මැති සබයේ අමතක නොවන චරිතය ඒ.සී.එස්. හමීඩ් හිටපු විදේශ අමාත්‍යවරයකු වූ අභාවප්‍රාප්ත ඒ.සී.එස්. හමීඩ් මහතාගේ 22 වැනි ගුණානුස්මරණය අදට (3) යෙදී ඇත. මේ ලිපිය ඒ නිමිත්තෙනි. 03 September 2021
ගුරු වැටුප් ප්රශ්නය විපරමකට වසංගත තත්ත්වය හේතුවෙන් රට පවතින්නේ තාමත් වැසුණු තැනකය. නිරෝධායන ඇඳිරිනීතිය යටතේ රටේ කටයුතු සීමා කරන්නට පටන්ගත්තේ මීට සති 2කට කලින්ය. ඒ තීරණයට රජය පැමිණියේ රටේ සමහරුන් කොවිඩ්-19ට තියෙන බෙහෙත ලොක්ඩවුන් කිරීම යැයි සිතන තැනට ගමන් කර තිබූ නිසාය. 03 September 2021
වයස 18න් ඉහළ 30න් පහළ අයටත් එන්නත් අත්‍යවශ්‍යයි එන්නත්කරණ ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාව මේ වනවිට ජාත්‍යන්තර වශයෙන් ඉහළ ස්ථානයක රැඳී සිටියි. සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරන්නේ වයස අවුරුදු 30ට වැඩි ජනගහනයෙන් සියයට 55කට පමණ එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා දී අවසාන බවය. එහෙත් කොරෝනා මරණ අතුරින් ඉහළම ප්‍රතිශතය වාර්තා වන්නේ වයස 60ට වැඩි ජනගහන කාණ්ඩයේ වීම නිසා එම පිරිස හැකි තරම් ඉක්මනින් එන්නත ලබාගත යුතු යැයි සෞඛ්‍ය අංශ අවධාරණය කරයි. 03 September 2021
ශ්රීලනිපය නව මඟකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වැනි සංවත්සරය අදට (2) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි. 1956 දී මෙරට සිව්වන අගමැතිවරයා ලෙස පත් වූ සොලමන් වේස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක (එස්.ඩබ්.ආර්.ඩී.) මහතා ලංකා දේශපාලනයේ එතෙක් පැවති ප්‍රධාන දේශපාලන දහරාවට විකල්පීය ලෙස, නවමු දේශපාලන චින්තනයකින් සවිමත් මැද මාවතේ ජාතික හා ජාත්‍යන්තර දේශපාලනයක් හඳුන්වා දෙමින් 1951 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිර්මාණය කළේය. 02 September 2021
සංචාරක ව්‍යාපාරයට අව කපන අමනුෂ්‍යයෝ ලංකාවේ තෙවැනි විදෙස් විනිමය උල්පත සංචාරක කර්මාන්තයයි. එහෙත් වර්තමානයේ ඒ උල්පත වැසී තිබේ. එය යළි විවර කර ගැනීමට කළයුතු ප්රමුඛ පිළියම කට පරිස්සම් කර ගැනීම බව කර්මාන්තයේ නියුතු අයගේ පිළිගැනීමයි. ඒ සම්බන්ධයෙන් අද රටට කරුණු කියන්නේ කර්මාන්තයේ ප්රවීණයෙකි. 02 September 2021
සීනි හිඟයක් මැවූ සීනි මාෆියාව රටේ වෙළෙඳ මාෆියාවන් ගැන කලින් කලට විවිධ පුවත් මාධ්‍ය ඔස්සේ වාර්තා වෙයි. පසුගිය කාලය පුරාම අප සියලු දෙනා ආවේගශීලීව සාකච්ඡා කළේ සහල් වලින් අධික ලාභ උපයන සහල් මාෆියාවක් ගැනය. දැන් එයට තවත් අතුරුපස ද එක්ව තිබේ. සීනි හා පරිප්පු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක් සම්බන්ධයෙන්ද රටේ වෙළෙඳ මාෆියාවන් ක්‍රියාත්මක වෙමින් පවතින බව විද්‍යුත් මාධ්‍ය ඔස්සේ හෙළිදරව් වෙමින් පවතී. 02 September 2021
තත්ත්වය තවත් නරක අතට රට ලොක්ඩවුන් කරන්නැයි ඉල්ලා දේශපාලන පක්ෂ කිහිපයක් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ගෙවුණු 18 වැනිදා කළ ලිඛිත ඉල්ලීම බරපතල ආන්දෝලනයක් නිර්මාණය කිරීමට තුඩු දුන්නේය. ලිපියේ අන්තර්ගතය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතිශයින් කෝපයට පත්කිරීමට සමත් විය. 01 September 2021
අර්බුද හංගන ජාතිවාදී කඩතුරාව සාමාන්‍ය උද්ධමන රටාව අනුව නම් රටක නිෂ්පාදන භාණ්ඩයක මිල දෙගුණයක් වීමට වසර විසි පහක්වත් ගත විය යුතුය. එහෙත් සිම්බාබ්වේ වැනි රටවල භාණ්ඩ මිල දෙගුණ වූයේ පැය කිහිපයක ඇවෑමෙනි. අද ලංකාවේ භාණ්ඩ මිල වැඩි වන වේගය දෙස බැලූවිට පැනයක් නැගෙන්නේ අප ගමන් කරමින් සිටින්නේත් එවැනි ඉරණමකට ද කියාය. මේ ආර්ථික අහේනියෙහි දෙමළ ඩයස්පෝරාව හෙවත් ලොව පුරා විසිරී සිටින දෙමළ ජනයාගෙන් දේශීය ආර්ථිකයට තල්ලුවක් ලබාගැනීම ගැන මේ වනවිට විවිධ තැන්වල සාකච්ඡාවක් ආරම්භ වී තිබේ. 01 September 2021
ශ්‍රී ලංකා ධජය ලොවට පෙන්වූ දිනේෂ්ට – සමිතට අපේ ආචාරය ඔලිම්පික් හා පැරාලිම්පික් උළෙලක පදක්කම් පළඳවන උත්කර්ෂවත් මොහොතේ පිටිය සිසාරා වාදනය වන්නේ රන් පදක්කම දිනාගත් ක්‍රීඩකයාගේ රටේ ජාතික ගීය පමණි. එම අසිරිමත් අභිමානවත් ගෞරවණීය අත්දැකීම මෙතෙක් මෙරටට හිමිව තිබුණේ නැත. එම අඳුරු ඉතිහාසය ඒකාලෝක කරමින්, වර්ණවත් කරමින් ක්‍රීඩා විශ්වයේ හිණි පෙතට අපගේ ආදරණීය මාතෘ භූමිය ඔසොවා තැබීමට අභිමානවත් ශ්‍රී ලංකා පුත්‍රයෙක් සමත් විය. ඒ ඉකුත් 30 වැනිදාය. 01 September 2021
ශ්‍රීලනිපයට නව සන්ධානයක් ගැන අදහසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්රමුඛ සන්ධාන රජයේ ප්‍රධාන පාර්ශවකරුවෙක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වර්තමානයේ සිටින්නේ නව අර්බුදයක් අභිමුඛයේය. පාර්ලිමේන්තුවේ ආසන 14 ක් හිමි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනන්‍යතාවය මුල්කරගත් අර්බුදයක පැටලී සිටින සෙයක් පෙනෙන්නට ඇත. 31 August 2021
හොඳ පොත් පළවෙන්නේ ටිකයි. අනිත් ඔක්කොම කසළ ගොඩවල් හෙටින් ඇරැඹෙන සැප්තැම්බරය නම්ව ඇත්තේ සාහිත්‍ය මාසය ලෙසයි. වෙනත් වසරවල ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය, සාහිත්‍ය සම්මානෝත්සව, සම්මන්ත්රණ ආදී නොයෙකුත් සාහිත්‍ය ක්‍රියාකාරකම් සිදු කෙරුණත් මේ වසරේ කොරෝනා වසංගතය හේතුවෙන් ජනතාවට හුදෙකලාව කාලය ගෙවන්නට සිදුවී තිබේ. 31 August 2021
ආර්ථික ගිනි නිවීමේ අභියෝගය අපේ රට ආර්ථික ගැටලු කන්දරාවකට මුහුණ දෙමින් සිටී. මෙයින් වඩාත් සාකච්ඡාවට බඳුන් වූයේ රටේ විදේශ විනිමය සංචිත දරුණු අන්දමින් පහත වැටී තිබීම පිළිබඳ ප්රශ්නයයි. අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සීමාකරණය සහ ජනතාවට එදිනෙදා ජීවිතයට අවශ්‍ය දෑ හිඟවීමත්, බඩු මිල නිරන්තරයෙන් ඉහළ යාමත් නිසා මෙම කාරණය බෙහෙවින්ම අවධානයට නතු වී තිබේ. 31 August 2021
