බටහිර ජාතීන්ගේ ආක්‍රමණ සමග පෘතුගීසින්ගේ මලක්කා, ලන්දේසින්ගේ දොයිතු හා තුට්ටු, ඉංග්‍රීසින්ගේ පවුම් සිලිං පැන්ස ආදී විවිධ මුදල් වර්ග එදා ලංකාව තුළ භාවිතයට පැමිණ ඇත. අද භාවිත කෙරෙන රුපියල් සත ලංකාවට පැමිණ ඇත්තේ ද ඉංග්‍රීසින් ගෙනි. ඒ ඔවුන් ලංකාව ආක්‍රමණය කිරීමෙන් පසුව මෙරට භාවිතයට ගෙනවිත් ඇති ඔවුන්ගේ පවුම්, සිලිං, පැන්ස වෙනුවට 1872 දී රුපියල් සත හඳුන්වා දීමත් සමගය.
ලංකාවේ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන යුගයේ මුල් කාලයේ එනම් 1796 සිට 1844 දක්වා මුදල් නිකුත්කර ඇත්තේ භාණ්ඩාගාරය විසිනි. එහෙත් 1845 දී ව්‍යවහාර මුදල් නිකුත් කිරීම යටත් විජිත පාලකයින් විසින් පෞද්ගලික බැංකුවලට පවරා ඇත. ඒ හේතුවෙන් ඇතිවී ඇති අහිතකර තත්ත්වය නිසා පසුව යටත් විජිත පාලන රෙගුලාසි වලට යටත්ව තෝරා ගත් පෞද්ගලික බැංකු කිහිපයකට පමණක් මුදල් නිකුත් කිරීමේ බලය ලබා දී ඇත. එම බැංකු විසින් ලංකාව තුළ පවුම් නෝට්ටු මෙන්ම රුපියල් නෝට්ටු ද, වටිනාකම පවුම් සහ රුපියල් යන මුදල් වර්ග දෙකින්ම දැක්වෙන නෝට්ටු ද නිකුත් කර ඇත.
මුදල් කටයුතු එසේ සිදුවෙමින් පවතිද්දී ඉංග්‍රීසින් විසින් සත සියයක් රුපියලට සමාන යයි සලකා 1872 ජනවාරි 01 වන දින ලංකාවට රුපියල් සත මුදල් ක්‍රමය හඳුන්වා දී ඇත. ඒ 1870 සඳහන් සත ¼, සත ½, සතය සහ සතපහ යන වටිනාකම්වලින් යුත් තඹ කාසි සංසරණය සඳහා නිකුත් කරමිනි. එම කාසිවල මුහුණතින් එවකට බ්‍රිතාන්‍ය ඔටුන්න හිස දරා සිටි වික්ටෝරියා රැජින නිරූපණය කර ඇත. කාසිවල පසුපස තාල වර්ගයට අයත් ගසක් නිරූපණය කර ඉංග්‍රීසි භාෂාවෙන් ‘සිලෝන්’ යනුවෙනුත් කාසියෙහි වටිනාකම ඉංග්‍රීසි, සිංහල සහ දෙමළ යන භාෂා තුනෙන්මත් සඳහන් කර ඇත. මෙම කාසි නිර්මාණය කර ඇත්තේ ඕනෑම අයෙකුට පහසුවෙන් කාසි එකිනෙක වෙන් කොට හඳුනා ගැනීමට හැකිවන පරිදි වටිනාකම වැඩිවන විට කාසියෙහි විශාලත්වයද වැඩිවන පරිදිය. අඩුම වටිනාකමින් යුත් සත ¼ කාසිය ප්‍රමාණයෙන් අතක ඇඟිළි තුඩක් තරම් කුඩා ඉතා සැහැල්ලු කාසියකි. සත ½ කාසිය ප්‍රමාණයෙන් මෙන්ම බරින්ද සත ¼ කාසිය මෙන් දෙගුණයක් පමණ වේ. සතයේ කාසිය ප්‍රමාණයෙන් සත ½ කාසියට වඩා විශාල වන අතර සතපහ බරින් ද වැඩි විශාල කාසියකි.
