IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


බාමියන් බුදුපිළිම රැකීමට තලේබාන්ලාගෙන් පොරොන්දුවක් අවශ්‍යයි

වසර විස්සකට කලින් ඇෆ්ගනිස්තානය ගැන ලාංකේය බොදුනු ජන කොටස්වලට මහත් උනන්දුවක් තිබුණි. තලෙයිබාන්වරු බාමියන් බුදු පිළිම විනාශ කරන ප්‍රහාරයක් එල්ල කළ අතර ලෝකවාසී බෞද්ධ ජනතාව පමණක් නොව සමස්ත මනුෂ්‍ය සංහතියම විස්මයට පත් වූහ. බාමියන් බුදුපිළිමවලට හයවැනි සියවස දක්වා ඉතිහාසයක් තිබේ. එකක් මීටර් 38 ක් සහ අනෙක මීටර් 55 උස මෙම ශෛලමය ප්‍රතිමා ගාන්ධාර ලක්ෂණ සහිතය. තලෙයිබාන්වරු එයට එල්ලකරන ලද බර අවි ප්‍රහාර වලින් ලෝක උරුමයක් සේ සලකන මෙම ප්‍රතිමා සහමුලින්ම විනාශයට පත් වූ බව මතක් කළ යුතුය.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවක් මෙම පිළිම නැවත ප්‍රතිෂ්ඨාපනය කරන සේ යෝජනා කළහ. එහෙත් ප්‍රතිඵලයක් අත් වූයේ නැත. සහෝදර ජනතාව කුසගින්නේ සිටිය දී ලෝක ප්‍රජාව බාමියන් පිළිමවල ආරක්ෂාව සඳහා මුදල් වැය කිරීම ගැන තලෙයිබාන්වරුන් අමනාපයෙන් පසු වූ අතර ලෝක අවධානය වෙනස් කිරීම මෙම විනාශයට තුඩු දුන් හේතුව බව, එකල ඇතැම් තලෙයිබාන් නායකයන් ප්‍රකාශ කරන ලද බව ජාත්‍යන්තර වාර්තා දක්වයි.

හිටපු පාලකයන් පලවා හරින ලද තලෙයිබාන්වරු ඇෆ්ගනිස්තානයේ තාවකාලික රජයක් ස්ථාපිත කර තිබේ. වසර විස්සකට කලින් බාමියන් ලෝක උරුමය විනාශ කළ පිරිස අද වගකිවයුතු තැන්වලය.

ඇෆ්ගනිස්තානය වෙනස් කරමින් සිටී. සංවර්ධන යෝජනා ක්‍රම ගැන කතා කරයි. ඉස්ලාම් නීති අනුගමනය කරන බව පෙනේ. කාන්තා නියෝජනයක් රහිත තලෙයිබාන් නායකයන්ගේ කැබිනට් මණ්ඩලයක් ඉක්මනින් පත් කරනු ඇතැයි කියැවේ. පළවෙමින් පවතින තොරතුරු අනුව නුදුරු කාලයේ දී තලෙයිබාන් පාලනය ජගත් ප්‍රජාවගේ පිළිගැනීමට ලක්වන බව පැහැදිලිය.

තලෙයිබාන්වරු බලය අත්පත් කරගැනීම සමග ජාත්‍යන්තර දේශපාලනය ද කැළඹී තිබේ. ඇමරිකානු හමුදා ඉවත් කරගැනීමෙන් පසු හිතවාදී රටවල් නිශ්ශබ්ද වී සිටින බව පෙනේ. පකිස්තානය, ඉන්දියාව, චීනය හා රුසියාව වැනි රටවල් අලුත් පාලකයන් සමග නිල සම්බන්ධතාන අරඹන්නට ඉඩ ඇත. එවැනි පැති ගැන අවධානය යොමු කළ යුතුය. රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා සමග ඉදිරියේ අලුත් ව්‍යුහයක් නිර්මාණය වෙමින් තිබෙන බව පැහැදිලිය.