ප්‍රමුඛතා නැතිවීමේ අර්බුදය තැන තැන සිදුවන මහජන කථිකාවලින් තහවුරු වන්නේ ශ්‍රී ලංකාව අංශ කිහිපයකින්ම අන්තරායකාරී තත්ත්වයකට මුහුණ පා ඇති බවයි. මෙම ලිපියෙන් අපේ වර්තමාන තත්ත්වය, යෝජිත ජාතික සංවර්ධන සැලසුම් රාමුවක ලා ඇගැයුම් කෙරේ. 31 August 2021
වෛද්‍ය වෘත්තියේ ආචාරධර්ම කොක්කාවිලදී අමතක කළාද වයස අවුරුදු දොළහක දැරියකට සෞඛ්‍ය අමාත්‍යංශයේ කිසිදු අනුමැතියකින් තොරව කොරෝනා මර්දන එන්නත ලබාදෙන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හලාවත, කොක්කාවිල එන්නත්කරණ මධ්‍යස්ථානය බාර වෛද්‍යවරයා සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක පුත්තලම මූලික රෝහලේ කොරෝනා ප්‍රතිකාර ඒකකයට වහා ක්‍රියාත්මක වන පරිදි මාරු කර යැවූ බව පුත්තලම ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළ පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. 31 August 2021
මගේ ගුරුදේව එල්මෝ මෙකල මරණය සුලභය. සමීපතමයකුගේ මරණය සම්බන්ධ පුවතක් නොඅසා ගෙවා දැමූ දවසක් නොමැති තරම්ය. මරණය එතරම්ම සුලභ වූ යුගයක වුවද එක්තරා මරණයක් සම්බන්ධව අනුවේදනීය ආරංචියකින් මම බෙහෙවින් සසලවීමි. මරණයක් සම්බන්ධ ආරංචියකින් මා මෙතරම් සසල වූ අවස්ථාවක් මට මතක නැති තරම්ය. මා හද සසල කළ මරණය සම්බන්ධවූ එපුවත එල්මෝ ගුණරත්න මහතා සම්බන්ධයෙනි. එපුවත මට ලැබුණේ සෙනසුරාදා පෙරවරුවේදීය. 30 August 2021
ඛේමාගේ කොලුවාත් ගිය වගයි මීට අවුරුදු දෙකහමාරකට කලින් “ඛේමාගේ කොලුවා” යැයි ඔහුගේ පාර්ලිමේන්තු ජීවිතයේ තිස් වැනි සැමරුම් උත්සවය පවත්වනු ලැබූයේ 2019 පෙබරවාරි මස 28 වැනි දින බණ්ඩාරනායක ජාත්‍යන්තර සැමරුම් ශාලාවේදීය. ඔහු පළමු වරට පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරයකු ලෙස තේරී පත් වූයේ 1989 පෙරවාරි 15 වැනි දින පැවැති මහ මැතිවරණයෙනි. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මාතර දිස්ත්‍රික්කය සඳහා මන්ත්‍රීවරයකු වශයෙනි. 30 August 2021
සිංහල-දෙමළ කවියෙන් මැති සබය රසවත් කළ - අස්වර් හිටපු ඇමැතිවරයකු වූ අල්හාජ් ඒ.එච්.එම්. අස්වර් මහතා අභාවප්‍රාප්තවී අදට (30) වසර හතරක් සපිරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි. 30 August 2021
යථාර්ථයේ ස්වභාවය නොතේරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ‘සෞභාග්‍යයේ දැක්ම’ නමින් තම ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළේ ලංකාවේත් සමස්ත ලෝකයේත් තත්ත්වය සාමාන්‍ය යැයි යන උපකල්පනය මතය. ඒ වනවිටත් රටේ ආර්ථික අර්බුදයක් නිර්මාණය වී තිබූ නමුත් පැවැති සන්දර්භයට සාපේක්ෂව එකී යෝජනාවලිය ඊට ප්‍රමාණවත් එකක් විය. එහෙත් කොරෝනා වසංගතයේ ආගමනය සමග දේශීය පරිසරය මතු නොව ගෝලීය තත්ත්වය පවා සහමුලින්ම වෙනස් විය. 30 August 2021
