IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


අබුඩාබියේදී සැමරුණු ලංකාවේ නිදහස

නිදහසට 64 වසරකි. බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදී යටත් විජිතයෙන් මිදී ගෙවුණු 64 වසරෙන් තිස් වසරක් ගෙවී ගියේ කොටි ත‍්‍රස්ත‍්‍රවාදයේ සැහැසි ග‍්‍රහණය යටතේය. ඒ ග‍්‍රහණයෙන් මිදී තෙවසරකි. නිදහස යන වචනයට අයත් සියලූ ගැඹුරු අර්ථයන් එයට හිමි පූජනීය අර්ථයෙන්ම භුක්ති විඳීමේ ඉඩකඩ නිර්මාණය වී තිබෙන්නේ දැන්ය. ඉකුත් පෙබරවාරි 4 වැනිදා මෙරට ජනයා නිදහස සැමරූ ආකාරයම එයට නිදසුනකි. ඉකුත් දා අබුඩාබි රාජ්‍යයට ගියෙමු. ඒ මවුබිමෙන් සැතපුම් සිය ගණනක් බොහෝ දුර ඈත සිට මවුබිමේ නිදහස ආස්වාදනය කරන අයුරු දැක බලා ගැනීමටය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති සරත් විජේසිංහ මහතා මෙම නිදහස් සමරුව සංවිධානය කළේය. එහි අමාත්‍ය උපදේශක සුනිල් ගලගම, පළමු ලේකම් විශ්ව දිසානායක, දෙවැනි ලේකම් එම්.ඊ.ජී. සමරවීර හා කම්කරු සුබ සාධන නිලධාරී හේමන්ත කහවලගේ යන මහත්වරු නිදහස් දින සැමරුම් උළෙලේ ඉදිරි පෙළ නියමුවෝ වූහ. ශ්‍රී ලංකාව යනු අරාජික, අසමත් රාජ්‍යයක් යැයි ලොව පුරා පැතිර ගිය සමයක් විය. ඒ යුද සමයේදීය. බස් බෝම්බ, පැති බෝම්බ හා මිනිස් බෝම්බ පමණක් නොව ගුවන් ප‍්‍රහාර ද අඩු නැති සමයක එබඳු පැහැයක් රටට ලැබීම විමතියට කරුණක්ද නොවේ. ඒ ශාපය මෙයට දෙතුන් වසරකට ඉහතදී උගුලා දැමිණි. ඒ යුද ජයග‍්‍රහණයත් සමගය. රටට සාමය පැමිණි බවට වන ශුභාරංචිය රටින් රටට පතුරුවා හැරිය යුතුය. මරණ බියෙන් තොරව නිදහස රජ කරන දේශයක අසිරි සිරිය විඳගන්න එන්නැයි අප සෙනෙහසින් ආරාධනා කළ යුතුය. අබුඩාබියේ තානාපති කාර්යාලය සංවිධානය කළ නිදහස් සමරු උළෙල වඩාත් වැදගත් වන්නේ ඒ අර්ථයෙනි. නිදහස් සමරු උළෙල පැවැතියේ අබුඩාබියේ හිල්ටන් හෝටලයේය. විදුලි බුබුළුවලින් සරසා අලංකාර කළ හිල්ටන් හෝටලයේ පැවැති නිදහස් සමරු උළෙල ආරම්භ වූයේ බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලෙවි මවුලානා මහතාගේ සම්ප‍්‍රාප්තියෙනි. පළමුව පොල්තෙල් පහන දැල්වූයේ ඔහුය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති සරත් විජේසිංහ මහතාගේ ආරාධනයෙන් එරට සිටින තානාපතිවරු සියයකට ආසන්න පිරිසක් මෙම අවස්ථාවට එක්වී සිටියහ. එරට විදේශ අමාත්‍යවරයාගේ සහභාගිත්වය නිදහස් සැමරුම් උළෙලට විශේෂත්වයක් ගෙන ආවේය. ඒ, එරට ඇමැතිවරුන් උත්සව අවස්ථාවලට සහභාගිවීම ඉතා අඩු හෙයිනි. නිදහස් උළෙලේ ප‍්‍රමුඛ අරමුණක් වී තිබුණේ රටේ යථා තත්ත්වය පැහැදිළි කිරීමය. එමගින් සංචාරක ව්‍යාපාරය  ශක්තිමත් කිරීමත්, ආයෝජන අවස්ථා ඇති කිරීමත් අරමුණ වී තිබිණි. නිදහස් සමරු උලෙළේ එකම කතාව කළ තානාපති සරත් විජේසිංහ මහතා පැමිණ සිටි තානාපතිවරුන් හමුවේ, රටේ අලූත් තත්ත්වය පැහැදිළි කළේය. පිබිදෙන ශ්‍රී ලංකාව තුළ ආයෝජන ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා ඔහු විවෘත ආරාධනාවක් කළේය. ඒ සඳහා ඇති ඉඩකඩ හා අවස්ථා ඔහු පැහැදිළි කළේය. ශ්‍රී ලංකාවේ අසිරි සිරිය විදහා දැක්වෙන වීඩියෝ පටයට කාගේත් නෙත් සිත් යොමු විය. එයට අමතරව අබුඩාබියේ වෙසෙන මේෂාන්ත දිසානායකගේ රංගායතනයේ සිසු සිසුවියන් ඉදිරිපත් කළ රැඟුම් වැයුම් නිදහස් දින සමරු උළෙල උත්කර්ෂයට නැංවීමට සමත්විය. ව්‍යාපාරික ක්‍ෂේත‍්‍රයේ ඉහළින්ම සිටින ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෝ විශාල පිරිසක් ද මෙම අවස්ථාවට එක්වී සිටියහ. "ඇත්තටම දැන් අපි ලංකාවට යා යුතු කාලය ඇවිත්. අපි දැන් ලංකාවට ගිහින් ආයෝජනය කරනවා” ව්‍යාපාරිකයන් අප සමග කීහ. ශ්‍රී ලංකා හෝටල් හිමියන්ගේ සංගමයේ සභාපති අනුර ලොකුහෙට්ටි මහතා පැවැත්වූ කෙටි දේශනය සංචාරක ව්‍යාපාරය ශක්තිමත් කිරීමට බොහෝ සෙයින් හේතු පාදක වූ බව දැක ගන්නට තිබිණි. නිදහස යනු නාම පදයක් නොව ක‍්‍රියා පදයකි. එය විඳීමට ඇති දෙයකි. අද ලොව පුරා පතුරුවා හැරිය යුතු මතය වන්නේ ඒ නිදහස උත්කර්ෂවත් ලෙස විඳිමට ශ්‍රී ලංකාවට පැමිණිය යුතු බවය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සංවිධානය කළ නිදහස් සමරු උළෙල වඩාත් වැදගත් වන්නේ ඒ පණිවිඩය ජාත්‍යන්තරයට ගෙන යාමට එය යහපත් ආරම්භයක් වූ බැවිණි. (එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු සුබසාධන නිලධාරී හේමන්ත කහවලගේ මහතාට හා පිළිගැනීමේ නිලධාරී නිශ්ශංක මෙල්වින් කුඩාහෙට්ටි මහත්වරුන්ට විශේෂ ස්තූතිය) අබුඩාබි සංචාරයකින් පසුව

සටහන - ප‍්‍රසන්න සංජීව තෙන්නකෝන් / සේයාරූ - සඳුන් ගමගේ
බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලවි මවුලාන මහතා, තානාපති සරත් විජේසිංහ මහතා උත්සයව සභාව අරඹමින්... අබුඩාබි තානාපති කාර්යාලයේ නිලධාරී මණ්ඩලය  



අදහස් (0)

අබුඩාබියේදී සැමරුණු ලංකාවේ නිදහස

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 31 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 145 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 993 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site