චමිල් රූපසිංහ
මහනුවර ඓතිහාසික දළදා මාළිගාවේ ඇසළ පෙරහරේ සධාතුක කරඬුව වැඩිම වාර සංඛ්‍යාවක් වැඩම වීමේ භාග්‍ය දළඳා මාළිගාවේ ඇත් පන්තියේ ‘ඉන්දිරාජා’ට පැවරෙන බව ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.
මෙම ඇතු දළදා වහන්සේ වැඩමවීමට අවශ්‍ය මනා ශරීර සෞඛ්‍යකින් හා මනා පෞරුෂත්වයකින් සිටීම හේතුවෙන් මෙම අවස්ථාව ලද බව ද, 2009 වසරේදී දළදා කරඬුව වැඩමවීම සඳහා දළ ඇතුන් හිඟ අවස්ථාවලදී හා පුරුදු දළ ඇතෙකු නොමැති අවස්ථාවේදී පෙරහරේ දින 10 තුළදීම මෙම ඉන්දිරාජා කරඬුව වැඩම වූ බව ද නිලමේවරයා පැවසීය.
දළදා මාළිගාවේ රාජා ඇතාට පසු වසර 20 ට අධික කාලයක් ඇසළ පෙරහරේ දළඳා කරඬුව වැඩමවන ඉන්දිරාජාට විශේෂ ස්ථානයක් හිමිවන බව දළදා මාළිගාවේ ඇත් පංතිය භාර වෛද්‍යාචාර්ය මියෙනපලාව මහතා ද පවසයි.
එම්.පී. ඇහැළමල්පේ මහතාගෙන් පසුව දළදා කරඬුව වැඩමවන හස්ති රාජයන් සැරසීමේ කටයුත්තේ යෙදී සිටින්නේ ඔහුගේ පුත් ඇහැළමල්පේ මුදියන්සේලාගේ ජයතිස්ස බණ්ඩාර මහතාය. පරම්පරාවෙන් උරුමවූත් රාජ නියෝගයෙන් ලද්දාවූත් මෙම රාජකාරිය ඔහු වසර 45ක පමණ කාලයක් පුරා ඉටුකරමින් සිටී. 1974 දී දළදා පෙරහර සඳහා රාජා ඇතු සැරසුවේ ද ඇහැළමල්පේ මහතාය. එතුමාගේ අදහස වන්නේ ද රාජා ඇතුට පසු දළදා මාළිගාවේ කරඬුව වැඩමවීමේ එක ම සුදුස්සා ඉන්දිරාජා ඇතු බවයි.
“මගේ පියා වන එම්. පී. ඇහැළමල්පේ මහතා 1974 මිය යෑමෙන් පසු මෙම රාජකාරිය මම භාරගන්නා විට මට වයස අවුරුදු 18 ක්. තාත්තා පෙරහරට ඇත්තු සරසවද්දී මාත් උදව් කරලා පුරුදු වුණා. ඊට පස්සෙ රාජකාරිය භාර ගන්න ඉන්න කෙනා ඇතාව අන්දන්න එකතු කර ගන්නවා. මගේ පුතා අනුෂ්ක බණ්ඩාර ඇහැළමල්පේ මේ වන විට ඇතුන් සරසවන්න එකතු වී සිටිනවා”
ඉන්දිරාජා මේ වන විට අවුරුදු 20 ක් දළදා කරඬුව වැඩමවා ඇති බවත්, 2009 වසරේදී පෙරහරවල් 10 ක් සඳහා කරඬුව වැඩම වූ බවත් ඔහු පවසයි.
