(සමන්ත යහම්පත්)
ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී පැවැත්වූ ලෝක ආසියානු සිනමා උළෙල (ඒෂියන් වර්ල්ඞ් ෆිල්ම්ෆෙ ස්ටිවල්) පසුගිය 2 දා නිමාව දුටුවේ තරගකාරී අංශයෙන් ලොව හොඳම චිත්‍රපට රැසක් සමඟ තරග වැදුණු “දැවෙන විහඟුන්” චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟ පෑ අනෝමා ජනාදරී හොඳම නිළියට හිමි සම්මානය හිමිකර ගනිමිනි.
අනෝමා මෙම සම්මානය හිමිකර ගන්නේ ආසියානු කලාපයේ රටවලින් ඔස්කාර් හා ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන සඳහා නිර්දේශිත චිත්‍රපට රැසක් සමඟ තරගකිරීමෙන් වීම විශේෂත්වයකි. 2003 වසරේදී සිංගප්පූරු අන්තර්ජාතික සිනමා උළෙලේදී “තනි තටුවෙන් පියාඹන්න” චිත්‍රපටය වෙනුවෙන් අනෝමා හොඳම නිළිය සම්මානය දිනාගත්තාය.
මෙවර අනෝමා වෙනුවෙන් එම සම්මානය චිත්‍රපටයේ අධ්‍යක්‍ෂ සංජීව පුෂ්පකුමාර විසින් එහිදී ලබාගත් අතර එය මෙරටදී චිත්‍රපට සංස්ථාව විසින් පවත්වනු ලබන විශේෂිත ඇගයීම් උත්සවයකදී අනෝමා වෙත පුදකිරීමට කටයුතු සූදානම් කර ඇති බව දැනගැනීමට ලැබුණි.
“දැවෙන විහඟුන්” චිත්‍රපටය මෙයට පෙර 17 වැනි ටෝකියෝ ෆිල්ම් එක්ස් අන්තර්ජාතික සිනමා උළෙලේදී ජූරියේ විශේෂ සම්මානය ද, 15 වැනි ජිනීවා අන්තර්ජාතික මානව හිමිකම් සිනමා උළෙලේදී හොඳම චිත්‍රපටය සඳහා සම්මානය මෙන්ම ජූරියේ විශේෂ සම්මානයද හිමිකර ගෙන තිබේ.
මේ වන විට බූසාන්ල රොටල් ඩෑම්ල මියුනික්ල ගොතන් බර්ග්, ඇතුළු ලොව ප්‍රබල සිනමා උළෙල 20කට වඩා ආරාධනා ලැබූ “දැවෙන විහඟුන්” චිත්‍රපටය සංජීව පුෂ්පකුමාරගේ දෙවැනි සිනමා නිර්මාණය වන අතර එය ශ්‍රී ලංකාල ප්‍රංශල දෝහා කටාර් සහ නෙදර්ලන්තය යන රටවල සම නිෂ්පාදනයකි. හොඳම නිළියට හිමි සම්මානය ලැබීමෙන් පසු අනෝමා ලංකාදීපයට පැවැසුවේ මෙවැනි අදහසකි.
“මීට පෙර ජාත්‍යන්තර චිත්‍රපට උළෙලවල චිත්‍රපටය තිරගත කිරීමේදී එම රටවල විචාරකයන් ලියා තිබූ විචාර කියවූ විට මට හිතුණේ එම සම්මාන උළෙල වලදීත් මගේ රඟපෑම සඳහා සාධාරණ විනිශ්චයක් ලැබෙන්නට තිබුණා නේද කියා. එහෙත් එම උළෙලවලට ඇතුළුවීමේදී අධ්‍යක්‍ෂවරයා තරගකරන ඉසව් සඳහන් කිරීමෙන් රඟපෑම කියන ඉසව්ව අනුමත නොකර තිර නාටකය හා අධ්‍යක්‍ෂණය කියන ඉසව් පමණක් ඇතුළුකරන නිසා මගේ රඟපෑම පිළිබඳව සලකා බැලුවේ නෑ.
