IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


කොළඹ වරාය නගරයෙන් බිහිවන දකුණු ආසියාවේ ජගත් මුවදොර

‘දකුණු ආසියාවේ ජගත් මුවදොර’ කොළඹ වරාය නගරය ව්‍යාපෘතියට වසර 7ක් සපිරීම නිමිත්තෙන් පළවන ලිපියකි.

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය මෙන්, විවිධ දේශපාලනික හැල හැප්පීම්වලට ලක්වන වෙනත් ව්‍යාපෘතියක් මෙරට නොමැති තරම්ය. චීනය සමග කෙරෙන මෙම ව්‍යාපෘතියට එරෙහිව විවිධ බලවේග ක්‍රියාත්මක වන බව නොරහසකි.

ලොව දෙවැනි ප්‍රබලතම ආර්ථිකයට හිමිකම් කියන චීනය මෙවැනි කටයුත්තක් සඳහා ඉදිරිපත් වන මොහොතක, මෙවැනි අවස්ථාවන් උපරිම ප්‍රයෝජනයට ගත යුතු බව අවධාරණය කළ යුතුය. අනෙක් කරුණ නම්, මෙය හැසිරවීමේදී කුමන ආණ්ඩුව ආවත් රටේ යහපත ගැන සිතිය යුතුය.

මෙය වත්මන් කොළඹ මධ්‍යම වාණිජ කලාපයේ දිගුවක් ලෙසින් අලු‍තින්ම ඉදිවන මූලික ආයෝජනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.4ක් සහ සමස්ත ආයෝජන වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 15ක් වන නව්‍යතම නගර සංවර්ධන ව්‍යාපෘතියකි. මෙම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.4ක මුදල චීන ආයෝජනයක් මිස ණය මුදලක් නොවේ.

මුහුද ගොඩ කිරීමෙන් නිර්මාණය කරන ලද හෙක්ටයාර 269ක මෙම නව භූමි ප්‍රමාණය ශ්‍රී ලංකා රජයේ හිමිකාරීත්වය යටතේ පවතී. මෙම හෙක්ටයාර 269න් හෙක්ටයාර 91ක් පොදු විවෘත ප්‍රදේශ ලෙස වෙන් වේ. මේ වනවිට කොළඹ වරාය නගර ව්‍යාපෘති සමාගම රුපියල් බිලියන 1.1ක මුදලක් ආයෝජනය කර එහි භූමිය සකස් කර අවසන්ය. ආයෝජකයන්ට ලබාදිය හැකි වාණිජ බිම් කොටස් 74ක් සඳහා යටිතල පහසුකම් සැකසීම ද බොහෝ දුරට අවසන් කොට තිබේ. අදියර වශයෙන් එය ආයෝජකයන්ට ලබාදීමට නියමිතය.

මේ වනවිටත් ඉදිරි කටයුතු සිදු කිරීම සඳහා අවශ්‍ය රෙගුලාසි සකස් කරමින් සිටින බව, කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කොමිසම සඳහන් කර තිබේ. කොමිසම අභ්‍යන්තරව දේශපාලනික වශයෙනුත්, බාහිර වශයෙන් භූ දේශපාලනිකවත් ස්වාධීන වෙමින් ජනාධිපතිතුමා යටතේ ජාතික ප්‍රතිලාභයන් වෙනුවෙන් ක්‍රියාත්මක වීම සිදුවන බව මෙම කොමිසමේ වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් සාලිය වික්‍රමසූරිය මහතා පවසයි. වරාය නගරය තුළ සිදුවන සෑම ක්‍රියාවලියක් සහ ගන්නා සෑම තීන්දු තීරණයක්ම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල වන නිසා රටේ ස්වෛරීභාවයට කිසිදු හානියක් සිදු නොවන බව ද අවධාරණය කළ යුතුය.