2014 වසරේ කොටුගොඩැල්ල වීදිය කෙළවරේ දෑලේ ඇතෙකු විසින් ඉන්දිරාජාට පහර දෙන ලදී. ඉන්දිරාජා බියසුළු සත්ත්වයෙක් නොවෙතත්, ඇතු පිට කරඬුව තිබූ හෙයින් දෑලේ ඇතුන්ගේ පහරවල් ඉවසමින් ඔවුන් නොමැතිව ම කරඬුව වැඩමවාගෙන දළදා මාළිගාවට පැමිණ ඇත. කරඬුව වැඩමවීම නැමැති උතුම් කාර්යයට කැප වී සිටින ඉන්දිරාජා ඇතු තමා සරසවන අවස්ථාවේදී ඉන්පසුව කළ යුතු කටයුත්ත පිළිබඳව ද සවිඥානිකව සිටින බව බණ්ඩාර මහතා පැවසීය.
දළදා පෙරරේ අඩසියවසක් අඛණ්ඩව සධාතුක කරඬුව වැඩම වූ රාජා බෞද්ධ ජනතාවගේ අප්‍රමාණ ගෞරවයට පාත්‍ර වූ ඇතෙකි. එවන් භාග්‍යයක් ලද හස්තිරාජයෙකු පිළිබඳව දළදා පෙරහර ඉතිහාසය තුළ ම අසන්නට ලැබී නැත. මේ වන විට එම තත්ත්වයට ඉන්දිරාජා ද ළඟාවෙමින් සිටී.
රාජා ඇතුගේ පටන් කන්දා, ජයරාජා, රත්නපුර සමන් දේවාලයේ ඇතා, ගංගාරාමේ දළ පූට්ටුවා, මිල්ලන්ගොඩ ලොකු ඇතා, මිල්ලන්ගොඩ පොඩි ඇතා, ඉන්දිරාජා, සිංහරාජා, තායිරාජා, මිගාර, ඒක දන්තයා, කතරගම වාසනා, නඳුන්ගමුවේ රාජා යනාදී ඇත්තුන්ව තමන් සරසා ඇති බවත් මින් සමහර ඇතුන් මේ වනවිට මිය ගොස් ඇති බව ද හෙතෙම පැවැසීය.
සධාතුක කරඬුව වැඩම කරන ඇතා හොඳින් වැඩුණු ඉහ කර ඔසවා තේජසට ගමන් කරන කෙනෙක් විය යුතුය. වම් දළය දකුණු දළයට වඩා මදක් ඉහළින් පිහිටලා ඇත්නම් එය මංගල සලකුණකි. පාද සමඟ හොඬය, වලිගය හා ලිංගය පොළොව ස්පර්ශ වීමත් මංගල සළකුණුය. මේ සළකුණු සියල්ලම මාළිගාවේ රාජා ඇතු සතු විය.
රන් හා රිදී අලේප කර ඇති රන්සිවිගේ කිලෝ 200 ක් පමණ ද, වත පුටුව කිලෝ 50 ක් පමණ ද, ඇතුට අන්දවන ඇඳුම් කට්ටලේ බර කිලෝ 50 ක් පමණ ද, රන්සිවිගේ හා ඇතුගේ ඇඳුමේ දැල්වෙන බල්බ හා විදුලිය සපයන ලොකු බැටරි 04 ක් සඳහා කිලෝ 100 ක් පමණ ද බර ප්‍රමාණ දරයි.
එබැවින් මේ සියල්ල මැනවින් තැන්පත් කිරීමට කරඬුව වැඩම කරන ඇතුට පැතලි පිටක් තිබීම අවශ්‍ය වේ. රාජා ඇතුට පැවති ඒ සියලු සුදුසුකම් වත්මනෙහි දරන්නේ ඉන්දිරාජාය. නඳුන්ගමුවේ රාජාගේ උස වැඩි අතර කරඬුව බැඳීම සඳහා දැඩි වෙහෙසක් දැරිය යුතුවේ.
