වී වගාවේ දැක්මක් නැති පෝර විප්ලවය
වග විභාගයක් නැතිව කෘෂි රසායන ද්‍රව්‍ය භාවිත කිරීම නිසා නූතන කෘෂිකාර්මික නිෂ්පාදන විෂ සහිත තත්ත්වයකට පත්ව ඇතැයි විද්වතුන් සතුව ඇති මතයට අනුකූලව ලද උපදෙස්වලට අනුව, රසායනික පොහොර ද ඇතුළත් කෘෂි රසායනික ද්‍රව්‍ය, විෂ රහිත කාබනික පොහොර හා වෙනත් පරිසර මිතුරු නිපැයුම් මගින් විස්ථාපනය කිරීමේ අවස්ථාවකට අප එළැඹ තිබේ. මේ වෙනුවෙන් බහුල ලෙස උදාහරණක් වශයෙන් ගෙනහැරපාන්නේ උතුරුමැද පළාතේ පවතින සම්භවය කොතැනකදැයි හඳුනා නොගත්, නිදන්ගත වකුගඩු රෝගයයි.