6_SLT_P2  

 

කතරගම දෙවිඳුන්ගේ බැල්ම සහ අත්දුටු අවස්ථා


කතරගම පූජා භූමිය භාරතයේ පිහිටි ලොව සුප්‍රකටම දොවොල හා සමානව ආකර්ෂණීය ස්ථානයක් ලෙසින් සංවර්ධනය කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මා ඉදිරිපත්වී සිටියි. එය ප්‍රශංසනීයය. කතරගම යනු සර්ව ආගමික පූජනීය ස්ථානයකි. එය ජාත්‍යන්තරයෙහි ද විසුල කීර්තිමත් තලයක් දක්වා සංවර්ධනය කිරීමට යොමුවීම ඉමහත් සතුටකි. ඒ වෙනුවෙන් අවශ්‍ය මූලික පියවර දැනටමත් ගෙන ඇත. මෙම දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතිය අතු ඉති විහිදුණු එකකි. අගමැති තුමාගේ අරමුණ සහ ඉලක්කය ඒ අවශ්‍ය පරිද්දෙන්ම කඩිනමින් සාර්ථක කරගැනීමට නම් මෙහෙයුම අධීක්‍ෂණය සහ පසු විපරම විෂයබද්ධ පරිණතප්‍රාප්ත අයගේ අතට පැමිණිය යුතුය. 

5sdf
දේශපාලන භේද පුද්ගලවාදය ආදිය මෙහි නොතිබීම ඉතා අවශ්‍යය. මෙම පොදුජන පුදබිමෙහි උන්නතිය උදෙසා දිගු කලක සිට නිති පරිත්‍යාගයෙන් සහ කැපවීමකින් කටයුතු කරන අමාත්‍ය දයා ගමගේ මහතා මෙම ව්‍යාපෘතියෙහි පරිපාලන හෝ අධීක්‍ෂණ හෝ කටයුතු වලදී  දායක වන්නේ නම් එය අපගේ සතුටට හේතුවකි. රටේ වගකිවයුත්තන්ගේ අවධානය කතරගමට යොමු වී තිබෙන මෙම අවස්ථාවේ ඒ සඳහා සුළු තරමේ හෝ එළියක් සැපයීමට මෙයින් අදහස් කරමි. 

 

කඳ සුරිඳුන් අදෘශ්‍යමානය. එහෙත් ඔහුගේ බලමහිමය ප්‍රත්‍යක්ෂය. අඛණ්ඩව අවුරුදු දහස් ගණනක් තිස්සේ එම දේව බලමහිමයෙන් ආශිර්වාද පතාගෙන එන්නේ ඒ නිසාය. එසේම බොහෝ දෙනා අතරේ දැඩි විශ්වාසයක් එදත් අදත් පවතී. අපේක්‍ෂිත ආශිර්වාද ලැබී ප්‍රාර්ථනා සඵල වීම ඔවුන්ට ප්‍රත්‍යක්ෂය. මේ නිසා කතරගමට ඇදී එන බැතිමතුන් සංඛ්‍යාව දිනෙන් දින වැඩි වනු මිස අඩු වීමක් නැත. හුදෙක් මිථ්‍යාවක් රැවටීමක් නම් ඉක්මනින් පිරිහී මිනිසුන් අතින් ප්‍රතික්ෂේප වීම අනිවාර්යය. එබඳු මායාවන්ට කල්පැවැත්මක් නැත. කඳ සුරිඳුගේ බල මහිමය අර්ථ ශූන්‍ය වූ ප්‍රතිඵල විරහිත වූවක් නොවිය හැකිය. එය පත්‍ය වූ සත්‍යයක් සේ හැඳින්වීමට සිදුවේ.


