2    

රාවණ කතාව රටේ නව මතවාදයක් දක්වාම පැමිණ තිබේ. එම තීරණාත්මක මොහොත තෙක් අපි මාධ්‍ය මෙහෙවරක් කළෙමු. පෙර පාසල් දරුවාගේ සිට මහල්ලා දක්වා ‘‘රාවණා’’ ප‍්‍රබෝධයකින් පසුවෙයි.


මෙය ජාතික මෙහෙවරකි. එසේම විජාතික බලවේගයක්, ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක් හෝ ඔත්තු සේවයක් නොවේ. ජාතියට හිතැති පපුවක් ඇති අයට රාවණා ලිපි පෙළ සතුටකි. උගත්කම් අතරේ විජාතික වූ සමහර අයට මේ ලිපි අගුණ ඇති බව ඇතැම් දෙයින් අපට සිතේ. වෛරය, ක්‍රෝධය ‘‘රාවණා’’ වෙනුවෙන් වැපිරූ එක්කෙනෙක් දෙන්නෙකුට මෛත‍්‍රී කරමින් ‘‘ලාංකීය උරුමයේ මහා උරුමක්කරු ගැන අදත් කතාව අරඹමු.’’

3
ආචාර්ය මිරැුන්ඩෝ ඔබේසේකර සඳහන් කරන පරිදි ලෝකයේ රටවල් බොහොමයක් ජනාවාස වූයේ රාවණාගෙනි. පළස්තීනය මින් එක් තැනෙකි. පලස්තීනය පුරාණ යක්ෂ ගෝත‍්‍රිකයන් පදිංචි කළ ප‍්‍රදේශයකි.


රාවණා රජතුමා ලෝකයේ රට රටවල සිංහලයන් පදිංචි කෙරුණේ හේතු ප‍්‍රකාරවය. එතුමා ඔස්සේ බලාපොරොත්තු වූයේ ජාතිය කවර කලෙකත් විනාශ නොවනු ඇති බවය. එම නිසා රාවණා රජ සමයේ සිංහලයන්ගේ කොලනි ලොව පුරා රටවල් ගණනාවක තිබිණි. මේ ‘‘කොලනි’’ ව්‍යාපාරයෙහි මූලිකයා රාවණාය.


එකල සබරගමුවේ ‘‘ජුදා’’ නමින් රාක්ෂයකු විය. මොහුද සමඟ විශාල ජන පිරිසක් නැවු මගින් ‘‘කනාන්’’ නම් ප‍්‍රදේශයට පිටත් කළේය. ‘‘කනාන්’’ යනු ද පලස්තීනයමය. කනාන් පෙදෙසට ගොඩ බට යක්ෂ ගෝත‍්‍රිකයෝ කොළ පාට පළසක් ගෙනැවිත් එය බිම එලා සියල්ලෝ එහි වාඩිලා ගත්හ. එහි සිටම ඔවුහු දිවුරුමක් දුන්හ.


‘‘අපි කිසි කලෙක වෙනත් ජාතියක ස්ත‍්‍රියක හා විවාහ නොවෙමු. අපගේ කුලයේ, අපගේ ගෝත‍්‍රිකයන් හා පමණක් විවාහ ගිවිසමු. ලෝකයේ කවර ආගමක් පහළ වුවද අපි ඒවා පසුපස නොයමු. අපි අදහන්නේ පාරම්පරිකව අපට උරුම වුණු සූර්ය ආගම පමණි. කෙතරම් භාෂා අලූතින් පැමිණිය ද අපි කතා කරන්නේ අපට පුරුදු සබරගමුවේ පුරාණ සිංහල භාෂාව පමණි.’’

6
එදා සබරගමුවේ තිබුණු පුරාණ සිංහල භාෂාව අද හීබෲ භාෂාව බව ආචාර්ය මිරැුන්ඩෝ කියයි. එය හීබෲවී ඇත්තේ සබර යන වචනය කාලයාගේ ඇවෑමෙන් වෙනස් වීමෙනි. එනම් සබර, හබර, හෙබර, හෙබෙරෙවු, හීබෲ ලෙසිනි. මේ අවුරුදු 7,500කට එහා සබරගමුවේ භාෂාවයි.


පළසක් බිම එලා ඉහත දිවුරුම දුන් බැවින් එම ප‍්‍රදේශය ‘‘පලස්තැන්න’’ බවට පත්විණ. එම පලස්තැන්න පසු කලෙක පලස්තීනයවී ඇත. ජුදා රාක්ෂයාගේ ජනතාව පිළිවෙළකට විසූ ජාතියකි. රාවණ සමයේ පටන් පරම්පරානුබද්ධ ඔවුහු පිළිවෙළ යක්ෂ ගෝත‍්‍රිකයෝය. මේ අයගේ පිළිවෙළ පැවැත්මට අසල්වැසි ජෝර්දානය, ඉරාකය, ඊජිප්තුව නිතර ප‍්‍රශ්න ඇති කළ බව මිරැුන්ඩෝ කියයි. අවසන ඒ බොහෝ දෙනා එම රටවලට ගොස් වහල් සේවයෙහි යෙදුණු බව පැවසේ. මෝසස් යනු එම පිරිස අතරින් පැමිණි අයෙකි. ඔහු රාවණා රජු දැඩිව පිළිගත්තෙකි. අද සටන් පවතින ගාසා තීරය යනු පුරාණ යක්ෂ ගෝත‍්‍රිකයන් විසින් අස්වද්දවා, දියුණු කරන ලද ප‍්‍රදේශයයි.


පලස්තීනයේ සිටි යක්ෂ ගෝත‍්‍රිකයනට අවට මුහුදෙන් බොහෝ කරදර පීඩා විඳින්නට සිදුවිණි. අද මෙම මුහුද ‘‘මළ මුහුද’’ වුවත් එදා මෙය බොහෝ චණ්ඩ, රළු මුහුදක් විණ. මුහුදේ චණ්ඩ ස්වභාවය ගැන රාවණ රජුට පැමිණිලි ලැබිණි.

4


රාවණ රජු එම අදහස් සැලකිල්ලට ගෙන පලස්තීනයහි යක්ෂයන් අතරට පැමිණියේය. යක්ෂයෝ තමන්ට මුහුදෙන් සිදුවන විපත කීහ. රාවණ රජු මහමුහුදක්, ගොඩබිමක් වුව කැමැති පරිදි නම්වා ගන්නට ශක්තිය, බලය තිබුණෙකි. ඔහුට ඒ සඳහා විශිෂ්ට මන්ත‍්‍ර ශාස්ත‍්‍රයක් තිබිණි. අහසේ. පොළොවේ, මහමුහුදේ ඇති දේ මන්ත‍්‍ර බලයෙන් වෙනස් කිරීම රාවණා කළ දෙයකි. අද සමාජයේ පවතින මන්ත‍්‍ර රාවණා සමයට යම් නෑකමක් ඇත්තේ වුවද ඒ සියල්ල වෙනස්වී විකෘතිවී ඇති බව සිහිනැංවිය යුතුය. ඉඳහිට රාවණ මන්ත‍්‍ර එකක් දෙකක් හැර අනෙක් සියල්ල විවිධ ගුරුන් අතින් අත පැමිණි ඒවා වෙයි.

SLD_20140921_B016
රාවණ රජ රළු මුහුද මළ මුහුද කර ඇත්තේ මන්ත‍්‍ර බලයෙනි.
මන්ත‍්‍රයක් මතුරා එම මුහුද නිසල කරවා රාවණ මළ මුහුදෙහි ඇවිද ගියේය. එය බලා සිටියවුන් පුදුම ඉපදවිය. එදා පටන් අද දක්වාම රළු මුහුද රැුළි නොනංවන නිසල දියක් බවට පත්විණ.


