IMG-LOGO

2023 මැයි මස 31 වන බදාදා


අාහාර හා ජලය වගේ තොරතුරුත් නැතිවම බෑ

ජනමාධ්‍ය, අමාත්‍යාංශ විෂයක් ලෙස කෙහෙළිය රඹුක්වැල්ල - චරිත හේරත් යුගලයෙන් ගයන්ත- පරණවිතාන (පරණෙ) යුගලයට හුවමාරු වී තිබේ. මේ හතර දෙනාම ජනමාධ්‍යයට නුහුරු නම් නොවුනත් ඇති වී ඇති වෙනසත් සමඟ ජනමාධ්‍ය ක්ෂේත‍්‍රයට ගයන්ත-පරණෙ හවුලෙන් බලාපොරොත්තු වන දෑ එමට ය.

ඒ බලාපොරොත්තු ලැප්ටොප්, කාර්, ණය හා රට සවාරි වලට එහා ගිය එකකි. ඒ බලාපොරොත්තු සෑම අලුත් ආණ්ඩුවක් බලයට පත්වන විටම කළඑළි බැස්ස ද, ලැප්ටොප්, ටොෆි, සීනිබෝල න්‍යායන් වලින් ඒවා යටපත් කෙරේ. මේ වතාවේ වත් එසේ නොවේවායි අපි පතමු.

ජනමාධ්‍යයේ බලාපොරොත්තු එමට ය. ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය භාවය සඳහා අවශ්‍ය පරිසරය සකස් කිරීම ආණ්ඩුව සතු මූලික කාර්යභාරයයි. අවශ්‍ය නීති සම්පාදනය ප‍්‍රකාශනයේ නිදහස තහවුරු කිරීම ව්‍යාපාරයක් වශයෙන් ජනමාධ්‍ය සඳහා තරඟකාරී ව්‍යාපාරික පසුබිමක් සැකසීම, රාජ්‍ය මාධ්‍ය ප‍්‍රතිසංස්කරණය කර ඒවා සැබෑ මහජන සේවාවන් බවට පත් කිරීම ඒ අතර වේ.

කෙටියෙන් කීවොත් ජනමාධ්‍යවේදීන්ට නිදහසේ හිතන්නටත්, කියන්නටත් ඉඩ සලසා ජනමාධ්‍ය ව්‍යාපාරය තරඟකාරී වාතාවරණයක් ඇති කිරීම තුළින් හොඳ ජනමාධ්‍යවේදීන් බිහිකරන ක‍්‍රමවේදයක් ඇති කිරීමත් ආණ්ඩුව සතු වගකීමකි.

කිසි ආණ්ඩුවක් මේ වගකීම් පැහැර හැරිය යුතු නැත. එමෙන්ම සිය සීමාවන් ඉක්මවිය යුතු ද නැත. ඒත් පසුගිය වසර ගණනාවකටම අපි දැක්කේ ඊට ඉඳුරාම වෙනස් වටපිටාවකි. එය හුදු රාජපක්‍ෂ පාලනයට ම පමණක් සීමා වුණේ නැත.

නමුත් රාජපක්‍ෂ යුගය ජනමාධ්‍යයට දැඩි අඳුර එක්කළ කාල වකවානුවක් විය. පහරදීම්, ඝාතන, තර්ජන වක‍්‍රාකාර මාධ්‍ය වාරණය වෙන කවදාටත් වඩා ඉහවහා ගියේය.

