IMG-LOGO

2024 මැයි මස 25 වන සෙනසුරාදා


අක්කයි මමයි තාත්තාගේ අත් දෙකේ එල්ලිලාම හිටියා

ගණන් කරන්නට නොහැකි තරම් වන තත්පර ලක්‍ෂ සංඛ්‍යාවක් ගෙවී යන්නට ඇත. ඒ සිය දහස් දස දහස් තත්පර වලින් පසු සතුටේ කඳුළක් දෑසින් වැගිරෙන හමුවීමේ ආදරණීය තත්පරයක් එළඹියේය. ”මගේ තාත්තායැයි” කියමින් දූ අප්සරාත්, අපර්ණාත් තම පියාණන් වැළඳ ගත්තේ කල්ප කාලාන්තරයක් ලෙස දැනුණු කාලයකින් ඉනික්බිතිවය. සිරගෙදර ජීවිතයෙන් නිදහස ලද හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ දියණිය අපර්ණා ෆොන්සේකා අප සමඟ කතා බහ කළේ ඇයගේ දෑස්තෙත් කළ සතුටු කඳුළු තවමත් දෑස් අගරැඳෙමින් තිබූ තත්ත්පරයකදීය. දැන් අපේ තාත්තා අප ළඟ. තාත්තා හිරගෙදරින් නිදහස් වෙලා එන දවස් වෙනකම් තමා අපි මෙච්චර කාලයක් බලා ගෙන හිටියේ. ඊට වඩා හීනයක් බලාපොරොත්තුවක් මටවත් අක්කටවත් අපේ අම්මටවත් තිබුණේ නෑ. අප හැමෝම ඇඬුවා. ඔච්චර කල් අපි වේදනාව නිසා දැනිච්ච කඳුළු හංගගෙන හිටියට සතුට වෙනුවෙන් දැනිච්ච කඳුළ අපි හැංගුවේ නෑ. ඒ සතුට නම් කෙච්චරක්ද කියලා මටවත් අක්කටවත් අම්මටවත් කියන්න බෑ... කතා කරමින් සිටි අපර්ණා මොහොතකට නිහඬ වූවාය. හුඟ කාලයකට පසුව ඔබටත් ඔබේ සොයුරියටත් තාත්තා මුණ ගැසුණ තත්පරය ජීවිතයේ කවදාවත් අමතක නොවෙන තත්පරයක් වුණාට සැකයක් නෑ.... ඒ මොහොත අපි නැවතත් සිහිපත් කරමු. නිහඬ බව බිඳ හරිමින් අපි අපර්ණාට කතා කළෙමු. ඇත්තටම අක්කටයි මටයි  ඕනෑ වුණෙත් තාත්තාව පුදුම කරවන්න. ඒ නිසා අක්කයි මායි එන බව තාත්තාට කීවේ නෑ. තාත්තා අම්මව මුණ ගැසුණාම අපිට කතා කළාද අපි මොනවද කීවේ කියලා අම්මාගෙන් අප ගැන විස්තර අහනවනේ. එහෙම අහපුවම අම්මට අපි එන බවත් තාත්තට කියන්න වෙනවනේ. ඒ නිසා එන්න ඉස්සර දවස් දෙකක් විතර තිස්සේ අපි අම්මටවත් කතා කළේ නෑ. ගිය සතියේ සෙනසුරාදා අපි ගුවන් තොටුපොළින් බහිද්දී උදේ 8.30 ට විතර ඇති. අපි ගෙදරට ගිහින් අපේ බඩු ටික දාලා එහෙමම ආවේ නවලෝක ඉස්පිරිතාලයට. එතකොට වේලාව 10.30 ට විතර ඇති. මාවයි අක්කවයි දැක්කම තාත්තා පුදුම වුණා. අපි තාත්තාව බදා ගත්තා. තාත්තාගේ ඇස්වලටත් කඳුළු ආවා. අපි ඇඬුවා. තාත්තා අක්කව දැක්කේ අවුරුදු දෙකහමාරකට විතර පස්සේ. අක්කට ලංකාවට එන්න ලැබුණෙම නෑනේ. තාත්තා මටත් වඩා ආදරයෙන් ළඟට කරගෙන හිටියේ අක්කාව. මටයි තාත්තාටයි වඩා මට හිතෙනවා හමුවීමේ සතුට දැනෙන්න ඇත්තේ අක්කටයි තාත්තාටයි. අපේ තාත්තා හිටපු යුද හමුදාපතිවරයා විදිහට මේ රටින් ත‍්‍රස්තවාදය නැති කරලා දාන්න කළ කැපකිරීම් අපේ රටේ මිනිස්සුන්ට කවදාවත් අමතක වෙන්න විදියක් නෑ. තාත්තා අවුරුදු 39 ක් හමුදාවේ සේවය කළා. ඒ 1970 ඉඳන් 2009 වෙනකම්. 2006 අප්‍රේල් 25 වැනිදා තාත්තා යුද හමුදා මූලස්ථානය අසලදී මරාගෙන මැරෙන බෝම්බයකට හසුවෙලා බරපතළ තුවාල ලැබුවා. තාත්තා ඒ තත්ත්වයේ ඉස්පිරිතාලේ ඉඳගෙන කීවේ මම ත‍්‍රස්තවාදය නැති කරන එක නැති කරනවාමයි, මම වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ගේ ත‍්‍රස්තවාදය නැති කරන එක නැති කරනවාමයි කියලා. මගේ තාත්තා තනියෙන් යුද්ධ නොකළ බව ඇත්ත. ඒත් තාත්තා ත‍්‍රස්තවාදය නැති කරන්න තීරණාත්මක වැඩ කොටසක් කරපු හමුදාවකට නායකත්වයක් දුන්නා. තාත්තා කියපු දේ කළා. ඒ කියපු දේ කරන්න කැප වුණා. අපි එතකොට ඇමෙරිකාවේ. ඒත් අම්මා අපට කියලා තියෙනවා. මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකට ලක්වෙලා හරිහැටි සුවය නොලබා ඉඳිද්දි පවා තාත්තා ලෙඩ ඇඳේ ඉඳගෙන යුද්ධය මෙහෙයුවා. ලංකාවේ සිතියම දිග හැරගෙන හමුදා නිලධාරීන්ට උපදෙස් දුන්නා. එහෙත් යුද්ධය ඉවරවෙලා තාත්තා දේශපාලනයට ආවාම තාත්තට වෙච්ච දෙවල් යම් යම් පාර්ශව කරපු කෙනෙහිලකම් හුඟාක් දරුණුයි. ඒ අතීතය ආයෙමත් මතක් කරන්නවත් බැරි තරම් වේදනාවක්. තාත්තාට එහෙම වුණේ තාත්තා වැරදි කරලා නොවෙයි. අන්තිමට අපට අපේ තාත්තා සමඟ කතා කරන්නවත් තාත්තා දකින්නවත් නැති වුණා. මගේ අක්කට අවුරුදු දෙකහමාරකට කිට්ටු කාලයක් යනතුරුම තාත්තාව දකින්න ලැබුණේ නෑ. ඒ අතීතය හැමෝම දන්නව. තාත්තා හිරකාරයකු බවට පත්වීම දක්වා අතීතය හැමෝම දන්නවා. අපි කෑ ගහලා අපේ වේදනාව නොකීවාට හමුදාපති නිල ඇඳුම් ඇන්ද තාත්තා හිරගෙදර ජම්පරය අඳින්න වුණාම අපට පුදුම