IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


දළදා පෙරහරේ නර්තනයට අවුරුදු 10 ක දරුවෙක්

(චමිල් රුපසිංහ) 



මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරට මෙවර වයස අවුරුදු 10ක දරුවෙක් නර්ථනයෙන් එක්ව සිටියි. ඔහු රබ්බේගමුව හන්දෙස්සේ පදිංචි ඉසුරු උමයංගන මාරසිංහ වේ.

ඔහුගේ පියා රුවන් මාරසිංහ හා ඔහුගේ වැඩිමහල් දරුවා වන කසුන් මලින්ත මාරසිංහ යන අයද මෙවර දළදා පෙරහරේ පන්තේරු නර්ථනයට එක්ව සිටිති.

වසර 29 ක් පමණ දළදා පෙරහරට සහභාගී වන ඔහුගේ පියා වසර 16 ක් ජනාධිපති සම්මාන ලබාගෙන තිබේ.

ඔහුගේ පුතු වන කසුන් මලින්ත වසර 6 ක් දළදා පෙරහරට නර්ථනයෙන් සහභාගී වී වසර 2 ක් ජනාධීපති සම්මාන ලබාගෙන ඇත.


5 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන ඉසුරු පවසන්නේ මෙතරම් වයසින් අඩු කාලයකදී දළදා පෙරහරට නර්ථනයෙන් සහභාගී වීමට ලැබීම තමාගේ භාග්‍යක් බවයි. 


තම පියා හා සහෝදරයා දළදා පෙරහරේ නර්ථනයයෙන් දායක වන අයුරු දැකීමෙන් තමාට ද  නර්ථන ශිල්පය හදාරා පෙරහරට සහභාගී වීමට ආසාවක් ඇතිවු බවයි.


පෙරහර සඳහා නර්ථන ශිල්පින් තෝරාගැනීම සිදුකළ අවස්ථාවේදී තමාට අවස්ථාවක් ලැබුණු බවත් ඒ සම්බන්ධව ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතාට ස්තූතිවන්ත වන බවද ඔහු පැවසීය.


ඉදිරියේදී තම අධ්‍යාපන කටයුතු ද සාර්ථකව කරමින් දිගින් දිගටම දළදා පෙරහරේ නර්ථන ශිල්පියකු ලෙස සහභාගී වෙමින් උඩරට නර්ථන ශිල්පය ආරක්ෂා කර ගැනීමට දායකත්වය ලබාදීම එකම අරමුණ  බව ඔහු පැවසීය.


 



අදහස් (8)

දළදා පෙරහරේ නර්තනයට අවුරුදු 10 ක දරුවෙක්

p.d goonawardena Monday, 20 August 2018 10:19 AM

දළදා හාමුදුරුවන්ගේ පිහිටයි පුතේ...

:       0       485

Ranjith Tuesday, 21 August 2018 04:01 AM

ඇසට කඳුලක් ආවා සතුට වැඩිකමට. දළදා හාමුදුරුවන්ගේ පිහිටයි නුඹට පුතේ...

:       0       50

ලුම්බිණි Tuesday, 21 August 2018 04:45 AM

මෙම දරුවාගේ නැටුම් අනර්ගයි.

:       0       52

Hasitha Harischandra Tuesday, 21 August 2018 10:54 AM

උඩරට නර්තන සම්ප්‍රදාය රැකගැනීමට වෙර දරන අනාගත පරපුරේ දරුවන්ගේ තිබෙන දැඩි උනන්දුව පිළිබඳව ගොඩාක් සතුටුයි ශ්‍රී දළදා සමිඳුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

:       0       46

hira Wednesday, 22 August 2018 10:57 AM

ආගම ගැන නියම කැක්කුමක් තියෙන කොල්ලෙක්. බුදු සරණයි පුතාට.

:       0       60

Raveendra Wednesday, 22 August 2018 03:21 PM

පුතාට සුබ අනාගතයක් ප්‍රර්ථනා කරන්නෙමු !!

:       0       19

aaaasa Thursday, 23 August 2018 02:32 AM

මහා නුවර අපිට ආඩම්බරෛ පුතේ

:       0       21

Geetharu Thursday, 23 August 2018 08:09 AM

මේ ලක් දෙරණට පුතුනි ඔබ වාසනාවන්!

:       0       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 678 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2346 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1727 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site