2005-2010 අතර කාලයේ දී මෙවැනි සිදුවීම්වූ බොහෝ අවස්ථාවල අපට කතා කරන්නට සිදුවූයේ චරිතට සහ එවක මාධ්‍ය ඇමති අනුර යාපාට ය. විවිධාකාර ප‍්‍රශ්න මැද්දේ වුවත් යම් කිසි කතාබහක් හෝ මාධ්‍ය සම`ග පවත්වාගෙන යන්නට චරිතගේ මැදිහත් වීමෙන් අනුර යාපාට හැකිවිය. පුවත්පත් මණ්ඩලය යලි බලාත්මක කරන්නට 2006-2007 වකවානුවේ දැරූ උත්සාහයන් වලදී තාවකාලිකව හෝ එය වලක්වන්නට චරිත හා අනුර යාපාට එදා හැකිවිනැයි මම සිතමි. මේ ගැන කර්තෘ සංසදයත්, මාධ්‍ය හිමිකරුවන්ගේ සංගමයත්, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හා වෙනත් මාධ්‍ය සංවිධාන අතර, යම් කතාබහක් අතිකර ගන්නට චරිත-අනුර යාපා යුගලයට හැකිවිය. නමුත් ඊට වඩා දරුණු ප‍්‍රහාර මාධ්‍යයට එල්ලවන විට ඔවුනට ඒවා වැලැක්විය නොහැකි විය. එවන් හැමි අවස්ථාවකම මේ දෙදෙනා අසරණ වූ බව ඔවුන්ගේ ප‍්‍රතිචාර වලින් අපට පැහැදිලි විය.

නමුත් 2010 මැතිවරණයෙන් පසු එළඹි යුගය පහරදීම්, ඝාතන වලට වඩා වක‍්‍රාකාර බවකින් මාධ්‍ය මර්ධනයට පිළිපන්නේය. බොහෝ මාධ්‍ය ආයතන වල අයිතිය රාජපාක්‍ෂික ව්‍යාපාරික හිතවතුන් මගින් මිලට ගැනිණි. රාජ්‍ය මාධ්‍ය අමු අමුවේ ම ගණිකා වෘත්තියේ යෙදවිණි. ආණ්ඩු විවේචනය කරන වෙබ් අඩවි තහනම් කෙරිණි. ලිය නොහැකි, කිව නොහැකි තව බොහෝ දෑ සිදුවුණි. ඒ චරිත ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් වරයාව සිටිය දී ය.

මෙයිනුදු බරපතලම පහර ගැසුනේ මහජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියටයි. දෙවරක්ම පෞද්ගලික මන්තී‍්‍ර යෝජනා ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ පනත් කෙටුම්පත් තිඹිරිගෙයිම මරා දැමිණි. මිලින්ද මොරගොඩටත් කරූ ජයසූරියටත් සිය යෝජනා හකුලා ගන්නට සිදුවිණි.

තොරතුරු දැනගැනීමේ අයිතිය ගැන කතාබහ යන යුගයක ජනමාධ්‍ය ලේකම් ලෙස චරිත හේරත් ලංකාදීප පුවත්පතට ලිපියක් ලියා තිබිණි. දිනය මට මතක නැත. එමගින් ඔහු තොරතුරු දැනගැනීමේ අයිතිය විවේචනය කර තිබුණේ ජාතික ආරක්‍ෂාව දඩමීමා කරගනිමිනි. විශ්ව විද්‍යාල විද්‍යාර්ථීයෙකු ලෙස ඔහු මීට වඩා දැනුවත් විය යුතුව තිබිණ යි මම සිතමි. නමුත් පසු කලෙක රාජ්‍ය මාධ්‍යයේ හැසිරීම ගත් කළ චරිත වැනි උගතකු ඒ තනතුර දැරුවේ කෙසේදැයි මම ඔහුගෙන්ම විචාලෙමි. ඔහුගේ පිළිතුර මෙහි ස`දහන් නොකරමි.

කරුණු කෙසේ වෙතත් වෘත්තීය මාධ්‍ය සදාචාරයකට අවශ්‍ය එකම සාධකය තොරතුරු දැනගැනීම පමණක් නොවේ. තව කළ යුතු දෑ බොහෝ ය. ප‍්‍රමුඛතා ලැයිස්තුව ඉතා දිග ය. ගයන්තටත් පරණෙටත් ඒ ගැන අවබෝධයක් ඇතැයි විශ්වාස කරමි.