මෙම පුරාණ යක්ෂ ගෝත‍්‍රික යුදෙව් ජනතාවගේ ලේ සාම්පල් පරීක්‍ෂා කළ යුරෝපීය විද්‍යාඥයකු වන පෝල් පීීටර්සන් සඳහන් කරන්නේ ඒවා පුරාණ ලංකා වාසීන්ගේ රුධිරයට සමාන බවය. මෙවැනි පර්යේෂණ ගණනාවක් විටින් විට මේ ආශ‍්‍රිත ප‍්‍රදේශයෙහි සිදුකෙරී ඇත. එම තොරතුරු අනුව යමින් පලස්තීනය ලාංකික මුත්තනුවන්ගේ ආදි ජනභවනක් බව ‘‘රාවණ කතා’’ පුස්කොළ පොත්වලින් වඩාත් මුල් බැස ගනි.


තවද බයිබලයේ මෙන්ම, කුරානයේ ද සඳහන් ‘‘ඊශ‍්‍රායල්’’ නම් වීර චරිතය ජුදා නම් යක්ෂයාගේ පරපුරේ අයෙකි.
ඉන්දියාව x ලංකාව වැනි ආදි සබඳතා සේම ලංකාව හා පලස්තීනය අතර ද ගැඹුරු සමීපකමක් තිබී ඇත. පුරාණයේ යුදෙව් ජනයා ලංකාවේ පදිංචිව සිටි බවට ඉතිහාස මූලාශ‍්‍ර සෙවීමේ දී හමුවේ. නවවැනි සියවසේ ලංකාවට පැමිණි ඉබ්න් වහබ් නම් දේශ ගවේෂකයා ද, ක‍්‍රි.ව. 911 දී මෙහි පැමිණි අබු සහීඞ් පවසා ඇත්තේ ද එකල ලංකාවේ යුදෙව්වන් සිටි බවත්, ලක් වැසියෝ යුදෙව්වන් සමඟ හිතවත්කම් පැවැත්වූ බවත්ය. එබැවින් මේ යුදෙව් නෑකම රාවණ යුගයෙන් ඇරඹෙන්නකි.


(Tennant Ceylon Vol.1 586 . 8 පිටු)
ක‍්‍රි.ව. 911 ලංකාවේ රජුගේ ඇමැති මණ්ඩලයේ යුදෙව් ජාතික හතර දෙනෙක් ඇමැතිකම් දැරූ බව පැරණි ලංකාවේ ආගම් සහ පුද පූජා පොතෙහි (පිටුව 76* සඳහන් වෙයි.


මේ නෑකම රාවණ රජු ආරම්භකොට පලස්තීනයට යැවූ මිත‍්‍රත්වයේ පාලම විය යුතුය.
විශේෂයෙන් යුදෙව්වන්ගේ පුරාණ සිරිත් විරිත් සලකන කල ද එය යක්ෂ ගෝත‍්‍රික නෑකමට ළංවේ. ඔවුහු සූර්ය වන්දනය කරන ලද බව ක‍්‍රි.ව. 12 වැනි සියවසේ සිටි බෙන්ජමින් රබායි නැමැති යුදෙව් දේශගවේෂකයා පවසයි.


පලස්තීනයට අමතරව චීනය සමඟ රාවණ රජු සමීප සබඳතා පවත්වා ඇත. චීන අධිරාජ්‍යයාගේ පුත‍්‍ර මාහෝ කුමාරයා රාම x රාවණ යුද්ධයේ දී රාවණාට උදව් කිරීමට කැමැති වූවෙක් බව අපි පසුගිය කලාපයේ ලීවෙමු.


රාවණ රජු පමණක් නොව රාවණගේ පියා විශ‍්‍රවස් මුණිද චීනයේ හිතවතෙකි. මාහෝ කුමාරයා ලංකාවට පැමිණෙද්දී ඔහුව රාජතාන්ත‍්‍රික මට්ටමින් පිළිගෙන ඇත. මාහෝ කුමරුට වාසය කිරීමට හස්ති ශෛල පුර අසල අගනා මන්දිරයක් සූදානම් කර දුන් බව රාවණ කතාවේ සඳහන් වෙයි.

