IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


​ඒක කඩන්න අමාරුයි

ලාංකේය සිනමාවට අධ්‍යක්‍ෂවරියන්ගේ පැමිණීම ඉතාමත් අඩුය. ඒ තරමට අධ්‍යක්‍ෂවරුන්ගේ ග්‍රහණයට හසුවී ඇති ශ්‍රී ලාංකේය සිනමාවට, අභියෝග කළ හැකි නවක අධ්‍යක්‍ෂවරියක් පැමිණ තිබේ. ඇය නමින් විනෝෂා නිෂාදිනී කිරිවන්දෙණිය වන්නීය. 

විනෝෂා තිර රචනය ලියා අධ්‍යක්‍ෂණය කළ කුළුඳුල් සිනමා නිර්මාණය ''Hello form th other Side'' 31 වැනිදා සිට දිවයින පුරා මෙරට සිනමා ශාලාවලදී තිරගත කෙරේ. ලාංකේය සිනමාවට එක්වන අලුත්ම අධ්‍යක්‍ෂවරිය වන විනෝෂා සමඟ අපි කතාබහ කළේ හෙට දිනයේ ඇය මෙරට සිනමාව තුළ පෙරැළියක් ඇතිකරන බව අපට හැඟුණු නිසාවෙනි. මේ ඇය සමඟ කළ කතාබහේ සටහනකි.

“මුතුහර ළමා සමාජය නිසයි මට ජාතික රූපවාහිනියේ ළමා නිවේදිකාවක් ලෙස කටයුතු කරන්න අවස්ථාව ලැබුණේ. ඉන් පස්සේ වැඩසටහන් නිෂ්පාදිකාවක් බවට පත්වී විවිධ වැඩසටහන් කරන්න අවස්ථාව ලැබුණා. ඇත්තටම මට චිත්‍රපටයක් කරන්න අදහසක් හිතේ තිබුණේ නෑ. මම 2023 දී ටෙලිනාට්‍යයක් නිර්මාණය කළා. එයත් මගේ චිත්‍රපටයේ නිෂ්පාදකවරයාගේ සමාජ සත්කාරයක් විදිහට කළ එකක්. එය අපේ කොම්පැණි එකේ පළමු ව්‍යාපෘතිය. ඒක කළේ රට යන ගැහැනු අය දැනුවත් කිරීම වෙනුවෙන්. දැනට ඒක විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සිලබස් එකට ඇතුළු ලංකාව පුරා ඇති පුහුණු මධ්‍යස්ථාන 30ක පෙන්වනවා.

මෙයින් තමයි මම අපේ නිෂ්පාදක විජේන්ද්‍රන් වොට්සන් මහතා හඳුනා ගත්තේ. අපේ ටෙලිනාට්‍යය දැක්කාට පස්සේ චිත්‍රපටයක් කරන්න ඕනේ කියන අදහස ඔහුට ආවා. ඒකෙන් තමයි මට ආරාධනාව ලැබුණේ චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කරන්න. සාමාන්‍යයෙන් තිර රචනයක් ලියා අධ්‍යක්‍ෂවරයෙක් නිෂ්පාදකවරයෙක් හොයාගෙන යන එකනේ වෙන්නේ. මගේ වාසනාවට එහි අනෙක් පැත්ත මට වුණේ.

මේ චිත්‍රපටයේ මූලික කතාව නිෂ්පාදකවරයාගේ. එයට දාලා තිබුණේ ''Hello from The other Side'' කියලයි. ඇත්තෙන්ම මටත් හිතුණා. අපේ කතාවට නම ගැලපෙනවා කියලා. නිෂ්පාදකවරයාට අවශ්‍ය වුණා, ලංකාවේ විතරක් නොවෙයි පිටරට සිටින ඉංග්‍රීසි කතා කරන ශ්‍රී ලාංකිකයන්ටත්, විදේශිකයන්ටත් අපේ හොඳ චිත්‍රපටයක් පෙන්වන්න. 