ආත්මාර්ථය ස්වකීය පැවැත්ම සහ උදර පෝෂණය සඳහා මෙලොව බිහි වූ උදාර දර්ශනයන් වසා දමා තිබෙන්නේ අතිශයෝක්ති අලංකරණ හා අභව්‍ය වූ ආකස්මික කඩතුරා පොරෝණවලිනි. මේ නිසා සිදුවී තිබෙන්නේ කුමක්ද? ප්‍රඥාව යටපත් වී හුදු ඇදහීම පමණක් මතුපිටට ඒමයි. කඳ සුරිඳුන් යනු මිනිස් චරිතයක් නොවේ. ආගමික ශාස්තෘ හෝ දාර්ශනික හෝ පුද්ගල ප්‍රභවයක් ද නොවේ.  මිනිසාට ඉහළින් සිටින මිනිසුන් දකින චංචල දේව චරිතයකි. මානව ප්‍රජාව විසින් ගර්හිත යයි සලකනු ලබන පීඩාව හිංසාව ඇතුළු දුරාචාරයන්ට එරෙහිව කතරගම  දෙවිඳුන්ගේ බලමහිමය ක්‍රියාත්මක වූ අවස්ථා බොහෝය. ඊට උදාහරණ ද බොහෝය. විවිධාකාරයේ පුද සත්කාර උපකාර පුද කරනු ලබන කන්නලව් දිව කණින් අසයි. දේවමහිමයෙන් පිහිට වෙයි. මේ ශාන්තිවාදී ගුණය බැතිමතුන්ට ඉතා උතුම්ය.  කතරගම මහ දේවාලයේ එකම වේලාවකට දිනපතා කරනු ලබන දිව්‍යා උපහාර පූජා එදා සිට අද දක්වා අඛණ්ඩවම පවත්වති. ඊටම ආවේනික වූ චාරිත්‍ර විධීන් කිසිවක් වෙනස් වීද නැත. මහදේවාලයට ආසන්නව පිහිටි කුඩා ප්‍රමාණයේ දේවාලවලද දේව පුද සත්කාර සහ යාදිනි පවත්වති. කිරි වෙහෙර ද බෝධිය ද බුදු පිළිම ගෙයද ඇතුළු බෞද්ධ පූජනීය ස්ථානවල ආහාර, ඖෂද, ගිලන්පස, මල් පහන් ආදිය බුද්ධ පූජා ලෙසින් පිදීම නිරන්තරයෙන් සිදු වෙයි. හින්දු හා මුස්ලිම් ආගමික මධ්‍යස්ථානවල ආගමික වතාවත් ද නොකඩවා පැවැත්වේ. මේ සියලු පුද පූජා සිදුවන්නේ එකම භූමි සීමාවක් තුළය.  කතරගම පුද බිමෙහි පිහිටි කිරිවෙහෙර සිත් පහන් කරන උත්තරීතර පූජනීය සාධකයයි. අප අසා ඇති පරිදි ලෝකයේ කිසිම චෛත්‍යයක නොමැති නෙතට සිතට දැනෙන ආකර්ශනීය ලක්‍ෂණ කිරි වෙහෙරෙහි තිබේ. ඒවා බොහෝ දෙනා දනිති. හඳුනගෙන සිටිති. එවැනි ලක්‍ෂණ අතුරින් එකක් පමණක් අත්හදා බැලීම පිණිස ඉදිරිපත් කරමි. දහවල් කාලයේ දී චෛත්‍යය රත්වෙයි. රාත්‍රී කාලයේදී නිවෙමින් පවතී. එසේ නිවෙන විට චෛත්‍යය මුදුනින් රන්වන් රශ්මි ධාරාවන් නිකුත් වේ. චෛ්‍යයේ බඳ කොටසින් (විශේෂයෙන් නැගෙනහිර පැත්තෙන්) ඉතාම රමණීය නිල් පැහැයක් ගත් රශ්මි ධාරාවක් ද නිකුත් වේ. රාත්‍රී අටත් නවයත් අතර කාලය තුළ දී ඕනෑම අයෙකුට මෙය දැකගත හැකිය. ඒ අවස්ථාවේදී බැතියෙන් ගැති නොවී නිරීක්‍ෂණයෙහි පමණක් යෙදෙන්නේ නම් ඉතා වටියි.