5
මාහෝ කුමරුට මෙරට රාජ භෝජන සූදානම් කෙරිණි. එසේම ඔහුට විශාල ආරක්ෂාවක් ද යොදවා තිබිණි. මාහෝ කුමරුගේ ආරක්ෂාව භාරව සිටි ප‍්‍රධානියා වූයේ රටේ දකුණු ප‍්‍රදේශයේ සිටි භීම යක්ෂයාය.


චීන කුමාරයාගේ ලංකා සංචාරයේ රෙජ්ජිපුර සුමාලින් මාළිගාව හා කතළු පුරයේ කතළු කුමරුගේ මන්දිරය ද ඇතුළත්විය.
මාහෝ කුමාරයා ලංකාවේ දකුණු දිසාවේ ගාල්ල අවට මුහුදෙහි ඔරුවක ගොසින් මාළු ඇල්ලීමට ද එවක සම්ප‍්‍රදායික ජන නැටුම් බලා විනෝද වීමට ද අමතක නොකළේය.


ලංකාවේ සිටි සෑම දිනකම ඔහු සෑහෙන තරම් වින්දනයක් ලැබීය. දිනපතා රාත‍්‍රී සබරගමුවේ ආදිදිෂ්ට ගණිත පුරයෙන් නැටුම් කණ්ඩායම් කැඳවා සන්දර්ශන පැවැත්විය. විශේෂයෙන් රාජතාන්ත‍්‍රික අනුවම යමින් මාහෝ කුමරු සබරගමුවේ මැණික් පතල් නැරඹීය.


මාහෝගේ පියා වූයේ චීනයේ චාහෝ අධිරාජ්‍යයාය. එම රජදවස චීනයෙන් ලංකාවට එවූ වාණිජ හා කුරුඳු බැලීමට ද ගියේය. හත්සිශෛලපුරේ මාහෝ කුමරුවන් නැවතී සිටියේ අද ‘‘මාහෝ’’ නමින් හඳුන්වන ප‍්‍රදේශයේය. විශේෂයෙන් පැරණි යුගයේ වෙඩි බෙහෙත් නිෂ්පාදනය කිරීමට යොදාගත් ඛණිජ සම්පත් ද කුමරුගේ නිරීක්‍ෂණයට පාත‍්‍ර විය. මාහෝ කුමරු ලංකාවෙන් යාමට පෙර රාවණ රජු හමුවී, රාමගෙන් එන ප‍්‍රහාරයට මුහුණ දීමට චීනයෙන් ආධාර ලබා දීමට තමන් ද චාහෝ අධිරාජ්‍යයා ද කැමැත්තෙන් පසුවන බව ප‍්‍රකාශ කළේය. නමුත් රාවණ රජු චීන යුද ශක්තිය යුද්ධයට අල්ප මාත‍්‍රයකුදු යෙදවීමට කල්පනා නොකළේය.


මාහෝ රජුගේ පිය රජුට බාර දීමට රාවණ රජු වටිනා රතු මැණිකක් ප‍්‍රදානය කළේය. තවද රාජ සභාවෙන් තවත් තෑගිබෝග කුමරුට ලැබුණු බව ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතා පවසයි. රාවණ රජු මාහෝ කුමාරයාට තෑගි කළ මාණික්‍යය අඟහරු ලොවෙන් ගෙනාවකි. එවැනි මැණික් ගල් හතක් රාවණ ළඟ තිබී ඇත. ඒවායින් ක1හවර්ණ මාණික්‍යය සමනොළ කන්දේ තිබේ. රක්ත වර්ණ තවත් එකක් ත‍්‍රිකුණාමලයේ කෝනේශ්වරම් කෝවිලේ ද, තව එකක් හලාවත මුන්නේශ්වරම්හි ද, ඉතිරිවා රාවණාගේ භූගත මාළිගාවේ ද ඇති බව ආචාර්ය මිරැන්ඩෝ පවසයි.


මේ තොරතුරු අනුව රාවණ යුගයේ දීප්තිමත් බව අපේ චින්තනය මත අලූත් විය යුතුය.


m