”ධාරා” නවකතාව බොහෝ විචාරකයන්ගේ ප‍්‍රසාදයට හා අවධානයට ලක් වූ කෘතියක්. එවැනි කෘතියක් සාහිත්‍ය සම්මාන සඳහා සලකා බැලීමෙන් වළකින්නැයි ඔබ ඉල්ලීම් කරන්නේ කිසියම් කලකිරීමකින්ද? වසර 30ක් ඉක්ම වූ සාහිත්‍ය නිර්මාණ ජීවිතයේ ආරම්භයේ පටන්ම මගේ ඉලක්කගත කණ්ඩායම වුණේ පාඨකයායි. පාඨක ප‍්‍රතිචාරය (විශේෂයෙන් ප‍්‍රබුද්ධ පාඨකයන්ගෙන් ලැබෙන* තමයි මා මේතාක් හෝ රැුගෙන ආවේ. සම්මාන ගැන එදා සිටම මට තිබුණේ අඩු උනන්දුවක්. මගේ කෘතියක් සමීක්‍ෂණය සඳහා යොදා ගැනෙනවාද කියන කාරණය ගැනවත් මා කිසිම විමසීමක් කර නැහැ. ඇතැමුන් ඔවුන්ගේ පොත් පළමු වටයෙන්, දෙවැනි වටයෙන් ඉවත් කෙරුණු බව කියන විට මට පුදුම හිතෙන්නේ ඒකයි. ලේඛකයෙක් මේවා කොහොම දැන ගන්නවාද කියන එක ගැනවත් මට හැඟීමක් නෑ. ඇතැම් විට එය මගේ දුර්වලකමක් වෙන්නත් පුළුවන්. කොහොම වුණත් මගේ සම්මානය නම් ප‍්‍රබුද්ධ පාඨක ප‍්‍රතිචාරයයි. කෙසේ වෙතත් ”ධාරා” මෙවර සාහිත්‍ය සම්මානවලින් ඉවත් කර ගත්තේ කිසිම ආකාරයක විරෝධතාවක් දැක්වීමට නොවෙයි. ඔබ ඔබේ නවකතාව සම්මාන සඳහා නිර්දේශ නොකරන්නැයි කියන්නේ ඒ ප‍්‍රවෘත්තිය හරහා කැපී පෙනෙන්නටදැයි යමකු ඇසුවොත්? කැපීපෙනීමේ කිසිම වුවමනාවක් මට ඇත්තේ නැහැ. මා මේ කෘතිය සම්මාන සඳහා සලකා නොබලන්නැයි කිව්වේ පෙබරවාරි මාසයේ. එය මගේ තීරණයක්.  එක්තරා පුවත්පතක් මෑතකදී මගෙන් මේ ගැන විමසා සිටියා. මම එවිට ඒ ගැන කිව්වා. බොරු කීමේ උවමනාවක් මට නැහැ. මෙවැනි දෙයකින් කැපී පෙනෙන්නට මට ඇති  ඕනෑකම කුමක්ද? කෙසේ වුවත් සැප්තැම්බර් මාසයේ ඉතා සැනසීමෙන් නින්දට යන්න, සුවසේ අවදි වන්න මම කැමතියි. ඔබ කියන්නේ සාහිත්‍ය සම්මාන උත්සව වැඩකට නැති බවද? සාහිත්‍ය සම්මාන නිසා සාහිත්‍යකරුවන් අතරේ අන්‍යොන්‍ය සැක සංකා ද්වේෂ සහගත හැඟීම් ඇතිවීම වර්ධනය වී තිිබෙනවා. එය අහිතකර ප‍්‍රවණතාවක්. මේ තත්ත්වය වඩාත් තීව‍්‍ර වුණේ ස්වර්ණ පුස්තක සම්මානය නිසා බව කනගාටුවෙන් වුණත් කියන්න වෙනවා. ශ්‍රී ලංකා පොත් ප‍්‍රකාශකයන්ගේ සංගමය මේ උත්කර්ෂවත් සම්මාන ප‍්‍රදානය ඇරඹුවේ සාහිත්‍ය ප‍්‍රවර්ධනය පිළිබඳ සද් චේතනාවෙන්ම විය හැකි වුණත් එහි ව්‍යුහය සැකසුනේ ඉතා අහිතකර ආකාරයට. හොඳ පොත් 10ක් 12ක් තෝරා ගැනීම, ඒවාට ලොකු ප‍්‍රසිද්ධියක් ලබාදීම, යළි පොත් 5ක් තෝරාගැනීම හා ජනමාධ්‍ය ඔස්සේ විශාල ප‍්‍රසිද්ධියක් ලබාදීම, අවසානයේ මිලියන බාගයක් සඳහා එක