දුකක් දැනුණා. ඒත් තාත්තා හැමදේම පුදුම විදිහට දරා ගත්තා. තාත්තා කිසිම දෙයකින් සැලූනේ නෑ. ඒ ශක්තියෙන්ම තමා අක්කයි අම්මයි මායි නොවැටී ඔළුව උස්සලා හිටියෙත්. අපේ අම්මටත් පුදුම ධෛර්යත් තිබුණේ, තාත්තා වගේම තමා. අම්මා කවදාවත් පිටුපසට අඩියක් තියන ගැහැනියක් නොවෙයි. යෝධ ශක්තියක් තිබුණු ගැහැනියක් ඇය. අම්මා, තාත්තා වෙනුවෙන් උදව් කරපු හැම දෙනාමත් එක්ක ලොකු මහන්සියක් ගත්තා තාත්තාව නිදහස් කරගන්න. අක්කයි මායි දෙන්නත් ළඟ නැතුව අපි දෙන්නා ගැනත් බලාගෙන අම්ාමා දැරූ මහන්සිය අපිට වචනවලින් කියන්න බෑ. හමුදා සේවයේ සිටියදී ජෙනරාල් තනතුරට උසස් කෙරුණු එකම ශ්‍රී ලාංකික හමුදා නිලධාරියා වුනු මගේ තාත්තාට, තරු හතරේ ජෙනරාල්වරයෙක් වුණ මගේ තාත්තාට, ජීවිතය දෙවැනි කරලා අවුරුදු 39 ක් හමුදාව වෙනුවෙන් කැපවෙච්ච මගේ තාත්තාට, අන්තිමේදී ඒ තනතුර, විශ‍්‍රාම වැටුප පවා අහිමි කරලා හිරේ විලංගුවේ දැම්මම, අපට වේදානවක් නොදැනුනා කීවොත් ඒක බොරු. තාත්තා හිරකාරයෙක් වුණාම අපි ඇතුලාන්තයෙන් හඬා නොවැටුනා කීවොත් ඒක බොරු. ඒත් එහෙම වුණා කියලා තාත්තා එක බිංදුවක්වත් මනසින් වැටුණෙ නෑ. තාත්තාගේ ශරීරයේ තවම යකඩ කෑලි තියෙනවා. එහෙම තියෙද්දී තාත්තාට දූවිලි නැති පරිසරයක ඉන්න නොලැබුණාම තාත්තා අසනීප වුණා. ඒ හැමදේටම තාත්තා මුහුණ දුන්නා. තාත්තා හිරගෙදර බත් පිඟාන කාලා හිටියා. මේ දේවල් ළඟදි අපිට අඬන්නෙ නැතුව ඉන්න තාත්තාගේ හයිය වගේම අපව අත් නොහැර හිටපු හැමදෙනාගේම ශක්තියත් ආශිර්වාදයක් වුණා. අපව අත් නොහැර හිටපු ජනාතවක් මේ රටේ හිටියා. දේශපාලනඥයන් හිටියා. තාත්තා වෙනුවෙන් හඬ නඟපු නීතිඥවරු හිටියා. මගේ තාත්තා හිරගෙදර ජීවිතයෙන් නිදහස් වෙච්ච මේ මොහොතේ මමයි මගේ අක්කයි අම්මයි අපි තුන්දෙනාම ඔළුව පාත් කරලා අපේ හදවතින්ම ඒ හැමදෙනාටම ස්තූති කරනවා. එදා වගේම හැමදාමත් මගේ තාත්තා එක්ක ඉන්න කියලා ඒ හැම දෙනාටම කියනවා. අපට විශ්වාසයි තාත්තා කවදාවත් වැරැදි තීරණයක් ගන්නේ නෑ. තාත්තා කියන්නේ තාත්තා මේ රටේ ජනතාව වෙනුවෙන් කැප වෙනවා කියලා. මේ රටෙන් දූෂණය නාස්තිය අතු