කාන්තාවන් දෙදෙනාගෙන් තරුණ කාන්තාව සිය දරුවා නලවමින් දිගින් දිගටම හඩන්නීය. මියගොස් සිටින තැනැත්තාගේ සිරුරට පසෙකින් වෝල්ට් සිටගෙන සිටියි. ඔහු කවුරුන්දැයි හඳුනාගැනීමට කාමරය ඇතුළේ ඇති ආලෝකය ප‍්‍රමාණවත් නැත.
මාර්ක් සිය උපකරණ ගොන්න අතරින් හිස් ආවරණයේ තිබූ විදුලි ආලෝකයක් දල්වා ගත්තේය. දැන් ඔහු බලන බලන පැත්ත ආලෝකවත් වෙයි. හාත්පස බැලූ ඔහු අවට සියල්ල ආරක්ෂිත බව තහවුරු කැර ගත්තේය. ඉන් අනතුරුව ඔහු සිරුර පිරික්සන්නට විය.
මියගිය මිනිසාගේ මුහුණ මුළුමනින්ම රුධිරයෙන් නැහැවී ගොසිනි. හිසේ ඉදිරිපස දකුණු පාර්ශවයට උණ්ඩ ඇතුළු වීම හේතුවෙන් එය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත. පපුවට ඇතුළු වූ උණ්ඩ වලින් පපුව ද කොටස් වලට කැඞී ඇත. වේගයෙන් වැඩිවෙමින් පවතින රුධිර තටාකයක ඔහු නැහැවෙමින් සිටියේය. මාර්ක් හා පරීක්ෂාවට එක්වූ ටොම් කියා සිටියේ
‘‘ මමනම් හිතන්නේ මේ අපේ කොළුවා තමයි ’’ යනුවෙනි.
මේ මියගොස් සිටින්නේ බින්ලාඩන් යැයි පැවසීමෙන් වැළකීමට ටොම් ප‍්‍රවේසම් වූයේ එසේ කිවහොත් ක්ෂණයකින් එය ධවල මන්දිරයට ද ඇසෙන බැවිනි.
මාර්ක්ගේ මනසේ බින්ලාඩන්ගේ රූප කාය ඇඳී තිබේ. ඔහු එම රූපය හා දැන් දකින්නට ඇති මියගිය මිනිසා සන්සන්දනය කරන්නට වූයේය. තමන් දන්නා තොරතුරු සමග මේ සිරුර ගැලපෙන්නේ දැයි සොයන්නට විය.
උස අඩි හයයි අගල් හතර ආසන්න වශයෙන් නිවැරදිය. තෙවැනි මහලේ සිටි එකම පිරිමියා ඔහුය. අනෙක් සියලූ පුද්ගලයෝ මෙ වනවිට ඔවුන්ට අදාල කොටස් වලදී හමුවී තිබේ. බින්ලාඩන් හඳුනාගත හැකි ආවේණික ලක්ෂණයක් තිබේ. ඒ දිගු වක්වූ නාසයයි.
මාර්ක් ඒ ගැන මෙසේ පවසයි.
‘‘ දිගු වක්වූ නාසයක් ඔහුට තිබේ. මේ නාසය ඔහු හඳුනාගත හැකි සුදුසුම ලක්ෂණයකි. මා එය පරීක්ෂා කළා. මේ ආවේණික නාසය මෙහි වැතිරී සිටින්නාට ද තිබේ ද යන්න මා සොයා බැලූවා. වෝල්ට් සහ මා ඔහු පරීක්ෂා කරන්නම් යයි ටොම්ට පවසා රබර් අත් වැසුම් සහ කැමරාව පිටතට ගත්තා. ඒ අතර ඞී.එන්.ඒ. නියැදි කිහිපයක් ලබා ගැනීමට වෝල්ට් සූදානම් වුණා. මේ අතරතුර විල් තුවාල ලබා ඇඳක වැතිරී සිටි කාන්තාවකට ප‍්‍රතිකාර කරනු මම දුටුවා. පසුව ඇය බින්ලාඩන්ගේ පස්වැනි බිරිඳ වූ අමාල් අල් ෆටාන් යනුවෙන් හඳුනාගත්තා. ’’
වෝල්ට් සිරුරේ මුහුණට වතුර දමද්දි ඇඳ මත වූ පොරෝනයක් ගත් මාර්ක් මුහුණේ වූ රුධිරය පිස දැමුවේය. රුධිරය ඉවත්වෙද්දී මුහුණ ටිකෙන් ටික පැහැදිලි වන්නට විය.