අලුතින් එසේ මුදල් ක්‍රමයක් හඳුන්වා දුන්න ද රට තුළ ක්‍රියාත්මකව පැවති පෞද්ගලික බැංකුවල පරිපාලන දුර්වලතා හේතුවෙන් 1884 දී සිදුවීමට ගිය ලංකා ආර්ථිකයේ මුල්‍ය අංශය බිඳවැටීම වළක්වා ගැනීම පිණිස කඩිනමින් එම වසර තුළදීම ලංකා ව්‍යවහාර මුදල් මණ්ඩල ක්‍රමයක් පිහිටුවා ගෙන ඇත. ඉන් පසුව මුදල් නිකුත් කිරීම සිදුකර ඇත්තේ මෙම ව්‍යවහාර මුදල් මණ්ඩලය යටතේය. ඒ යටතේ රුපියල, රුපියල් 2, රුපියල් 5, රුපියල් 10, රුපියල් 50, රුපියල් 100, රුපියල් 500, රුපියල් 1000 සහ රුපියල් 10000 යන වටිනාකම්වලින් යුත් මුදල් නෝට්ටු නිකුත්කර ඇත. රුපියල් දස දහසේ මුදල් නෝට්ටු භාවිත කර ඇත්තේ බැංකු අතර ගනුදෙනු සඳහා පමණි.
රුපියල හා ඊට වැඩි වටිනාකමකින් යුත් මුදල් නෝට්ටු එසේ නිකුත් කරන අතරතුර 1892 දී අලුතින් රුපියලට අඩු වටිනාකමින් යුත් සත 50, සත 25, සත 10 යන රිදී කාසි සහ ඒ සමග නැවත සත ¼, සත ½, සතය සහ සතපහ යන තඹ කාසි ද නිකුත් කර ඇත. ඒ වන විට ද පැවතී ඇත්තේ වික්ටෝරියා රැජිනගේ පාලන සමය වූ බැවින් රිදී කාසිවලින් නිරූපණය කර ඇත්තේ ද වික්ටෝරියා රැජින යි. 1904 වසරේ දී සත ¼ කාසි නිකුත් කිරීම නවතා දමා ඇත. එතෙක් නිකුත් කෙරුණු ප්‍රමාණයෙන් විශාලම කාසිය වූ සතපහ තඹ කාසිය වෙනුවට මුලු හතර රවුම් කෙරුණු කුඩා හතරැස් තඹ-නිකල් මිශ්‍ර කාසියක් 1909 දී හඳුන්වා දී ඇත.
රුපියල් ශත මුදල් කටයුතු මෙසේ සිදුවෙමින් පවතිද් දී වරින් වර කාසි සහ නෝට්ටු සම්බන්ධව විවිධ ගැටලු පැන නැගී ඇත. ගැටලුවක්ව පැවති කාසි හිඟයට පිළියමක් ලෙස වැඩිපුර නෝට්ටු බිහිවීම හේතුවෙන් නෝට්ටු වැඩි වීමත් සමග නෝට්ටු පොත් ලෙස සකස්කර නිකුත්කර ඇත. නෝට්ටු 25 බැගින් වූ රුපියලේ නෝට්ටු පොත් 1923 දී ද, රුපියල් දෙකේ නෝට්ටු පොත් 1927 දී ද, නෝට්ටු 20 කින් යුත් රුපියල් පහේ නෝට්ටු පොත් 1930 දී ද නිකුත්කර ඇත.
කාසි හිඟය 1939 සහ 1940 වර්ෂ වලදී උග්‍ර වීම නිසා ඊට පිළියමක් ලෙස රුපියලට අඩු වටිනාකමින් යුත් සත 50, සත 25, සත 10 සහ සත 5 කාසි වෙනුවට ද නෝට්ටු නිකුත්කර ඇත. සත 5 ට අඩු ගනුදෙනු සඳහා සත 5 නෝට්ටුවේ නිත්‍යානුකූලව හරි මැදින් දෙකට ඉරා දැමිය හැකි සිහින් සිදුරු පේලියක් තිබී ඇති අතර ඉන් එක් කොටසක වටිනාකම සත 2 ක් ද අනෙක් කොටසේ වටිනාකම සත 3 ක් ද වී ඇත. එකල මෙම නෝට්ටු ඇතුලු සියලුම මුදල් නෝට්ටු සහ කාසි නිකුත්කර ඇත්තේ ඒ වන විට බ්‍රිතාන්‍ය කිරුළ හිස දරා සිටි හයවැනි ජෝර්ජ් රජු නිරූපණය කරමිනි. 1940 න් පසුව සත ½ කාසිය නිකුත් කිරීම නවතා දමා ඇති අතර ඉන් වසර දෙකකට පසුව 1942 සිට සතයේ තඹ කාසිය වෙනුවට නිකුත්කර ඇත්තේ ලෝකඩ කාසියකි.
