එළැඹෙන සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වාර්ෂික සමුළුවේ දී ජනපති සිරිසේන මහතා තම මැතිවරණ සැළසුම් තවදුරටත් සකස් කරනු ඇත.
මෛත්‍රීපාල මහතාගේ හිතවතකු සහ වත්මන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රකාශකයා වන අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා, සමළුව පැවැත්වීම සදහා දින කිහිපයක්ම යෝජනාවී තිබෙන බවත්, ජනපතිවරයාට වඩාත්ම පහසු දිනය දැනුම්දෙන තෙක් ඔවුන් බලා සිටින බවත්, පසුගිය බ්‍රහස්පතින්දා පැවැති මාධ්‍ය හමුවක දී පැවසුවේය.
මෙම මස 30 සහ 31 දිනයන්හි නේපාලයේ පැවැත්වීමට නියමිත බිම්ස්ටෙක් සමුලුවට සහභාගීවීම සදහා ජනපති සිරිසේන මහතා දිවයිනෙන් බැහැර වනු ඇත. සැප්තැම්බර් මස 18 වැනිදා සිට විවෘත වන එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට ද ඔහු සහභාගීවනු ඇති අතර, එම සමුළුවේ ඉහළම අංගය වන රාජ්‍ය නායකයින්ගේ අදහස් දැක්වීම් යෙදී තිබෙන්නේ සැප්තැම්බර් මස 25 වැනිදාටය.
ජනපතිවරයා දිනය ලබාදුන් විගස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වාර්ෂික සමුළුව ඉහළින්ම පැවැත්වීම සදහා සංවිධාන කටයුතු ආරම්භ කැරෙනු ඇති බව සමරසිංහ මහතා පැවසුවේ ය. මේ අතර, උතුරු මැද පළාතේ සංවර්ධන කටයුතු කඩිනම් කිරීමටත්, බිම් මට්ටමේ සංවිධාන ඉදිරියේ එන මැතිවරණය ඉලක්ක කර ශක්තිමත් කිරීමටත්, ජනපති සිරිසේන මහතා පියවර ගෙන තිබේ.
එක්සත් ජාතික පක්ෂ නායකයා වන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, දෙමළ ජාතික වතුකම්කරුවන් වැඩි වශයෙන් වාසය කරන කඳුකර ප්‍රදේශයන්හි ජනතාව බැහැදැකීමෙන් තම මැතිවරණ කටයුතු ආරම්භ කළ අතර, මෙරට කතෝලික ජනතාවගේ අතිමහත් භක්තියට පාත්‍ර මඩු දේවස්ථානයේ සංචාරයකද නිරත විය. පෙර අවස්ථාවල උතුරට යෙදුනු ඔහුගේ සංචාරයන්ගෙන්, සුළුතර ජන කොටස්වල මනාපය දිනාගැනීම ඔහුගේ උත්සාහය බව පැහැදිලි වේ.
රාජපක්ෂ පාලන සමයේ මහා පරිමාන වංචා හා දූෂණවල යෙදුණවුන් වහ වහා නීතිය හමුවට ගෙන ඒම සදහා, ප්‍රමාද වී වුව ද ස්ථාපිත කළ විශේෂ අධිකරණයෙන් ජනතා ප්‍රසාදය තමන් වෙත ලැබීමට ප්‍රධාන හේතුවක් වනු ඇති බව එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ විශ්වාසයයි. එවැනි සිදුවීම් 10ක වාර්තා නීතිපති ජයන්ත ජයසූරිය මහතා මේ වන විට අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතාගේ අනුමැතිය සදහා යොමුකර තිබේ. නව අධිකරණ හා බැදී තිබෙන නීති ප්‍රකාරව එසේ ලැබී තිබෙන වාර්තා අතරින් කවරක් විභාගයට ගත යුතු ද යන තීරණය ඇත්තේ අගවිනිසුරුවරයා අතය.
බිම් මට්ටමින් සංවර්ධන කටයුතු කඩිනම් කිරීමට සහ නව රැකියා අවස්ථා උත්පාදනය කිරීමේ අරමුණින් දියත් කර තිබෙන, ගම්මාන අවදිකිරීමේ ගම්පෙරළිය වැඩසටහනෙන් අමතර වාසියක්, විශේෂයෙන් බහුතර සිංහල ඡන්ද දිනාගැනීමට, ලැබෙනු ඇතැයි ද ඔවුහු විශ්වාස කරති.
ජනපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට මහින්ද රාජපක්ෂ මහතාට දොරටු විවෘත වීමක් යනු විපක්ෂයේ දේශපාලන පක්ෂවලට ලැබෙන මහත් සවියකි, තල්ලුවකි. වර්තමානයේ විපක්ෂයේ සිටින ජනප්‍රියම දේශපාලන නායකයා ඔහුය.