ගාලා දාන්න තාත්තා කැප වෙනවා කියලා. මගේ තාත්තා හැමදාම පැහැදිලි අරමුණක් ඔස්සේ වැඩ කරපු කෙනෙක්. තාත්තා දේශපාලනය කළොත් මම අක්කා අම්මා තාත්තාට ලොකු ශක්තියක් වෙලා තාත්තා එක්ක ඉන්නවා. තාත්තාට උදවු කරනවා. තාත්තා ගන්න තීරණය මොකක් වුණත් අපි තාත්තා එක්ක ඉන්නවා. තාත්තා හැමදාම කීවේ ඔයාලා ඇමෙරිකාවේ ඉගෙන් ගත්තට කවදා හරි සේවය කරන්න  ඕනෑ අපේ රටට කියලා. අද හෙට ඉක්මණින් අපට ඒ අවස්ථාව උදා නොවෙයි. ඒත් තාත්තා අපිට කියපු දේ අපි කවදා හරි කරනවා. තාත්තාට හමුදාව කියන්නේ එයාගේ ජීවිතයේම කොටසක්. හමුදාවට මේ රටට තාත්තා අවංකවම ආදරෙයි. මගේ තාත්තා කවදාවත් තමන්ගේ හෘද සාක්‍ෂියට එකඟ නොවෙන තීරණ ගන්නෙත් නෑ. වැඩ කරන්නෙත් නෑ. තාත්තාව හොඳින් අවබෝධ කරගත්ත හැම දෙනාම ඒ බව දන්නවා. එදා තාත්තා නිදහස් වෙච්ච දවසේ තාත්තාව බලන්න නවලෝක රෝහල ළඟ තාත්තාට ආදරය කරන අය, මාධ්‍යවේදීන් පැය ගණනක් තිස්සේ බලාගෙන හිටියා. මම අක්කා අම්මා තාත්තාත් එක්ක විවෘත රථයක නැඟලා යද්දී මිනිස්සු තාත්තාට දක්වපු ආදරය අපට හිතා ගන්න බැරි වුණා. මිනිස්සු කෑ ගැහුවා. තාත්තාගේ අත අල්ලන්න මිනිස්සු පොර කෑවා. සමහර අය පුංචි කොළ කෑලි පවා දීලා තාත්තාගේ අත්සන ලබා ගත්තා. මුලින්ම අපට බය හිතුනා තාත්තාගේ ආරක්‍ෂාව ගැන. එහෙත් ඒ බය රැඳිලා තිබුණේ තත්පර කීපයයි. මිනිස්සුන්ගේ ආදරය ළඟදි ඒ බය අපටත් නොදැනීම අතුරුදන් වෙලා ගියා. මම අක්කා අම්මා තාත්තත් එක්ක හිටියේ පුදුම සතුටකින්. අපට අපේ රට, අපේ රටේ මිනිස්සු දාලා යන්න බෑ කියලා හිතෙන තරම් ආදරයකින් ඒ මොහොතේ අපේ හිත පිරිලා ගියා. එදා 21 වැනිදා හවස අපි තලවතුගොඩ අපේ ගෙදරට එද්දී හවස 6.25 ට විතර ඇති. මිනිස්සු තාත්තාව පිළිගන්න එන පාරේ දෙපැත්තේ පහන් දල්වලා තිබුණා. ඒ අපේ අසල්වැසියන් තාත්තාව පිළිගන්නයි එහෙම කළේ. තාත්තා ඒ අයට කීවා ඉදිරි දවස් දෙක තුනේදී මම ඇති තරම් ඔයාලත් එක්ක කතා කරන්න එනවා කියලා. තාත්තා ගෙදර වත්තට ඇතුළු වේද්දීම තාත්තාව පිළිගන්න ආවේ අපේ ටුටූ. ඒ කියන්නේ අපේ හුරතල් බල්ලා. ඒත් තාත්තාගේ සුරතලා වුණ සුදු පාට ජර්සිට (සරත් ෆොන්සේකා මහතා ඇති දැඩි කළ බලූ සුරතලාට) තාත්තාව එක පාරටම අඳුර ගන්න බැරිවුණා. තාත්තා ඒ වෙලාවේ කීවා අවුරුදු දෙක හමාරක්නේ. එයාට දැන් මාව අමතක වෙලා ඇති කියලා. තාත්තා ගෙදරට ඇතුළු වෙන්න ඉස්සර පිච්ච මල් දැම්ම වතුර වීදුරුවක් පොවලා අම්මා අපේ තාත්තාව පිළිගත්තා. ඒ හැන්දෑව අපේ ජීවිතයේ අපිට කවදාවත් අමතක නොවෙන හැන්දෑවක්. මමයි අක්කයි තාත්තාගේ අත් දෙකේ එල්ලිලා හිටියා. අපට දැනුනේ අපි අවුරුදු විසි තිස් ගණනක් වෙන් වෙලා ඉඳලා හම්බ වුණා වගේ හැඟීමක්. අපට තාත්තා ළඟින් හෙල්ලෙන්න හිතුනෙ නෑ. අපි හතර දෙනා ඒ විදිහට හම්බ වුණේ හුඟ කාලයකට පස්සේ. තාත්තා එදා විවෘත රථයේ නැඟිලා යද්දී අපට කීවා බලන්න අපි තනිවෙලා නෑ. අපිත් එක්ක කොච්චර මිනිස්සු ඉන්නවද කියලා. එදා අපි ගෙදර ආවම අපේ නෑදෑයෝ නැන්දලා මාමලා හැමෝම තාත්තා බලන්න ආවා. හැමෝම සතුටට ඇඬුවා. තාත්තාගේ ඇසවලටත් කඳුළු ආවා. ඒ හැන්දෑව සතුටුයි වගේම හරිම හැඟීම්බරයි. එදා මම අක්කා අම්මා තාත්තා එකට බත් කෑවා. තාත්තා අපිට බත් කටවල් කැවුවා. අම්මා කීවා තාත්තාට මම බලාගෙන හිටියේ ඔයා නිදහස් වෙලා ආයෙමත් අපි ළඟට එන මේ දවස එනකම් කියලා. එදා මමයි අක්කයි අම්මයි තාත්තයි නිදා ගත්තේ එක ඇඳක. අක්කටයි මටයි හිතුනේ අපි තවම පුංචි දුවලා දෙන්නෙක් කියලා. අම්මවයි තාත්තවයි බදාගෙන අපි නිදා ගත්තා. තාත්තාගේ ආදරය මොනතරම් දුරක ගියත් අපට දැණුනා. ඒත් තාත්තාගේ උණුසුම අපට ලැබුණේ හුඟ කාලයකට පසුවයි. අපට වුවමනාව තිබුණේ තාත්තා නිදහස් වුණාම අපි හැමෝම ඉස්සර වෙලාම පන්සලකට යන්න. අපි නුවර දළදා මාලිගාවට ගියා. අපි දළදා සමිඳුන්ගේ ආශිර්වාදය ලබා ගත්තා. තව සතියකින් හමාරකින් විතර අක්කයි මමයි නැවත ඇමෙරිකාවට යනවා. ඒ යන්නේ අපේ තාත්තා නිදහස් වුණ සතුට හදවතේ පුරවගෙන. ඒ වගේම අපේ තාත්තාව නිදහස් කරගන්න දහදිය කඳුළු හෙළපු හැම කෙනකුටම නැවත වතාවක් හදපතුලෙන්ම ස්තූතියි හුඟක් ස්තූතියි කියලා කියනවා. සතුටක කඳුළ නොනවතින ලෙස ඇස් මත මෝදුවෙද්දී අපර්ණා ෆොන්සේකා හිටපු යුද හමුදාපතිවරයාගේ දියණිය කතාබහට නැවතුම් තිත තැබුවේ එලෙසිනි.

