ආසියාවෙන් මෙතෙක් හමු වූ විශාලතම කුඩු තොගය සහිත කන්ටේනරය වරායෙන් නිදහස් කරන්නැයි අගමැති ලේකම්වරයකු විසින් යැවුණු බව කියන ලිපියක් නිසා මුලූ රටේම ආන්දෝලනයක් ඇති විය. ජාතික හෙළ උරුමයේ ඕමල්පේ සෝභිත හිමියන් පසුගිය සතියේ පවසා තිබුණේ මේ සම්බන්ධයෙන් අගමැති එම තනතුරෙන් ඉවත් කර අත්අඩංගුවට ගත යුතු බවයි. තවත් පිරිසක් චෝදනා කළේ දේශපාලන වශයෙන් අගමැතිගෙන් පලිගැනීමටත්, නියම කුඩු ජාවාරම්කරුවන් යට ගැසීමටත් අගමැතිට චෝදනා කරන බවයි. කුඩු කන්ටේනරය සම්බන්ධයෙන් අගමැති එම තනතුරෙන් ඉවත් කළ යුත්තේ ඇයි දැයි හෙළ උරුමයේ ඕමල්පේ සෝභිත හිමියන්ගෙන් විමසීමු.

ප‍්‍රශ්නය:- මොකක්ද මේ කුඩු කන්ටේනරේ කතාව? ඇයි ඊට අගමැති පටලවන්නේ?
පිළිතුර:- කුඩු කන්ටේනරය නිදහස් කරන්න අගමැති සම්බන්ධයි කියා චෝදනාවක් තියෙනවා. ඒ කියන්නේ එතුමාගේ ලේකම්වරයෙක් ලිපියකින් ඉල්ලීමක් කර තිබෙනවා මේක බදුවලින් නිදහස් කරන්න කියා. මේක ආසියාවේ ලොකුම කුඩු තොගේ. ලෝකයේම දැන් මහත් අපකීර්තියට පත්වීගෙන එනවා ලංකාව කුඩු මධ්‍යස්ථානයක් වෙලා කියලා. දේශපාලන ලොක්කෝ මේකේ ඉන්නවා කියා මතයක් තිබෙනවා. මේක පිටුපස කවුද ඉන්නේ කියා දැන් තේරෙනවා.
අගමැතිවරයා බුද්ධශාසන ඇමැතිවරයා විදියටත් මේක පිටුපසින් ඉන්නවා කියනවා. ලේකම්වරයා ලිපිය ඉදිරිපත් කළේ අගමැති වෙනුවෙන්. මුළු රටම මේක ගැන කෑ ගහද්දී අගමැති මේ ලේකම්ට මොනවත් නොකර ඉන්නවා.
ප‍්‍රශ්නය:- ඇයි අගමැති එම තනතුරින් ඉවත් කළ යුතුයි කියන්නේ?
පිළිතුර:- මේ සිද්ධිය සම්බන්ධයෙන් මේ ලේකම්වරයා ලව්වා මේ වැඬේ කළ නිසා. තමාගේ දැනුම්වත්කමින් මේක නොවුනනම් ලේකම් ඉවත් කර පොලිසියට බාර දෙන්න ඕනෑ. එහෙම නොකරනකොට බලන් ඉන්න කෙනකුට පේන්නේ අගමැතිත් සම්බන්ධයි කියලනේ. මගේ පන්සලේ කවුරුහරි මොකක් හරි වරදක් කළා නම් මා කරන්නේ එයාව පොලිසියට අල්ලලා දෙන එක. එහෙම නැත්නම් මම එයාව බේරනවා නම් මාත් ඒකට සම්බන්ධයිනේ.
ප‍්‍රශ්නය:- චෝදනා ලත් ලේකම් පසුගිය බදාදා ඉල්ලා අස්වුණා නේද? ඉතින් ඇයි අගමැතිට චෝදනා කරන්නේ?
පිළිතුර:- ඒකෙන් ප‍්‍රශ්න විසඳෙන්නේ නැහැනේ. අස්වෙන්න කලින් අස් කරන්නනේ ඕන. අස්වෙනකම් ඉන්නේ නැතුව පොලිසියට බාර දෙන්න ඕන ප‍්‍රශ්න කරන්න. ප‍්‍රශ්න කරද්දි හෙළිවෙයිනේ මේක පිටුපසින් ඉන්නේ කවුද කියා. ඒ නිසා මම කියනවා අගමැති එම තනතුරින් ඉවත් කරන්න ඕනෑ. මේ පුද්ගලයා වහා අත්අඩංගුවට ගත යුතුයි.
ප‍්‍රශ්නය:- අගමැතිවත් අත්අඩංගුවට ගත යුතුයි කියලද කියන්නේ?
පිළිතුර:- ඔව්
ප‍්‍රශ්නය:- දේශපාලනයට වයස ප‍්‍රශ්නයක්ද?
පිළිතුර:- ඒක මට කියන්න බැහැනේ.
ප‍්‍රශ්නය:- ඔබවහන්නේ කියා තිබුණේ අගමැතිට වැඩක් කරන්න බැහැ කියා?