තොරතුරු දැනගැනීම ජනමාධ්‍යයට පමණක් අදාළ වූවක් නොවේ. එය මුලික මිනිස් අයිතිවාසිකමක් ලෙස පිළිගත් රටවල් අතරින් අලූත්ම සාමාජිකයා වන්නේ අපේ අසල්වැසි භූතානයයි. 2014 පෙබරවාරි මාසයේ දී භූතානය තොරතුරු දැනගැනීමේ පනත සම්මත කළේ ලෝකයේ සියවෙන රට විදිහටයි. ඊට මාසයකට කලින් මාලදිවයින ඒ නීතිය අනුමත කළේය. නමුත් ශි‍්‍ර ලංකාව පුළුවන් තරම් උත්සාහ කළේ මේ තොරතුරු දැනගැනීමේ නීති පිළිබ`ද උත්සාහයන් හකුලා හමස් පෙට්ටියට දමන්නයි.

ආහාර, ජලය, ජීවිතය මෙන්ම තොරතුරු දැනගැනීමද මූලික මිනිස් අයිතිවාසිකමක් ලෙස අන්තර් ජාතික නීතිය පිළිගනී. එය ප‍්‍රජාතන්ත‍්‍රයේ මූලික ගුණාංගයක් ද වේ. ජනමාධ්‍ය යන මෙහි ප‍්‍රතිලාභියෙක් පමණි.

තම බදු මුදලෙන් යැපෙන, නඩත්තුවෙන කි‍්‍රයාත්මක වෙන රාජ්‍යය හා මහජන ආයතන වගේම ඒවායේ කි‍්‍රයා පටිපාටියන් ගැනත් තොරතුරු දැනගැනීම ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියකි. පසුගිය ආණ්ඩු දිගින් දිගටම ප‍්‍රතික්ෂේප  කළේ ජනතාවගේ ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියයි.

තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කිරීමෙන් ආණ්ඩුව ජනතාවට වගකියන්නටත් ජනතාවාදී කටයුතුවලදී ජනතාවගේ සහභාගීත්වය උපරිම කිරීමටත්, දූෂණය වංචාව අවම කර ආණ්ඩුවේ කාර්යක්‍ෂමභාව ඉහළ නැංවීමටත්, ආර්ථික වර්ධනය දියුණු කිරීමටත්, මූලික මිනිස් අයිතිවාසිකම් ආරක්‍ෂා කර යහපාලනය සුරක්‍ෂිත කිරීමටත් ඇපකැප වෙයි.

තොරතුරු දැනගැනීම පනතක් සම්මත කිරීමකින් අවසන් නොවේ. ඊට සමගාමීව කි‍්‍රයාත්මක වන ක‍්‍රමවේදයක් ස්ථාපිත නොකළ හොත් එය හුදු පනතකට පමණක් සීමා වනු ඇත. රටවැසියෙක් යම් ආයතනයකින් තොරතුරක් ඉල්ලූ විට එය නොපමාවම ලබාදෙන රාජ්‍යය යාන්ත‍්‍රණයක් සකස් විය යුතු ය. අදාළ තොරතුරු බලාපොරොත්තු ආකාරයෙන් නියමිත කාලයට නොලැබුණහොත් ඒ සම්බන්ධව පැමිණිලි කළ හැකි ඉහළ තලයක ආයතනයක් හා ඔම්බඞ්ස්මන් වරයෙක් සිටිය යුතු ය. මේ යාන්ත‍්‍රණය ශක්තිමත්ව ස්ථාපිත කරන්නට අවම වශයෙන් මාස 08ක් 10ක් වත් ගතවන බව අපගේ අන්තර් ජාතික අත්දැකීමයි.

පකිස්ථානය මේ දවස්වල මේ කි‍්‍රයාදාමය අත්හදා බලමින් සිටී. තොරතුරු දැනගැනීමේ නීති ප‍්‍රාන්ත මට්ටමින් හා ජාතික මට්ටමින් එහි කි‍්‍රයාත්මකයි. මේ නීති මුලින්ම කි‍්‍රයාත්මක කළේ යුද්ධය දැඩිව පවතින කේ.පී.කේ. ප‍්‍රාන්තයේයි. යුද්ධයක් පවතින විට ජනතාවට තොරතුරු දෙන්න බැරියැයි චරිත හේරත්ලා කී කතාව එයින්ම නිශ්ප‍්‍රභා වෙයි.