පොතක් තෝරාගැනීම කියන්නේ සාහිත්‍ය වෙනුවෙන් ලොකු හඬක් නැගීමක් තමයි. ඒත් මේ උත්කර්ශවත් භාවය වගේම ලේඛක ලේඛිකාවන් තුළ අනවශ්‍ය තරගකාරීත්වයකටත් ඉන් මං පෑදෙනවා. ඒ උත්කර්ෂවත් බවේ ප‍්‍රතිලාභ ලැබුණේ සාහිත්‍යයට නොවෙයි. මේ තරගකාරීත්වය තුළ අන්‍යොන්‍ය සුහදතා කොයි ආකාරයෙන් කොයි මට්ටමින් පලූදු වෙනවාද යන්න ගැන හරියටම දන්නේ මේ රටේ ලේඛක ලේඛිකාවන්ගේ හෘද සාක්‍ෂියයි. සම්මාන පොරය නිසා ලේඛක ලේඛිකාවන් අතර සීතල යුද්ධයක් ඇතිවී තිබෙන බවද ඔබ කියන්නේ? ඇත්තටම ඔව්. ඒ බව හැම ලේඛක ලේඛිකාවක්ම නොදන්නවා නොවෙයි. සම්මාන සංවිධායකයන් පොත් 10ක් 12ක් දෙවැනි වටයට තෝරා එමගින් තරගකාරී බවක් උත්සන්න කිරීමයි මෙහි ඇති වරද. එය එක් කෘතියක් තෝරා සම්මාන දීමකට වඩා වෙනස්. සාහිත්‍ය උත්සවත් ”රියැලිටි ෂෝ” එකක් කරගෙන. රේස් අශ්වයෙක් කරගෙන. උත්සවය සංවිධානය කෙරෙන්නේ සද්භාවයෙන් විය හැකි වුවත් එහි ව්‍යුහයේ ගැටලූ තිබෙනවා. ”රියැලිටි ෂෝ” ආකාරයේ සම්මාන ප‍්‍රදාන ලෝකයේ වෙනත් රටවල පැවැත්වෙන බව කීම මේ ප‍්‍රශ්නයට පිළිතුරක් වන්නේ නෑ. ලේඛකයන් සුපිරි තරු යැයි සිතන්න එපා. ලේඛක ලේඛිකාවන් කරළියට නැංවීම හා බැස්ස වීම, යළි නැංවීම සැබැවින්ම එතරම් සුන්දර දසුනක් නොවෙයි. කෙසේ වෙතත් ලේඛකයා තරග දිවීමට සහභාගි නොකර හොඳ පොතක් දෙකක් හෝ වැඩිම වුණොත් තුනක් තෝරා ඒ ගැන නිසි ඇගැයුමක් කිරීම වඩාත් සුදුසු බවයි මගේ අදහස. සාහිත්‍ය ප‍්‍රමිතීන් වරද්දා ගත් විට අසාධාරණයක් වන්නේ ලේඛකයාට නොව සාහිත්‍යයටයි. වැඩි දෙනකුට අමතක වූ සත්‍යය මෙයයි. x සම්මාන උළෙලක දී හොඳම කෘතිය තෝරා සම්මානයක් සමග ලක්‍ෂ පහකට අධික මුදලක් ප‍්‍රදානය කිරීම ලේඛකයා දිරිගැන්වීමට ප‍්‍රබල හේතුවක්. එහි ඇති වරද කුමක්ද? මුදල් පෙන්වා ලේඛකයන් ධෛර්යයට පත් කිරීමම ලේඛකයාට කරන අසාධාරණයක් කිරීමක්. ඒවා හොඳයි ධනාත්මක චින්තනයට. ලක්‍ෂ පහක් බලාපොරොත්තුවෙන් පොතක් ලියනවා නම් එයින් ලියැවෙන පොත කුමක්ද? නිර්මාණාවේෂයෙන් එබඳු කෘතියක් රචනා කරන්නේ කොහොමද? කවර යහපත් චේතනාවෙන් කළත් විශාල මුදල් ත්‍යාගවලට ලේඛකයන් පෙළඹවීම සාහිත්‍යයේ පරිහානියට හේතුවක්. එහෙත් ඇතැමුන් කියන්නේ සාර්ථක නවකතා බිහිවීමට සාහිත්‍ය සම්මාන උත්සව බලපෑ බවයි. ලෝකයේ කිසිම රටක සල්ලි පෙන්නා පොත් ලියවනවා යැයි කීම තමයි ලොකුම මිත්‍යාව. එයින් සිදුවන්නේ ලේඛකයාගේ ප‍්‍රතිභාව හීන කිරීමයි. සම්මාන උත්සවය