ආයෝජන තොරතුරු පිළිබඳව සඳහන් කළහොත්, දේශීය වශයෙන් ව්‍යාපෘතිය සඳහා මෙරට සමාගම් 25ක් පමණ මුල් අදියරේ දී ආයෝජනය කිරීමට බලපොරොත්තුවෙන් සිටින බව ව්‍යාපෘති සමාගම පවසයි. ඉන් සමාගම් දහයක් පමණ ඍජු ආයෝජන ද අනෙකුත් සමාගම් 15 මිශ්‍ර ආයෝජන ලෙස ද සිදු කිරීමට බලපොරොත්තුවෙන් සිටින බව සඳහන් වේ.

මෙහි මුල්ම ව්‍යාපෘතිය ලෙස කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය ඉදිවීමට නියමිතය. කොළඹ වරාය නගර ව්‍යාපෘතියට වසර 7ක් ගත වන මේ අවස්ථාවේ මෙහි ඉදිකිරීම් ආරම්භ කිරීමට නියමිතව තිබුණ ද පවතින වාතාවරණය නිසා එය කල් දැමීමට සිදුව තිබේ. මෙහි ඉදිකිරීම් ඉතා නුදුරේදී ආරම්භ කිරීමට නියමිතය. මෙම ව්‍යාපෘතියට ආයෝජනය කරන්නේ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් පී.එල්.සී. සමාගම (Browns Investments PLC) සහ චයිනා හාබර් ඉංජිනේරු සමාගමයි (China Harbour Engineering). මෙම මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය ඩොලර් බිලියනයක ආයෝජනයකි. මෙම ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයේ පළමු අදියර සඳහා ඩොලර් මිලියන 450ක ආයෝජනයක් සිදු කිරීමට නියමිතය. මෙහිදී කුලුනු හතරක් ඉදිකෙරෙන අතර, ඒ සඳහා නිවාස කුලුනු දෙකක්, කාර්යාලයීය කුලුනක් සහ සේවා සපයන නිවාස කුලුනක් ඇතුළත්ය. එහි පහළ සාප්පු සංකීර්ණයක් ද ඉදිවනු ඇත.

මීට අමතරව ලබන වසරේ මුල් කාර්තුවේ දී තීරු බදු රහිත සාප්පු සංකීර්ණයක් ද ඉදිවීමට නියමිතව තිබේ. සංචාරක ගමනාන්තයක් ලෙස කොළඹ නගරය දියුණු කරද්දී මෙය ඉතා වැදගත් අංගයක් වන බව ආර්ථික විශ්ලේෂකයන්ගේ අදහසයි.

ඉදිරි මාස දෙක ඇතුළත පොදු මහජන ස්ථාන විවෘත කිරීමට ද බලාපොරොත්තු වන බව ව්‍යාපෘති සමාගමෙන් කළ විමසීමේ දී දැනගන්නට ලැබිණි. ඒ අනුව ගාලු‍ මුවදොර වෙතට යන සැහැල්ලු‍ යාත්‍රාංගණය ඉදිරිපස පදික මංතීරුව විවෘත වේ. තව ද විනෝදාස්වාදය සඳහා විවිධ අංග ඇතුළත් කොටස් කිහිපයක් ද ඉදිරියේදී විවෘත වීමට නියමිතය.

වසර 2041 වනවිට පමණ අංගසම්පූර්ණ වීමට නියමිත, ශ්‍රී ලංකා ආර්ථිකයේ හැරවුම් ලක්ෂ්‍යය ලෙස කොළඹ වරාය නගරය රටට ඍජු විදේශ ආයෝජන රැගෙන එමින් දකුණු ආසියාවේ මූල්‍ය සහ සේවා කේන්ද්‍රස්ථානය බවට පත්වන බව නොඅනුමානය.

(*** හර්ෂ පිටියෙගෙදර)

 



අදහස් (0)

කොළඹ වරාය නගරයෙන් බිහිවන දකුණු ආසියාවේ ජගත් මුවදොර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 491 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2233 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1673 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site