IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


අලි මංතලේ දණින් වැටී ජීවිතය යදින මිනිස්සු

ඡායාරූප සහ කතාව ෂෙහාන් ගුණසේකර

‘‘හැන්දෑවේ හය වෙනකොට අලින් ගම්බිම් වදිනවා. රංචුවේ ඉන්නවා අලි අසූවක් විතර පැටවු එක්ක. ඒ අලි රංචුවම ගම් වැදුණොත් සුනාමියට ගංවතුරට ගෙවල් දොරවල් අහු වුණා වගේ.   කොළඹ ඉන්න කට්ටියට උදේට ඇවිල්ල බලන්න පුළුවන්. අපි මේ කතා කරන්නෙත් අලි මං තලේ ඉඳගෙන. ගෙදරට රෑට එනවා අලියා. අලියා ආපු ගමන් මුදුන් යට ලීය අල්ල ගන්නවා. ඌ පස්සට අදිනවා. ගේ ඇතුළට වැටුණොත් ඇතුළේ මිනිස්සු ඔක්කොම ඉවරයි. වනජීවී එකේ අය නම් එන්නේ කවුරු හරි මැරුණට පස්සේ. මිනිස්සු කුපිත වෙලා තියෙනවා නම් එන්නෙත් නෑ. දවසක් සූරියවැව ග්‍රවුන්ඩ් එක ළඟ රෑ නමයට විතර මනුස්සයෙක් පාගලා මරල තිබුණා.”

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 12 ක් ඇත. ඉන් සූරියවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අලි මිනිස් ගැටුමෙන් නිරන්තරව පීඩා විඳින ගම්මානයක් ලෙස හැඳින්විය හැකිය. දිස්ත්‍රික්කයටම උරුම වූ වියළි කාලගුණය, වනාන්තර ආශ්‍රීතව පදිංචි වී සිටීමත් වැඩිවන ජනගහණය සහ සංවර්ධන කටයුතු  මෙම අලි මිනිස් ගැටුම ඉහවහා යාමට බලපාන හේතු වී තිබේ.

සූරියවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැලිවැව ග්‍රාම නිලධාරී වසමේ 14 කණුව ගම්මානයේදී හමුවූ G. ඥාණවතී අලි මිනිස් ගැටුම ගැන මෙසේ කීවාය.

“අලි එන්නේ වැව්වලින් වතුර බීලා නටල සද්දේ දාගෙන. මෙහෙන් අලි දෙන්නයි. එක තැනකින් පස් දෙනයි. තව තැනකින් දහදෙනයි. මිනිස්සු ඔක්කොම අවදි වෙලා වටවෙලා ගිනිමැල ගහනවා. අලි වෙඩි දැම්මට වත් යන්නෑ. ගිනිමැලේට බයයි. ලොකුම අලි 15ක්  විතර ඉන්නවා. සැරම අය ඉන්නව ගිනිමැලේටත් පනින. ඇත්තටම ලේ වතුර වෙලා අපි ඉන්නේ.

85 අවුරුද්දේ තමයි අපි මේ ගම්මානෙට ආවේ. ඒ කාලේ අපිට අලින්ගෙන් කිසිම හානියක් තිබුණේ නෑ. අපිට කුඹුරු පිටි නෑ. අහස් දියෙන් කරන හේන් ගොවිතැන් තමයි කළේ. අපි හේන් ගොවිතැන්බත් කරගෙන හොඳින් ජීවත් වුණා. මෙහේ පොඩි වැව් තියෙනවා . ඒ වැව් අතරතුරේ තමයි අපි අතිරේක තක්කාලි වම්බටු ඩිංගක් වවලා අපේ ආදායම  වැඩිකරගන්න සූදානම් වෙන්නේ.  තුඹ තියෙන කාලෙට අපිට තුඹවලින්ම සතියකට ලක්ෂයක් දෙකක් ගන්න තරම් ආදායම තිබුණා. දැන් අවුරුදු පහක හයක කාලෙක ඉඳන් තමයි අපිට අලි නිසා මේ ප්‍රශ්නෙ ඇති වෙලා තියෙන්නේ. මගේ මහත්තයා තක්කාලි අක්කර එකහමාරක දැම්මා මේ මාස් කාලේ.  අප්‍රේල් 10 වෙනිදා තක්කාලි පෙට්ටි දෙකක් කැඩුවා. ඊට පස්සෙන්දා අලි 54 දෙනෙක් ඇවිල්ලා ඒ තක්කාලි මණ්ඩියම සුන්නද්දූලි කළා. මම මේ තේ කහට එකක් බුලත් විටක් විකුණගෙන තමයි දැන්   ජීවත් වෙන්නේ. මමයි මගේ මහත්තයයි ලක්ෂ අටකට වැඩිය ආයතනවලට ණයයි. මේවා ගෙවන්නේ කොහොමද ? වස බොන්න ගියා මගේ මහත්තයා. . ඒ වෙලාවෙ මම කිව්වා කරන්න දෙයක් නෑ මම මේ විදිහට පොඩියට බිස්නස් එක කරගෙන ඒ එන ආයතනවලට ඇත්ත කතාව කියල ණය ටික ගෙවාගෙන යමු කියලා”. ඇය නොනවත්වා කියාගෙන ගියාය.