‘‘ ඔහුගෙන් දිස්වූයේ අප බලාපොරොත්තු වූවාට වඩා තරුණ පෙනුමක්. ඇමෙරිකාව හඩවමින් දහස් ගණනක් ඝාතනය කළ මිනිසා සමග අපි දශකයකට වැඩි කාලයක් සටන් වැදුණා. මේ භයංකාර මිනිසාගේ මළ සිරුර අසළ සිටීමට හැකිවීම වෙනස් වූ හැගීම් ජනිත කරවන්නක්. දිගින් දිගටම එන එවන් සිතිවිලි මොහොතකට යටපත් කැර ගත් මා කැමරාවෙන් ඡුායාරූප කිහිපයක් ම ලබා ගත්තා. ඔහුගේ දෑස් විවෘතව තිබෙනු ඡුායාරූපයට නැගුවා. එමෙන්ම ඔහුට ආවේණික නාසය මේ ඡුායාරූප වල පැහැදිලිව සටහන් වනු මා දුටුවා.’’
මේ අතර සන්නිවේදන ජාලයෙන් අසන්නට ලැබුණේ කඩා වැටුණු හෙලිකොප්ටර් යානය පුපුරුවා හරින ලෙස මයික් විසින් ලබාදුන් නියෝගයයි.
එවිටම සීල් භටයකු ඊ ඕඞී තාක්ෂණවේදියාට කියා සිටියේ පිපිරවීමට සූදානම් වන ලෙසයි. එය ද සියල්ලන්ට ම ඇසිණි. විනාඩි දෙක තුනක් ගතවෙද්දී යළිත් සන්නිවේදන ජාලයෙන් ඇසුණේ සීල් භටයකු තාක්ෂණවේදියාට බැණ වදින හ`ඩයි. පුපුරුවා හරින ලෙස ලබාදුන් උපදෙස් අනුව තාක්ෂණ වේදියා ගොඩනැගිල්ල පිපිරවීමට ඒ වටා පුපුරණ ද්‍රව්‍ය අටවමින් සිටිනු දුටු සීල් භටයා ඔහුට බැණ වැදී ඇත. මෙය භීතිය මෙන්ම හාස්‍යය ද මුසු කළ දෙබසකි.
ඒ වනවිටත් හෙලිකොප්ටරයේ සියලූ දත්ත විනාශ කැර දමා තිබිණි. මොහොතකින් එය පුපුරුවා හැරීමට නියමිතය.
‘‘ තවත් මිනිත්තු 10 යි ’’ ඒ මයික්ගේ හඩයි.
හෙලිකොප්ටරය පුපුරුවා හැරීමට ඉතිරිව ඇති කාලය ගැන ඔහු සිය සගයන් දැනුම්වත් කරයි.
මාර්ක් ඡුායාරූප ගැනීම වේගවත් කළේය. වෝල්ට් කෙළ සහ රුධිර සාම්පල එකතු කළේය. අනෙකුත් සීල් භාටයෝ බින්ලාඩන්ගේ නිවස සිසාරා යමින් සියලූ දත්ත හා භාණ්ඩ එකතු කළහ.
තුවාල ලබා සිටි අමාල් නමැති බිරිඳ හොඳ සිහියකින් සිටියේ නැත. හ`ඩමින් සිටි අනෙක් කාන්තාව අසළට ගිය විල් අරාබි බසින් ඇගෙන් විමසා සිටියේ මේ කවුද ? යනුවෙනි.
