IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


ආරුගම්බේ "සර්ෆිං"

ජාත්‍යන්තර සර්ෆිං තරගය මෙවරත් පසුගිය 30 වැනිදා පොතුවිල් අරුගම්බේ මුහුදු තීරයේදී ජාත්‍යන්තර සර්ෆිං තරග කරුවන්ගේ සහභාගිත්වයෙන් ආරම්භ කෙරිණි. මේ සඳහා රටවල් 21ක තරගකරුවෝ 105 දෙනෙක් පමණ සහභාගි වී සිටියහ. මෙවර සර්ෆිං  තරග සඳහා ලොව සිටින දක්ෂතම තරගකරුවන් සහභාගිවීම විශේෂත්වයකි. මේ සඳහා සර්ෆ් ලෝක තරගාවලියේදී පළමු ස්ථානය, දෙවැනි ස්ථානය සහ හය හා අටවැනි ස්ථාන ලබාගත් තරගකරුවන් සහභාගි වී සිටීම විශේෂත්වයකි. එමෙන්ම මෙවර කාන්තාවන්ටද මේ සඳහා අවස්ථාව ලබාදී තිබිණි. මේ තරගය සඳහා කාන්තාවන් 65 දෙනෙක් සහ පිරිමි 40 දෙනකු පැමිණ සිටියහ. එහෙත් මේ තරගය සඳහා ඒ හැමෝටම සහභාගි වීමට නොහැකි විය. තෝරාගනු ලැබුවේ සර්ෆ් ජාත්‍යන්තර තරගයට අයදුම් කරන අය පමණකි. මේ තරගය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ප‍්‍රධානතම හේතුව වන්නේ ලොව සර්ෆ් තරග පැවැත්වෙන හොඳම ස්ථාන දහයෙන් එකක් මේ අරුගම්බේ  මුහුදු වෙරළ වීමයි. මෙම අරුගම්බේ සර්ෆ් තරග ස්ථානය ගත්විට සර්ෆ් තරගකරුවන්ට ඉතාමත් පහසුවෙන් තරග පැවැත්වීමට ස්වභාවිකව වෙරළ සකස්වී තිබීම විශේෂත්වයකි. එමෙන්ම තරගකරුවන් පවසන ආකාරයට වෙනත් රටවල සර්ෆ්  කිරීමේදී මුහුද මැද්දට ගොස් සර්ෆ් කර අපසු ඒමට සිදුවීම තරගකරුවන්ට අපහසු කාර්යයක් බවය. මේ අරුගම්බේ ප‍්‍රදේශය සර්ෆ් තරගය සඳහා ස්වභාවිකවම පිහිටා තිබෙන ආකාරය නිසා තරගකරුවන්ට සර්ෆ් තරග ස්ථානයේ පටන් ගන්නා රැුල්ල අවසන් වන්නේ මුහුදු වෙරළෙනි. ඒ නිසා තරගකරුවන්ට ක‍්‍රීඩා කිරීම සඳහා පහසුය. තරගකරුවන් නැවත වරක් වෙරළ දිගේ ගොස් ආරම්භක ස්ථානයට ඉතාම පහසුවෙන් ළඟාවීමට හැකිවී තිබීම තවත් විශේෂත්වයකි. අරුගම්බේ ප‍්‍රදේශය සංචාරකයින් සඳහා වැදගත් වන්නේ සර්ෆ් ක‍්‍රීඩාව සඳහා මේ අරුගම්බේ ප‍්‍රදේශයට ආසන්නව සර්ෆ් ක‍්‍රීඩාවට උචිත තවත් ස්ථාන තුනක් පිහිටා තිබීම හේතුවෙනි. ඒවා නම්  ”ෆිනට්ෆිට්” සහ ”විසි පොයින්ට්” නමින් පානම ප‍්‍රදේශයේ සහ කෝමාරි ප‍්‍රදේශයේ  පිහිටි ස්ථාන දෙකයි. මෙම තරගකරුවන්ට අවශ්‍ය ආකාරයට  ඉහළ නගින මුහුදු රැුළි තිබීම තවත් විශේෂත්වයකි. මේ නිසා අනෙක් රටවල් සමග සසඳන කල සර්ෆින් තරග සඳහා තරගකරුවන්ට හා තරගකාරියන්ට සර්ෆිං ක‍්‍රීඩාව පහසුකරවන ස්ථානයක් බවට අරුගම්බේ ප‍්‍රදේශය ලෝකයේ ප‍්‍රසිද්ධ ස්ථානයක් වී තිබීම ශ්‍රී ලාංකික අපට ලොකු අඩම්බරයකි. මේ තරගාවලිය ශ්‍රී ලංකාවේ පවත්වනු ලබන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම් සහ සංචාරක මණ්ඩලය එක්ව දෙවැනි වරටය. වසර ගණනක් පුරාවට  ශ්‍රී ලංකාව තුළ තිබූ යුද්ධය නිමාවීමත් සමග අරුගම්බේ මුහුදු තීරය ආකර්ශනීය ස්ථානයක් බවට පත්කර ගැනීම සඳහා මෙම සර්ෆිං තරග අගෝස්තු මස 30 වැනිදා පටන්ගෙන සැප්තැම්බර් 04 වැනිදා දක්වා පැවැත්වේ. මේ තුළින් මේ ප‍්‍රදේශවලට  ආර්ථික වාසියක්ද අත්වෙයි. අරුගම්බේ  ප‍්‍රදේශයේ ඇති  850ක් වූ හෝටල් කාමර සියල්ල සංචාරකයින් සඳහා වෙන්කර අවසන් වී තිබීම මීට හොඳම නිදසුනකි. ශ්‍රී ලංකාවේ දෙවැනි  වතාවට පැවැත්වුණ මෙම සර්ෆිං ජාත්‍යන්තර තරගය  ලබන වසරේ මීට වඩා හොඳට ශ්‍රී ලාංකික සර්ෆ් තරගකරුවන් සහභාගි කරගෙන පැවැත්වීමටත් ශ්‍රී ලංකා සර්ෆ් තරගකරුවන්ට මේ සඳහා පුහුණු වැඩසටහන් හා වැඩමුළු ඉදිරියේදී පැවැත්වීමටත් බලාපොරොත්තු වෙන බව ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ වැඩසටහන් අධ්‍යක්‍ෂ දිලිප් මුදාදෙණිය මහතා පැවසීය. වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මේ ජාත්‍යන්තර සර්ෆ් තරගය විනිශ්චයකිරීම සඳහා ජාත්‍යන්තර සර්ෆ් විනිසුරුවරුන් පැමිණ ඇති බවයි. මේ සඳහා දෙස් විදෙස් සංචාරකයින් දෙදහසකට අධික පිරිසක්  දිනපතාම තරග නැරඹීමට පැමිණෙන බව ඒ මහතා පැවසීය. කී‍්‍රඩාවට ආ විදේශික තරුණියෝඋත්සවයට ආ විදේශිකයෝවිදේශිකයන් උත්සවාකාරයෙන් පිළිගෙන



අදහස් (0)

ආරුගම්බේ "සර්ෆිං"

නිත්‍යා Saturday, 12 January 2013 03:39 PM

හොඳයි. ලස්සනයි (ස)

:       0       0

චමින්ද Sunday, 23 February 2014 10:35 PM

නියමයි! (නදී)

:       0       0

සම්පත් Friday, 09 September 2011 08:30 AM

හොඳයි

:       0       0

අතපත්තු Friday, 24 August 2012 07:33 AM

ගොඩක් හොදයි. ඔය විදියට දිගටම වෙනවා නම් රට සීඝ්‍රයෙන් දියුණු වෙයි. සංචාරකයන් රටට පැමිණීම අත්‍යවශ්‍යයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 29346 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18226 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11613 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 718 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 214 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 864 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site