සටහන සංජීවිකා සමරතුංග
අපර්ණා අම්මා සහ තාත්තා සමඟ පිය සෙනෙහසට තුරුළු වූ අපර්ණා හා අප්සරා



අදහස් (0)

අක්කයි මමයි තාත්තාගේ අත් දෙකේ එල්ලිලාම හිටියා

ලලා Tuesday, 29 May 2012 01:01 AM

පිය සෙනෙහසට කවි ගී ලියවුණා මදි

:       1       0

ප්‍රසන්න Wednesday, 30 May 2012 01:04 PM

තාත්තා කවුද දන්නේ නෑ

:       0       0

Monday, 28 May 2012 02:23 PM

:       0       0

චමින්ද Wednesday, 30 May 2012 10:39 PM

වීරයාණනී, ඔබත් කරුණා අම්මාන් මෙන් වැඩ කෙරුවානම්. අයුක්තිය අසාධාරනය හා භීෂනය රජයන සමාජයක ඇමතිකමේ කිරුල දරන්න තිබුනා.

:       0       0

චමින්ද Wednesday, 30 May 2012 09:59 PM

වීරයාණනී, අයුක්තිය අසාධාරනය හා භීෂනය රජයන සමාජයක කිරුලක් දරන්න තිබුනා.

:       0       0

එල කොල්ලා Monday, 28 May 2012 03:32 PM

නීල් ඔයාගේ කටේ ........................?

:       0       0

නීල් Monday, 28 May 2012 01:40 AM

අනේ මගේ කට...

:       0       0

ධනුෂ්ක Wednesday, 30 May 2012 11:16 AM

නීල්ට තාත්තෙක් නැද්ද? අනුන්ට ඉරිසියා කරන්නේ...

:       0       0

කාන්ස් ‍බෝයි Monday, 28 May 2012 05:06 AM

මට නම් ගොඩක් දුකයි.ලිපිය කියවද්දි හදවතින්ම ඇඩුනා.ඔබ තනි නෑ ෆොන්සේකා මහත්තයා

:       0       0

ප්‍රනාන්දු Wednesday, 30 May 2012 06:51 PM

දයාබර පියාණෙනි, අපද ඔබ‍ගේ දරුවන් වෙමු

:       0       0

ජනක Thursday, 14 June 2012 02:18 AM

දයාබර පියාණෙනි, අපද ඔබ‍ගේ දරුවන් වෙමු ඉතා හොදයි

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

දිඹුලාගල සිංහයා - කිතලගම නාහිමි
2024 මැයි මස 25 53 0

රට, ජාතිය, සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් කර මෙරට වැඩිම දරු පරපුරක්, සම්බුද්ධ ශාසනයට ඇතුළත් කරගත් දිඹුලාගල හාමුදුරුවන් හෙවත් මාතර කිතලගම ශ්


ජනපතිවරණයට උතුරු - දකුණ ඡන්ද සාධක
2024 මැයි මස 25 70 0

ලක්ෂ ගණනක් ජනතාව 2012 දී වීදි බැස ආණ්ඩුවට එරෙහිව මාස හතරක් පුරා අරගල කරන්නට පොළඹවමින් උත්සන්න වූ ආර්ථික අර්බුදය හේතුවෙන් රටපුරා අති බහුතරයකගේ සාම්ප්‍රද


පාසල් අසල මාර්ගවල රථවාහන පාලනයක් ඕනෑ
2024 මැයි මස 25 16 0

අනතුරු සිදු වන්නේ කල් ඇතිව දැනුම් දී නොවේ. එහෙත් ඇතැම් අනතුරු වළක්වාගත හැකිය. එයට එළැඹගත් සිහියෙන් ක්‍රියා තළ යුතුය. එසේම ඇතැම් අනතුරුවලට හේතුව නොසැලක


චිත්‍රපට අරමුදලක් වහාම ඕනෑ
2024 මැයි මස 24 320 0

ඔහු මෙරට සිනමාව, ටෙලිනාට්‍යය යන අංශ ද්විත්වයේ නිතරම තම අධ්‍යයන කටයුතු සිදුකරන නිර්මාණශීලී අධ්‍යක්ෂවරයෙකි. ‘‘සුදු කළු සහ අළු’’ යන සිනමා පටය නිර්මාණය ක


සංස්කෘතික විප්ලවයක අවශ්‍යතාව
2024 මැයි මස 24 159 2

ලෝක පූජිත භෞතික විද්‍යඥ සහ සාපේක්ෂතා න්‍යායේ නිර්මාතෘ ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ සුප්‍රකට ප්‍රකාශයක් පහත එන පරිදි ය. “නූතන ලෝකයේ විද්‍යාත්මක අවශ්‍යතා


ජාතික ආරක්ෂාවේ සූදානම නිරන්තරයෙන් අවශ්‍යයි
2024 මැයි මස 24 157 0

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානයෙන් සිටීමේ වැදගත්කම අවධාරණය කෙරෙන සිද්ධියක් පසුගිය දින කිහිපය පුරාම අප පුවත්පත වාර්තා කළේ ය. එම සිදුවීම නම්, ඉන්දියා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 937 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2489 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2134 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site