ඇමෙරිකාව සිනහවට ලක්කළ බයිඩන් තීන්දුව ඇෆ්ගනිස්ථානය තුළ වසර 20ක් රැඳී සිටිමින් ඩොලර් ට්‍රිලියනයක් වැය කළ අමෙරිකාව හදිසියේම ඇෆ්ගන් දේශයෙන් පිටවීම ලොවපුරා ප්රමුඛ මාතෘකාවක් බවට පත්වී තිබිණි. ඉන් දෙසතියක් ගතවන විට අමෙරිකාව දැන් ප්‍රකාශ කරන්නේ අගෝස්තු 31 වැනිදා වනවිට ඇෆ්ගනිස්ථානයේ සිටින සියලුම අමෙරිකානුවන් එරටින් ඉවත් කර ගන්නා බවය. 30 August 2021
නීතිය පසෙක දමා හිතෙන දේ කිරීම කෝවිඩ් වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය මහත් ව්‍යසනයක් සිදුකරමින් සිටින අවස්ථාවක සංහිදියා කටයුතුවලට ප්‍රමුඛත්වය ලබාදීම රජයට කිසිසේත්ම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. 28 August 2021
කෝටි 30ක් බැලූ ලංකාවේ වතු සේවකයන් ගැන කියන ගීය පසුගියදා කාමාතුරයන්ගේ කුරිරුකම හේතුවෙන් අතිශය ඛේදනීය ලෙස ජීවිතය හැරදමා යන්නට සිදු වූ වතුකරයේ දැරියකගේ ශෝකාකලාපය සමාජයෙන් තවමත් ඉවත්ව ගොස් නැත. වතුක 28 August 2021
කාබුල් ගුවන් තොටට පහරදුන් අයි.එස්. ත්රස්තයෝ තලේබාන් පාලනයට බියෙන්, ඇෆ්ගනිස්තානයෙන් පලා යෑමට උත්සාහ ගන්නා ඇෆ්ගන් සිවිල් වැසියන් කාබුල් අගනුවර හමීඩ් කර්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ඇතුළු වීමට පොරකද්දී, ගුවන්තොටුපොළ පරිශ්‍රයේ බෝම්බ පිපිරීම් දෙකක් සිදුවිය. පුපුරා ගියේ මරාගෙන මැරෙන බෝම්බ දෙකකි. එයින් 90 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වූ අතර තුවාල ලැබූ ගණන 200 කට ආසන්නය. 28 August 2021
කොරෝනා දේශපාලන ව්‍යාධිය මේ රටේ අති බහුතරයකගේ සිත් කොතරම් දුරට දේශපාලනීකරණය වී ඇත්දැයි දැන ගැනීමට ඉතාම හොඳ දර්ශකය ඔවුන් කොරෝනා ලෝක වසංගතය දෙස බලන ආකාරයත් ඒ අනුව ක්‍රියා කරන ආකාරයත්ය. 28 August 2021
අඩවියක් අනතුරට දැමූ කොටගල කෝවිල් උළෙල කොටගල දිඹුල බෝගහවත්තේ කෝවිලේ ඉකුත් දිනෙක උත්සවයක් පැවැත්වීම සම්බන්ධයෙන් එම කෝවිලේ පාලක සභාවට එරෙහිව නීතිමය පියවර ගන්නා බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කේ. සුදර්ශන් මහතා පැවැසූ බව සඳහන් පුවතක් අප පුවත්පත වාර්තා කළේය. 28 August 2021
නාමල්ට උසස්වීමක් අඩු කාර්යසාධනයක් පෙන්වීයැයි වන කාණ්ඩයේ දෙවැනි තැන සිටියේ සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මියයි. සෞඛ්‍ය ඇමැතිනිය ලෙස තමාට වැඩි වගකීමක් ලබා දී, නැතැයි ඇය සිය හිතවතුන් හමුවේ මැසිවිලි නඟා තිබිණ. කෙසේවුවත් ඇය වසංගත තත්ත්වය මර්දනය කිරීම වෙනුවෙන් පිහිටුවා තිබෙන කාර්යසාධන බලකායේ සාමාජිකාවකි. අනෙක් පසින්, ඇය සෞඛ්‍ය ක්ෂේත්රයට පමණක් නොව මුලු රටටම දැඩි හානියක් අත්කර දුන් ක්‍රියාවල නියැලුණා මෙන්ම ප්‍රකාශද කළා ය. 27 August 2021
