්සවය ආදියේ දී පමණක් නොව  එකම විපක්ෂ උද්ඝෝෂණ මාලාවක දී ආණ්ඩුව ක්‍රියා කළ ආකාර දෙකක් නිසා ද මෙම ප්‍රශ්නය මතුවීම ස්වභාවිකය. ගුරුවරුන් හා වෙනත් දේශපාලන කණ්ඩායම් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල ප්‍රශ්නය කරගෙන  උද්ඝෝෂණය කළේ අගෝස්තු මස අටවැනිදාය. එමගින් කොරෝනා පැතිරෙන බව කියමින් ආණ්ඩුව බලහත්කාරයෙන් එම උද්ඝෝෂණය විසුරුවා හැර පිරිසක් අත්අඩංගුවට ගත්තේය.

ඉන්පසු එම ගුරුවරුන් තම  වැටුප් විෂමතා ඉවත් කරන ලෙසට බල කරමින් එම උද්ඝෝෂණයම ඉදිරියට ගෙන යනවිට ආණ්ඩුව එය නොදුටුවා සේ සිටියේය. ගුරුවරුන් හා විදුහල්පතිවරුන් විශාල පා ගමනක් කරද්දී ද ආණ්ඩුව නිහඬව සිටියේය. ජනයා ඒකරාශීවීම නිසා ​ෙකාවිඩ් රෝගය ව්‍යාප්ත වීමේ අනතුරක් ඇතැයි අගෝස්තු 8 වැනිදා ආණ්ඩුවේ බලධාරීන් සැබැවින්ම සිතුවේ නම් ඉන් පසු ඇති වූ උද්ඝෝෂණවල දී එසේ නොසිතුවේ මන් ද? අධිකරණයට හෝ එම තත්ත්වය වාර්තා නොකළේ මන් ද?
කොවිඩ් රෝගයට බලපාන තම දේශපාලන කටයුතුවල දී ආණ්ඩුව හා විපක්ෂය කටයුතු කරන්නේ එකම ආකාරයටය. දෙපාර්ශ්වයම මෙම රෝගය තම දේශපාලන වාසියට හරවා ගනිති. එසේම අවශ්‍ය අවස්ථාවල දී රෝගය නොතකා තම දේශපාලන කටයුතු කරති.

කොවිඩ් රෝගය රට තුළ ප්‍රශ්න රාශියක් බිහි කොට ඇත. ආර්ථික හා සමාජමය වශයෙන් ඇතිවූ හා ඇති වී තිබෙන මෙම ප්‍රශ්න  කළමනාකරණයේ දී ගත් බොහෝ පියවර නිසා ආණ්ඩුව දිනෙන් දින වේගයෙන් ජනතා අප්‍රසාදයට ලක් වෙමින් තිබේ. එය ඇතැම් ඇමැතිවරුන් පවා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට ඇති කරුණකි. මෙය විරුද්ධ පක්ෂවලට, විශේෂයෙන්ම විශාලතම විරුද්ධ පක්ෂයට වාසිදායක තත්ත්වයකි.

එසේ වුවද එතරම් සාර්ථක නොවුව ද කොවිඩ් රෝගය ආණ්ඩුවට එක්තරා ආකාරයක ආරක්ෂාවක් ද සපයා ඇත. ඒ සියලු ආර්ථික ප්‍රශ්න වයිරසයට බැර කොට තම කළමනාකරණ දුබලතාව එක්තරා දුරකට හෝ වසා ගැනීමට ඉඩ ප්‍රස්ථා ලැබෙන හෙයිනි. එසේම විරුද්ධ පක්ෂ එම ප්‍රශ්න මුල් කරගෙන උද්ඝෝෂණ කරන විට ඒවා යටපත් කරන්නට වයිරසය ඉදිරියට දැමිය හැකි හෙයිනි. ඔවුන් පවසන්නේ මෙය උද්ඝෝෂණ කිරීමට සුදුසු කාලයක් නොවන බවය. යුද්ධය පැවැති කාලයේ ප්‍රධාන පක්ෂ දෙකේම ආණ්ඩු පැවසුවේ ද මෙසේමය. ඔවුන්ගේ තර්කය වූයේ යුද්ධය නිසා ආර්ථික ප්‍රශ්න ඇති වූ බවය. එසේම යුද්ධය නිසා උද්ඝෝෂණ පැවැත්වීම භයානක බව ඔවුහු කීහ.