පාකිස්ථානයේ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳව අලූත් නීති කෙටුම් පතට අනුව රාජ්‍ය ආයතන ද ඉක්මවා ගොස් මහජන සේවයක් සලසන පෞද්ගලික ආයතන ද ඊට ඇතුළත් කර ඇත. ඒ අනුව පෞද්ගලික විශ්ව විද්‍යාල, පෞද්ගලික පාසල්. පෞද්ගලික රෝහල් වැනි ආයතන ද මේ නීතියට යටත් වෙයි.

කේ.පී.කේ. ප‍්‍රාන්තයේ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු වූ කදිම අවස්ථාවක් මෑතක දී මගේ කණ වැකුණි. ඉඩමක ඔප්පු කොපියක් ගන්නට ඉඩම් කන්තෝරුවට ගිය කාන්තාවකට ඒ සඳහා රු.5000 ක අල්ලසක් දීමට සිදුවිය. ගෙදර ආ ඇය මුලින්ම කළේ ඒ පිළිබඳව ඔම්බඩ්ස්මන් වරයාට පැමිණිලි කිරීම යි. පැය 24ක් ඇතුළත ඇයට දුරකතන ඇමතුමක් ලැබිණි. කතා කළේ පළාතේ මහ ඇමතිවරයා යි. සිද්ධිය පිළිබඳ කණගාටුව පළ කළ ඔහු අවශ්‍ය පියවර ගන්නා බව ඇයට දැන්වූවේ ය. පසුදා ඇගේ නිවසට අමුත්තෙක් පැමිණියේ ය. ඒ ඇයගේ අල්ලස් ගත් නිලධාරියායි. රු.5000 ඇයට ආපසු දුන් ඔහු තමාට ලැබී ඇති දඬුවම් ලිපියේ කොපියක් ද ඇයට දුන්නාය.

මේ වාතාවරණය ලංකාවේ ද ඇතිවන තෙක් අපි බලා සිටිමු.

 

                                                                                                                                



අදහස් (0)

අාහාර හා ජලය වගේ තොරතුරුත් නැතිවම බෑ

ගයාන් Sunday, 18 January 2015 01:12 PM

මාධ්‍ය නිවාස කියන්නේ මාධ්‍යවේදීන්ට ලැප්ටොප් දෙන එකද තට්ටු නිවාස දෙන එකද? දෙකෙන්ම වෙන්නේ රැවටිල්ලක්. මගේ අදහසනම් මාධ්‍යවේදීන් ඔවුන්ගේ නිදහස අනුන්ට මඩ ගැසීමටත් පුද්ගලිකත්වයට හානි නොකිරීමත් වග බලාගත යුතුයි (නදී)

:       0       0

රින්ගෝ Sunday, 18 January 2015 04:47 PM

ජනතාවට තොරතුරු දැනගැනීම කියලා හැම දෙයක් ගැනම කියන්න ඕනේ නැහැ. පකිස්තානයේ යුද්ධය තියෙද්දී තොරතුරු පනත ක්‍රියාත්මක කරන්න ඒ රටේ මිනිස්සුවත්, මාධ්‍යවේදියොවත් රටට අහිතකර කිසි දෙයක් කොච්චර සල්ලි හම්බ උනත් කළේ නැහැ. එ්ත් අපේ රටේ එහෙම නැහැනේ. සල්ලි හම්බෙනවා නම් ඕනේ දෙයක් කරනවනේ. කිලිනොච්චි අල්ලගන්නකොට මැදවච්චි ගිහින් යුද්දේ කරනවා කිව්ව අය‍නේ ඉන්නේ. එහෙම අයට යුද්දේ යනකොට තියෙන ඔක්කොම තොරතුරු දුන්නොත් අබ සරණයි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

විප්ලවීය වෙනසක් අවශ්‍ය ඇයි?
2023 මැයි මස 30 222 0

ශ්‍රී ලංකාවේ දැනට පවතින ආර්ථික හා සමාජ වාතාවරණය නිරීක්ෂණය කරන විට පැහැදිලිව පෙනෙන කරුණක් තිබේ. ශ්‍රී ලංකාවේ ආර්ථිකයෙහි තරම ගැන ජන සමාජයට පැහැදිලි අවබ