6


ප්‍රභාශ්වර චෛත්‍යයක් ලෙසින් ලෝක බෞද්ධ ජනයාගේ හදවත්වල චිත්‍රණය වී ඇති කිරිවෙහෙර සියලු බෞද්ධයන්ගේ මහරු පූජ්‍ය වස්තුවක් යයි එක් ජපන් හිමි නමක් පවසා තිබේ.


කතරගම දෙවිඳුන්ගේ කාය ස්වරූපය අසාමාන්‍යය. එබඳු රූපයක් ආරෝපණය කිරීමේ පරමාර්ථය වීර වික්‍රමාන්විත දෙවි කෙනෙකු ලෙස දැක්වීමට විය යුතුය. එසේම මෙම දෙවිඳුන්ගේ බලපරාක්‍රමයද අසාමාන්‍යය.  එම බලය සක්‍රීය වී ආශිර්වාද ලබදීමේ ප්‍රත්‍යක්ෂය දක්වා මතු වී ඒම විස්මය දනවන සුලුය. අසාමාන්‍ය බලයක් ඇති පුද්ගලයන් මානව ජන සමාජයේද වරින්වර බිහි වන බව අසන්නට ලැබේ.


රුසියානු ජාතික නටාෂා ඩෙමිකිනා යනු අසාමාන්‍ය බලයක් හිමි කාන්තාවකි. කිසි කලෙක මින් පෙර නොඇසූ නුදුටු මෙම අභූත පූර්ව බලය පුදුම සහගත වුවද එය සත්‍යයකි. නටාෂා ඩෙමිකිනාට ඕනෑම මිනිස් ශරීරයක් විනිවිද දැකිය හැකිය. ශරීරය ඇතුළත තිබෙන පිළිකා, -ගෙඩි-, ආසාදන, සංකෝචන, ලේ කැටි ආදී ආබාධයන් හරියටම තිබෙන තැන නිවැරදිවම ප්‍රකාශ කිරීමට ඇයට හැකිය. නූතන එක්ස් කිරණ යන්ත්‍රයක් මගින් ලබාගන්නා සියලු දේ මැයට තම ශක්තියෙන් ප්‍රකාශ කළ හැකිය. මේ පිළිබඳව පර්යේෂණ පැවැත්වූ වෛද්‍ය විශේෂඥයෝ පුදුමයට පත් වූවා මිස විග්‍රහයක් හෝ විස්තරයක් පළ නොකළහ. මෙහි ඇති තවත් වැදගත් කාරණයක් නම් ඇයට මෙම බලය ලැබුණේ වයස අවුරුදු දහයේ දී වීමයි. අපට මේ හා බැඳෙන ප්‍රශ්න රාශියක් මතුවේ. මේ හැකියාව ඇයට කෙසේ ලැබුණේද? වෙනත් අයෙකුට ඇයගෙන් මෙම දැනුම ඉගෙනීමටද නොහැකිය. පූර්ව ජන්මයකදී අධි මානසික බලයක් ලබාගැනීම පිණිස විදර්ශනාවක් ප්‍රගුණ කරමින් සිටියදී සිදු වූ මරණයකින් පසු මේ ලොව උපත ලැබීමක්ද? කෙසේ නමුත් ඇය මිනිස් ලඳකි.  ඇය දෘශ්‍යමානය. එහෙත් ඇය සතු බලය වෙන කිසිවෙකුටත් නැත. එම බලය අදෘශ්‍යමානය.  එමෙන්ම එය සක්‍රීයය. සත්‍යය එය නම් හඳුනාගත නොහැකි දේ අසත්‍ය යයි කිව හැකිද?


