IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


උඩ තට්ටුව කොල්ලන්ට යට තට්ටුව කෙල්ලන්ට

කොළඹ බෝඩිම් ජීවිත ගැන කතා කරනකොට මේ බෝඩිම් ජීවිතවල ඔබ දන්න, නොදන්න, නොහිතන, නොදකින ගොඩක් දේ ගැන අපි කතා කළා. කොච්චර කතා කළත් අපි නොදන්න තවත් බොහෝ දේ මේ ජීවිතවල තියෙනවා. ඇන්ටිගේ බෝඩිමෙන් අපි සොයා ගිය බෝඩිම් කතා අස්සේ මේ සතියේ අපි ගියේ කොට්ටාව පැත්තට.

5
බෝඩිමේ සාමාජිකයෝ නම් ගොඩයි. කතාව කාගෙන් කොතැනින් පටන් ගන්නද කියලා හිතාගන්න බැහැ. ඔය අතරේ එක සාමාජිකාවක් කතාව ආරම්භ කළා. 

  
මගේ නම සඳුනි. ගම කුරුණෑගල. බෝඩිමට ඇවිල්ලා දැන් අවුරුදු දෙකක් වෙනවා. මම වැඩ කරන්නේ පෞද්ගලික ආයතනයක. අම්මෝ බෝඩිං ජීවිතේ ගැන නම් කතා කරලා වැඩක් නැහැ.  හැමදේම ඉවසන්න පුළුවන්. ඒත් බඩගින්නයි ඇන්ටිගෙ දිය කෑමයි තමයි ඉවසන්න බැරි.


අපේ කාමරේ පස් දෙනෙක් ඉන්නවා. තව දාන්න පුළුවන් නම් ඇන්ටි තවත් ළමයි දානවා. කාමරේ ඔක්කොමලා එකට එකතු වුණාම හුස්ම ගන්නවත් බැහැ. මුළු ගෙදරම ඉන්නේ බෝඩිම් ළමයි. මේ ගෙදර තට්ටු 3ක්. උඩම තට්ටුවේ ඉන්නෙ පිරිමි ළමයි. ඒත් ඇන්ටි අලුතෙන් එන ළමයින්ට උඩ තට්ටුවේ පිරිමි ළමයි ඉන්නවා කියලා කියන්නේ නැහැ. පිරිමි ළමයි ඉන්න තැන්වල ගෑණු ළමයින් නතර වෙන්න කැමති නෑනේ. ඒත් ඒ උඩ නතර වෙලා ඉන්න පිරිමි ළමයි ගොඩක් අය පහළ තට්ටුවේ ඉන්න ගෑණු ළමයින්ගේ බෝයි ෆ්‍රෙන්ඞ්ස්ලා. ඒ කියන්නේ ඇන්ටි බෝඩිමට ගන්නේ කපල් එකම. පිරිමි ළමයට උඩ තට්ටුව දෙනවා. පහළ තට්ටුවේ කාමරයක් ගෑණු ළමයට දෙනවා. අපි ඉන්නේ පහළම තට්ටුවේ. දෙවැනි තට්ටුවේ ගොඩක් ඉන්නේ කොල්ලත් එක්කම මේ බෝඩිමට ආපු අය. බෝඩිමට එද්දි නම් මේ වගේ දෙයක් සිද්ධ වෙනවා කියලා දැනන් හිටියේ නැහැ. ඒත් රු. 3,000 වගේ මේ පළාතේ වෙන බෝඩිම් නැහැ.  ඇති, ඒත් මේ තැන ඉඳන් රැකියාවට යන්න පහසුයි. ඒත් මේ වගේ දේවල් සිද්ධ වෙනවා කිව්වම ආපු දවස්වල නම් ගොඩක් බය හිතුණා. අපේ කාමරේ ඉන්න කිහිප දෙනකුටම බෝයි ෆ්‍රෙන්ඞ්ස්ලා ඉන්නවා. ඇන්ටි නිතරම අහනවා. ඇන්ටි අහන්නේ අපට ආදරේට නොවෙයි. බෝඩිංවල ගණන් ඇහුවම කලන්තේ දානවා.