ආණ්ඩුව ප්‍රශ්න ඇති කරන ආකාරය අනුව අවසාන කොවිඩ් රෝගියා සුව වී නිවසට යනතෙක් ඒවාට විරුද්ධව හඬ නොනගා සිටීමට විපක්ෂයට නොහැකිය. මහ මැතිවරණය ගැන සිතා ආණ්ඩුවේ නායකයෝ බලයට පත් වී සති කීපයකින් ආණ්ඩුවට ලැබිය යුතු බදු විශාල ප්‍රමාණයක්  ඉවත් කළහ. එමගින් වාර්ෂිකව රජයට අහිමි වූ මුදල රුපියල් කෝටි 65,000ක් පමණ වේ යැයි කීයවේ. දැන් ආණ්ඩුව මුදල් නැතිව මුදල් නෝට්ටු මුද්‍රණය කරයි. කිසිදු විද්‍යාත්මක පදනමක් නැතිව ඔවුහු කොවිඩ් රෝගයෙන් මියයන පුද්ගලයන්ගේ මළ සිරුරු භූමදානය කිරීම තහනම් කොට තවත් ප්‍රශ්නයක් ඇති කළහ. පසුව කාබානික පොහොර සැපයීමට කිසිදු වැඩ පිළිවෙළක් නැතිව රසායනික පොහොර හා වෙනත්  කෘෂි රසායනික ද්‍රව්‍ය ආනයනය කිරීම තහනම් කොට අති විශාල ප්‍රශ්නයක් ඇති කළහ. එය ඉදිරියේ දී ආහාර හිඟයකට වුව ද හේතුවිය හැකිය.

දැනුවත්ව හෝ නොදැනුවත්ව ආණ්ඩුව සීනි සඳහා වූ ආනයන බද්ද විශාල වශයෙන් අඩු කොට විශාල දූෂණයකට මඟ පාදා දුන්නේය. එමගින් රජයට මේ වනවිට අහිමි වූ මුදල රුපියල් කෝටි 9000ක් පමණ යැයි විපක්ෂයේ නායකයෝ පවසති. ඉදිරියේ දී යළිත් වාර්ගික නොසන්සුන්තාවකට මඟ පාදන කාර්ය සාධන බළකායක් ද දැන් පත්කොට ඇත. මේවා විපක්ෂයකට ඉතාමත් වාසිදායක කරුණුය.
අනෙක් අතට අරගල නොකොට කිසිවක් දිනා ගත නොහැකිය. සාර්ථක  නිමාවක් දකිමින් තිබෙන ගුරු  අරගලය ඊට හොඳම උදාහරණයයි. එහෙත් ආණ්ඩුව විපක්ෂයේ අරගල හමුවේ වයිරසය පළිහක් කර ගැනීම ඉතාම පැහැදිලිව තිබුණ ද ජනතාවගේ ජීවිත අනතුරේ  හෙළන්නට විපක්ෂයට නොහැකිය.

මේ සතියේ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කළ කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතා සාම්ප්‍රදායික අරගල වෙනුවට වෙනත් අරගල ක්‍රම සොයා ගන්නා ලෙස විපක්ෂයට පැවසීය. ඔහු එය  විපක්ෂයේ වත්මන් අරගලවලින් ආණ්ඩුව ආරක්ෂා කිරීම සඳහා කළ ප්‍රකාශයක් බව ඔහු එය කළ උපහාසාත්මක හා කර්කෂ ආකාරය අනුව ඉතා පැහැදිලිය. එහෙත් එය මුළුමනින්ම බැහැර කළ හැකි මතයක් නොවේ.