විදුලි බිලෙන් ජනතාවට සහනයක් ලැබේද?
2023 මැයි මස 30 180 0

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පාර්ලිමේන්තුවේ සරළ බහුතරයෙන් නෙරපා හරිනු ලැබුවේ මේ නොබෝදාය. සභාපතිවරයා හා ආණ්ඩුව අතර ගැටුමට මුල වූයේ විදුලි


අමුත්තාට හිතවතාට නෑයාට අමතන ක්‍රමයේ වරදක් තිබේද?
2023 මැයි මස 29 2910 13

මා එංගලන්තයේ සිට නිවාඩුවලට දිවයිනට පැමිණි හැම විටකම ලැබූ ජුගුප්සාජනකම අත්දැකීම වූයේ පුද්ගලයන්ගේ තරාතිරම නොබලා Uncle මාමේ ලෙස කරන ඇමතීමය. කොහෙවත් සම්බන්


විරැකියාව වැඩිවීමේ බේදවාචකය
2023 මැයි මස 29 286 0

ශ්‍රී ලංකාවේ සේවා නියුක්තිය (රැකියාවල නියුතු පිරිස), සේවා වියුක්තිය (රැකියාවල නිරත නොවන පිරිස) සහ ශ්‍රම බලකාය එනම්, රැකියා කිරීම සඳහා ඉදිරිපත් වීම පිළිබ


දුක්ඛිතම රටවල් අතරට ශ්‍රී ලංකාව වැටුණේ ඇයි?
2023 මැයි මස 29 445 0

ලංකා සතොස ආයතනය ඉකුත් 24 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අත‍්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හයක මිල පහත දමා ඇතැයි අප පුවත්පත වාර්තා කළේය.


රටේ නීතියට පිටුපා වැජඹෙන මන්ත්‍රීවරු
2023 මැයි මස 27 564 1

ව්‍යවස්ථාදායකය යනු නීති සකස් කිරීමට, වෙනස් කිරීමට සහ සම්මත කිරීමට බලය ඇති, සාකච්ඡා කිරීම සඳහා වූ නියෝජිත සභාවකි. ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායකය නම් පාර්ල


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි 2023 මැයි මස 29 76 0
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි

මැයි 23, 2023 - කොළඹ දී. දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක බදුපෙර ලාභයක් සහ රු. බිලියන 41.2 ක ඒකාබද්ධ රක්ෂණ වාරික අදායම් අගයක් වාර්තා

ආබාධිත පුද්ගලයින් සමාජගත කිරීම සඳහා අපි වඩාත් ක්‍රියාකාරී විය යුතුයි 2023 මැයි මස 26 794 0
ආබාධිත පුද්ගලයින් සමාජගත කිරීම සඳහා අපි වඩාත් ක්‍රියාකාරී විය යුතුයි

ආබාධිත තත්ත්වයන් හේතුවෙන් වෙනස්ව සැළකීම හා සබැඳි කථිකාවන් වෙනස් කිරීම තුළින් ඒ පිළිබඳව ඇති අපකීර්තිය වෙනස් කිරීම පිණිස Linea Aqua සමාගම හා එක්ව, ආබාධිත පුද්

ශ්‍රී ලාංකික සිසුන්ට 1+2 සුදුසුකම් සමග ජීව වෛද්ය විද්‍යා උපාධිය (ව්‍යාධිවේදය පිළිබඳ විශේෂ) දක්වා අධ්‍යාපනය හැදෑරීමට පහසුකම් සැලසීම සඳහා Amrak වෛද්ය විද්‍ය 2023 මැයි මස 23 492 0
ශ්‍රී ලාංකික සිසුන්ට 1+2 සුදුසුකම් සමග ජීව වෛද්ය විද්‍යා උපාධිය (ව්‍යාධිවේදය පිළිබඳ විශේෂ) දක්වා අධ්‍යාපනය හැදෑරීමට පහසුකම් සැලසීම සඳහා Amrak වෛද්ය විද්‍ය

කොළඹ ඩර්ඩන්ස් රෝහලේ අධ්‍යාපනික අංශය වන Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, පසුගියදා ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම විශ්ව විද්‍යාලයක් වන සිඩ්නි තාක්ෂණ

Our Group Site