ඇතාගේ ශරීරය පමණට වඩා විශාල වුවහොත් පෙරහරේ ගමන් කරන විට හිරි ඇරීමේ දී රන්සිවිගේ ඇද වීමට ඉඩ තිබේ. ඉන්දිරාජා මෙම කාර්යය සඳහා හොඳින් පුහුණුව ලද්දෙකි. රාජා ඇතු පාවඩය එළනතුරු කරඬුව වඩමවා ගෙන ඉස්සරහට නොයන බව ද, පාවඩය එළීම පමා වුවහොත් පය ඔසවාගෙන සිටිනා බව ද, එලෙසින් ම ඉන්දිරාජා සිටින බව ද එතුමා පවසයි.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
වැඩිම වාර ගණනක් දළදා කරඬුව වැඩම වූ ඉන්දිරාජා
ලුම්බිණි Tuesday, 28 August 2018 04:28 AM
එකම දුක දම්වැල් වලට මේ ඇතාගේ පාද තුවාල වී තිබීමයි.
upali Tuesday, 28 August 2018 01:20 PM
මොන ඇතා උනත් ඔවුනට මද කිපෙන කාලයක් ඇති නිසා එම කාලයට දම්වැල් නොදා බැරිය. එබැවින් ඕනෑම අලියෙකුගේ/ ඇතෙකුගේ ඔවැනි තුවාල කැළැල් තියෙන්ට පුළුවන්
Perera Wednesday, 29 August 2018 11:53 PM
දහස් සංඛ්‍යාත සුනඛයින් දිනපතා බැද දමා සිටී. කිසිවෙකු කිසිවක් නොකියයි.
Siri Thursday, 30 August 2018 04:11 AM
එතකොට මේ සැරේ මහපෙරහැරේ ගියේ නැදුන්ගමුවේ නොවේද ?
Sam Friday, 31 August 2018 03:04 PM
කොච්චර බැන්නත් එකටත් ඉන්දියාවෙන්ම ගේන්න උනා.
V.warnakulasuriya Sunday, 02 September 2018 10:06 PM
අපේ රටේ සිංහල බෞද්ධයන්ගේ සත්ව කරුණාව මහා පුදුම එකකි. මිනිසුන්ට ධර්මයේ හැසිරීමට සත්ත්ව හිංසාව අවශ්‍ය වන්නේද? පන්සල් නිසා අලිඇතුන් හිංසාවට ලක් නොවන්නේ යයි කෙනෙක් කියන්නේ නම් ඔහුට කිසිම ධර්මයක් නොමැති අයෙක් වියයුතුය. කැලේ ජිවත් වියයුතු සතා වර්ග අඩි කිහිපයකට කොටුවී කරුමයක් ගෙවීමෙන් කැලේ ඉන්න අනෙක් අලිඇතුන් නිවන් යන බව මිනිසුන් සිතන්නේද?ඇතා ගැන මහා උජාරුවෙන් කතා කරන අපිටත් ජිවිත කාලයම දම්වැලකින් ගැට ගසා ජීවිතය ගෙවන්නට වුයේ නම් කෙසේද?
leelananda Tuesday, 04 September 2018 04:57 AM
සත්ත්ව කරුණාව ප්‍රස්නයක් කරගත යුතු නැත ..එහෙත් වනාන්තරයේ ජීවත් වෙන සතෙකු විසින් උතුම් දළදා පෙරහෙරට මෙසේ සහභාගි වීමට පින්කර තිබීමය දහස් ගණන් අලි එතුන් සිටින වනාන්තරයක මෙවෙනි උතුම් අවස්ථාවකට සහභාගි වීමට මෙම ඇතා පෙර ආත්මයක විසල කුසල කර්මයක් කර ඇත රාජකාරිය අවසන්ව තම නිවහනට ගමන් කරන විට මග දෙපස ජනතාවගෙන් පිදුම් ලබන විට මිනිසුන් වන අපට ඉගෙනගන්නට බොහෝ දේ ඇත.....
මහින්ද Monday, 10 September 2018 09:46 AM
මේ ඇතා තරමක් කලබලකාරී ඇතෙක්... නැදුන්ගමුවේ ඇතාට තරම් ඉවසීමක්, පින්වන්ත, තේජාන්විත පෙනුමක් ඇත්තේ නැහැ. මීට දින කිහිපයකට පෙරත් සාමාන්‍ය පෙරහැරකදී මේ ඉන්දිරාජා ඇතා කුලප්පු වෙලා කලබලයක් වුණා...