 

31-Rasa-P2-BAරුපියල් පන්දාහට අඩුවෙන් බෝඩිම් දැන් නැහැ. ඇන්ටි අපි වගේ තනියම අය ගන්න වැඩිය කැමති නැහැ. කපල් එකටම දෙනකොට ඇන්ටිට ලොකු වාසියක් තියෙනවා.

 


ඒ මොකද්ද වාසිය?


අපි තනියම නිසා අපෙන් ඇන්ටිට ලැබෙන්නේ රුපියල් 3000යි. කපල් එකම බෝඩිමට එනකොට ඇන්ටි ගාන වැඩියෙන් ගන්නවා. කොල්ලටයි කෙල්ලටයි නිදහසේ ඉන්න ඇන්ටි සියලු පහසුකම් සපයලා දෙනවනේ. සඳුනිගේ කතාව අස්සේ තව එකියක් මැද්දට පැන්නා.


“මෙතන කපල් එකම බෝඩිම් හොයාගෙන ආපු අය නැහැ. ගෙවල්වලින් ඇවිල්ලා තමයි ළමයි නතර කරලා යන්නේ. ළමයි අඩු වුණ ගමන් ඇන්ටි පත්තරවල දැන්වීමක් දානවා. අපි ආවෙත් දැන්වීමක් දැකලා. ගෑණු ළමයකුට බෝඩිමක් සොයාගෙන ආවම මේ ගෙදර පිරිමි ළමයි ඉන්නවා කියලා ඇන්ටි කියන්නේ නැහැ. උඩ ඉන්න පිරිමි ළමයින්ගේ ඇඳුම්වත් අඩුම තරමේ එළියේ පේන්න තියෙනවා අපි කවදාවත් දැකලා නැහැ. වටේ පිටාවේ අයත් මේ ගෙදර පිරිමි ළමයි ඉන්නවා කියලා දන්නේ නැහැ. ඇන්ටිගේ බෝඩිමේ ඉන්න අයට ප්‍රධාන කොන්දේසිය තමයි වටේ අය එක්ක කතා කරන්න තහනම්. ගෙදරින් ඇවිල්ලා බෝඩිමට භාර දෙද්දි අම්මෝ බලන්න ඕන ඇන්ටිගේ “ලොරි ටෝක්ස්”. උපරිම සැපපහසුකම් සහිත පූර්ණ ආරක්ෂාව” ඕක තමයි ඇන්ටිගෙ තේමා පාඨය. ඒ වුණාට දවසක්, දෙකක් ඉන්නකොට බෝඩිමේ ඇත්ත ස්වරූපය ඉබේටම තේරෙනවා. කොහොමත් අලුතෙන් එනකොට ඇන්ටි සලකන්නෙ දෙවියන්ට වගේ. පළමුවෙනි දවස් දෙකේ කෑම ටික හොඳට රහට හදලා මේසෙටත් බෙදලා දෙනවා. තුන්වෙනි දවසේ ඉඳලා සලකන්නේ, කන්න දෙන්නේ ගෙදර ඇති කරන බල්ලන්ටත් වඩා අන්ත විදිහට.