සංවර්ධනයේ අතුරුපලයක් ලෙස මෙම ප්‍රදේශය තුළ අලින්ට ජීවත් වීමට වනය අහිමි වීම අලි මිනිස් ගැටුම වර්ධනය වීමට බලපා ඇති මූලිකම සාධකයකි. සංවර්ධනය ඔවුන්ගේ ජීවිත වලට කළ බලපෑම පිළිබඳ විමසූ කළ ඇය මෙසේ කීවාය.

“සංවර්ධනේ ලොකුවට ගියා. පාරවල් හැදුවා. දූවිලි නැතුව මිනිස්සු ජීවත් වෙනවා. සෞඛ්‍යය පැත්තෙන් හොඳයි. ඇත්තටම අපි සංවර්ධනේට දොස් කියන්න හොඳ නෑ. නමුත් මහින්ද  මහත්තයගේ සංවර්ධනෙත් එක්ක ඒ සත්තුන්ට ඉන්න තැන් අඩු වුණා. උන්ට කන්න අඩු උණා. මත්තල එයාර්පෝට් එක ග්‍රවුන්ඩ් එක සංවර්ධනය වෙනකොට පාරවල් හැදිලා එනකොට අලින්ට ඉන්න තැන් නැති වුණා. සත්තුන්ගේ අයිතිය මිනිස්සු උදුරගෙන. ඉතින් සත්තුන්ට ඉන්න තැනක් නැති වුණාම තමයි උන් ගෙවල්වලට එන්නේ. නැත්නම් මීට ඉස්සර මෙහෙම නෑ. සත්තුත් ඉන්න ඕනෑ. අපිත් ඉන්න ඕනෑ. 14 කණුව වසමෙම ගෙවල් තියෙනවා 351. ඒවායින්  ගෙවල් 35 කට වැඩිය සම්පූර්ණයෙන් හානි කරල තියෙනවා. ළමයෙක් හම්බ වෙන්න හිටියොත් පාරට ගෙනියන්න බෑ. අසාධ්‍ය ලෙඩෙක්ව පාරට ගෙනියන්න බෑ. වීල් එකකට කතා කළාට අලි නිසා එන්නේ නෑ. මොන ආණ්ඩුව තිබුණත් මේ ප්‍රශ්නවලට විසඳුම් නෑ. ”  .

සූරියවැවදී හමුවූ  චන්ද්‍රරත්න  මහතා මෙසේ කීවේය.

“ග්‍රාමසේවක ළඟට ගියාම අලි වෙඩි තුනයි මිනිසුන්ට දෙන්නේ. අලි වෙඩි තුනක් ගැහැව්වා කියමු. අලියා ගියේ නැත්නම් ඊට පස්සේ මොකක්ද ගහන්නේ ? අනෙක අලි වෙඩිත් බාල කරල තියෙන්නේ අලින්ගේ කණ් අඩි පැලෙනව කියල. ඉස්සර දුන්න අලි වෙඩි ගැහුවම පොළවේත් අඩි බාගයක් විතර යන විදිහට පොළව හෑරෙනවා.”

