විස්ස ඉල්ලීම විනාශයට අත වැනීමක්
විසිවැනි සංශෝධන යෝජනාවට සෑම පැත්තකින්ම පාහේ විරෝධය මතුවුණි. විධායක ජනාධිපති ධුරය අහෝසි කර විධායක අගමැතිවරයකු මේ හරහා නිර්මාණය කිරීමට යන බවට මත ගොඩනැගුණි. විධායක ජනපති, විධායක අගමැති ධුරය යනාදී වචනම දේශපාලන විද්‍යාවේ සරල සිද්ධාන්තවලින් ගත්ත ද වැරැදි සහගතය. එය පසුගියදා ඇතිවූ කොටියා-දිවියා සංවාදය හා සමානය. මෙතැන තිබෙන්නේ අප පාවිච්චි කරන භාෂාවේ සමහර වචනවල වෙනසකි. එහෙත් සංකල්පීය වශයෙන් ගත්විට මෙතැන ලොකු ප්‍රශ්නයක් තිබේ.