නළු නිළියන් ගත්විටදී ප්‍රවීණ අය සිටිනවා. හැබැයි ප්‍රධාන චරිත ත්‍රිත්වයම නියෝජනය කරන්නේ අලුත්, තරුණ අයයි. පළමු අභියෝගය වුණේ ප්‍රධාන පිරිමි චරිත දෙකට ඉංග්‍රීසි හා සිංහල භාෂා හොඳින් කතා කරන්න පුළුවන් දෙදෙනකු තෝරාගැනීමයි. මොකද මෙහි ප්‍රධාන ජවනිකා ත්‍රිත්වයක්ම ඉංග්‍රීසි භාෂාවෙන් තිබෙන්නේ. විවිධ නළුවන් තෝරලා තමයි දමිත් විජේතුංග ප්‍රධාන චරිතයට තෝරා ගත්තේ. ප්‍රධාන නිළිය අන්තිම මොහොතේ ප්‍රශ්නයක් නිසා අයින්වෙද්දී තමයි දිල්කි අපි තෝරා ගත්තේ. දිල්කි ඉතා හොඳින් ඒ කටයුත්ත කළා.

මම විශ්වාස කරන දෙයක් තමයි ඕනෑම රටක සිනමාව කියන එක කර්මාන්තයක් විදිහට ඉස්සරහට යන්න නම් නිෂ්පාදනයේද, ප්‍රදර්ශනයේද ආදී හැම දෙයකම ස්ටෑන්ඩඩ් එකක් හැදෙන්න ඕනෑ. එහෙම හැදෙන්නේ නැත්නම් තනි තනියෙන් මිනිස්සු චිත්‍රපට නිෂ්පාදනය කරලා, අධ්‍යක්‍ෂණය කරලා එළියට දානවා. එච්චරයි. හැබැයි පොදු යාන්ත්‍රණය හරියට එන්නේ නැතිවුණාම අපට සිනමාව කර්මාන්තයක් විදිහට ඉස්සරහට අරගෙන යන්න බැහැ කොච්චර කතා කළත්.

මේ ඉන්ඩස්ට්‍රි එකේ ස්ටෑන්ඩඩ් කියන ඒවා, අපේ වෘත්තීය එකේ ස්ටෑන්ඩඩ් කියන ඒවා හැදෙන එක ඉතාම වැදගත්. මගේ චිත්‍රපටය ගැන විතරක් නොවෙයි. අනෙක් චිත්‍රපට ප්‍රදර්ශනයේදී වුණත් ඒ විධිමත් ක්‍රමවේද රැකිලා හරි විදිහට යනවා නම් තමයි ඒ නිර්මාණකරුවන්ට නිර්මාණ කරන්න අවශ්‍ය පරිසරය හැදෙන්නේ. නිෂ්පාදකවරුන්ට සල්ලි යොදවන්න හිතෙන්නෙත් එහෙම වුණාමයි. චිත්‍රපටය, නිෂ්පාදකයා, ප්‍රදර්ශනය කියන ත්‍රිත්වයම එකට බැඳුණු පාලමක්. මෙය කර්මාන්තයක් විදිහට ඉස්සරහට යන්න නම් මේක විධිමත් තැනකට එන්න ඕනෑ.

ලංකාව වගේ ආසියාතික රටක කාන්තාව වැඩිපුරම නිර්වචන කරන්නේ මව, බිරිඳ, දියණිය මගේ තැන්වලින් සහ එයාගේ වෘත්තීය ජීවිතයට අමතරව පෞද්ගලික ජීවිතයේ වගකීම් ගොඩාක් පැවරෙනවා. ඒවාත් එක්ක නිර්මාණකරණයේදී නිර්මාණයක් වෙනුවෙන් යොදන්න පුළුවන් කාලය, අනෙක් දේවල් බැලන්ස් කරගෙන කිරීම ඇත්තටම අභියෝගාත්මක තමයි. ගෙදරින් සපෝට් එකක් ලැබෙනවා නම් යම්කිසි විදිහකට මැනේජ්මන්ට් කරගන්න පුළුවන්. මේ ඉන්ඩස්ට්‍රි එක හරි භයානක තැනක්. ගැහැනු අයගෙන් අයුතු ප්‍රයෝජන ගන්න බලාගෙන ඉන්නවා හැම තිස්සෙම. ඔය වගේ දේවල් මගේ අත්දැකීමට අනුව නම් තමන් තමන්ගේ සීමාව දක්වනතාක් කල් එතනින් එහාට කාටවත් ඒ සීමාව පැනගෙන එන්න බැහැ. ඒ සීමාව කඩාගෙන එන්න පුළුවන් වෙන්නේ තමන්ට ටැලන්ට් එකක් නැතිවුණොත් විතරයි.