පිළිතුර:- අගමැති කියා තිබුණනේ මට ලියුම් කියවන්න වෙලාවක් නෑ. මට පැහැදිලි කරගන්න බෑ කියා. ඒකෙන් පේනේනේ එතුමාගේ දුර්වලකමනේ. එතුමාට තමන්ගේ දුර්වලකම පැහැදිලිනම්, හිතත් එකඟ නැතත්නම්, කයත් දුර්වල නම් මේකෙන් අයින්වෙන්න එපායැ. දුර්වල නිසානේ මෙහෙම වෙන්නේ. එහෙම නැතුව මට වයස එක්ක ප‍්‍රශ්නයක් නැහැනේ.
ප‍්‍රශ්නය:- අගමැති ඉන්න මධ්‍යම පළාතේ හෙළ උරුමේ ආසනයක් සම්බන්ධ ප‍්‍රශ්නයක් තිබුණා නේද?
පිළිතුර:- මා මේ කියන්නේ හෙළ උරුමේ දේශපාලනේ නෙමේ. මා ඒ ගැන දන්නෙත් නෑ. ඒක මේකට අදාළත් නෑ.
ප‍්‍රශ්නය:- අගමැති අයින් නොකළොත් ඉදිරියේ මොනවත් කරනවාද?
පිළිතුර:- ඒක මාධ්‍ය බලා ගන්න ඕනෑ. පොලිස්පතිට අනිත් බලධාරීන්ට ඒක කරන්න පුළුවන්? ඇයි නොකර ඉන්නේ. මේක බරපතල ප‍්‍රශ්නයක්.
ප‍්‍රශ්නය:- අගමැතිතුමාත් එක්ක පෞද්ගලික අමනාපයක් තියෙනවාද?
පිළිතුර:- නෑ. එතුමා සමග කිසිම පෞද්ගලික අමනාපයක් නෑ.
COMMENTS
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ නිවරදියි.(නදී)
අත අරින්න එපා හාමුදුරුවනේ.(නදී)
කන්ටේනරයේ නියම අයිතිකාරයව ලේකම් අදුරනවා. ලේකම්ව 4 වෙනි තට්ටුවට අරගෙන ගියා නම් කන්ටේනරයේ සුල මුල එලි කරගන්න තිබුනා. ගංජා සුරුට්ටුවක් එක්ක අහුවෙන මිනිහත් උසාවි දාන පොලිසිය නිහඩ ඇයි? මමත් මුලදී කල්පනා කළේ ලේකම් අගමැති තුමා නොදැනුවත්ව ලියුමක් ලියල දීලා කියලා ?මේ හාමුදුරුවෝ අභියෝග කරනකොට අගමැති තුමා අඩුම තරමේ පාර්ලිමෙන්තුවෙවත් ප්‍රකාශයක් නොකර නිහඩව ඉන්නේ මොකද? (නදී)
ස්වාමීන් වහන්සේ ගේ දැක්ම නිවැරදියි කියලා මට විශ්වාසයි.මේ වගේ අවස්ථාවක ක්‍රියා කල යුතු නිවැරදි පිළිවෙලට ක්‍රියා කරලා නැති නිසා තමයි මේ සැකයට මුල(දිල්)
මගේ උත්තමාචාරය රේගුවේ සේවය කරන්නන්ට.(නදී)
ඔබතුමාලම සාදු සාදු කියල පත් කරගත්ත රජයනේ.(දිල්)
මේ හාමුදුරුවන්ගේ කතාවේ සත්‍යයක් තිබෙනවා. අගමැති තුමා සම්බන්ධ නැත්නම් වහාම පරීක්ෂණ කර වගකිව යුත්තන් නිතිය ඉදිරියට රැගෙන එන්න කියා නියෝග කළ යුතුයි. දැන් සිදු වෙන්නේ පරීක්ෂණ යට ගැහීමක්.(නදී)
මේ එක සිද්ධියක් විතරනේ. (දිල්)
සමහර දේශපාලඥයෝත් කුඩු ජාවාරම් කාරයෝ එක්ක සම්බන්දයි නේද? මේ ජාවාරම් වලින් අපේ රටේ තරුණ පරපුර විනාශ වෙන එක තමයි වෙන්නේ.(නදී)
ඒ කන්ටේනරය ආපු වෙලේ ඒක නිදහස් කරගන්න සල්ලි නෑ කියල පහසුවක් කරන්න කිව්වා කියලා මං දැක්ක පත්තරේක තියෙනවා. ඒ වෙනකනුත් ඒ කම්පැනි එකට වත් ඒ මනුස්සයට වත් විරුද්ධව මුකුත් කරලා තිබ්බේ නෑ. ඒ කම්පැනි එක ගෙන්වපු පලවෙනි කන්ටේනර් එක තමයි ඒක කියලත් පත්තරේක දාලා තිබ්බා. මෙච්චර දෙයක් වෙලත් මුකුත් උනේ නෑ වගේ බලාගෙන ඉන්න විදිහට නම් මේක ඇතුලේ මොකක් හරි හොරයක් තියෙනවා කියලා සාමාන්‍ය ජනතාව විදිහට මටත් ප්‍රශ්නයක් නැගෙනවා.(නදී)
මේ සිද්දිය හරිම ව්‍යාකූලයි. දේශපාලන අතගැසීමක් තිබිය යුතුයි වගේ. අපේ ගරු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට දිගා සිරි.(නදී)
හාමුදුරුවෝ හරියටම හරි. ඇයි ලේකම්ව අල්ලන්නේ නැත්තේ. (නදී)