වඳවී යාමේ දැඩි අවදානමකට ලක්වූ ඉබ්බන් විශේෂ තුනක් වැව් අමුණුවල බෝ කිරීමට බලාපොරොත්තු වනබව වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එච්.ඞී.රත්නායක මහතා කියයි. ගල් ඉබ්බා ,කිරි ඉබ්බා හාතාරකා ඉබ්බා වඳවීමේ තර්ජනයට මුහුණපා සිටින බව පරිසර සංරක්ෂණ භාරය පෙන්වා දෙයි. 2007 ස්වභාව ධර්මය සු?කීමේ අන්තර්ජාතික සංගමයේ රතු දත්ත වාර්තාවට අනුව ලංකාවේ වෙසෙන ඉබ්බන් අතරින් තරු ඉබ්බා හා කිරි ඉබ්බා වඳවීයාමේ අවදානමට මුහුණ පා ඇති සතුන් ලෙස ද ගල් ඉබ්බා ආසන්න තර්ජිත විශේෂයක් ලෙස ද දක්වා ඇති අතර 1970 දශකයේ අග භාගයේ සිට 80 දශකයේ මැද භාගය දක්වා කාලයේ  ගල් ඉබ්බා හා කිරි ඉබ්බා මෙරට තුළ සුලභව වාර්ථාවී ඇත. මොවුන් ඇළ දොල හා වැව්වල පමණක් නොව විශාල ගල් වළවල් හි ද ජීවත්ව ඇත. එහෙත් අද වනවිට මස් පිණිස මරා දැමීම නිසා මෙම සතුන් දුර්ලභ විශේෂ බවට පත්ව ඇති බව පරිසර සංරක්ෂණ භාරය පවසයි. පරිසර සංරක්ෂණ භාරය පෙන්වා දෙන ආකාරයට ඉබ්බන් වඳවී යාමට ප‍්‍රධාන කාරණා කිහිපයක් බලපා තිබේ. එහි අධ්‍යක්ෂ සජීව චාමීකර මහතා පවසන්නේ මෙම ඉබ්බන් විශේෂ මස් වැද්දන්ගේ ගොදුරු බවට පත්වීම ඒ අතරින් ප‍්‍රධාන බවයි. එසේම තරු ඉබ්බා හා ගල් ඉබ්බා වර්තමානයේ ගෘහාශ‍්‍රිතව ඇති කිරීම සඳහා අල්ලාගෙන යාම ද ඔවුන්ගේ බෝවීමට තර්ජනයක් බව චාමීකර මහතා පවසයි. සීඝ‍්‍ර නාගරීකරණයේ හා කාර්මිකරණයේ ප‍්‍රතිඵලයක් ලෙස සිදුවන ජලදූෂණයෙන් ජලජ ජීවීන්ගේ විවිධත්වය අඩුවීමෙන් ආහාර ප‍්‍රභවයන් සීමා වීමෙන් ද ගල් ඉබ්බන් හා කිරි ඉබ්බන් ගහනය සීඝ‍්‍රයෙන් අඩුවෙන බවයි. එසේම මාර්ග අනතුරු නිසා ගල් ඉබ්බන් හා තරු ඉබ්බන් මිය යාම ද මෙම තත්ත්වයට තවත් හේතුවක් බව ද මෙම සතුන්ගේ වාස භූමි දෙකඩවන අයුරින් මාර්ග ඉදිකිරීම මීට ප‍්‍රධාන හේතුව වී ඇති බව චාමීකර මහතා පෙන්වා දෙයි. වාසස්ථාන විනාශවීම හා වෙන්වීම, තෙත්බිම් ගොඩ කිරීම, වනාන්තර හෙළි කිරීම යනාදී තවත් කාරණා රැුසක් ද මෙම සතුන් වඳවීයාම වේගවත්වීමට හේතුවී ඇතැයි ද පරිසර සංරක්ෂණ භාරයේ අධ්‍යක්ෂ සජීව චාමීකර මහතා පවසයි. වනජීවී අධ්‍යක්ෂ ජනරාල් රත්නායක මහතා මෙසේද කීය. මස් පිණිස ඉබ්බන් මැරීමත් තවත් කාරණයක්. එවැනි අයට එරෙහිව අපි නීතිය දැඩිව ක‍්‍රියාත්මක කරනවා. අපි දැනටමත් එක්රැුස් කරමින් සිටිනවා. ඒ තොරතුරු ලබා ගෙන මෙවැනි සතුන් සංරක්ෂණයට කටයුතු කරන වෙනත් සංවිධානවලත් සහයෝගය ඇතිව ඉදිරියේදී සැළසුම්ගත වැඩපිළිවෙළක් ආරම්භ කරනවා.