අපගේ විශ්වාසයේ හැටියට කඳ සුරිඳුන් පුදබිමෙහි සැරිසරන්නන් අතරෙහි මිනිස් වෙසින් හෝ අදෘශ්‍ය ලෙසින් හෝ හැසිරීම පිළිගත් සත්‍යයකි. එතුමන්ගේ බලපරාක්‍රමය සක්‍රීය වූ විට එය දෘශ්‍යමාන තලයක් දක්වා  මතුපිටට එයි. නූතනයේ බොහෝ දෙනා විශ්වාස කරනුයේ කතරගම වනයෙහි භාවනානුයෝගීව සිටින සෘෂිවරයා කතරගම දෙවියන් යයි කියාය.  මෙම සෘෂිවරයා හිමාලය අඩවියේ වෙසෙන දීර්ඝ ආයුෂක් ඇති සෘෂිවරුන් අතරින් ශ්‍රී ලංකාවට පැමිණි අයෙකු බවද සමහරු පවසති. එම සෘෂිවරුන්ගේ ආයු ප්‍රමාණය අවුරුදු 1500කටත් වැඩි බව සමහර වාර්තාවල දැක්වේ. අප අසා ඇති පරිදි මිනිස් ලොව අවුරුදු 100ක් දෙව්ලොවට එක් දිනයකි. ඒ නිර්මිත අදහසක් විය යුතුය. අප කියවූ කිසිදු පොතක එවැනි සඳහනක් නැත. ඒ නමුත් භාවනාවෙන් යෝගී තලයට පැමිණි පසු වියපත්වීම චිත්ත සමාධි බලයෙන් මැඩගත හැකි යයි යන්න සත්‍යයකි. දීර්ඝ කාලයක් තිස්සේ භාවනානුයෝගීව සිටින වයස අවුරුදු හැත්තෑව ද ඉක්ම වූ ඉන්දියානු ජාතික තාපසයෙකු පිළිබඳ විස්තරය අනුව ඔහු තවමත් තරුණයෙකි. මොහු විද්‍යාඥයෙකි. නම සුභාෂ්පත්‍රීය. ඔහුගේ අසපුව ඉන්දියාවේ තිරු අන්නමලෙයිරාම නම් වෙයි. මොහු බෞද්ධ භාවනා ක්‍රම භාවිතයන් ප්‍රගුණකොට අධ්‍යාත්ම ශුද්ධිය ලබා සිටින්නෙකි. මේ අනුව ධූතාංගධාරී යෝගී සෘෂිවරුන්ගේ ආයු කාලය නිර්ණය වනුයේ ඊටම විශේෂ වූ ක්‍රමයකට විය හැකිය. කඳ සුරිඳුන් යනු ද දීර්ඝායුෂ්ක දේවතාවෙකි. මෙතුමන් පිළිබඳ ඉතිහාස කතාව ක්‍රිස්තුපූර්ව හය වැනි සියවස ද ඉක්ම වූ වේද යුගය දක්වා ම දැක්වෙන්නකි.