නිදහසින් පසුව 1950 දී ස්ථාපිත කෙරුණු මහ බැංකුව විසින් මුදල් නිකුත් කරන තෙක් රට තුළ භාවිතා වී ඇත්තේ ඉංග්‍රීසින් විසින් නිකුත් කෙරුණු මුදල් නෝට්ටු සහ කාසි වේ. මහ බැංකුව 1951 දී සිය ප්‍රථම නෝට්ටු කාණ්ඩය නිකුත් කර ඇති අතර එය රුපියල, රුපියල් 2, රුපියල් 5, රුපියල් 10, රුපියල් 50 සහ රුපියල් 100 යන වටිනාකම්වලින් යුත් නෝට්ටු වලින් සමන්විත වී ඇත. මහ බැංකුව සිය ප්‍රථම කාසි කාණ්ඩය නිකුත්කර ඇත්තේ 1963 දීය. සතය, සත 2, සත 5, සත 10, සත 25, සත 50 සහ රුපියලේ කාසියක් ද ඊට අයත් වී ඇත. මහ බැංකුව කාසි වලින් රාජ්‍ය ලාංඡනය නිරූපණය කිරීම අරම්භ කර ඇත්තේ එම කාසි කාණ්ඩයේ සියලුම කාසි වලින් ලංකා ආණ්ඩුවේ රාජ්‍ය ලාංඡනය නිරූපණය කරමිනි.
මුදල් නෝට්ටු අතරට මුලින්ම රුපියල් 20 නෝට්ටුව එක්කර ඇත්තේ 1979 දී මහ බැංකුවේ 7 වැනි මුදල් නෝට්ටු කාණ්ඩයෙනි. සංසරණය වෙමින් පැවති රුපියල් 2 සහ රුපියල් 5 නෝට්ටු වෙනුවට රුපියල් 2 සහ රුපියල් 5 කාසි සංසරණයට පැමිණ ඇත්තේ 1984 වසරේ දීය. රුපියල් 10 කාසිය මුලින්ම නිකුත්කර ඇත්තේ 2010 වසරේ දීය. ඒ රුපියල් 10 නෝට්ටු රට තුළ සංසරණය වෙමින් පවතින අතරතුර ය. 2006 වසරේදී රුපියල් 2000 වටිනාකමින් යුත් මුදල් නෝට්ටුවක් සංසරණය සඳහා එක් කෙරුණ ද ඉතාම ටික කලකින් එය භාවිතයෙන් ඉවතට ගොස් රුපියල් 5000 මුදල් නෝට්ටුව භාවිතයට එක් විය.
ඩබ්.එල්. දොන් පද්මන් ද
අල්විස් ගුණතිලක
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ
විශ්‍රාමික නියෝජ්‍ය අධ්‍යක්ෂ
පසුගිය ජනාධිපතිවරණයේදී එවක ජනාධිපතිවරයා වූ රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු මන්ත්‍රීවරු දැන් වික්‍රමසිංහ මහතාගෙන
වත්මන් ආණ්ඩුව බලයට පත්වී දින සියයක් ගතවී හමාරය. මේ කාලයේ ප්‍රගතිය පිළිබඳව විවිධ සාකච්ඡා මේ දිනවල මතු වෙමින් තිබේ. ඒවා අතරින් වැඩියෙන් තියෙන්නේ ආණ්ඩුව
2020 වසර වන විට සිමෙන්ති සංස්ථාවට ඉතිරිව තිබුණේ කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාව පමණි. මීට අමතරව අරුවක්කාලුවල පිහිටි අක්කර 5000ක ඉඩම සහ කොල්ලුපිටියේ
නව රජය බලයට පත් කිරීමට ජනතාව සලකා බැලූ කරුණු අතර ප්‍රධානතම සාධකය ආර්ථික ගැටලුවය. ඕනෑම රජයක් පරාජයට පත්වන්නේ ද මේ ආර්ථික ගැටලුව මුල්කරගෙනය. ජනතාව අතර ද එ
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතාට එරෙහිව ජාතික ජන බලවේග රජය දෝෂාභියෝග යෝජනාවක් ගෙන ඒමට සුදානම් වන බව ලංකාදීප පුවත්පතේ
නුවරඑළිය තැපැල් කාර්යාලය තරම් කතාබහට ලක් වූ වෙනත් තැපැල් කාර්යාලයක් මෑත භාගයේ මෙරට නොතිබිණි. පසුගියදා අවසන් වූ ජනාධිපතිවරණයේ දී නුවරඑළිය දිස්ත්‍රික
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
ඉංගිරිසින් අපට හඳුන්වා දුන් ‘රුපියල් සත’
A.s Saturday, 15 January 2022 02:40 PM
මේ වටිනා ලිපියට ස්තුතියි...
Sunil Sunday, 16 January 2022 07:23 AM
ඉතාමත් වැදගත් ලිපියක්