‘‘ ෂේක් ’’ ඇගේ පිළිතුරයි
‘‘ මොන ෂේක් ද ? ’’විල් නැවත විමසයි. ඇය ඔහුගේ අනන්‍යතාවය කීමෙන් වැළකී සිටියාය.
අනතුරුව එතැන සිටි කුඩා දැරියක් අසළ දණ ගසාගත් විල්
‘‘ මේ කවුද ? ’’ යනුවෙන් ඇගෙන් විමසුවේය.
‘‘ ඔසාමා බින්ලාඩන් ’’ ඒ දැරියගේ පිළිතුරයි.
විල් ගේ මුහුණේ සිනහවකි. සිනා සෙමින්ම ඔහු යළිත් ඇසුවේ ‘‘ ඔබට එය විශ්වාස ද ? ’’ යනුවෙනි.
දැරිය යළි එය තහවුරු කළාය. ඇයට ස්තූති කළ විල් නැවතත් ගැහැණිය දෙසට හැරී කෝපයෙන් ‘‘දැන් ඔහු කවුරුන්දැයි කියනවා ’’ යනුවෙන් තර්ජනය කළේය.
‘‘ ඔසාමා ’’ හ`ඩමින් සිටි ඇය හැඩුම අතරින් ම එසේ කියමින් කෙඳිරි ගෑවාය.
ඇය දුන් පිළිතුරෙන් ඔහු සෑහීමකට පත්වූයේ නැත. ඔසාමා මොන කෙනා දැයි යළිත් ඇසුවේය.
‘‘ ඔසාමා බින්ලාඩන් ’’ ඇගේ පිළිතුර විය.
කාන්තාව සහ දැරිය මගින් ඔසාමාගේ මරණය තහවුරුකැර ගත් විල් ඒ බව ටොම්ට දැනුම් දුන්නේය. ටොම් සන්නිවේදන ජාලය ඔස්සේ කියා සිටියේ ඔසාමා බින්ලාඩන් මියගිය බවයි.
දෙවැනි මහළේ වූ බින්ලාඩන්ගේ කාර්යාලයේ සංයුක්ත තැටි සහ ඔහුගේ තොරතුරු එක්රැුස් කිරීම මෙහෙයුම් කණ්ඩායම හා සී.අයි.ඒ. නිලධාරීන් එක්ව යුහුසුළුව සිදු කරන්නට වූහ. එහි වූ සියල්ලක් ම සී.අයි.ඒ. නිලධාරීන් විසින් කලින් දන්වා තිබූ පරිදිම තිබීම පුදුම සහගත දෙයක් විය. සී.අයි.ඒ. සාමාජිකයන් විසින් පවසා තිබූ සියල්ලම ඉතාමත් නිවැරදිය.
බින්ලාඩන්ගේ ඇඳුම් අල්මාරිය ඇර බැලූ මාර්ක් පුදුමයට පත්වූයේය. එහි ඇඳුම් සහ උපකරණ සියල්ල අසුරා ඇත්තේ සීල් භටයකු සිය ඇඳුම් අල්මාරිය සකස් කරන ආකාරයට බොහෝ සෙයින් සමාන අයුරිනි.
කාලය වේගයෙන් ගතවෙමින් තිබිණි. ඇමෙරිකාවේ ප‍්‍රහාරකයන් කණ්ඩායමක් ගුවනින් පකිස්ථාන දේශ සීමා උල්ලංඝනය කරමින් පැමිණ සිටිය ද තවමත් පකිස්ථාන හමුදාවෙන් කිසිදු තර්ජනයක් එල්ලවූයේ නැත.
