නිවැරැදි විචාරයක් නැතිවුණාම සාහිත්‍යය අයාලේ යනවා
තීරු ලිපි රචකයකු, ගීත පද රචකයකු, ලේඛකයකු මෙන්ම සංස්කාරවරයකු ද වන නීතිඥ අනුර හෑගොඩ අගනුවර තරුණ කවි සමාජයේ වර්තමාන සභාපතිවරයා ලෙස කටයුතු කරයි. දීර්ඝ කාලයක් ලන්ඩන් නුවර වෙසෙමින් ලාංකික සාහිත්‍යයේ පෝෂණය වෙනුවෙන් දායක වෙමින් සිටින අනුර හෑගොඩ සංස්කරණය කළ නවතම කෘතිය ‘ලන්ඩන් කවි’ නමින් ලන්ඩන් කවි සරණියේ ප්‍රකාශයක් ලෙස පසුගියදා එළිදැක්වුණි.