ආලෝකවත් රාත‍්‍රියක් වූ පමණින් එය සාහිත්‍යයේ වර්ධනයට උපයෝගී වන්නේ නෑ. ලේඛකයකු බිහි වන්නේ දීර්ඝ කාලයක් තිස්සේ කියැවීමෙන් ලබන නිර්මාණ ආභ්‍යසයෙන්. එය පෝෂණය වන්නේ ප‍්‍රතිභාවෙන්. ඔප දැමිය හැක්කේ කළු ගලක් නොව මැණිකක් පමණයි. අවුරුදු පහකට වතාවක් පොතක් ලිවිය යුතුයැයි මා කියන්නේ නෑ. එය ලේඛකයාගෙන් ලේඛකයාට වෙනස් වෙන්න පුළුවන්. එකම දේ නම් මුදල් හෝ වෙනත් කිසිම බාහිර සාධකයක් මුල්කරගෙන පොත් ලිවීමෙන් සැබෑ නිර්මාණයක් ගොඩනැගෙන්නේ නෑ. මද දැනුමක් පෑනක් කොළ ගොඩක් තිබූ පමණින් ලේඛකයකු විය නොහැකි බව මීට වසර පනහකට පෙර කොටහේනේ පක්‍ඳ්ක්‍ඳාකිත්ති හිමියන් සඳහන් කළේ ඒ නිසයි. කෙසේ වෙතත් සැබෑ ලේඛකයන් කවදාවත් සල්ලිවලට ගන්න බෑ. කේ. ජයතිලක වැනි චින්තකයන් ඊට උදාහරණයක්. ඔහුගේ කුදුගොත් රචනා, අත්පසුරු වැනි කෘතිවල ඇත්තේ මහා දාර්ශනික බවක්. මාධ්‍යවලින් පවා ඒ ගැන කතා නොකළ තරම්. සම්මාන සඳහා පොත් තෝරන විනිශ්චය මණ්ඩල සම්බන්ධයෙන් ඔබට මත ගැටුම් නැද්ද? සාහිත්‍ය ප‍්‍රවර්ධනය සඳහා සාහිත්‍ය සම්මාන උපස්ථම්භක වන බව බැලූ බැල්මට පෙනී යන කරුණක්. එහෙත් එය එසේ වන්නේ නිසි ප‍්‍රමිතීන්ට අනුව සිදු කෙරෙනවා නම් පමණයි. එසේ නොවූ විට සමස්ත සාහිත්‍යයම වල් වැදෙනවා. සාහිත්‍ය කෘතියක ප‍්‍රමිතිය සැලකිල්ලට ගැනෙන්නේ විනිශ්චය මණ්ඩලවල සාහිත්‍ය පිළිබඳ ප‍්‍රමාණික දැනුම, රසඥතාව හා මධ්‍යස්ථභාවය ආදී සාධක මතයි. මේ සාධක සපුරාගත් පුද්ගලයන් ලෙස අද අපට තෘප්තිමත් විය හැකි වී ඇත්තේ කීයෙන් කී දෙනෙක් ගැන ද? ඇතැම් සම්මාන ප‍්‍රදානෝත්සවල සංවිධායකයන් පවසන්නේ සාහිත්‍ය විෂය ගැන ප‍්‍රාමාණිකයන්ට මේ කටයුත්තට ආරාධනා කළත් ඔවුන් විනිශ්චය මණ්ඩල නියෝජනය කිරීමට අකමැති බවයි. මෙකල සාහිත්‍ය විනිශ්චයන් පිළිබඳ ඔවුන්ගේ විශ්වාසය බිඳවැටී ඇති නිසා එසේ වන්නට පුළුවන්. සාහිත්‍ය කෘති විනිශ්චය කිරීම ප‍්‍රාමාණිකයන් ප‍්‍රතික්‍ෂේප කරන නිසා එසේ නොවන පිරිසක් ඒ සඳහා යොදා ගැනීමට සිදුවේයැයි කවුරු හෝ කියනවා නම් එය තරමක් බරපතලයි. සුදුසු විනිශ්චය මණ්ඩල නැතිනම් සම්මාන ප‍්‍රදානය අත්හිටුවීම වඩා හොඳයි. සාහිත්‍ය වර්ධනයට වඩාත් හිතකර වන්නේ එයයි. සාහිත්‍ය විනිශ්චය කරන්නා අන් සියල්ලටම වඩා හොඳ කියනවන්නෙක් විය යුතුයි. දේශීය මෙන්ම විදෙස් සාහිත්‍යයත් හොඳින් කියවන්නකුට පමණයි සංසන්දනාත්මක තෝරා ගැනීමක් කළ හැක්කේ. විනිශ්චය මණ්ඩල සාමාජිකයා  