චිත්‍රපටය තමයි අපි මාකට් කරන්නේ. එහෙම නැතුව වැඳ වැටෙන්න ඕනෑ නැ. මම වාඩිවෙන්නේ අධ්‍යක්‍ෂගේ පුටුවේ නම් කොන්ද කෙළින් තියාගෙන, පිරිමි 40ක් විතර මගේ වචනයට නතුකරගෙන ඒ වෙලාවේ වැඩේ කරන්න මට පුළුවන් නම්. ඒ පුළුවන්වීම තමයි මම කියන්නේ අභියෝගයක් විදිහට කවුරු වුණත් භාර අරගෙන යන්න ඕනේ. “මට මේක කරලා දෙන්න” කියා වැඳ වැටෙන්න ගියොත් තමයි ලංකාව ඇතුළේ ඉන්ඩස්ට්‍රි එක සවුත්තු වෙලා තිබෙන්නේ. ඒ නිසයි මම කියන්නේ මේක තුළ ඉගෙන ගන්න ඕනෑ කියලා. ඉගෙනගෙන අපි ඒ දෙයින් යමක් කරන කොට කාටවත් අපිට අභියෝග කරන්න බැහැ. එතනදී ගැහුනුද පිරිමිද අවශ්‍ය නෑ. මගේ චිත්‍රපටයේ සෙට් එකේදී කාන්තා අධ්‍යක්‍ෂවරියක් විදිහට මට දෙන්න පුළුවන් උපරිම ගෞරවය දුන්නා. මගේ වැඩේ හරියට කළ හින්දයි ඒ ගෞරවය ඔවුන් දුන්නේ. එතකොට මම ඒ ගෞරවය පෙරළා ඔවුන්ටත් දුන්නා. එහෙම නැතුව ලේඩි කෙනෙක් වෙලා ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න බැහැ කියන ඒවා මිනිස්සු හදාගත්ත දේවල්. අවශ්‍ය වෙන්නේ තමන් මොකක්ද කරන්නේ කියන එක අවබෝධ කර ගැනීමයි.

අපේ රටේ සිනමාව ඇතුළේ දක්‍ෂ නිර්මාණකරුවෝ ඉන්නවා. ඒ අයට ඉදිරියට එන්න නිෂ්පාදකවරුන්ගේ සහයෝගය ඉතාම වටිනවා. ෆීල්ඩ් එකේ අය එක එක පැතිවලට බෙදිලා හරියන්නේ නෑ. ඔක්කොම එකතු විය යුතුයි. ප්‍රවීණයන්ගේ ගුරුහරුකම් නවක නිර්මාණකරුවන්ට අවශ්‍යයි. මේ දෙගොල්ලොම එකතු වෙලා ප්‍රවීනයන්ගේ ආශිර්වාදයෙන් අලුත් නිර්මාණකරුවන් ඉදිරියට ගියොත් තැනක් තිබේවි. නැත්නම් ලංකාවේ හැමදාම පරණ නම් ටිකක් එකතුවේවි. ඒ පරණ නම් ටික හැමදාම සිනමාවේ ජය කෙහෙළි නංවනවා වගේ විතරක් වේවි. ඒක කඩන්න අමාරුයි.’’

(*** සමන්ත යහම්පත්)

 



අදහස් (1)

​ඒක කඩන්න අමාරුයි

රිතික් Wednesday, 30 July 2025 05:26 PM

මම කඩල දෙන්නම්...

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 141 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 362 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 375 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site