පළමුවෙනි සතියේ කන්න දීලා පුතේ කියලා කතා කරලා ඇම ගිල්ලවන්නේ අපිට ආදරේට නෙවෙයි. ඇන්ටිගේ මුල්ම ප්‍රශ්නය තමයි එන ගෑණු ළමයට කොල්ලෙක් ඉන්නව ද කියන එක. ඊට පස්සේ ඉතින් ඇන්ටි සුරංගනා ලෝක මවලා “මෙහෙ බයවෙන්න දෙයක් නැහැ. උඩ තට්ටුවේ ඒ ළමයටත් ඉන්න පුළුවන්. මට දෙන්නම එක්ක මේ ගාන දෙන්න. ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ. බයවෙන්න එපා. ඔය වගේ සුරංගනා ලෝක මවනකොට කෙල්ල කොහොම හරි කොල්ලව බෝඩිමට ඇද ගන්නවා. ඊට පස්සේ උන් ඉන්නේ ඉතින් බැඳලා නැතත් බැඳලා වගේ තමයි. ගොඩක් කපල් ඇවිල්ලා තියෙන්නෙ කැම්පස් ළමයි. පිරිමි ළමයි එක්ක නම් අපි කවදාවත් කතා කරලා නැහැ. ගෑණු ළමයි නම් අපි එක්ක කතා කරලා තියෙනවා. ඒ ළමයි ඉතින් කැමැත්තෙන්නේ ඉන්නේ. දෙවැනි තට්ටුවේ ළමයි ඔක්කොමලා කන්නේ උයාගෙන. ඇන්ටි අපට නම් කෑම දෙනවා.


අපි නොදන්නා මේ ඇන්ටිගේ බෝඩිමේ ගැට අස්සේ, වෙන සමහර ගොඩක් දේවල් කියන්නත් බැහැ කියලා මේ අය ප්‍රතික්ෂේප කළා. බලමුකෝ.... එළිවෙන ජාමෙට කියනවනේ හොඳ හොඳ සෙල්ලම් සාමාජිකයො ගොඩක් ඉන්න බෝඩිමේ කතාවට මුල පුරපු සඳුනි බෝඩිමේ කාමරේ සාමාජිකාවෝ පස් දෙනා ගැනත් අපට කිව්වා. අපේ බෝඩිමේ ලොක්කි නිලූකා. අද නිලූකා මාසෙකට පස්සෙ රෙදි සෝදලා නාගන්න දවස. උදේ ඉඳලා දිය කාවා වගේ. තව ටිකකින් අපේ සභාවට ඒවි. අනිත් කෙනා සංජු, නිලූකාගේ පහළ ඇඳේ ඉන්නේ. නිලූකා කොල්ල එක්ක රෑ නින්දේ මල් කඩන ඒවා අහගෙන ඉඳලා උදේට ප්‍රසිද්ධ කරන්නේ සංජු තමයි. සාමාන්‍යයෙන් සංජුයි, නිලූකායි රංඩු නොවන දවසක් නෑ. හැබැයි ඉතින් ආදරේට. මගේ උඩ ඇඳේ ඉරේෂා. කළු පාටට පට්ට ලව්. හේතුව කොල්ලා තිත්ත කළුයි. මුන් දෙන්නා එකට ඉන්න කොට තැඹිලි ගෙඩියට කපුටෙක් වහලා වගේ. අන්තිමයා අපේ කමරේ ත්‍රස්තවාදියා කසුනි. කසුනි වතුරට ආසම නැහැ. අනිත් අය නාන දිහා බලාගෙන ඉඳලා අමුතු වින්දනයක් ගන්නවා මිසක් නාන්න කැමති නැහැ. ඇන්ටිත් එක්ක නිතරම එල්ලීගෙන යන්නෙත් කසුනිම තමයි. කාමරේ සගයෝ හඳුන්වලා මඩ ගහපු සඳුනි ගැන කියන්න කසුනි ඉදිරියට පැන්නා. සඳුනි කැමති කොල්ලන්ට හිතින් විතරක් ආදරය කරන්න. කොල්ලෝ ළඟට යන්න පට්ට බයයි. ඈතින් ඉඳන් ආදරය කරලා ඒ කොල්ලා වෙන කෙල්ලෙක් බැන්දට පස්සේ මී හරකෙක් වගේ අඬන්න හරිම ආසයි. තව තව සිද්ධි තියෙනවා. ඒවා ප්‍රසිද්ධියේ කියන්න අමාරුයි. ඇන්ටිගෙන් වැඩිපුරම බැනුම් අහන වාසනාවන්තියත් සඳුනි තමයි.