ඇමෙරිකාව වගේ රටකදි මෙවැනි ක්‍රියා පටිපාටි අනුගමනය නොකළ නිසා මගේ රඟපෑම්වලට නිවැරැදි විනිශ්චයක් ලැබීම අධ්‍යක්‍ෂවරයාට වළක්වන්නට පුළුවන් කමක් ලැබුණේ නෑ. ඒ නිසා මාව මර්දනය කිරීමේ වෑයම ඉදිරියේ හොඳම නිළිය සම්මානය ලැබීම අධ්‍යක්‍ෂවරයා පරාජයවීමක් හැටියටයි මා මෙය දකින්නේ.
මෙයට පෙර ජාත්‍යන්තර සම්මාන ලැබූ ශ්‍රී ලාංකීය නළු නිළියන්ට නිවාස හා මුදල් ත්‍යාග ලැබුණමුත්, මා හට හිමිවුණේ සුබපැතුම්පණිවුඩ පමණයි. මෙවර සම්මානය සමඟ වත්මන් ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් මේ සම්මානයට වටිනාකමක් දෙන්නේ කොහොමද කියා මා බලාගෙන ඉන්නවා.”
COMMENTS
මගේ උණුසුම් සුබ පැතුම් අක්කි...
ඔය කියන්න වගේ සුබ පැතුම් පමණක් මදි. මේ කලාකරිනියට වටිනාකමකුත් දෙන්න. අපේ සමහර කලාකාරයෝ සල්ලි වල පීනනකොට සමහරු අසනීපයක් වුනත් හිගා කන තත්වෙට වැටිලා.
තව හොද නිපැයුම් වලට සහභාගි වෙන්න අවසථාව ලැබිල, නැවත නැවතත් ජ්‍යාත්‍යන්තර ඇගයීමට ලක්වෙන්න ලැබේවා කියා ප්‍රාර්ථනය කරනවා.
ජාත්‍යන්තර සම්මාන උළෙලවල් නං ඔය ඕනතරම් තියෙන්නෙ. සම්මානය ගත්ත උළෙල මොකක්ද කියල හරියට හොයල බැලුව නං හරි මොකද ගොඩක් ඒව නොවැදගත් කුඩා ප්‍රමාණයේ සම්මාන උළෙලවල්. දැන් මේ කුඩා ප්‍රමාණයේ සම්මාන උළෙලවල් වල ගත්ත සම්මාන අර වී කරල් දෙකක් මැද්දෙන් දාල කටවුට් පෝස්ටර් ගහල ඒක ප්‍රචාරණයට යොදාගන්නව. මේක තමයි තිත්ත ඇත්ත. මම කුහකයි කියල කියන්න කලින් ගත්ත සම්මාන උළෙල මොකක්ද කියල හොයල බලන්න
නලුනිලියන් යම්කිසි අදායමක් ලබනවා නමුත් ඔවුන්ට නිසිපරිදි කළමනාකාරිත්වයක් නොමැති කමින් හා මුදල් නාස්ති කර සරල ජීවිතයක් ගතකරමින් හොම්බ වැදුනම අවසානයේදී නොයෙක් තැන් වලට දෝෂාරෝපණය කරනවා අපිට සලකන්නේ නෑ කියා .. අනුන්ගෙන් යැපෙන්න හදනවානම් එය යහපත් ජීවිතයක් නම් නොවෙයි .
මැය දක්ෂ නිළියක් එකේ විවාදයක් නැහැ........
මගේ උණුසුම් සුබ පැතුම් .....
හදවතින්ම සුබ පතනවා හොදක්ම වේවා ඔබ ඔබ විශිෂ්ට නිලියක්. අවාසනාවකට අපේ සිනමාවට ඔබගේ වටිනාකම තේරෙන්නේ නෑ ජයම වේවා