අලි මිනිස් ගැටුම   අවම කිරීම සඳහා අලි වැට   තිබුණද ප්‍රදේශයේ බොහෝ දෙනෙකු පැවසුවේ විදුලි වැට තිබුණද අලි අමු කොළ අත්තක් හෝ ගසක් විදුලි වැටට කඩා දමා කණුවක් පෙරළා සුපුරුදු පරිදි “තම කාර්යය” සිදු කරන බවයි. ගමිවාසීන් බොහෝ දෙනෙකුගේ අදහස වූයේ “මේ වැටේ අලියට දන්නන්න තරම් කරන්ට් එකක් නෑ” යන්නයි. ඒ නිසාම බොහෝ ගම්වැසියන් රාත්‍රී කාලයේ සිය නිවෙස් ඉදිරියේ තමන්ම තනා ගත් විදුලි වැටක් සක්‍රීය කර ගනිති.  තවද ඔවුන් පවසා සිටියේ විදුලි වැට   දිගට අගලක් (හැඩේට කාණුවක්) කපන්නේ නම් අලි ගම්වැදීම යම් තරමකට හෝ අවම කරගත හැකි බවය.

ප්‍රදේශයේ බොහෝ නිවෙස් ඉදිරිපිට වැටේ වීදුරු බෝතල් එල්ලන ගම්වාසීන් සූරියවැව ප්‍රදේශයේ සුලබ දසුනකි. රාත්‍රියට වීදුරු බෝතල් ගැටෙන හඬ, අලි තම ගෙවත්තට පැමිණි බව ඔවුන්ට දැන ගැනීමට ඇති එකම සංඥාවයි. රාත්‍රියේ එළියට බැසීම යනු මාරයාට අත වැනීමක් වැනිය.

විදානපතිරණගේ තිලක සිය අත්දැකීම   බෙදා ගත්තේ මෙසේය.

“මම මාළු අල්ලන්න වැවේ ගිහින් ඉන්න කොට කෝල් එකක් ආවා අලිය ගේ කඩනවා කියලා. පහුගිය දවස් වල අලි දෙන්නෙක් මෙතන පොරකා ගත්තා. වන ජීවී එකේ අයට කෝල් එකක් දුන්නම ඒගොල්ල කිව්වා අද සෙනසුරාදා නිසා එන්න විදිහක් නෑ කියලා. ඒ වුණාට අලියෙකුට මොනවාහරි දෙයක් වුණාම එයාලා ටක් ගාලා එනවා.”

ආක්‍රමණකාරී ප්‍රචණ්ඩ වන අලි වනජීවී නිලධාරීන් විසින් අල්ලා ගන්නා බවත්  එම අලි දුර බැහැර වනාන්තර ප්‍රදේශයකට මුදා නොහැර එම ප්‍රදේශය ආසන්නයේම මුදා හරින බවත් සූරියවැව ගම්වාසීන්ගේ පොදු චෝදනාවකි.

මෙම ප්‍රශ්නයේදී කිසිඳු පාර්ශ්වයකට චෝදනා කිරීමෙන් ප්‍රශ්නයට විසඳුම් ලැබෙන්නේ නැත. අලි මිනිස් අරගලය නිමා කිරීමට සියලු පාර්ශ්ව එක්වී නිසි සැලසුමකට අවංකව කටයුතු කිරීම මෙයට ඇති එකම විසඳුමයි. එමෙන්ම සූරියවැව ගම්වැසියන්ගේ ඒකායන ප්‍රාර්ථනාවද එයයි.

අලින්ගේ අපේ කතාවේ තිත්ත ඇත්ත



අදහස් (3)

අලි මංතලේ දණින් වැටී ජීවිතය යදින මිනිස්සු

akila Thursday, 10 August 2017 02:07 AM

හිටපු නායකයාගේ හිතුමතේට කරපු අනුවණ වැඩ නිසා තමයි මෙම ප්‍රදේශවල හිටපු අලින්ට යන එන මන් නැතිවෙලා තියෙන්නේ... අනවශ්‍ය ක්‍රීඩාපිටි, මහකැලේ එළිකරලා හදපු ගුවන් තොටුපළවල්, කවුරුවත් පාවිච්චි නොකරන අධිවේගී පාරවල්.... එ්කයි ඔය අලිකරදර එක පාරටම පටන් අරන් තියෙන්නේ...

