සංවර්ධනයට දොර හරින ආගමනය
ආගමනය පිළිබඳ නීති සංශෝධනයට ලක්කොට වඩා ප්රගතිශීලී වූ නීති හරහා ජනයාට නිදහසේ සංචරණය වන්නට ඉඩ හැරීම මඟින්, අපනයන අඩු බව, ඍජු විදේශීය ආයෝජනවල මඳ බව, නවීකරණ සීමාවීම යන ශ්රී ලංකාවේ කාලයක් පුරා පවතින ආර්ථික අභියෝගවලට විසඳුම් සොයා ගත හැකි බව ඉහළම ගණයේ ආර්ථික විශේෂඥයෙක් පසුගියදා දින ප්රකාශ කළේය. ශ්රම වෙළෙඳ පොළ විවෘත කොට කඩිනම් ප්රවර්ධන අත්කර ගත්තා වූ රටවල් පිළිබඳ උදාහරණ දක්වමින් හෙතෙම මෙම පැහැදිලි කිරීම කළේය.