නාඩගම්කාරයන්ට ‘නාඩගම්කාරයෝ’ අභියෝගයක්ද? ටෙලිනාට්‍ය දැන් සෑම නාලිකාවකම ප්‍රධාන කටයුත්තක් බවට පරිවර්තනය වී ඇත. ඒ අතරතුර ඉන්දීය, කොරියානු, ජපන් ආදී කොටගත් විදේශ නිර්මාණද එකිනෙකා පරයමින් සිටී. සිනමාවේ කලාත්මක සහ වාණිජ වෙනස දැන් දැන් ටෙලිනාට්‍ය කලාව තුළ ද ඇතුළු වී ඇත. ජනතා රස මනස පුබුදුවාලීමටත් ආනන්දයෙන් ප්‍රඥාව කරා යෑමට යම් ටෙලි නිර්මාණයකට හැකියාව ඇත්නම් එය ප්රශස්ත කටයුත්තකි. 27 August 2021
සිනමාවේ හැඩය වෙනස්විය යුතුයි 2012 දී ‘සුපර් සික්ස්’ නම් අති දැවැන්ත සිංහල චිත්‍රපටය නිර්මාණය කරමින් සිනමාවේ පෙරළියක් ඇති කළ උදාර පල්ලියගුරු අද වනවිට එම භූමිකාවෙන් තවත් ඔබ්බට යමින් ලංකාවේ දැවැන්තම චිත්‍රපට නිෂ්පාදකවරයකු බවට පත්ව සිටී. ඉදිරියේදී තිරගත කිරීම සඳහා චිත්‍රපට කීපයක්ම නිර්මාණය කර තිබුණත් කොරෝනා අර්බුදය ඊට හරස් වී තිබෙන්නේ සෑම ක්ෂේත්රයකටම එම ප්රශ්නය බලපා තිබෙන නිසා ය. 27 August 2021
ආණ්ඩුවේ අළුයට ගිනි ආණ්ඩුව හා හවුල්කාර දේශපාලන පක්ෂ අතර මත ගැටුම අළු යට ගිනි පුපුරු මෙන් විටින් විට එළියට එමින් තිබේ. ඉන්ධන ගැටලුව මුල්කරගනිමින් බැසිල් රාජපක්ෂගේ කණ්ඩායම ඉකුත්දා උදය ගම්මන්පිල ඇමැතිවරයාට දැඩි ප්‍රහාරයක් එල්ල කළේය. එය පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනාවක් දක්වා දුරදිග ගියේය. 27 August 2021
මග සිටියොත්? ගෙදර ගියොත්? රට පත්වී ඇති අනතුර සුළුපටු නැත. වසනවා ද විවෘතව තබනවා ද යන දෙගිඩියාව ඇත්තේ ආණ්ඩුවට පමණක් නොවේ ය. සමස්ත සමාජයම ඒ දෙගිඩියාවේ අයිතිකරුවෝ වෙති. මේ මොහොත අතිශයින්ම බියකරු ය. හෙට දවස ද එසේම ය. අනිද්දා හොඳ වෙනු ඇතැයි සිතීම පවා සැක සහිතය. වැසුවත් විවෘතව තැබුවත් වෙනසක් නැති තැනකට රට පත් වී ඇත. 27 August 2021
රට වසාදැමීම වගේම රටේ ආර්ථිකයත් බලමු ලොව මහා බලවතුන්ට පවා ආණ්ඩු මට්ටු කරගත නොහැකි වූ කොරෝනා වසංගතය විසින් අප රටට කරනු ලැබ ඇති හදිය සුළුපටු නොවේ. ලෝකය පුරා මරණ ලක්ෂ 45ක් වාර්තා වෙද්දී අප රටේ මරණ ගණන අට දහසකට ආසන්නය. ලොව පුරා දිනෙන් දින වාර්තා වන රෝගීන් ගණන දස ලක්ෂ ගණනින් ඉහළ නගී. මෙම පසුබිමේ ශ්‍රී ලංකාව නැවතත් දින 10කට වසා දමා වසංගතය පාලනයට ආණ්ඩුව ගෙන යන පිළිවෙත තවත් දැඩි බවට පත් කළේය. 27 August 2021
අයිරිස් ඩේනා නාවිකයන්ගේ දේහයන් ඉරානයට ඇමෙරිකා සබ්මැරීන ප්‍රහාරයෙන් මියගිය, අයිරිස් ඩේනා ඉරාන යුද නෞකාවේ සිටි නාවිකයන්ගේ දේහයන් කඩිනමින් ඉරානයට රැගෙන යාමට පියවර ගන්නා බව ඉරාන හමුදාව පවසා ඇත... 11 March 2026