ශ්‍රී ලංකාව අනුගමනය කරන ස්ථාවරය ගැන පැහැදිලි කරගැනීම වැදගත්ය. බොදු උරුමය වෙනුවෙන් පෙනී සිටින රටක් වශයෙන් බාමියන් ප්‍රතිමා ගැන සඳහනකට යා යුතුය. ලෝක වාසී බෞද්ධ ජනතාව වෙනුවෙන් තීරණයක් ගැනීමට සිදුවෙයි. ඇෆ්ගනිස්තානය හා ශ්‍රී ලංකාව අතර සබඳතා ඇති කරගන්නට සිදුවුවහොත් එයට කලින් බාමියන් බුදු පිළිම ගැන ප්‍රකාශයක් නිකුත් කිරීම කාලෝචිතය. නැවත ස්ථාපනය කිරීම හෝ දැනට එරට ඇති අනෙක් ඓතිහාසික වැදගත්කමක් සහිත පුරාවස්තු ආරක්ෂා කරන බවට සහතිකයක් ඉල්ලා සිටිය හැකිය. මහා සංඝරත්නයට හා බෞද්ධ සංවිධානවලට මෙකී කාරණය ගැන ගැඹුරෙන් සලකා බැලීම සුදුසුය. බෞද්ධ ජනතාව  ශක්තිමත් යෝජනාවක් රජයට ඉදිරිපත් කළහොත් එය ජගත් ප්‍රජාව හමුවේ තබන අවස්ථාවක් රටට තිබේ.

බාමියන් බුදු පිළිම බුදු දහමේ සංකේතයකි. එක සමාජයකට හෝ ජන කොටසකට අයත් වස්තුවක් නොවේ. බුදු පිළිම විනාශ කිරීම හිත් සසල කළ සිදුවීමකි. එක්සත් ජාතීන්ට අනුබද්ධ යුනෙස්කෝ සංවිධානය ලෝක උරුමයක් බව ප්‍රකාශ කරන තීරණය තුළ එම සංකල්පය ගැබ්ව ඇත. මතු පරම්පරාව වෙනුවෙන් ආරක්ෂා කරගත යුතු සංකේත වෙනුවෙන් හඬක් නගන වගකීමක් අපට තිබේ.

අද පවතින වාතාවරණයෙන් පසු ඇෆ්ගනිස්තානයේ සිවිල් යුද්ධය අවසන් වනු ඇතැයි සැලකේ. තලෙයිබාන් නායකයන්ට රට නගා සිටුවන පියවර අනුගමනය කරන්නට බාධාවක් නොවන්නට ඉඩ තිබේ. සංවර්ධනය උදෙසා ජගත් ප්‍රජාව ආධාර කරන්නට කලින් ඔවුන් සිය ප්‍රජාතන්ත්‍රවාදී පිළිවෙත් අනුගමනය කරන බව ලෝකය ඉදිරියේ දැක්විය යුතුය. ත්‍රස්තවාදය වෙනුවට සාමය තහවුරු කර සියලු ආගම් හා සියලු ජාතීන්ට එක හා සමානව සලකන බව ඔප්පු කිරීම සඳහා බාමියන් ප්‍රතිමා නැවත ප්‍රතිෂ්ඨාපනය ගැළපෙන සහතිකයක් වනු ඇත.

(***)
මිලින්ද මොරගොඩ          
www.milindaprashna.wordpress.com



අදහස් (6)

බාමියන් බුදුපිළිම රැකීමට තලේබාන්ලාගෙන් පොරොන්දුවක් අවශ්‍යයි

sumith Wednesday, 15 September 2021 11:03 AM

මේ ගොන් පිස්සු බූරුවන් විශ්වාස කරන්න බැහැ. කවදාවත් විශ්වාස කරන්න බැහැ. ඔවුන් කැමති දේ ඔවුන් කරති. ඒ නිසා අපි දන්නවා ඒ අයට බෞද්ධ පිළිම ආරක්‍ෂා කරන්න අවශ්‍ය නැහැ. එසේම ඔවුන් සියලු වටිනා ඓතිහාසික පෞරාණික බෞද්ධ ආභරණ විනාශ කළහ. එසේ නම් ආරක්ෂා කිරීමට ඉතිරි මොනවාද? කිසිවක් නැත.