:       1       28

Chanak Los angales Friday, 11 August 2017 06:00 PM

රාජපක්ෂලා මත්තල හැදුවේ රටට සේවයක් වීමට නොවේ. ඒවා මගින් කොමිස් ගහගන්නයි. ස්වාභාවික වන සම්පත් අහිමි කරමින් මෙවැනි දේ ඉදිකරන්නේ රට විනාශ කල රාජපක්ෂවරුන් මිස වෙන කවුරුන්ද? රාජපක්ෂ දෙන් මැදමූලනට වෙලා ආරක්ෂිතව ඉන්නවා. මේ අහිංසක ජනතාව මරබියෙන් කාලය ගෙවනවා. රටේ සම්පත් නිසියාකාරව බෙදීයයිනම් රාජපක්ෂ හොරුන්ට සුඛෝපභෝගී ජීවිතත් මෙවැනි අහිංසක ජනයාට කටුක ජීවිතත් ගත කිරීමට සිදුවෙන්නේ නැහැ. රටේ සම්පත් අද ඔක්කොම බෙදාගෙන තිබෙන්නේ රාජපක්ෂ සමාගම හා ඒ අයගේ ගෝල බාලයන් විසින්..

:       18       104

Senarath Saturday, 12 August 2017 07:26 AM

මොනවද මේ දේශපාලකයෝ කරන්නේ? මේ මිනිසුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරනවද? එයාලා ආරක්ෂාවට පොලිසියේ යොදාගෙන ආරක්‍ෂිත ප්‍රදේශවල යහතින් වැජඹෙනවා. එ්ත් මේ අහිංසක මිනිස්සු තමන්ගේ දරුමල්ලෝ එක්ක රැයක් ගතකරන්නේ මරණ සහතික අතේ තියාගෙනයි. මේ මිනිසුන්ගේ වගාව විනාශ කළාම මොනවාද මාස 2ක් කන්නේ? මොනතරම් අසාධාරණද?

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

පළාත් පාලන ආයතන අනාගතය
2025 මැයි මස 09 59 0

පළාත් පාලන ආයතන 339 කට වැඩි ගණනකට සභිකයන් තෝරා පත් කර ගැනීමේ පළාත් පාලන මැතිවරණය පසුගිය මැයි 6 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම පියවර ගත්තේය. එදින ඡන්දදා


අරගලය ඉතිරි කළ වෙනස
2025 මැයි මස 09 112 0

අදට අවුරුදු 03 ට ඉහතින් 2022 මැයි 09 වනදා පාන්දර, අගමැති මහින්ද රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයන් කිහිප දෙනා සමග දැඩි හමුදා රැකවරණ යටතේ අරලියගහ මන්දිරයෙන් පිටත්ව


ඡන්දයෙන් විවර වූ ජනමනස
2025 මැයි මස 09 114 0

මාලිමා ආණ්ඩුව මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු කළේ එය පළාත් පාලන ඡන්දයක් ලෙස ගනිමින් නොව, ජාතික මැතිවරණයක් ලෙස සිතමිනි. ජනාධිපතිවරයා රටපුරා ගො


පුංචි ඡන්දයේ සංඥාව
2025 මැයි මස 08 755 2

දෙදහස් විසිපහේ මැයි මස 06 වැනිදා (පෙරේදා) මෙරට පැවැති පළාත් පාලන මැතිවරණය පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකැයි සැලකිය හැකිය. 2018න් පසුව වසර 07


නව ව්‍යවස්ථාව කෙසේ වියයුතුද?
2025 මැයි මස 07 232 2

ශ්‍රී ලංකාවේ මෑතකදී තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දේශපාලන සන්ධානය වන ජාතික ජන බලවේගය, බහුතර සිංහල ප්‍රජාවෙන් මෙන්ම සුළුතර දෙමළ ප්‍රජාවෙ


අනාගත විදුලි බිල කොතැනද?
2025 මැයි මස 07 1117 0

පළාත් පාලන මැතිවරණය ඊයේ අවසන් විය. දැන් ඉතිරි වී ඇති තවත් එක් ප්‍රශ්නයක් වන්නේ රජය විදුලිබිල ඉහළ දමනු ඇත්තේ කවදා ද යන්න සහ කොපමණ ප්‍රමාණයකින් ද යන්නයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 9 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1287 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 332 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site