වත්මන් සභාග රජය කෙරේ දිනෙන් දිනම නැගෙමින් තිබෙන ජනතා අප්‍රසාදය රාජපක්ෂ මහතා කෙරේ මේසා ජනප්‍රියත්වයක් ඇතිවීමට හේතුවී තිබෙන ප්‍රධානම සාධකයකි. ජනතාව පෙළමින් තිබෙන ගැටළු ගොන්නක් අතරේ, ඉහළ යමින් තිබෙන ජීවන වියදම, සියලුම තලයන්හි සිදුවන වංචා හා දූෂණ, නීතිය හා සාමයේ බිද වැටීම, ආරක්ෂක අංශ සහ පොලිසියේ විනය අතිශය බරපතල ලෙස පිරිහෙමින් තිබීම, අමු අමුවේ සිදුවන නීතියේ සහ පිළිගත් ක්‍රියා පිළිවෙත්වල උල්ලංඝණය කිරීම් ආදිය ජනතාව අතරින් වර්තමාන රජය ප්‍රතික්ෂේප වෙමින් තිබීමට කරුණුය.
රාජපක්ෂ රජය ප්‍රතික්ෂේප කළ ජනතාව, වත්මන් රජය පත්කර ගත්තේ අද මෙන් එදාද තිබුණු මෙවැනි ගැටළු විසදාගැනීමට වුවත්, එදා හා සමානව අදත්, මත්කුඩු ජාවාරම ද ඇතුළත්ව, ජයටම සියල්ල එළෙසම සිදුවෙමින් තිබේ. රාජපක්ෂ මහතාගේ වත්මන් ජනප්‍රියත්වයට මෙම කරුණු ද අදාළය. ඔහු සහ ඔහුගේ පිරිවරට නැවත වරක් කරළියට පැමිණීමට අවස්ථාව සැළසී තිබෙන්නේ වර්තමාන සභාග රජයේ අසමර්ථකම නිසාවෙන්මය.
විපක්ෂය දෙසය අවධානය යොමුකළහොත්, මහින්ද රාජපක්ෂ මහතා ජනපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීම පසුපස ඔවුන් සියලුදෙනා එක්සත් වනු ඇත. ජනපති අපේක්ෂකයා ලෙස තෝරාගත යුත්තේ කවුරුන්දැයි ඒකාබද්ධයේ එක් එක් කොටස් අතර මතුව තිබෙන මතගැටුම එසැණින්ම සමනය වනු ඇත.
පසුගිය පෙබරවාරි මස 10 වැනිදා පැවැති පළාත් පාලන ආයතන මැතිවරණයේදී, දිවයිනේ මුස්ලිම් ජනතාවගෙන් කොටසක් ඔවුන්ගේ මනාපය දී තිබුණේ පොහොට්ටුව සළකුණ පෙරටු කරගත් ශ්‍රී ලංකා මහජන පෙරමුණටය. නමුත් 2015 වසරේ දී රටේ සමස්ත මුස්ලිම් ජනතාවම පෙනී සිටියේ රාජපක්ෂ රජයට එරෙහිවය. මෙවර ඔවුන්ගේ සහාය රාජපක්ෂ මහතාට ලබෙනු ඇති බවක් පෙනේ. ගැටළුව ඇත්තේ උතුරේ ඡන්ද සම්බන්ධයෙන්ය.
එල්.ටී.ටී.ඊ සංවිධානය පරාජයට පත්කිරීමෙන් පසුව රාජපක්ෂ රජය පැතිර වූ කටුක සහ අමිහිරි පාලනය නොඉවසූ උතුරේ දෙමළ ජනතාව සිරිසේන - වික්‍රමසිංහ රජය කෙරේ විශ්වාසය තැබූහ. නමුත් ඉදිරියේ එන ජනපතිවරණයට එදා මෙන් මෙදාද උනන්දුවීමට තරම් හේතුවක් ඔවුනට තිබෙනවාද? එසේ නම් ඔවුන් ඡන්දය දීමෙන් වැළකී සිටිනු ඇති ද?
නව ව්‍යවස්ථාවක් සකස් කරන බවට දුන් පොරොන්දුව සභාග රජය කඩකර තිබෙන බව, විශේෂයෙන් රජයේ එක්සත් ජාතික පක්ෂ පාර්ශවය, උතුරේ බහුතරයකගේ මතයයි. මෙය ප්‍රතික්ෂේප කරන එක්සත් ජාතික පක්ෂය, නව ව්‍යවස්ථාවක් සකස් කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් ක්‍රියාත්මකව තිබෙන බව අවධාරණය කරයි.