:       2       64

Raveendra Wednesday, 15 September 2021 11:46 AM

මෙවැනි ම්ලේච්චයන්ගෙන් කිසිදා සමාජයට යහපතක් බලාපොරොත්තුවිය හැකිද ? ඒ කෙසේ වෙතත් උත්සාහය අත් නොහරිමු.

:       3       54

kapila Wednesday, 15 September 2021 12:17 PM

ආපහු හදයි. බලාගෙන හිටපල්ලා.

:       1       46

pakeer Wednesday, 15 September 2021 07:46 PM

මම හිතන්නේ රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවලට යාම මේ අයත් එක්ක කරන මෝඩ වැඩක් කියලා. මහ අණක් ගුණක් නැති රැළක්. හොඳම දේ උදාසීන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම.

:       0       15

ganegoda Wednesday, 15 September 2021 08:49 PM

අපි හිතේ තියන බෞද්ධ කම රැකගත්තනම් ,ඔය ඔක්කොටම වැඩිය වටිනවා නේද

:       3       9

Binkunndaa Thursday, 16 September 2021 01:49 AM

සැබෑ මුහුණුවර මෙයයි, ඔවුන්ට තමන්ගේ රට තුළ වෙනත් කිසිඳු විශ්වාසයක් අවශ්‍ය නැත.

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ඇමරිකාවෙන් පත්වුණු නව පාප්තුමෝ
2025 මැයි මස 10 398 0

දෙදිනක් තිස්සේ ලෝවැසියන් දෑස් දල්වා සිටියේ නව පාප්තුමා තෝරා ගැනීමේ ඡන්ද විමසුම එසේත් නැතිනම් ‘කොන්ක්ලේව්’ ​කෙසේ සිදුවේවිදැයි යනුවෙනි. කාදිනල්වරුන්


මැතිවරණ ප්‍රතිඵල පුරසාරම්
2025 මැයි මස 10 304 0

ඉකුත් 6 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණවල ප්‍රතිඵල පිළිබඳව මෙරට දේශපාලන පක්ෂ කරන විග්‍රහ අනුව බලන කල මෙම මැතිවරණයෙන් සෑම පක්ෂයක්ම ජයග්‍රහණය කර ඇත.


පළාත් පාලන ආයතන අනාගතය
2025 මැයි මස 09 157 1

පළාත් පාලන ආයතන 339 කට වැඩි ගණනකට සභිකයන් තෝරා පත් කර ගැනීමේ පළාත් පාලන මැතිවරණය පසුගිය මැයි 6 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම පියවර ගත්තේය. එදින ඡන්දදා


අරගලය ඉතිරි කළ වෙනස
2025 මැයි මස 09 329 0

අදට අවුරුදු 03 ට ඉහතින් 2022 මැයි 09 වනදා පාන්දර, අගමැති මහින්ද රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයන් කිහිප දෙනා සමග දැඩි හමුදා රැකවරණ යටතේ අරලියගහ මන්දිරයෙන් පිටත්ව


ඡන්දයෙන් විවර වූ ජනමනස
2025 මැයි මස 09 501 0

මාලිමා ආණ්ඩුව මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු කළේ එය පළාත් පාලන ඡන්දයක් ලෙස ගනිමින් නොව, ජාතික මැතිවරණයක් ලෙස සිතමිනි. ජනාධිපතිවරයා රටපුරා ගො


පුංචි ඡන්දයේ සංඥාව
2025 මැයි මස 08 1132 2

දෙදහස් විසිපහේ මැයි මස 06 වැනිදා (පෙරේදා) මෙරට පැවැති පළාත් පාලන මැතිවරණය පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකැයි සැලකිය හැකිය. 2018න් පසුව වසර 07


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1184 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1487 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 385 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site