(*** එම්.එස්.එම්. අයුබ්)



අදහස් (2)

කොරෝනා තලගොයා කබරයා න්‍යාය

Siripala Sunday, 21 November 2021 02:10 AM

මේ උදා වී තිබෙනුයේ සමගි ජනබලවේගයේ පක්ෂ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ අවස්තාව වේ. වර්තමාන දුර්වල ආණ්ඩුව ඉවත්ව සජිත්ට ආණ්ඩුව ලබාදී දස දහස් ගණනින් ගොවිජනතාව පොහොර, ප්‍රශ්නයට විසදුම් ආර්ථිකය, අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟය මෙන්ම, දිනෙන් දින ඉහළ නගින ජීවන වියදම සදහා කඩිනම් විසදුම් ලබාදීමට මෙන්ම පෝලිම් යුගයද අවසන් කිරීමට ඔහුට හැකියාවක් තිබේ. ඔහු වටා දක්ෂ කණ්ඩායමක්ද සිටී. රටට අවශ්‍ය සජිත් වැනි දක්ෂ නායකයකු බව බහුතර ජනතාවගේ මතය වේ .

:       2       2

kent Sunday, 21 November 2021 09:10 AM

එතකොට ඊයේ තිබ්බ ෆුට් බෝල් මැච් එක ගැන ඔබතුමා ගේ අදහස මොකද්ද ?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 

විශේෂාංග

අදානි සුළං බල ව්‍යාපෘතිය - වුණේ මොකක්ද?
2025 පෙබරවාරි මස 14 293 0

මන්නාරම සහ පූනරින් හි ඉදිකිරීමට යෝජිතව තිබූ අදානි සුළං බලාගාරවලින් ජනනය වන සෑම කිලෝවොට් පැයකම බලශක්ති ගාස්තුව ඇමරිකානු ශත 5.50 ට වඩා අඩු මට්ටමකට සකස් කළ


ජාතික න්‍යාය පත්‍රයක් අවශ්‍ය ඇයි?
2025 පෙබරවාරි මස 14 40 0

මෙවර කිවිදා දැක්මක් ලියන්නේ රටේ පාලනයේ සමහර ක්‍රියා නිසා ආණ්ඩුව විවේචනයට පත් වෙමින් පවතින වෙලාවකය. මේ සතියේ ආරම්භයේදීම සිදුවූ විදුලි විසන්ධිය මේ විව


රටට නොමියෙන නමක් තැබූ ශ්‍රීමත් ඩී.බී. ජයතිලක
2025 පෙබරවාරි මස 13 183 0

කෘතහස්ත දේශපාලඥයකු හා විද්වතකු වූ ශ්‍රීමත් ඩී.බී. ජයතිලක මහතාගේ 157 වැනි ජන්ම දිනය අදට යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


සමාජ චින්තනය ක්ලීන් කරමු
2025 පෙබරවාරි මස 13 62 0

නව රජය ආරම්භ කළ “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන පිරිසුදු ශ්‍රී ලංකාවක් පිළිබඳ ජන මනසක් නිර්මාණය කිරීම සඳහා බලපාන සාධනීය කරුණකි. එය හුදෙක්ම පාරිසරික පිරිස


රටම අඳුරේ තැබූ විදුලියේ ජරමරේ
2025 පෙබරවාරි මස 12 258 0

විදුලිය යනු රටක දෛනික ක්‍රියාවලිය පවත්වා ගැනීම සදහා අත්‍යවශ්‍ය සාධකයකි. රට තුළ විදුලි ඇණහිටීමක් සිදුවුවහොත් එයින් රටට සිදුවන පාඩුව අතිවිශාලය. ඒ මගින


එදා-මෙදා වී-සහල් සටන
2025 පෙබරවාරි මස 12 408 0

මේ දිනවල රටේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇත්තේ වී සහ සහල් පිළිබඳ ගැටලුවයි. එය වී සහල් සටනක් බවට පරිවර්තනය වෙමින් තිබෙන බවක් පෙනෙන්නට ඇත. රටේ වී වගා කරන ගො


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 203 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 132 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 941 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site