මේ අයුරින් නව ව්‍යවස්ථාව සකස් කිරීමේ කටයුතු සම්බන්ධයෙන් එක් එක් අවස්ථාවල අදහස් දැක්වීම් සිදුවෙතත්, මෙම ක්‍රියාවලිය අවසානයේ දී අදහස් දැක්වීම්වලටම සිීමාවනු ඇතැයි උතුරේ බහුතරයක් දෙමළ ජනතාව බියට පත්ව සිටිති. එක්සත් ජාතික පක්ෂ නායකත්වයට දක්වන සහාය නිසාම උතුරේ ජනතා නියෝජනය වන දෙමළ ජාතික සන්ධානය ජනතා අප්‍රසාදයට පත්ව තිබීම හමුවේ දැඩි මතධාරී කණ්ඩායම්වලට ඔවුන්ගේ දේශපාලන පදනම වඩාත් පුළුල් කරගැනීමට අවස්ථාව සැළසී තිබේ. පළාත් සභා මැතිවරණය කල්දැමීම අරභයා දෙමළ ජාතික සන්ධානයේ සහාය ද එක්සත් ජාතික පක්ෂයට හිමිව තිබීම නිසාම, ජනපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමක ධනාත්මක ලකුණු පෙනෙන්නට නැත.
2015 අගොස්තු මස පැවැති පාර්ලිමෙන්තු මැතිවරණයේ දී උතුරේ 65 % ක ඡන්ද ප්‍රමාණයකට හිමිකම් කියූ දෙමළ ජාතික සන්ධානයට, පසුගියදා පැවැති පළාත් පාලන ආයතන මැතිවරණයේ දී හිමිවූයේ 35 ්‍රක ඡන්ද ප්‍රමාණයක් පමණකි. මෙවන් වාතාවරණයක, පළාත් පාලන ආයතන මැතිවරණය නියමිත පරිදි පැවැත්වෙනු ඇතැයි සිතුවහොත්, ඉන් ප්‍රකාශයට පත්වන ප්‍රතිඵලවලින් ඉදිරියේ එන ජනපතිවරණයේ සහ පාර්ලිමෙන්තු මැතිවරණයේ ප්‍රතිඵලය ගැන නියත වශයෙන්ම ප්‍රකාශ කිරීමට හැකිවනු ඇත.
මහින්ද රාජපක්ෂ මහතා ජනපති සටනට ඉදිරිපත් වේ නම් ඒ හමුවේ මතුවනු ඇති ගැටලු රාශියකි.
එවන් අවස්ථාවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක ජනපති සිරිසේන මහතා කෙසේ මුහුණදෙනු ඇතිද? තම තීරණය වෙනස් නොකොට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා ලෙස ඔහු ඉදිරිපත් වනු ඇතිද?, එසේත් නැතිනම් පක්ෂයේ දෙපාර්ශවය එක්සත් කිරීමට නොයෙක් අවස්ථාවන්වල ගැනුනු වෑයම සාර්ථක වනු ඇතිද? තමාගේ ජයග්‍රහණය පිළිබඳ සහතිකයක් දිය නොහැකි වාතාවරණයක සිදුවන එවැනි දෙයක් ජනපති සිරිසේන මහතාගේ ස්ථාවරය වෙනස් කරනු ඇතිද?
එවැන්නක් සිදුවුවහොත් ජනපතිවරණයේ ජයග්‍රහණයක් සදහා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂාව තවදුරටත් වියැකී යනු ඇත. කෙසේවුවද, මෙම ගැටළු සියල්ලට විසදුම් ලැබෙනු ඇත්තේ ජනපති ලෙස පත්වීමට තිබෙන සීමාව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ප්‍රකාශයට පත් වූ පසුවය. එයද, මෙම කාරණය රටේ ව්‍යවස්ථාපිත අධිකරණය වන ශ්‍රේෂ්ඨධිකරණය දක්වාම ගියහොත් පමණක්ය.
මේ සියල්ල මධ්‍යයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ - එක්සත් ජාතික පක්ෂ සභාග රජය තවදුරටත් ක්‍රියාත්මකය.
මතු සම්බන්ධයි
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
විපක්ෂය මහින්ද වටා රොද බඳී
sisil gamage Tuesday, 21 August 2018 01:44 PM
අලුතින් රොද බඳින්න දෙයක් නැහැ. අපි ඒකාබද්ධ විපක්ෂය මහින්දට තමයි. ඔබලා අපි කවුරුත් අඩු වැඩියෙන් විපක්ෂෙට හෝ පාලක පක්ෂයට දෙන එක තමයි කරන්නේ.