ඇන්ටිගේ මෙනු එකට තරයේ විරුද්ධව උද්ඝෝෂණය කරන කෙනා තමයි සඳුනි. අපේ ඇන්ටිගෙ මෙනු එක ආහාර වට්ටෝරුව කෙළින්ම දේශීයයි. තෙබු කොළයි, හාල් මැස්සොයි, පරිප්පුයි. මේ කෑම වට්ටෝරුව වෙනස් වෙන දවසට ටිකක් සැරට වහිනවා. කොහොම වුණත් ඇන්ටි අපට පට්ටම ආදරෙයි. ඒ වුණාට ඇන්ටි සල්ලි තන්හාවට කපල් නතර කරගෙන කරන මගඩි වැඩ නම් අන්තිමයි. මොනවා කරන්නද ඕවට කතා කරන්න යන්න බැහැනේ. මෙතන ඉන්න පරණම සාමාජිකාව නිලූකා. අපිට වඩා හොඳට මේ බෝඩිමේ සෙල්ලන් දන්නේ නිලූකා තමයි.


“ඇත්තටම ඇන්ටි මානුෂික අතින් ළමයින්ට ගොඩක් හොඳයි. අපිට විතරක් නෙමෙයි. උඩ තට්ටුවල ඉන්න ළමයින්ටත් ලෙඩක්, අසනීපයක් වුණත් ඇන්ටි කළ යුතු ප්‍රතිකර්ම සියල්ලම කරනවා. කොච්චර හොඳ වුණත් ඇන්ටි මුදල්වලට හරිම කෑදරයි. ඇත්තම කතාව ගෑණු පිරිමි ළමයි තට්ටු දෙකක ඉන්නවා කිව්වාම ඒ ළමයි ගොඩක් දෙනා ජීවත් වෙන්නේ එකට. ඒක ඇන්ටි දන්නවා. අපි නම් කවදාවත් උඩ තට්ටුවට ගිහින් නැහැ. මට මතකයි උඩ නතර වෙලා ඉඳපු ගෑණු ළමයෙකුට බබෙක් ලැබෙන්න ඉඳලා ඇන්ටි ඒ ළමයවත් එක්ක ගිහින් මොනවදෝ කළා. මම හිතන විදියට බබා නැති කරලා. පස්සේ මාස දෙකකට විතර පස්සේ ඒ ළමයි මේ බෝඩිමෙනුත් ගියා. ඒ කිව්වෙ මම දන්න කතාවක්. ඒ වගේ අපි නොදන්න කතා ගොඩක් මේ බෝඩිම ඇතුළේ තියෙනවා. කොළඹ බෝඩිම් කියන්නෙ ඉතින් අමුතුම වහක්. හොඳ තැනක් හම්බ වුණොත් ගොඩ. මේ තැනුත් නරකයි කියනවා නෙමෙයි. ඇන්ටි අපට කොච්චර හොඳ වුණත් බෝඩිම් ඇතුළේ අපි නොදන්න රහස් ගොඩක් තියෙනවා.”


දුක, සැප එකට බැඳිච්ච බෝඩිම් ජීවිතේට මේ දේවල් අරුමයක්, පුදුමයක් නොවෙයි. ඒත් මේ හැම ජීවිතයක්ම මේ දුක්ඛ ජීවිතය විඳ දරාගන්නේ සැපයක් විදිහට. දුකක් කියලා මේ ජීවිතේ අතහැරලා නැවත ගමට යන්න බැහැ. එහෙම වුණොත් අපි හැමෝගෙම ජීවිත, ගමෙන් ගෙනාපු හීන එක්ක අතරමග නතර වෙනවා.


ඉතින් එහෙනම් බෝඩිමෙන් සමුගන්න කාලය හරස් වෙලා. ගිහින් එන්නම් තවත් බෝඩිමකින් ලබන සතියේ හමුවන බලාපොරොත්තුවෙන්.

m

31-Rasa-P2-BA

 



අදහස් (0)

උඩ තට්ටුව කොල්ලන්ට යට තට්ටුව කෙල්ලන්ට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31136 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13268 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10953 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 51 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 885 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 267 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site