‘‘ හෙලිකොප්ටරය පුපුරුවා හැරීමට පෙර පරිශ‍්‍රයේ සිටි කාන්තාවන් හා ළමුන් එම ස්ථානයෙන් ඉවතට ගෙන යාමට විල් දැඩි උත්සාහයක් ගත්තා. ඇතිවූ හදිසි තත්ත්වය හේතුවෙන් දැඩි සේ භියට පත්ව සිටි ඔවුන් හැසිරවීම අතිශය අසීරු කටයුත්තක් වුණා. මේ හේතුවෙන් සී එක යනුවෙන් නම් කළ ගොඩනැගිල්ලේ ඔවුන් ආරක්ෂිතව රැුඳවූ අප හෙලිකොප්ටරය කඩා වැටුණු දෙසට ගියා. ’’ මාර්ක් එසේ පවසයි.
හෙලිකොප්ටරය කඩා වැටුණු ස්ථානයට පිවිසි මාර්ක් සිය සගයන් කිහිප දෙනකු ද සමග අනෙක් හෙලිකොප්ටරයට නැගුණේය. ආධාරක හෙලිකොප්ටර් යානය තවමත් ප‍්‍රමාද වී තිබේ. කඩා වැටුණු යානය පුපුරුවා හැරීමට සියල්ල සූදානම් ය. මාර්ක් ඇතුළු පිරිස ගුවන්ගත වෙයි. කඩා වැටුණු යානය පුපුරා යාමට මිනිත්තුවක කාලයක් නැත. දුහුවිලි අවුස්සමින් යානය ගුවන්ගත වෙද්දී මාර්ක් යළි බියට පත්වූයේ යානය පුපුරුවා හරින අවස්ථාවේ එහි බලපෑම තමන් ගුවන්ගත වෙමින් සිටින යානයට එල්ල වනු ඇතැයි සිතමිනි. ඔවුන් ගුවන්ගත වී තත්ත්පර කිහිපයකින් හෙලිකොප්ටරය මහ හ`ඩ නගමින් පිපිරී ගියේය. මාර්ක් ඇතුළු පිරිස යළිත් දිවි ගලවාගත්තේ අනූ නමයෙනි.
ඒ සමගම ආධාරක යානය පැමිණියේය. ඉතිරි සෙබළු සහ මළ සිරුර පටවාගත් එම යානය ද මොහොතකින් ගුවන්ගත විය. මේ යානා දෙක ජලාබාද් වෙත පියාසර කළේය.
විශේෂ ස්තූතිය : සුපුන් අනුරාධ මහතාට
ඔසාමා ඇල්ලූ රහසිගත මෙහෙයුම - 1
ඔසාමා ඇල්ලූ රහසිගත මෙහෙයුම - 2
ඔසාමා ඇල්ලූ රහසිගත මෙහෙයුම - 3
ඔසාමා ඇල්ලූ රහසිගත මෙහෙයුම - 4
ඔසාමා ඇල්ලූ රහසිගත මෙහෙයුම - 5
2025 නොවැම්බර් මස 04
323
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2140
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1621
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කඩාවැටුණු යානය පුපුරුවා හරියි
ෆාතිමා රණවීර Monday, 04 November 2013 12:09 PM
ඉතාමත් වටිනා ලිපි පෙලක්. මම ඉතාමත් අසාවෙන් කියෙව්වා. ලංකාදීපයට ගොඩක් ස්තුතියි.(නදි)
රවී Tuesday, 05 November 2013 03:05 PM
ලංකාදීපයට ගොඩක් ස්තුතියි. (ස)
චාරුණි යසෝදරා Monday, 25 November 2013 10:52 PM
විදේශයක රැකියාවක නියදෙන මා ඔසාමා බින් ලාඩන් අල්ලා ගත් ඇසු මුත් ඒ කෙසේ සිදු වීදැයි දැනගැනීමේ ආශාවෙන් සිටියදී අහම්බෙන් දුටු මේ ලිපි පෙළ ඉතාමත් ආශාවෙන් කියවීමි. ඉතාමත් වටිනා තොරතු වලින් යුතු ඒ ලිපිපෙළ ඉදිපත් කල ලංකාදීප පුවත්පතට මාගේ ප්‍රණාමය. (ස)