අපේ රටේ වාරි පද්ධතිය උසස් මට්ටමක පවතින නිසා ඒ ආශ‍්‍රිත වැව් අමුණු යොදාගෙන මෙම සතුන් බෝ කිරීමටත් බලාපොරොත්තු වෙනවා. උරගයින් සම්බන්ධව පැවැත්වෙන ලෝක සමුළුවත් ලබන වසරේදී අපේ රටේදී පැවැත්වීටත් නියමිතයි. තිබෙනවා. එම සමුළුවේදිත් මේ ගැන අවධානය යොමුකරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අතරතුර නිතිවිරෝධි අයුරින් ඉබ්බන් අල්ලන පුද්ගයන් හා එම සතුන්ට හානි පමුණුවන්නන් අත්අඩංගුවට ගැනීම සදහා කරන වැටලීම් වැඩිකරන්වා. මේසඳහා මහජන සහයෝගය අත්‍යවශ්‍ය වෙනවා. 2009 අංක 22 දරන පනතින් අවසන්වරට සංශෝධිත වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනත යටතේ දැඩි ආරක්ෂිත සතුන් ලෙස මෙම ඉබ්බන් විශේෂ තුනට ආරක්ෂාව සලසා තිබේ. එම පනතේ 30(1)  වගන්තිවලට අනුව මෙම සතුන් මැරීම, තුවාල කිරීම, හෝ හානි කිරීම, අල්ලා ගැනීම, බිත්තර විනාශ කිරීම, මරණ ලද හෝ අල්ලා ගන්නා ලද සතකු ළග තබා ගැනීම, සහ සතකු හෝ කොටසක් ළග තබා ගැනීම හෝ විකිණීම හෝ ඒ සදහා ප‍්‍රදර්ශනය කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි. පනතේ 30(2) වගන්තියට අනුව එසේ වරදකරුවකු වන අයෙකුට රුපියල් තිස් දහසේ සිට ලක්ෂය දක්වා දඩයක් හෝ වසර 2 සිට 5 දක්වා සිරදඬුවම් හෝ මේ දෙකම හෝ ලබා දිය හැකිය. මසට ඉබ්බන් මැරීම, නිවාස වල ඇති කිරීමට ඉබ්බන් අල්ලීම හෝ එම සතුන්ට හානි වන ආකාරයෙන් කටයුතු කරන අය වෙතොත් ඒ ගැන දවසේ පැය 24 පුරාම ක‍්‍රියාත්මක වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හදිසි ඇමතුම් අංක 011-2888585 ට වහාම දැනුම් දෙන ලෙස වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එච්.ඞී.රත්නායක මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් ද කළේය.  60- bataguridae කුලයට අයත් melanochelys ලෙස හඳුන්වන ගල් ඉබ්බා60- bataguridae කුලයට අයත් melanochelys ලෙස හඳුන්වන ගල් ඉබ්බා61- trionychdae කුලයට අයත් lissemys punctata ලෙස හඳුන්වන කිරි ඉබ්බා61- trionychdae කුලයට අයත් lissemys punctata ලෙස හඳුන්වන කිරි ඉබ්බා  62- testudinidae කුලයට අයත්  geochelone elegans ලෙස හඳුන්වනු ලබන තාරකා ඉබ්බා  62- testudinidae කුලයට අයත්  geochelone elegans ලෙස හඳුන්වනු ලබන තාරකා ඉබ්බා