කතරගමට පැමිණි දේවශාන්තිය පතා කරන ලද පූජෝපහාරවලින් තමන්ගේ රටවලදී ප්‍රතිඵල ලැබුණු බව ජපානය, - තායිලන්තය ආදී රටවල භික්ෂුන් වහන්සේලා ප්‍රකාශ කළහ. මෙයින් පැහැදිලි වන්නේ දේව ශාන්තියෙහි බලව්‍යාප්තිය ඉතා පුලුල් බවයි. මෙම අදෘශ්‍යමාන බලපරාක්‍රමය මිනිසුන් හට දැනෙන ශක්ති කදම්බයකි. මිනිසුන් අතරෙහි සිටින යම් විශේෂ පුද්ගලයෙකුගේ වේශයෙන් කතරගම දෙවියන් පුදබිමෙහි සැරිසරන බව සමහර බැතිමතුන් ප්‍රකාශ කරනුයේ එය අත්දුටු සත්‍යයක් බව ද දක්වමිනි. කිරිවෙහෙර සෑ මලුවේ ගසක් මුල සුදුවතින් සැරසී භාවනානුයෝගීව සිටි මැදිවියේ යෝගියෙකු හිටි අඩියේම අතුරුදන් වූ බව වන්දනාවට පැමිණි පිරිසක් ප්‍රකාශ කළහ. තමන්ගේ ඇස් ඉදිරිපිටම මෙන් සිදුවූ මෙම සිද්ධියෙන් විමතියට පත් වූ ඔවුහු වහා දුවගොස් වටපිටාවේ සෑම තැනකම ඇවිද්ද නමුත් එහි සිටි යෝගීවරයා වැන්නෙකු හමු නොවූ බවද ප්‍රකාශ කළහ. මේ කතරගම දෙවියන් දෘශ්‍යාදෘශ්‍ය රූපයකින් පුදබිමට සැපත් වූ දිනයක් බව බොහෝ දෙනාගේ අදහස විය. තව දුරටත් මොවුන් ප්‍රකාශ කළේ මෙවැනි දිනයෙක දී ඉටු කෙරෙන පූජෝපහාරවලින් ඒකාන්තයෙන්ම සෙත්ශාන්තිය ලැබෙන බවයි. මෙදින දේව දෘෂ්ටිය පුදබිමට හෙළන නිශ්චිත දිනයක් වනු ඇත. එවැනි නිශ්චිත දින දැන සිටින ආවතේව කරන්නෝ සිටිති. මෙහි පෙර සඳහන් කළ දෘශ්‍යාදෘශ්‍ය මනුෂ්‍ය රූප ඇමරිකාවේ ධවල මන්දිරයෙහිද ඇත. සුප්‍රසිද්ධ වාර්තා කියවූ අය මේ පිළිබඳ විස්තර දනිති. එසේ ධවල මන්දිරයෙන් වාර්තා වන අද්භූත අමනුෂ්‍ය රූප පිළිබඳව බොරු කතා යයි කීමට කිසිවෙක් ඉදිරිපත් නොවෙති. ඒ ඇමරිකාවේ නිසාය. ධවල මන්දිරයෙහි සිටින බලගතුම චණ්ඩි භූතයා මිදුලේ පුටුවක හිඳගෙන කකුලක් පිට කකුලක් දමාගෙන දුම් පයිප්පයක් ද උරමින් සිටියි. ඌ ළඟටම යන පුද්ගලයා ඇඟට අතක් තබනවාත් සමගම අතුරුදන්වෙයි. මෙම අද්භූත රූප අදෘශ්‍ය වූ උපාදාන ගන්ධබ්බයන් විසින් වාතය ඝනකොට සකස් කරගත් ඒවාය. උන් මිනිස් රූපයකින් වැජඹීමේ දැඩි තණ්හාවෙන් පෙළෙන්නේය. එහෙත් කඳ සුරිඳුන්ගේ මනුෂ්‍ය වේශය උන්ගේ ගනයට අයත් නොවේ. කඳ සුරිඳුන් යනු එබඳු තෘෂ්ණා සංචිතයකින් දැඩිව වෙළාගත් ගන්ධබ්බයෙක්  නොවේ. එතුමානෝ අති පවිත්‍ර වූ සත්‍ය දේව චරිතයකි. මෙම චරිතයෙන් ප්‍රභල බලයක් විදහා විදාරණය කරන අතර ඇසිල්ලකින් චංචල වන ස්වභාවයක්ද පෙන්නුම් කරයි. කිසියම් අනාගත ව්‍යසනයකින් ස්වකීය බැතිමතා ආරක්ෂා කරගැනීමට ද මනා සෙත් ශාන්තියකින් ඔහුට මතු අභිවෘද්ධිය සලසා දීමට ද ආදී උදාර වූ මහෝපකාරී පිළිසරණක් වීමට කඳ සුරිඳුන් වහා ඉදිරිපත් වූ අවස්ථාවලට සාක්ෂි බොහෝය. සත්‍ය උදාහරණ මෙහි ඉදිරියෙහි දී දක්වමි.

මතු සම්බන්ධයි

m