ඕපපාතික පාඨකයෙක් නම් තත්ත්වය නරක අතට හැරෙනවා. සාහිත්‍යය සමග නිතර ගනුදෙනු නොකරන අයගේ තානාන්තරය පමණක් සැලකිල්ලට ගෙන සාහිත්‍ය විනිශ්චයට තෝරා ගන්නවා නම් එයින් සාහිත්‍යයට උදාවන්නේ නරක කල දසාවක්. කෙසේ වෙතත් වෙනත් විෂයයක් වෙනුවෙන් ලබාගත් ශාස්ත‍්‍රීය දැනුම සාහිත්‍ය විනිශ්චය සඳහා බලපත‍්‍රයක් කර ගැනීමේ ඛේදවාචකයකට අප මුහුණ පා සිටින බවයි මට පෙනෙන්නේ. මේක ලංකාවේ සාහිත්‍ය ක්‍ෂේත‍්‍රයට වගේම අනෙක් බොහෝ ක්‍ෂේත‍්‍රවලට පොදුවේ කරන බලපෑමක්. එය බල්ලාගේ වැඬේ බූරුවා කිරීමක්. සාහිත්‍ය පෝෂණය කරන්නේ පොත් මිලට ගන්නා පාඨකයා පමණයි. සල්ලි දීල පොත් ගන්න විනිශ්චය මණ්ඩල සාමාජිකයන් මේ රටේ සිටිනවා දැයි මා දන්නේ නෑ. ”සාහිත්‍ය මාසය” ලෙස සැප්තැම්බරය නම් කරන්නට ඇත්තේ එයින් සාහිත්‍යයට යම් අභිවෘද්ධියක් වනු ඇතැයි සලකාගෙන. ”සාහිත්‍ය මාසයෙන්” අපේක්‍ෂිත අරමුණු ඉටු නොවූ බවද ඔබේ චෝදනාව? එක්තරා දේශපාලකයෙක් සාහිත්‍යය කන්ඩද කියා ඇසුවා. ඔහුගේ ඒ ප‍්‍රකාශයට විරෝධය පළ කරමින් අපි ඒ ප‍්‍රකාශය උඩ දමමින් සිටියා. අනෙක් සියලූ දේශපාලකයන්ගේ අදහසත් මෙයම තමයි. එහෙත් එය ඔවුන් අර වගේ ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කළේ නැහැ. ලංකාවේ සාහිත්‍ය මාසයක් නම් කොට තිබෙන බව ඇත්ත. ඒත් මාසයකින් පුළුවන්ද සාහිත්‍යය ගැන කතා කරන්න. කියැවීමේ මාසයකින් පුළුවන් ද කියැවීම සම්පූර්ණ කරන්න. මගේ අදහස අනුව සාහිත්‍යය පෝෂණයට හොඳ පොත් තෝරාගන්න  ඕනෑ නම් අතිශය රහසිගතව අත්පිටපත්වලින් පමණක් පොත් තෝරාගත යුතුයි. එහෙම වුණොත් ලංකාවෙ  ඕනෑ තැනක ලේඛකයකුට සම්මාන ගන්න පුළුවන් වේවි. අනුරාධපුර ලේඛකයකුටත් එවිට සම්මාන දිනන්න පුළුවන් වේවි. ඔබ කියන්නේ ”කොළඹ කුලකය” සාහිත්‍යය අයිති කරගෙන සිටින බව ද? මම කියන්නේ සාහිත්‍ය ලෝකයේ හැමදාම රජ කරන්නේ එකම නම් ටික බවයි. හැමදාම විනිශ්චය මණ්ඩලවලින් ඉදිරියට ගන්නේ ඒ කීප දෙනාගේ නිර්මාණ පමණයි. නන්නාඳුනන ලේඛකයෙක් ඉදිරියට ගන්න ඔවුන්ට සම්මාන දෙන්න මේ අය බයයි. සාහිත්‍ය මාසයයැයි කියා ඊ ළඟට එන්නේ ලේඛකයන්ගේ ලේ රත්කරන මාසයක්. රාජ්‍ය සම්මාන උත්සවය පමණක් පැවැති කාලයේ මෙබඳු තත්ත්වයක් පැවැතියේ නෑ. එය උත්සන්න වුණේ ස්වර්ණ පුස්තක සම්මාන උළෙල ආරම්භ වීමෙන් පසුවයි. බරපතළ ගැටලූව නම් සම්මාන නිසා ලේඛක ලේඛිකාවන්ගේ හොඳ හිත පළුදුවීමයි. ප‍්‍රවීණ ලේඛිකා කැත්ලීන් ජයවර්ධන